IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සයිටම් විරෝධතා රටපුරා

මාලබේ වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා උද්ඝෝෂණ රැසක් පැවැත්විණි

(සබරගමුව විශ්ව විද්‍යාලය- එම්.ගීතාකර)

(ගම්පහ)

(තිලකරත්න දිසානායක)

 (ටෝනි කරුණානායක)



අදහස් (24)

සයිටම් විරෝධතා රටපුරා

Kamal Thursday, 21 September 2017 11:11 AM

වැඩක් නැතුව නිකන් කාලේ කන මිනිස්සු..

:       258       310

SankaSaturday, 23 September 2017 07:11 AM

මේක පටන්ගත්තේ කවද්ද? දැන් විරුද්ද ඇයි?

:       4       1

jayampathi Thursday, 21 September 2017 11:53 AM

මේ අය සයිටම් කරුණ ගැන ඇත්තටම දන්නවද ? "නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසන්නේ ඔය පෙළපාලි යන අයමයි. තමන්ගේම පන්ති තමන් විසින්ම වර්ජනය කරගෙන අහිංසක රෝගීන්ව බිල්ලට ගෙන රෝහල් පද්ධතිය අඩපන කරන්නේ කව්ද? නොදන්නා අය හිතන්නේ සයිටම් එක විසින් රජයේ වෛද්‍ය විද්‍යාල වසදමලා රජයේ රෝහල් ටික වහන්න යනවා කියලයි.

:       422       534

chandana Thursday, 21 September 2017 12:14 PM

දැන් බලනකොට නිදහස් සෞඛ්‍ය වැනසෙන්නේ සයිටම් ළමයි නිසා. දොස්තරලා හවස 2න් පස්සේ චැනලින් කරන නිසා නෙමෙයි.

:       418       1026

sajithFriday, 22 September 2017 05:13 AM

චන්දන අපිට කියල දෙන්න පුලුවන්ද දොස්තර මහත්තුරු සවස හතරෙන් පස්සෙ (මේක තමයි නිවැරදි වෙලාව) චැනල් කරන එකෙන් නිදහස් සෞඛ්‍ය වැනසෙන්නේ කොහොමද කියල.

:       174       140

chandanaFriday, 22 September 2017 10:04 AM

සජිත් ඔයා රජයේ රෝහලකට දවල් 2න් (දවල් කෑම වෙලාව ඉවර වෙන වෙලාව) පස්සේ ගිහිල්ලා උදේ හිටපු දොස්තරලගෙන් කී දෙනෙක් හවසට ඉන්නවද කියල ගණන් කරලා කියන්න පුලුවන්ද අපිට දැනගන්න?

:       343       895

ErangaFriday, 22 September 2017 12:20 PM

මම නම් ඕන තරම් රජයේ රෝහල් වලට ගිහින් තියෙනව බෙහෙත් ගන්න. හැබැයි මම නම් දොස්තරලා කියක් ඉස්පිරිතාලේ ඉන්නවද කියල ගනින්න ගියෙ නැහැ. ඒක වැඩක් ඇති දෙයක් නෙමෙයිනෙ. හැබැයි මට බෙහෙත් දෙන්න හිටපු දොස්තර මහත්තුරු නම් හිටිය. ස්ට්‍රයික් දවස් වල නැතුව අනිත් දවස් වල නම් මම හැරිලා ඇවිල්ල නැහැ බෙහෙත් නැතුව.

:       115       42

dhamneth Thursday, 21 September 2017 12:21 PM

මේකත් හරියට අර ලේනෙක් වල්ගේ තෙමාගෙන ගොඩට ඇවිත් වලිගය ගසා මුහුද සිඳින්න හැදුවා වගේ එකක් එකක්. මේ දෙතුන් සීයක් එකතු වී බැනර් එකක් අල්ලන් හිටියට සයිටම් අහෝසි කරනවද?

:       175       244

ravi Thursday, 21 September 2017 12:26 PM

ජය වේවා. සයිටම් කඩේ ඉකමනට වැසේවා. !!!

:       484       506

aseFriday, 22 September 2017 05:16 AM

දවල්ද ?

:       74       70

raviFriday, 22 September 2017 08:02 AM

දවල්ට උනත් කමක් නැහැ ඔය හොර ගුහාව වහන්නයි ඕනෙ.

:       84       114

kamani s de mel Friday, 22 September 2017 03:00 PM

එය මගෙත් එකම අභිප්‍රායයි. හොර උපාධියක් තියෙන හොර දොස්තර කෙනෙකුට කියලා බඩ කපාගන්න කවුද කැමති....

:       2       29

achira Thursday, 21 September 2017 12:29 PM

මහින්දගේ කාලේ නම් මේ කට්ටිය සුදු වෑන් වලින් අරන් ගිහින් අතුරුදහන් කරලා..

:       147       181

ruchi Thursday, 21 September 2017 12:33 PM

මෙතන තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාවක්. සයිටම් ඉගෙනගන්න යන්නෙත් අපේම ළමයි. එක ලකුණක හෝ ලකුණු කිහිපයක වෙනසක් නිසා ඔවුන් තව අවුරුද්දක් කාලය කාදැමීම හෙන ගහන අපරාධයකි. ඔවුන් ඉගෙනගන්නේ ඔවුන්ගේ දෙමාපියන්ගේ මුදල් වලින් නම් අනෙක් අයට ඇති අමාරුව කුමක්ද? ලංකාවේ දියුණුව ඉතා මන්දගාමී වෙන්නේ මේ නිසයි. මහජනතාවට මෙච්චර ආදරෙයි නම් මහජනතාවගේ මුදල් වලින් ඉගෙනගෙන දොස්තරලා වූ විට මුදලට චැනේලින් කරන්නේ ඇයි? මේක තමයි තණ්හාව සහ ඒකාධිකාරය රැකගැනීම....

:       390       739

ravi Thursday, 21 September 2017 12:35 PM

ඉස්සෙල්ලා නම් මේ අව සුදු වෑන් එකෙන් අරන් ගිහින් අතුරුදහන් කරලමයි නවතින්නේ...

:       97       125

aseFriday, 22 September 2017 05:20 AM

ඒ එදා, අද මේ අය ළඟදීම ජනතාවගෙන් කනවා

:       35       86

කරුණාපාල Thursday, 21 September 2017 01:01 PM

එතකොට නිදහස් සෞඛ්‍ය සේවයේ අයට පෞද්ගලික රෝහල් වල බෙහෙත් දෙන්නේ නොමිලේද? අඩු තරමේ මේ අම්බරුවන්ව රටේ කෘෂිකර්මාන්තයට යොදා ගන්නවත් රජයේ වැඩපිළිවෙලක් නැද්ද? අවිධිමත් අධ්‍යාපනයේම ප්‍රතිඵල තමයි අපි මේ පින්තූර වලින් දකින්නේ?

:       154       180

Chanaka Thursday, 21 September 2017 01:16 PM

එතකොට ප්‍රයිවට් ක්ලාස් යන්නේ නැතුවද ඔයාල කැම්පස් ගියේ? ප්‍රයිවට් චැනලින් අවුලක් නැද්ද?. කුහක උද්ඝෝෂණයක්. තව කෙනෙක්ට ඉගෙන ගන්න එපා කියො උද්ඝෝෂණය කරන එක කුහකකම.. ඔය සයිටම් එක ඇතුලේ පල්වෙන අහිංසක ළමයි කීදෙනෙක් ඉන්නවද...? ඒ හැම ළමයෙක්ම බස් ගැමුණුගේ පුතාල නෙමේනේ...

:       125       188

mekanaFriday, 22 September 2017 05:31 AM

ජය වේවා සයිටම් හොර ගුහාව අහෝසි කරන ඒ දැවැන්ත සටනට

:       295       157

ප්‍රීති Thursday, 21 September 2017 02:49 PM

අපේ අය ඉතින් කොහොමත් ලොකු ලොකු අය දෙන ටොපි කන්න ආසයිනේ. මේ සැරේ දොස්තරලා මෝඩ සමාජයට දුන්නේ හොඳට අඹරපු බෙහෙත් ගුලියක්. හක්කේ තියාගත්තම ඇතුලේ තියන ඔක්කොම කැත එලියට එනවා. ඔය පේනවනේ එලියට දාල තියන ලස්සන..

:       145       166

ashok Thursday, 21 September 2017 03:15 PM

මේ අයගේ බඩ ගෝස්තරේට අහිංසක මිනිස්සු පලි. පව් අහිංසක අම්මලා, තාත්තාලා, ගැබිනි මව්වරු....

:       142       152

Sugath Friday, 22 September 2017 05:03 AM

මේවානම් විහිලු වැඩ. බොරුවට කාලය කා දමන රට පස්සට ගෙනියන කට්ටිය තමයිමේ බොරු පෙළපාලි යන්නේ. මොනවා කරත් මේ අයට නම් හැරයන්නේ නැහැ, ආණ්ඩුව රජයේ විබාගයට සමව සයිටම් එකෙත් විබාග තියන්නම් කියල පොරොන්දුවෙද්දීත් මේවගේ කඩා කප්පල් කාරී වැඩ කරන එක නම් හෙන ගහන්න ඕනේ අපරාද,

:       1       43

Sumana Friday, 22 September 2017 09:01 AM

ඉරිසියාව. ඉරිසියාව. තමන්ගේ කාලෙයි අනුන්ගේ කාලෙයි කකා පිස්සු නටනවා. අන්තිමේදී රස්සාවකුත් නැතුව ආණ්ඩුවට බැන බැන රස්තියාදු ගහනවා. ඔය කාලේ කන වෙලාව ප්‍රයෝජනවත් දෙයකට යොදා ගත්ත නම් නරකද?

:       37       58

අජිත් Saturday, 23 September 2017 08:11 AM

මේකෙ අදහස් දක්වන උගත් බුද්ධිමත් අය වැස්සකටවත් රජයේ ඉස්පිරිතාලෙකට නොගිය වෙන රටවල සිට ඝෝෂා පවත්වන අය බව නම් විශ්වාසයි. සයිටම් යනු හුදෙක් උපාධි අායතනයක අැති ගැටළුවක් පමණක්ම නොව සමස්ථ ලංකාවේම ජනතාවගේ නීරෝගි බව තීරණය කරන වැදගත් සාධකයකි. අපේ රටේ දේශපාලනය ගෑවුණු හැම තැනම අසූචි ගොඩවල්ය. සයිටම් යනුද එවැනිම තැනකි. දේශපාලනයට මුදලට යටවුණු සයිටම් වැනි අායතනයක ගුණාත්වයෙන් යුතු විශ්වාසයක් අැති වෙෙද්‍යවරයෙක් බිහිවීම කිසිවිටෙක අපේක්ෂා කළ නොහැක්කකි. වෙෙද්‍ය අධ්‍යාපනය මුදලට, බලයට නතු නොවිය යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි. එය එසේ නොවුණහොත් අනාගතයේදී, අද ඉන්දියාවේ අැතිවී අැති තත්වයට වඩා භයානක ප්‍රථිඵල ලංකාවේ වෙෙද්‍ය ක්ෂේත්‍රයට අැති කරනු අැත. අැත්තේ විසඳුම් දෙකකි. එක්කෝ සයිටම් වැසිය යුතුය. නොමැති නම් මුදලට නොව මුදල් අැති නැති ඕනෑම දක්ෂයෙකුට වෙෙද්‍යවරයෙක් වීමට එය ජනසතු විය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6142 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18251 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9414 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 553 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site