IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරුන්ගේ නම් සීඅයිඩීයට

(නිමල කොඩිතුවක්කු)

කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන්ගේ සියලුම විස්තර ඇතුළත් ලිඛිත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇතැයි  මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාදිපයට පැවැසීය.

කතානායකවරයාටත් මේ සම්බන්ධයෙන් වාචිකව ප‍්‍රකාශ කර ඇතැයිද පැවසූ රන්ජන් රාමනායක මහතා ඉදිරියේදී එම සියලුම නම් මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේද කීය.

       ‘‘මම අදත් කතානායකවරයා මුණ ගැහුනා. කතානායකවරයා මට ප‍්‍රකාශ කළේ මේක පාර්ලිමේන්තුවටත් ඒ වගේම රටේ කීර්තියටත් විශාල ප්‍රශ්නයක් කියලයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්විම අගෝස්තුවේ එනවා. ස්වාධීන අධිකරණ තීන්දු, කොමිෂන් සභා ස්ථාපිත කිරීම නිසා ඒකෙදී අපිට ලොකු කීර්තියක් ඇවිත් තියෙනවා.

එහෙම තියෙද්දි කොකේන් හා සම්බන්ධ දේශපාලඥයන් පිළිබඳ  ප‍්‍රවෘත්තිය බටහිර මාධ්‍ය සියල්ලක්ම පාහේ මේ වාර්තා කළා.  ඒ නිසා මේ ප‍්‍රවෘත්තිය  පොඞ්ඩක් නිමෙන්න අරින්න කියලා කතානායකවරයා මට ප‍්‍රකාශ කළා.

මම එතනදී කිව්වා සියලුම තොරතුරු සහිතව තමයි මම මේ පිළිබඳ හෙළිදරව් කළේ කියලා.

මම මේ ගැන සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් සකස් කර එය ලියාපදංචි තැපෑලෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා. එම වාර්තාවට අනුව කොකේන් පාවිච්චි කරන මැති ඇමතිවරුන් 24ක් ඉන්නවා.

එහි  ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පහක් හයක් වගේ ඉන්නවා. දෙමළ ජාතික සන්ධානයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ කිසිවකුත් මෙයට අයත් නැහැ. ඉතුරු සියල්ලම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ පොහොට්ටුවේ පිරිසක්.

මේ පිරිස අතර කොකේන් ගෙන්වන අය ඉන්නවා.  හිටපු කැබිනට් ඇමැතිවරු, හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අධීක්ෂණ මන්ත‍්‍රීවරු මේ අතර ඉන්නවා.

මේ සියලුම අයගේ නම් මේ වනවිට මම කතානායකවරයාට වාචිකව කියලා ඉවරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලට බාධාවක් නොවෙන්න අවශ්‍ය අනිකුත් ස්ථානවලටත් මම මේක යොමුකරනවා.

ඒ වගේම සියලු නම් ගම් සහිතව මම ඉදිරියේදී මෙය ප‍්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරනවා’’ යැයිද එහු එහිදි සඳහන් කළේය.



අදහස් (20)

කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරුන්ගේ නම් සීඅයිඩීයට

sirimal Thursday, 21 February 2019 03:13 PM

කලින් කීවේ කතානායකතුමාට ලැයිස්තුව දුන්නා කියල නේද? දැන් මොකද මේ "වාචිකව පැවසුවා" කියල කියන්නේ ? සාක්ෂි තියෙනවානම් ඔය ලැයිස්තුව මාධ්‍යයටත් ලබා දුන්නානම් නේද හොඳ?

:       51       274

dias Thursday, 21 February 2019 03:26 PM

මොහු කියන්නේ බොරුවක් විය නොහැකිය. මීට පෙර වරක් විජේදාස මහතාත් මෙවැනි ප්‍රකාශයක් සිදු කලා.

:       4       243

sandy123 Thursday, 21 February 2019 03:59 PM

ඩයස් - මමත් හිතන්නේ නැහැ මොහු බොරු කියනාවා කියලා මෙවන් දෙයක් ප්‍රචාරය කරලා. මේවා වැරදිනම් හෙන ගහන අපරාද. ඇත්තනම් එත් එහෙමයි. මම හිතන හැටියට රන්ජන් ගිරයට අහුවෙලා වගේ.

:       12       73

smn Thursday, 21 February 2019 04:09 PM

දන්නවා, හෙළිකරනවා කිය කිය ඉන්නේ මොකටද, කරන දෙයක් හරි විදිහට නොකර?

:       5       60

Mahesh Uk Thursday, 21 February 2019 04:24 PM

රන්ජන් මන්ත්‍රීතුමනි ඔබ මේ සියල්ල ඇත්තක් නම් ඔබ දේශයේ වීරවරයෙකු වෙනු ඇත.

:       19       142

prabha Thursday, 21 February 2019 04:31 PM

ඇත්ත හෝ බොරු මේ අවස්ථාවේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නය මෙය නොවේ. ඔය විකාර නවත්වලා රට වැටී තියෙන අගාදයෙන් ගොඩ ගන්න බලමු. රන්ජන් හැම වෙලාවේම මේ වැනි වැඩ කරලා රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුවට පාර කපනවා

:       165       216

dasa Thursday, 21 February 2019 04:45 PM

පින් සිද්ධ වෙනවා රන්ජන්!

:       2       37

කපිල Thursday, 21 February 2019 05:48 PM

මොහු නලුවෙක් බව අමතක නොකරන්න

:       267       257

HafeelFriday, 22 February 2019 07:46 AM

ඔව් කපිල. මෙයා නළුවක් තමයි. මෙතනත් මෙයා රඟපානවා. රන්ජන් ඔයාගේ බොරු දැන්වත් නවත්තන්න.

:       77       65

senaSaturday, 23 February 2019 07:24 AM

මෙතන කිසිම නළු කමක් නැහැ. මන්ත්‍රීවරුන්ට තියෙන්නේ පොඩි මුදලක් දීලා ලේ පරීක්ෂණයක් කරගෙන ප්‍රසිද්ධියට පත් කිරීම විතරයි. එතකොට කව්ද බොරුකාරයන් කියන එක දැනගන්න පුළුවන්...

:       0       5

chandima Thursday, 21 February 2019 06:55 PM

අපිට නිකම් බයිලා ගහන්න එපා. කල් ඇතුව සද්දේ දාපුවම පාර්ලිමේන්තුවේ ඉන්න කුඩු කාරයින්ට හොඳටම කල් ඇති මුත්‍ර පරීක්ෂණයෙන් ගැලවෙන්න. කුඩු පරික්ෂකරන්නේ මුත්‍රා පරීක්ෂණයකින් හෝ රුධිර පරීක්ෂණයකින්. දින, කිහිපයක් කුඩු ගැනීම නවත්තල උන්නම එව්වගේ කොටසක් මුත්‍රා දහදිය ආදිය සමග පිටවෙනවා. තවත් කොටසක් ජීර්ණය වෙනවා. අන්තිමේ ඉතිරි වෙන කොටස පරීක්ෂණ වලට අසුවෙන්නේ නැහැ. ඔහේ ඔය කල් තබා දැනුම් දුන්නේ ඒ කට්ටියට මත් කුඩු වලින් වැළකිලා රුධිර සාම්පල් සහ මුත්‍රා සාම්පල් පිරිසිදු වෙන තුරු කල්මරන්න නේද? පිච්චර් වල මිනිස්සු ගොනාට අන්දුවට සැබෑ ලෝකේ එහෙම ගොනාට අන්දන්න අපහසුයි.

:       59       136

Chris Thursday, 21 February 2019 08:05 PM

රන්ජන් මහතාණෙනි පින් අයිතිවෙනවා මේක කාටත් දැනගන්න මාධ්‍යට කියන්න.

:       1       12

Jehaan Thursday, 21 February 2019 11:16 PM

කරන කියන දෙයක් පිළිගත හැකි සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න රන්ජන්තුමෝ. නැති නම් මෙන්න අල්ලපු වත්තේ ඩෙංගු මදුරුවෝ ඉන්නවා කියන්න පැමිණිලි කරලා, නිලධාරින් පරික්ෂා කරන්න එනකොට ඒ මිනිස්සු හොඳට වත්ත සුද්ධ කරලා තිබුනා වගේ වැඩක් වේවි.

:       0       77

sarath perth Friday, 22 February 2019 01:55 AM

මෙය එක් ජවනිකාවක් විය හැකිය.

:       21       81

sujeewa Friday, 22 February 2019 04:04 AM

කොකේන් ඇතුළු මත ද්‍රව්‍ය පාවිච්චි කරන මැති ඇමති වරු ගැන දැන් මහා අමුතු දෙයක් වගේ කලබල වෙන එක බොරුවක්. මේ රටේ ජනතාව සියලු දුශ්චරිත තියෙන මිනිස්සුන්ට ඡන්දය දුන්නේ දන දැනමයි. දැන් හරියට නොදැන හිටිය වගේ රඟපානවා.

:       0       19

maaraya Friday, 22 February 2019 05:56 AM

තවත් සතියකට කතාකරන්න මාතෘකාවක්. ලංකාවේ ඉන්න අයට කාලය මෙසේ කා දැමිය හැක. දේශපාලුවන් කාලෙන් කාලෙට ගෙන දේවල් මේවා. ටික දවසකින් අමතක වෙනු ඇත.

:       0       0

Rata Perata Friday, 22 February 2019 07:49 AM

නියමයි රන්ජන්. පුළුවන් නම් කුඩු මුදලාලිලා ආරක්ෂා කරන අයගේ නම් ටිකත් කියන්න. ඔබ වගේ කොන්ද පන තියෙන ටික දෙනෙක් හරි ඉඳීම ගැන ආඩම්බරයි. දැන් ඉතින් කුඩ්ඩන්ට සහය දෙන අය කෑ ගහයි, ඒවාට සැලෙන්න එපා.

:       0       1

shan saudi Friday, 22 February 2019 07:56 AM

මොහුගේ ජීවිතාරක්ෂාව ගැන පොලිසිය වැඩි අවදානයට ගත යුතුය. මන්ද අතීතයේ ඇති හොදම නිදසුන් ලෙස මාධ්‍යවේදීන් ඝාතන සිදුවන්නේද බලය ඇති අයවලුන් කරන අපරාද හා විනාස හෙළිදරවු කරලීමට යාමෙනි. ජනපතිවරයාට රට මතින් තොර කරලීමට අවැසිනම් මෙවන් හෙලිදරවු කරන පුද්ගලයන් රැක ගැනීම අත්‍යවශ්‍ය මෙන්ම ඔහුගේ වගකීමද වන්නේය. හෙළිදරවු කරන අයවලුන් ඝාතනය කර හා ඔවුන් භීතිය පත්කර කටවල් වසා රට මේ විනාසයෙන් ගොඩ ගත නොහැක. එය ජනපතිවරයා හොදින් අවබෝද කර ගත යුතුය

:       16       1

shan saudiFriday, 22 February 2019 11:14 AM

මෙහි අන්ලයික් කර පෙන්වන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලොකු බැඳීමක් ඇති හා අතීත සිදුවීම්වලට ඍජුව හෝ වක්‍රව සම්බන්දතා දැක්වූ අයවලුන් බව හොඳින් අවබෝධ කරගන්න..

:       0       0

pradeep Friday, 22 February 2019 11:28 AM

කුඩු භාවිතය ලංකාවේ නීති විරෝධී නැත. කුඩු භාවිතා කරන්නන් සිරගත කළ නොහැක. මොවුන් අඳුනගත්තට නීතියෙන් කළහැකි දෙයක් නැත. එකම දෙය ඔවුන් පාර්ලිමේන්තුවට යලි පත්නොකළ යුතුය. රන්ජන්ට ලැබෙන මාධ්‍ය ප්‍රචාරය හැර මෙම කතාවෙන් ඵලක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 13 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 172 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 348 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1538 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 234 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 443 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site