IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාර්ගය අවහිර කළ සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස්

(මුදිතා දයානන්ද/ ඡායාරූප - ඉෂාන් සංජීව)
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් බොරැල්ලේ සිට කොළඹ ලෝටස් පාර ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට අද (13) පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

ලෝටස් පාර අවහිර කරමින් උද්ඝෝෂණයේ යෙදුණු සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර සිසුන්ට ජනපති ලේකම් කාර්යාලයට යෑමට අවස්ථාව නොලැබිණි.

 



අදහස් (28)

මාර්ගය අවහිර කළ සයිටම් විරෝධී සිසුන්ට කඳුළු ගෑස්

kumar (galf) Monday, 13 March 2017 12:14 PM

රට කන විනයක් නැති අයට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි.

:       1445       1442

රුවන් Monday, 13 March 2017 12:37 PM

මේ කාලකන්නි ඉගෙනගන්නත් නැහැ. අනිත් උන්ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ

:       1524       1731

samira Monday, 13 March 2017 12:57 PM

තවත් කල් මර මරා ප්‍රශ්නය යට ගහන්නේ නැතුව විසදුමක් දෙන්න

:       425       528

akila Monday, 13 March 2017 01:33 PM

මෙයක්කු සයිටම් කියා කියා හැමදාම පාරවල් බ්ලොක් කරනවා මේක හරිම කරදරයක් වෙලා දැන්

:       670       586

rohan Monday, 13 March 2017 02:26 PM

මුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නෙමෙයි ශ්‍රී ලංකාවේ සිටින කාලකන්නි මුන්ට උත්තර දෙන්ඩ ඕනේ උණ්ඩයෙන්........

:       737       800

upali Monday, 13 March 2017 02:50 PM

ඉල ඇට කඩන්න ඕනේ

:       441       606

Roshan Monday, 13 March 2017 04:12 PM

දැන් මේක මහජනතාවට හරිම කරදරයක් වුන පිළිලයක් වෙලා.... ගමනක් යන්න නැහැ බලන්න කීදෙනෙක් මේවගෙන් දුක් විඳිනවද කියල?

:       38       372

සිරි Monday, 13 March 2017 04:34 PM

තමන් ඉගෙනගන්නෙත් නැති අනිත් අයට ඉගෙනගන්න දෙන්නෙත් නැති මේ අපතයන්ට මීට වඩා වැඩි දඬුවම් දෙන්නයි තියෙන්නෙ

:       185       265

Susil Monday, 13 March 2017 07:06 PM

සයිටම් වහන්න නම් එපා කීයටවත් ...

:       192       309

siri Monday, 13 March 2017 07:53 PM

උද්ගෝෂණ ,කදුළු ගෑස්,ජාල ප්‍රහාර නැති දවසක් නැති තරම්.

:       50       128

Padmapriya Monday, 13 March 2017 09:21 PM

අර හමුදොරුවෝ දණ්ඩක් අරගන ඉන්නේ මොකක්නිස්ද? හාමුදුරුවන්ට දඩු පොගුරු පාවිච්චි කරන්න කියල තියෙන්වට්ද කියාල මට පහදලා දෙන්න හාමුදුරුවනේ.

:       2       168

ක්‍රිෂාන් කෞෂල්‍ය කුමාර Monday, 13 March 2017 09:23 PM

පාලකයින් ඉක්මනට මෙයට විසදුම් දියව් මේ ගොන් හරක් හැමදාම පාරේ රැකියාවල් කරන මිනිසුන්ට අඹසරණයි

:       15       158

Rohana Monday, 13 March 2017 10:10 PM

මේ ළමයින්ට තේරුම් ගන්න බැහැ මේ ළමයින්ව බළල් අතක් බවට පත්වෙලා කියල. ශිෂ්‍ය බලමණ්ඩලය පිටුපස සිටින ජේ.වී. පී එක කරන මේ දුෂ්ට ක්‍රියාව වහා නවතා දැමීමට සමාජය සහ නීතිය බල කල යුතුයි. ජේ.වී. පී. එක ට ඕන ළමයි දෙතුන් දෙනෙක් පොලීසිය ලවා මරා ගන්න. එතකොට එම මලමිනී ඔසවා ඔසවාගෙන පෙළපාලි යමින් තමන්ගේ බංකොලොත් දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න. ළමයිනේ මේ ටික තේරුම් ගන්නලා.

:       150       543

malli Monday, 13 March 2017 10:17 PM

නාවන්න ඕන පාට මිශ්‍ර කළ වතුරෙන්. අනික්පාර එනකොට සබන් සහ තුවා අරන් වරෙල්ල. මිනිස්සු පාරේ රස්තියාදු වෙනවා. බටහිර විශ්ව විද්‍යාලවල මේ කෝලම් නැහැ. ඊට හේතුව එහෙ ජවිපෙ මැරයෝ නැහැ.

:       115       269

keerthi Monday, 13 March 2017 10:34 PM

දරුවන්ගේ ලේ වලින් දේශපාලනය කරන JVP එකේ සහ පෙරටුගාමී එකේ මේ තුච්ඡ දේශපාලනය ජනතාව හෙලා දැකිය යුතුයි.

:       269       236

deebi Tuesday, 14 March 2017 01:46 AM

ලංකාවට ගැලපෙන විදියට නීති පද්දතියක් වහාම සකස්කර පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මතකර ක්‍රියාවට නගන්න විශ්ව විද්‍යාල පාලනය සදහා. ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිසිලෙස ක්‍රියාත්මක වන්න. විශ්ව විද්‍යාලවලට ඇතුළුවන්නේ උගත් බුද්ධිමත් ස්වයං පාලනයක් ඇති සිසුන් කියා වැඩේ ආරම්භකළොත් නම් වැඩේ අසාර්ථකයි.

:       2       113

chaminda Tuesday, 14 March 2017 02:15 AM

මේවගේ උද්ගෝෂණ කරලා තමා රාගම වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් කලේ. එකෙන් වුනේ උසස් පෙලින් ලකුණක් දෙකක් අඩු වුන දක්ෂ තවත් දරුවන් කීප දෙනෙකුට ඇති නැති භේදයක් නැතිව වෛද්‍ය වරු වීමේ වාසනාව ලැබුන එක. ඔය වගේ දේවල් රටේ බහුතරයක් දන්නවා මෙතන comment දැම්මේ නැතුවට. ඒ අයට comment දාන්න වෙලාවක් නැහැ නොනවතින ජිවන අරගලයේ යෙදිලා ඉන්න නිසා.

:       606       1510

ase Tuesday, 14 March 2017 03:37 AM

ඔබේ අදහස හොදයි. හැබැයි කොහොමද ගෙවන්නේ? කැමතිද තවත් බදු ගෙවන්න.?? ඔය බොරුව දැන්වත් නවත්වන්න. හැමදේම නිකන් ඉල්ලන්න.

:       194       85

chamaraTuesday, 14 March 2017 07:47 AM

උසස් පෙලින් වැඩි ලකුණු ගත් බදු ගෙවන ජනතාවගෙන් ඇති නැති භේදයකින් තොරව තෝරාගත් දක්ෂයන්ට තමා ජනතා බදු මුදල් වලින් උගන්වන්නේ. ඒ දක්ෂයන් තමා වෘත්තීය ගෞරවය ඇති කලේ. වෘත්තියේ ප්‍රමිතිය පවත්වාගන යන්නේ. එම ප්‍රමිතිය පවත්වා ගැනීමට නම් උසස් පෙලින් මීළඟ ප්‍රමුකතාවය හිමි දරුවන්ට උසස් ප්‍රමිතියකින් යුත් පුද්ගලික විශ්ව විද්‍යාල වල (ලංකාවේ එවැන්නක් මෙතෙක් බිහි වී නැත) අද්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබිය යුතුයි. උසස් පෙලින් වෛද්‍යවරු වීමට සුදුස්සන් සඳහා කඩඉම් ලකුණක් දැක්විය යුතුයි. සල්ලි තිබුන පලියට සංකීර්ණ වෘත්තීන් වල යෙදෙන්න සහජ බුද්ධිය අහිමි අදක්ෂයන්ට බැහැ.

:       6       19

සිරි Tuesday, 14 March 2017 05:56 AM

චමින්ද රාගම රජයට ගත්ත එකෙන් වුණේ රජයට තවත් වියදමක් දරන්න වුණ එක, බදු ගෙවන ජනතාවට තවත් බරක් පැටවුන එක, අධ්‍යාපනයට එන්න හිටපු වෙනත් ආයෝජකයෝ එන එක නැවතුන එක නැත්නම් වෙනත් රටවලට ගිය එක, අධ්‍යාපනය සඳහා රජයේ ඒවාට වලට යන්න බැ

:       406       105

waruna Tuesday, 14 March 2017 03:05 AM

පාලකයෝ කල්මරමින් ප්‍රශ්නය දුරදිග යවනවා හිගන්නාගේ තුවාලේ වගේ ඔඩු දුවනවා

:       5       10

Nishard Preena Tuesday, 14 March 2017 03:32 AM

උද්ගෝෂණ කරන එකාලා දැනගන්ට ඕනේ උන්ට උද්ගෝෂණය කර කර පාරේ යන්ට අයිතියක් තියෙනවා වගේම උද්ගොෂණයට සම්බන්ධ නැති අනෙත් රට වැසියන්ට තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යාමට බාධාවක් නැතිව අයිතිය තිබිය යුතු බවට. මුන් එහෙම නෙමෙයිනේ කරන්නේ කිසිම විනයක් නැතිව උවමනාවෙන්ම මුළු පරම වහගෙන යන්නේ. ලෙඩුන් කීදෙනෙක් ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා මිය ගිහින් තියෙනවද ? කීදෙනෙකුට සම්මුඛ පරීක්ෂණවලට යන්ට බැරිව රැකියා අවස්ථාවන් නැති කර ගෙන තියෙනවද ? මෙවැනි කටයුතු නිසා අහිංසක මිනිස්සු කීදෙනෙක් අමාරුවේ වැටිලා තියෙනවද ? මේ හරක් කුහකයෝ ඒවා ගැන දන්නේ නැතිද ? මුන්ට පොලීසය විතරක් නෙමෙයි අනාගතයේදී මහජනයාත් ගහයි.

:       106       437

Allan Tuesday, 14 March 2017 03:41 AM

මෙතන අදහස් දක්වන ගොඩදෙනෙක් ඉල්ලන්නේ ඒකාධිපති ක්‍රමයට විරෝධය පළවාහරින්න.... ඒ වුනාට පහුගිය රජය ගෙදර යැව්වේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කම කියල. මේ ප්‍රශ්ණවලට උත්තර දෙන්න බැරි කොන්ද පන නැති පාලකයො ඉන්න එක තමයි ලොකුම හෙනය.වෙනස තමා. හැමදාම විරොධතා නිසා පාරේ රස්තියාදු වෙන වෙනස.

:       3       24

වීර Tuesday, 14 March 2017 04:49 AM

හෙට අනිද්දම මහමග අතරමන් වෙන වාහන වල ගමන් කරන ජනතාව එනවා මාර්ග අවහිර කරන අයව එලවන්න.පුදුම දස වදයක්නෙ මේක.

:       12       173

aravinda Tuesday, 14 March 2017 09:57 AM

දැන් ඉන්න පාලකයෝන්ට මේ පෙළපාලි නිසා මහජනයාට සිදුවන අපහසුකම් ගැන දැනෙන්නේ නැහැ. මොකොද, ඒ අය තමන්ගේ ගමන් බිමන් යන්නේ ආරක්ෂකයන් සහිත පුද්ගලික රියදුරන් විසින් පදවන කෝටි ගණන් වටිනා වාහන වලයි. ඒ අයට මහජනයාට හෙන ගැහුවත් කමක් නැහැ. මේ කාලකන්නි උද්ගෝෂණ වලට මහජනයාට අපහසුවක් නොවන ස්ථානයක් වෙන්කර දුන්නාම නරකද? එකත් ඔහේ කිය කියා ඉන්නවා මිසක් වැඩක් කරන්නේ නැහැ.

:       0       2

Lakvidu Tuesday, 14 March 2017 11:17 AM

දේශපාලක හෙංචයියෝ පාරවල් හරස්කරලා ස්ටේජ් ගහගෙන මීටින් තියනකොට පාරවල් වහගෙන පෙළපාලි අරන් යනකොට කෝ මේ අදහස් පළ කරලා තිබෙන අය ?

:       3       0

aravinda Tuesday, 14 March 2017 11:34 AM

6 වෙනි පින්තුරයේ දැක්වෙන්නේ මීටර 100 පන කඩාගෙන දුවන තරගයේ ආරම්භයයි.

:       0       1

mahajana Wednesday, 15 March 2017 08:12 AM

මෙහෙම බැනුම් අහල ගුටි කාල තමයි රාගම වෙද විදුහල සැබෑලෙස ජනසතු කළේ , මෙතන බනින අය‍ට නොමිලේ බෙහෙත් දෙන්න ,ළමයින්ට නොමිලේ දොස්තරලා වෙන්න කරන උත්සාහයට ඔහොම බැනල මදි , මෙහෙම පටු දැක්මක් තියෙන ජාතියක් ලෝකේ කොහෙවත් නැතිව ඇති , තමන් මෝඩයි කියල දැන දැනත් පොරවල් වෙන්න හදනවා ,

:       2       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site