(නාවික හමුදා මාධ්‍ය අංශය)
වෙරළ සංරක්ෂණය කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් අද (15) ක්‍රියාත්මක කරන ලදි.
නාවික හමුදාව විසින් වෙරළ තීරයන් සුරක්‍ෂිත කර ගැනීමේ අරමුණින් නිරන්තරයෙන් වැඩසටහන් ක්‍රියාක්මක කරනු ලබන අතර, ඒ අනුව අද (15) දකුණු නාවික විධානය භාර ආඥාපති ඇතුළු දකුණු නාවික විධානයට අයත් සියළු ආයතනයන්හි නිලධාරින් හා නාවිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව ගාල්ල, මහමෝදර සහ තංගල්ල, පරවි වැල්ල මෙන්ම හම්බන්තොට, ධීවර වරාය ආශ්‍රිත වෙරළ තීරයන් මෙලෙස පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලද අතර, එහිදී වෙරළ තීරයන්හි විසිරී තිබූ ප්ලාස්ටික් ඇතුළු කැලිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ නීල හරිත සංකල්පය නාවික හමුදාව තුළ ක්‍රියාවට නැංවීම සඳහා සෑම නාවික විධානයකම මෙවැනි පරිසර හිතකාමි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.






COMMENTS
ඔබලාගේ සත්ක්‍රියව අප අගය කරන්නෙමු. ඔබලාට ජය..!!!
මේවා නගර සභා/ ප්‍රාදේශීය සභා කළයුතු වැඩ, පාරවල් අයිනේ කොපමණ දේවල් තියනවද? පරණ වාහන යකඩ කෑලි එමටයි. ගස් කොට කෑලි.... ඒ වගේම පරණ බිල්ඩින් කැපුවා. ඒ ගැනත් බලන්න වෙන්නේ හමුදාවටද?
නැගෙනහිර අනවසර වැලි ගොඩ දැමීමත්, නතර කරනවා නම් හොඳයි.