(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික )
ඇතිවී තිබෙන කොරෝනා වයිරස් බිය සමගම සිය රටවලට යාමට නොහැකිව හික්කඩුව සංචාරක පුරවරයේ කොටුවී සිටින සංචාරකයින්ට තමන්ගේ ආහාර සපයා ගැනීම දැඩි දුෂ්කර කාර්යක්ව තිබේ .
ඇදිරි නීතියත් සමගම හික්කඩුවේ සංචාරක හෝටල් හා ආපනශාලා වසාතිබීම සහ කොරෝනා බිය නිසා කිසිවෙකු විදේශිකයින්ට ආහාරපාන දිමට ඉදිරිපත් නොවීම නිසා එවැනි තත්ත්වයක් ඇතිව තිබේ.
එවැන් මොහොතක අද (25 ) පස්වරුවේ හික්කඩුව ප්‍රදේශයේ ගමන්ගත් චූන් පාන් රථයකින් සංචාරකයින් පිරිසක් කෑම ගන්නා අයුරු.

COMMENTS
සංචාරකයන්ට මෙවැනි වෙලාවක උදව් ,උපකාර කල යුතුයි මිනිසුන්ට කාත් කව්රුවත් නැති වෙලාවක උදව් උපකාර කරන එක අපිට උරුම දෙයක් නේද ?
සංචාරකයන්ට මෙවැනි වෙලාවක උදව් ,උපකාර කල යුතුයි.
මේ මිනිස්සු ගැනත් ටිකක් බලන්න, ටුවරිස්ට් හොටල නිරෝධායන මධ්‍යස්ථාන කරනවා වගේ මේ අසරණ වෙලා ඉන්න මිනිස්සු කොන් නොකර සතුටෙන් තියලා යවන්න, ඔවුන් ජීවිතේට අමතක කරන එකක් නැහැ ලංකාව ගැන.
"කුසගින්න" කියන්නේ මේ ලෝකයේ සිටින සියලුම ජිවින්ටත් ගස්කොලන්වලටත් අනිවාර්යයෙන්ම දැනෙන අතිශය සංවේදී හැඟීමක්. කුසගින්නට ජාති බේද, කුල බේද , ආගම් බේද නැහැ. ඔබට දැනෙන කුසගින්නම තමයි මටත් දැනෙන්නේ. අපේ රටේ ...සිංහල මිනිහාට දැනෙන කුස ගින්නම තමයි දෙමල මනුස්සයාටත් දැනෙන්නේ. මුස්ලිම් අයටත්, ජා, මැලේ.. බර්ගර් මේ අපේ සහෝදර රටවැසියන් සියලු දෙනාටම දැනෙන්නේ එකම " බඩගින්නයි". මේ ෆොටෝ එකේ ඉන්න, "අසරනවුන" විදෙශිකයින්ටත් දැනෙන්නේ ඒ කුසගින්නම නොවෙයි කියන්න තරම් මම අමානුෂික හිත පිත් නැති එහෙමත් නැත්නම් හැඟීම් නැති නරුමයෙක් නොවෙයි. ඒ වගේමයි මම දන්නවා ශ්‍රී ලාංකිකයින් කියන්නේ තමන්ගේ බත් පත අනුන්ට දීලා තමන් බඩගින්නේ සිටින මිනිසුන් සිටින රටක් කියලා. මේ බලන මගේ මිතුරු මිතුරියන්ට. මේ වගේ...තමන්ගේ නොවන රටකට ඇවිත් අසරණ වුන අය හමුවුනොත් කරුණාකරලා ඒ අයව ලඟම ඇති පන්සලට හෝ පල්ලියට ඇරලන්න. අපේ රටේ පන්සල් පල්ලි වල, මේ වගේ අසරනවුන අය දෙස නොබලා සිටින්නේ නැහැ. ඒ උතුම් මනුස්සකම තවමත් අපේ රටෙන් නැත්තටම නැතිවෙලා නැහැ.තවමත් තිබෙනවා.
මේ ෆොටෝ එක දිහා බලපුවහම හිතෙනවා සංචාරකයෝ මේ රෝග බෝ කිරීමට සහය දක්වනවද කියල. පේනවා නේද හැමෝම එක පොකුරට ඉන්නේ එක්කෙනෙක්වත් මුහුණු ආවරණ පැළඳ නෑ. රටේ මිනිස්සු මේ තරම් පරිස්සම් වෙද්දී මේ විදියට කිසිම වගකීමක් නැතිව හැසිරෙනකොට කොහොමද රෝග පැතිරීම නවත්වා ගන්නේ .
මට දුක චූන් පාන් කාරයා ගැන, මේ ගොල්ල ෂුවර් එකට ඔය ජරා ලෙඩේ මේ රටින් යන්න ඉස්සර ඔය අසරණයාට බෝ කරන්නේ නැද්ද බලන්න.
ඔය කොලේ , ඇතුලට ගත්ත දැන් කන්නවත් නැහැ.... මේ ඇයො හෝ සනුවරේට ආයෙත් මෙහෙ එන්න කියාවිද ?
මේ අයත් මනුෂ්‍යයෝ. ඒ ගොල්ලන්ගේ හමේ පාට වෙනස් වුණාට බඩගිනි එනවා. අපිට කොස් ගෙඩියක් හරි කන්න අවස්ථාව තියෙනවා. මෙයාලට...? ළඟ ඉන්න කෙනෙක් පාන් කැල්ලක් දුන්නත් ඔබලාට පින්.
මේ වැනි හදිසි අවස්ථාවක අසරණ වුන සංචාරකයෝ ගැන සොයා බලන්න ලංකාවේ "ටුවරිස්ට් බෝර්ඩ් "එක කියල ආයතනයක් තිබෙනවා. මෙවන් හදිසි අවස්ථාවක ඔවුන්ට කිසිම ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ. ටුවරිස්ට් බෝර්ඩ් එකෙන් ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට කිසිම වැදගත් දෙයක් සිදුවෙන්නේ නැහැ. රට සාමකාමී අවස්ථාවල එකේ නිලධාරියෝ කරන්නේ හෝටලෙන්, හෝටලයට ගොස් ඒකේ සාමාජිකත්වය නොගතහොත් නඩු දමන බවට අයිතිකරුවන්ට තර්ජනය කිරීම. දැන් මේ නිලධාරීන් එක්කෙනෙක්වත් නැහැ. මෙවැනි අවස්ථාවක ඔවුන් ඉදිරියට එන්න ඕනේ. හදිසියකදී අතරමන් වුන සංචාරකයන්ට සහන සලසන්න ඔවුන් අඩුම තරමේ දුරකථන අංකයක් හෝ ප්‍රචාරය කරන්නේ නැහැ. මේ ටුවරිස්ට් බෝර්ඩ් එක කියන ආයතනය තනිකරම මහජන මුදලින් නඩත්තු වෙන සුදු අලියෙක්. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ?කරුණාකර ඕක අහෝසි කර දමන්න .
මේ ගැන ජනපතිට ලිය දැන්වුවා ප්‍රදේශයේ ජනතාව, ග්‍රාම නිලදාරීන් පොලිසිය පින්තුර ගත්ත පුවත් නියෝජිත මේ ගැන වහාම අවදානය යොමු කොට පියවර ගත යුතුය ආගන්තුක සත්කාරයෙන් ඉහලම නමක් ලෝකයේ ලබා තිබෙන අපේ මවු බිමට මෙය කැළලක්
මීට පස්සෙ ලංකාවට එන්න එපා. ලංකාවට කොරෝනා ගෙනාවෙ සංචාරකයන් නේ... ලංකාව දන්න ටුවරිස්ට්...
හොඳම උදාහරණය අද ඔස්ට්‍රියාවෙන් විශේෂ ගුවන් යානයක් එවනවා ලංකාවේ ඉන්න ඔස්ට්‍රියන් ජාතිකයන් එරටට රැගෙන යන්න. මේ බව ඔවුන් වියානා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් රජය දැනුවත් කරලා සතියක් විතර වෙනවා. නමුත් සංචාරක මණ්ඩලෙන් මේ ගැන කිසිම දැනුවත් කිරීමක් ජනතාවට කලේ නැහැ. මේ විදිහට ඉඳල හිටලා රටවල් වලින් තම පුරවැසියන් ගෙන්වාගන්න ගුවන් යානා එවනවා. ටුවරිස්ට් බෝර්ඩ් එකට පුළුවන් මාධ්‍ය ආයතන හරහා ජනතාව දැනුවත් කරලා ලංකාවේ අහුමුලු වල හිරවෙලා ඉන්න සංචාරකයන් ආරක්ෂාකාරීව ගුවන් තොටුපල වලට ගේනවල රටෙන් පිට කරන්න. ඔවුන් කිසිම දෙයක් කරන්නේ නැහැ. විදේශවල තිබෙන ප්‍රදර්ශනවලට රජයේ වියදමින් නිලධරීන් සහ ඔවුන්ගේ අඹුවන් බුරුතු පිටින් කරන සංචාර සංවිධානය කරන්න නම් මොවුන් ඉතා දක්ෂය .