IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


පොත් මංගල්‍යය ඇරැඹෙයි

(ඩයනා උදයංගනී / ඡායාරූප - ගයාන් අමරසේකර)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 19වැනි වරටත් සංවිධානය කරන ‘‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය‘‘ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද(15) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද ප්‍රදර්ශනය විවෘත කෙරුණු අතර අද සිට ලබන 24වැනිදා තෙක් දිනපතා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා එය විවෘතව පවතී.

මෙවර ප්‍රදර්ශනයට දේශීය හා විදේශීය පොත් ප්‍රකාශකයන්ගේ කුටි 410ක් ඇතුළත් වන අතර විවිධ සංස්කෘතික හා කලා අංගයන්ද පොත් දොරට වැඩීම් ඇතුළු විශේෂාංග රැසක් ද ප්‍රදර්ශන භූමියේ දී පැවැත්වීමට නියමිතය.

විශේෂයෙන්ම මෙවර ප්‍රදර්ශන භූමිය පොලිතින්වලින් තොර කලාපයක් බවට පත්කිරීමට සංවිධායකයෝ තීරණය කර ඇති අතර ඒ අනුව කිසිදු ප්‍රදර්ශන කුටියකින් පොලිතින් කවරවල දමා පොත් අලෙවි නොකරන බවත් ඒ වෙනුවට තමන් නිවසින් ගෙන එන බෑගයක් හෝ ප්‍රදර්ශන භූමියට ඇතුළුවීමේදී අලෙවි කරනු ලබන රෙදි බෑගයක් හෝ භාවිත කරන ලෙස පොත් ප්‍රකාශකයන්ගේ සංගමය දැනුම් දෙයි.

 



අදහස් (1)

පොත් මංගල්‍යය ඇරැඹෙයි

Chandana Fernando Friday, 15 September 2017 05:58 AM

අපේ දූ දරුවන්ගේ පමණක් නොව සමාජයම නැණවත් කරන මේ පොත් මංගල්‍යයට සංවිධායක තුමන්ලාට පින් අනුමෝදන් කරමු. රජයේ අනුග්‍රහය මෙම ප්‍රදර්ශනයට ලැබේවා !!!. පුස්තක හා පුස්තක අමුද්‍රව්‍යවලට රජයෙන් සම්පුර්ණ තීරුබදු රහිත කිරීමට සිත් පහළවේවා!!! මෙය ලාංකිකයන් නුවණ, සාරධර්ම, ස්තුතිය, සහයෝගීතාවය ගෙනඑන සත් ක්‍රියාවකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6142 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18251 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9414 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 553 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site