IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහානාම පාසලේ බුදු මැදුරත් මහානාම අතින් විවෘත වෙයි

(රොමේෂ් මධුෂංඛ)

හිටපු ක්‍රිකට් ශූරයෙකු හා වත්මන් ජාත්‍යන්තර තරඟ තීරකවරයෙකු වන රොෂාන් මහනාම මහතා  වව්නියාව වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ රොෂාන් මහානාම ප්‍රාථමික විදුහලේ බුදු මැදුර විවෘත කළේය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සේනාංක වල ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම බුදු මැදුරට මූල්‍ය දායකත්වයන් ලබා දෙනු ලැබුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ නායක ත්‍රීකුණාමලයේ ආනන්ද  නාහිමියන් හා එම විහාරස්ථානයේ ශාශනික සේවිකා සමිතියයි.

මීට පෙර වෙහෙරතැන්න ගම්මානයේ ඉදිවූ ප්‍රාථමික පාසල රෝෂාන් මහනාම මහතා ගේ මූල්‍ය දායකත්වයන් ඉදිකෙරිණි.

බුදු මැදුර විවෘත කිරීමෙන් පසු ගම්වාසීන්ට වියලි සලාක බඩු මලුද දරුවන්ට අධ්‍යපනික උපකරණද මහානාම මහතා අතින් පිරිනමනු ලැබීය.

ඊට අමතරව පාසලට අවශ්‍ය පානීය ජලය වෙනුවෙන් නළ ළිඳක් හා පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දීමද කැන්ඩිලා ඒඩ්ස් ආයතනයේ රාජිත ප්‍රනාන්දු මහතා අතින් සිදුකෙරිණි.

 



අදහස් (12)

මහානාම පාසලේ බුදු මැදුරත් මහානාම අතින් විවෘත වෙයි

සෞම්‍ය Monday, 21 August 2017 08:38 AM

මේ කරගත් පින ඔබතුමා සහ සියලු පවුලේ අයට අත්පත් වේවා, සියලු කාරණා හරියාකාරව ඉෂ්ඨ සිද්ද වේවා, තව මේ වැනි සමාජ වැඩදායී ක්‍රියාවලට හිත් ඇති වේවා.....!!!

:       14       321

sanjeeva Monday, 21 August 2017 08:43 AM

රොෂාන් අයියේ ඔය යුග පුරුෂයෙක්. පූනරින් ප්‍රදේශයේ කුඩා පාසලකට උදවු කරන්න මම හිතාගෙන ඉන්නවා.. එත් මට සල්ලි ගොඩක් නැහැ,, ආධාරයක් කරන්න පුලුවන් නම් ලොකු පිනක්,

:       0       46

රොහාන් දයාදර පැරිස් Monday, 21 August 2017 08:53 AM

රොෂාන් මහානාම ඔයා අපේ දෙහිවල ශ්‍රී මහාබෝදී විහාරයේ මම දායක සභාවේ සභාපති දරන කාලයේ ස්වාමින් වහන්සේලාට ලැගුම් ගෙයක් ඔබගේ පුද්ගලික වියදමින් නිමකලා ඇත්තටම ඔබ බෞද්ධ ධානපතියෙක් ඔබට චිරං ජයතු...!!! රොහාන් දයාදර පැරිස්

:       2       95

mahee Monday, 21 August 2017 08:54 AM

රොෂාන් මහානාම නම් වූ සැබෑ ලංකා පුත්‍රයාට මගේ ප්‍රණාමය! දේශපාලනික හොරුන්ගෙන් තොරව, රණවිරුවන් හා එක්ව, ඇත පිටිසර ගමක දරුවන්ට ඔබ හිමිකර දුන් වටිනා සම්පත ඔබ රටට ගෙනදුන් කීර්තියට අමතරව ඔබේ නමට තවත් මිණි කැටයක් එකතු කර ඇත.

:       0       129

raveendraMonday, 21 August 2017 10:07 AM

මහී මයා වෙත, ඔබගේ අදහසට අපද එකඟ වන්නෙමු. දේශපාලකයා නමැති අසීලාචාර කකුල් දෙකේ සත්වයාගෙන් තොරව ඔබකළ මෙහෙය අප අගය කරන්නෙමු.

:       0       65

මමකතෝලික Monday, 21 August 2017 09:23 AM

හොඳ මිනිස්සු... රටට ආදර්ශයක්... ඈත පිටිසර ගමක දරුවන්ට.

:       0       39

shyamali Monday, 21 August 2017 09:38 AM

ඔබ ජාතියේ පිනට පහල වුණු මහා යුග පුරුෂයෙක්... ඔබ අපේ රටට අභිමානයක්, අපේ දේවල් වලින් යැපෙන හිඟන දේශපාලකයෝ ඉන්න රටක, අග හිඟකම් මහා පරිමාණයෙන් තියෙන මේ වගේ රටක, අනුන්ගෙන් යැපී යැපී ඉන්නේ නැතුව ඔබ ඔබේ ධනයෙන් දරුවන් රැසකගේ දෙනෙත් පාදන්නට උර දුන් මහා නායකයෙක් ලෙස ශ්‍රී ලංකික අපි ඔබව දකිනවා සේම අපේ ප්‍රණාමය ඔබට පුදකරනවා....! තවත් මෙවැනි පින්කම් කිරීමට ශක්තිය ලැබේවායි පතමි.

:       0       66

upali Monday, 21 August 2017 12:30 PM

රොෂාන් අයියේ, ඔබගේ පියාත් බොහොම ගුණගරුක පුද්ගලයෙක්, ඔහු මෙහෙයපු වැඩසටහන් කිහිපයකට සහභාගිවෙන්න මට අවස්ථාව ලැබුණා. ඉතාමත්ම නිහතමානී සංවේදී පුද්ගලයෙක් ඔහු. පියාගේ ගතිගුණ ඔබටත් ඇතිබව අපට පැහැදිලියි.. ඔබගේ පියා මෙලොව හැර ගියේ අප සියලු දෙනාගේ අවාසනාවකට.. ඔබ කරන පින් අනිවාර්යයෙන් එතුමාටත් අත්වෙනවා.. බොහොම පින්..

:       0       63

Lal Monday, 21 August 2017 02:42 PM

රොෂාන් මහානාම මැතිතුමාට සම්මා සම්බුදු සරණයි!

:       0       47

thamindu dulvan Monday, 21 August 2017 02:43 PM

සමහර පන්සිල් පද කඩන්නේ නැතුව ඔය සනත් ජයසූරිය මහත්තයත් යන තැනකට කියලා ඔය වගේ දෙයක් කර ගත්තොත් නරකද?

:       0       117

sanjeevaTuesday, 22 August 2017 04:19 AM

තමින්දු, දුල්වන් - කූඩැල්ල ව කොට්ටේ තිබ්බට හරි යන්නේ නැහැ නේ..

:       0       51

Roshan Tuesday, 22 August 2017 03:53 AM

රොෂාන් මහානාම කියන්නේ අවංක නිහතමානී මහත්මයෙක්. මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔය දැන් මාධ්‍ය ඉස්සරහට සුදු රෙදි ඇඳගෙන ඇවිත් ලොකු කතා කියන අයගෙන් මෙතුමාට සැහෙන කෙනහිලිකම් සිද්ද වුන. එක නිසා රොෂාන් මහානාම අකාලයේ ක්‍රීඩා දිවියෙන් සමුගත්තා.

:       0       105

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site