



(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මූලික රෝහල යළි කොරෝනා ප්‍රතිකාර සඳහා යෙදාගන්නා රෝහලක් ලෙස භාවිතා කිරීමට එරෙහිව අද(14) උදෑසන රෝහල ඉදිරිපිට හා ඒ අවට විරෝධතා වැකි සඳහන් පෝස්ටර් අලවා තිබෙනු දක්නට ලැබුණි.
'දිනකට 4000ක් බෙහෙත් ගන්නා රෝහල වසා දැමීම සාධාරණද', 'ජනතාවනි අපේ රෝහල බේරාගැනීමට පෙළගැසෙමු', 'කොරෝනා රෝහලක් බවට පත්කිරීමෙන් රෝහල් අධිකාරීගේ මඩිය තර වේද?' වැනි වැකි සඳහන් විරෝධතා පෝස්ටර් රෝහල ඉදිරිපිට සහ ඒ අවට ස්ථාන රැසක ප්‍රදර්ශනය කර තිබිණි.
පසුව එහි පැමිණි පොලිසිය ඒවා ඉවත් කිරීමට පියවර ගත්තේය.
COMMENTS
කොහොමත් මීට පෙරත් ඕකෙ ඔක්කොම කැමති නෑ කොරොනා රෝහලක් කෙරුවට, මොකද pp එකයි ot එකයි නැත්වෙන හින්දා. තනිකරම රෝහලේ අධිකාරිට ඕනේ විදියට වැඩෙ වුනේ. ඕක තනිකරම ඇතුලේ වැඩක්. ඔතන නිකන් පෝස්ටර් අලවන්න බෑ. ඔය පැත්තේ cctv බැලුවොත් තේරෙයි..
හෝමාගම ජනතාව ඔය වගේ දෙකයි පනහේ පෝස්ටර් අලවන්න නෑ. තනිකරම ඕක රෝහලේ ඇතුලේ වැඩක්...
හන්දියේ කඩවල් වලිනුයි, වාහන පාර්ක් වලිනුයි ගහපු එකක් වෙන්න ඇති. බිස්නස් නැතිවෙනවාට.. අකුරු වලින්ම අඳුනාගන්න පුළුවන්. නිකන් බාල වැඩ. දාන්නවත් වටින්නේ නැහැ.
මුල්ලේරියාවේ ඉන්න පොඩ්ඩක් එහා තියන IDH එකේ ඉන්න මිනිස්සු ඔහොම හිතුවා නම් කොහොම වෙයිද? මනුස්සකම කියන එක නොදන්න මිනිස්සු..!!!
ඊළඟ ඡන්දෙදී දෙන්නෙක්වත් පාර්ලිමේන්තුවට එවන්න රතු මල්ලිලා ගත්තු උත්සාහයක් වගේ.. මේ ගොල්ලෝ කියන විදිහට වැඩ කළොත් දිනකට 4000ක් වෙනුවට දිනකට 40000ක් බෙහෙත් ගන්න රෝහලක් බවට පත්කරන්නට පුළුවනි.
මෙය ජෙප්පන්ගේ මෙහෙය වීමක්. කොරෝනා අනික් හැම ලෙඩේටම වඩා බලවත් ලෙඩක්.. එම නිසා කොරෝනාවලට මුල්තැන දෙන්න ඕනේ. අනික් රෝගවලට ඕනෙම ඉස්පිරිතාලයකින් බෙහෙත් ගන්න පුළුවන්. ජෙප්පන්ට මේ ටික තේරෙන්නේ නැද්ද? ජෙප්පෝ හදන්නේ කළදුටුකළ වළ ඉහගන්න. ජෙප්පෝ මොනවා කීවත් ඔවුන්ට ඉන්නේ 3% යි.
2/3ක් නොවේ 9/10ක්ම... දැන් සැපද?
හෝමාගම බයියන්ට දැන් සනීපද?