Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සිතුම් චතුරංග)
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(17) ජනතා අයිතියට පත් කෙරිණ
ශ‍්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර වශයෙන් රුපියල් මිලියන 300ක වියදමින් මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකර තිබේ.
යාපනය සහ චෙන්නායි අතර ප්‍රථම ගුවන් ගමන අරඹමින් එයාර් ඉන්දියා එලායන්ස් සමාගමේ VT-KRM අංක දරණ ගුවන් යානය චෙන්නායි සිට එරට ගුවන් නිලධාරීන් හා මගීන් කිහිපදෙනකු සමඟ අද පෙරවරු 10.00 ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.
ගුවන් තොටුපළ ගිනි නිවන ඒකකය විසින් ජල ආචාර පවත්වා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානය හරසරින් යුතුව පිළිගනු ලැබීය.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත අතර ගුවන් තොටුපොළ අදියර තුනක් යටතේ ඉදි කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
1960 සහ 1970 දශකවල යාපනය සහ චෙන්නායි නගර අතර විනාඩි 45කින් යා හැකි ගුවන් සේවයක් තිබී ඇති අතර පසුව ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් එහි ගුවන් ගමන් හා සේවාවන් නවතා දමා ඇත. ආරක්ෂක අංශ විසින් ත්‍රස්ත ග්‍රහනයෙන් මුදා ගැනීමෙන් අනතුරුව යාපනය සහ කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් මෙම ගුවන්තොටුපළ යොදා ගැනිණි.
ගුවන්තොටුපොළෙහි එක් පර්යන්ත ගොඩනැගිල්ලක්, ගුවන් ගමන් පාලන මැදිරියක්, ගිනි නිවන ඒකකයක් සහ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ද මේ වන විට එහි ඉදි කර ඇති අතර,
එහි ධාවන පථය මීටර් 950 සිට මීටර් 1,400 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.
එහි පළමු අදියර යටතේ සතියකට ගුවන් ගමන් වාර තුනක් පමණක් කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීක්ෂා කිරීම වෙනුවෙන් පසුගිය 15 වැනිදා ඉන්දියානු තාක්ෂණ ශිල්පීන් රැගත් ඉන්දියානු ගුවන් යාපනයක් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් තරන්ජිත් සිං සින්ධු මහතා, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා, උතුරු පළාතේ දේශපාලන නියෝජිතවරු මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
(වීඩියෝ - රොමේෂ් මධුසංඛ)
ඡායාරූප - ඉන්දියන් එම්බසි ඇසුරෙනි
madugalla Thursday, 17 October 2019 06:54 AM
මේකේ වැඩ ඉවර නැතිව විවෘත කරලා. හැමතැනම ගල් ගොඩවල් පස් ගොඩවල්, අඩුම ගානේ පාරට තාරවත් දාල නැහැ . කන්ටේනර් ටිකක් තියල විවෘත කරන්න තියෙන හදිස්සියක්. පලාලි කඳවුරු සංකීරණය වහන්න තියෙන හදිස්සිය තමයි පෙන්නේ .
Reply : 548 653
lanka Thursday, 17 October 2019 07:49 AM
අපේ රටේ මිනිස්සු බස් එකේ කෝච්චියේ යන විදිය මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. එහෙම අපිට ගිනි ගණන් වලට ඉඳල හිටලා පැය කීපයක් ගමන් කරන ගුවන් යානයක සැපට යන්න අවශ්‍ය නැහැ. කරුණාකර සැප අඩුවුණත් කමක් නැහැ ටිකට් එකේ මිල අඩු කරන්න. මේ පාරේ බස් එකේ කෝච්චියේ යන අපිට ඔය ප්ලේන් එකේ පොඩ්ඩක් වෙලා යන්න මහා ලොකු සැපක් ඕන නැහැ. ටිකට් එකේ මිල වැඩියි. හැබැයි ගුවන් සමාගම මොනතරම් පාඩු වුණත් සේවකයින්ට නම් ඉහළ පඩි, දීමනා, පවුල් පිටින් නොමිලේ ගුවන් ගමන් වසරකට කීපසැරයක්ම... දැන් ලෝකේ අලුත් පරපුර ප්ලේන් එකෙක යන්න සැප නෙමෙයි හොයන්නේ.. හොයන්නේ අඩු මිල ටිකට්...
Reply : 1 45
sena Thursday, 17 October 2019 08:45 AM
දුක් වෙන්නද? සතුටුවෙන්නද කියන එක මට හිතාගන්න බැහැ. යාපනේ කට්ටිය ඉන්දියන් ගුවන් සේවා පාවිච්චි කරන්න තියෙන ප්‍රවණතාවය වළක්වන්න මොකක් හරි නොකෙරුවත් අපේ ගුවන් සේවය ඉවරයි තමයි
Reply : 54 225
kap Thursday, 17 October 2019 09:36 AM
මෝඩ සේන, මේ රන්වේ එකේ දිග ප්‍රමාණය අනුව එන්න පුලුවන් මේ වගේ ගුවන්යානා පමණයි. ජාතික ගුවන් සේවයේ ඔක්කොම ප්ලේන්වලට මේ රන්වේ එක දිග මදි... ඒක දික් කරනකම් තමයි මේ වගේ පොඩි ප්ලේන් යන්නේ.. ඒ වගේම ලංකාවේ කොම්පැනි ඩොමෙස්ටික් සහ ඉන්දියාව අතර ගුවන් ගමන් පටන් ගන්නවා. 1960/70 ගණන් වලත් කොළඹ/ යාපනය/ ඉන්දියාව අතර ගුවන් ගමන් තිබිලා තියෙනවා.
205 133
රජින්ද Thursday, 17 October 2019 06:55 AM
මේ ගුවන් තොටුපල මට අපේ රටේ එකක් කියල හිතෙන්නෙම නැහැ. ඒකට හේතුව මට තේරෙන්නේ නැහැ. මට හිතෙන්නෙම තමිල්නාඩුවේ ගුවන් තොටුපලක් කියලා. අපි කුහක නිසා නෙමෙයි අපේ රටේ උනත් උතුරේ (යාපනේ), නැගෙනහිර සිද්ධ වෙන හැමදේම අපේ රටේ සංස්කෘතියෙන් හාත්පසින්ම වෙනස් විදිහට වෙන නිසයි.
Reply : 452 661
ලසන්ත Thursday, 17 October 2019 08:17 AM
"1960 සහ 1970 දශකවල යාපනය සහ චෙන්නායි නගර අතර විනාඩි 45කින් යා හැකි ගුවන් සේවයක් තිබී ඇත". රටේ, සංස්කෘතියෙ හෝ වෙනත් ප්‍රශ්නයක් නොව එය ඔබගේ හෝ ඔබ හිතන විධියේ ඇති අවුලකි.
Reply : 145 192
gunasena Thursday, 17 October 2019 06:55 AM
මේකේ කාපට් එක අන්තිම බාලයි . ලෙවල් වෙන්න ඇති තරම් තලලා නැහැ.
Reply : 46 104
sanjeewa Thursday, 17 October 2019 06:59 AM
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම වෙනුවෙන් පැවැති උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමකින් තොරව සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන වාදනය කිරීම පමණක් සිදුවිය. ජාතික ගීය ගායනය කිරීම වෙනුවෙන් උත්සව සභාවට ළමුන් ගෙන්වා තිබුණත් ළමුන් ලවා ජාතික ගීය ගායනය කිරීමක් සිදුනොවුණි.
Reply : 43 224
aruna Thursday, 17 October 2019 07:02 AM
ජාතික කොඩියක් නැති රාජ්‍ය උත්සවයක්
Reply : 36 212
jayarathna Thursday, 17 October 2019 07:14 AM
ජාතික ගීය, ජාතික කොඩිය නැද්ද?
Reply : 3 222
chandu Thursday, 17 October 2019 07:23 AM
මේ අයට ගෙදර යන්න කලින් කොටියට දුන්නු පොරොන්දු ඉටු කරන්න ඕනේ වෙලා තියෙන්නේ. හම්බන්තොට හැදුවා කියලා මැරෙන්න හැදුවා. රටකට බෙදිලා වෙන් වෙන්න ඕනේ කරන එක දෙයක් තමයි ඔය..
Reply : 250 292
ලසන්ත Thursday, 17 October 2019 08:22 AM
කොටි පොරොන්දුවක් නම්, මේ රටේ,"1960 සහ 1970 දශකවල යාපනය සහ චෙන්නායි නගර අතර විනාඩි 45කින් යා හැකි ගුවන් සේවයක් තිබී ඇත්තේ කොහොමද? කාගේ හෝ ගැත්තෙකු නොවී පුරුෂත්වයෙන් හිතන්න...
Reply : 261 220
sena Friday, 18 October 2019 05:09 AM
ලසන්ත හරෙකෙක් උනාට උම්ම්බෑ කියන්න එපා ඔයා ජීවිතේ ඒක දවසක් හරි ප්ලේන් එකක ගිහින් තියෙනවාද? ඔය එන එකේ චෙන්නාය් වලට ගිහින් එතන ඉදලා ලෝකේ ඕනෑම තැනකට යන්න පුළුවන් චෙන්නාය් වලට ප්ලේන් එකේ යන්න විනාඩි 45 ය් කටුනායකට යාපනේ ඉදලා එන්න පැය ගානක් යනවා - අපේ ගුවන් සේවය එකට පිලියමක් නොයෙදුවොත් ඒක තවත් වලපල්ලට යනවා
49 379
Rasika Pradeep Thursday, 17 October 2019 07:24 AM
උතුරේ ඡන්ද වලට තියෙන වහල්කමට කිසිම සැලැස්මකින් තොරව වැඩ ඉවර වීමටත් කලින්ම මේක හදිස්සියේ විවෘත කරපු පාටක් තමයි තියෙන්නේ. කොටින්ම මීට වඩා හොඳට බස් ස්ටෑන්ඩ් හදනවා. අඩුම ගානේ පාරවත් කාපට් කරලා නැහැ.
Reply : 1 178
nayana Thursday, 17 October 2019 07:44 AM
ප්ලේන් ගියොත් මේ කාපට් එක මාස 2න් ඉවරයි...
Reply : 1 71
සමන් Thursday, 17 October 2019 07:44 AM
දේශපාලන අන්තවාදීන් මොනවා කළත් දකින්නේ වැරැද්දක්...
Reply : 281 203
banda Thursday, 17 October 2019 07:50 AM
ජාතික කොඩියයි ජාතික ගීයයි ගැන කතා කරලා වැඩක් නෑ. මේකෙන් රටට වන වන වාසි ගැන කතා කරමු.
Reply : 61 1
indika Thursday, 17 October 2019 07:52 AM
ජාතිවාදේ ඔලුවේ තියාගෙන උන්නම එහෙම වෙනවා.
Reply : 40 1
disanayak Thursday, 17 October 2019 08:09 AM
මේක නික්කන් පොදු වැසිකිලියකටත් අන්තයිනේ. පාරවල් වල සහ ගුවන් යානා අන්ගනවල් වතුර පිරිලා. කාපට් එකක් දාපු පාරක් පේන්නවත් නැහැ. අනේ මෙහෙමත් රටක්. මේක මේ ඉන්දියාවයි ලංකාවයි අතර පොඩි ගුවන් යානා යන්න හදපු තාවකකාලික කැලාබද තොටුපලක් වගේ.
Reply : 5 105
namal Thursday, 17 October 2019 08:38 AM
ඒ කාලේ යුද්ධය තිබුනේ නැහැනේ. ලොව පුරා විසිරුණු ඩයස්පෝරාවක් හිටියෙත් නැහැ.
Reply : 1 70
ganga Thursday, 17 October 2019 08:46 AM
හැමදේකම නරක විතරක් දකින කාලකන්නි මානසිකත්වයෙන් මිදෙන්න බලපල්ලා...
Reply : 146 226
janahitha Thursday, 17 October 2019 10:09 AM
සම්පූර්ණ බොරුවක්.., ඉන්දියාවට දුන්නු පොරොන්දුවක් පාලන මැදිරිය ලෑලි අට්ටාලයක තියෙන්නේ මෙතන ගුවන් හමුදා කඳවුරක් නෑ.. තිබුනේ එයාර් බේස් එකයි..
Reply : 22 9
janahitha Thursday, 17 October 2019 10:11 AM
ඉන්දීය හමුදා ගුවන් යානා ඕනෑම වෙලාවක එන්න පුළුවන් යාපනය කෙලින්ම ඉන්දියාවට සම්මබන්ද කරන වැයමක්. යුද්ධය අවසාන උන නිසා මේ ගොල්ලන්ට ඔහොම ඉන්න පුළුවන්. රට පාවා දෙන මිනිස්සු
Reply : 1 74
damith Thursday, 17 October 2019 02:39 PM
ගුවන් සේවිකාවන් දැන් ආචාර කරන්නේ වනක්කම් කියලද?
Reply : 3 130
mahinda Thursday, 17 October 2019 11:07 PM
මත්තල හදපු සල්ලිවලින් මුළු ලංකාවේම තිබුන පොඩි ගුවන් තොටුපළවල් ටික මේ තත්වයට පත් කලානම් වටිනාකම කියන්න බැනේ
Reply : 99 12
Ananda Friday, 18 October 2019 06:22 AM
අනේ හොඳයි යාපනේ ගොවියන්ට ඊළඟ කන්නේ අස්වැන්න ගත්තම වී ටික ගබඩා කරන්න තැනක් තියෙනවා.
Reply : 1 65
priyantha wijerathna Saturday, 19 October 2019 01:34 PM
මෙය ඉතා භයානක ක්‍රියාවක්. ආණ්ඩුවට බලයක් නොමැති පාලනයක්. ත්‍රස්තවාදී ක්‍රියා වලට පහසු කරවන්නක්.
Reply : 1 22
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.