


(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව සෙට්ටිකුලම් බස්නැවතුම්පලේ නවතා තිබූ බස් රථයක් මතට විශාල පලු ගසක් අද (16) උදෑසන කඩාවැටීමෙන් බස් රථයකට බරපතල හානි සිදුව ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
සෙට්ටිකුලම් බස්නැවතුම්පලේ පිහිටි විශාල පලු ගස එකවරම මෙලෙස කඩා වැටී ඇති අතර ගස කඩා වැටෙන අවස්ථාවේදී බස් රථයේ කිසිවෙකුත් සිට නොමැති බව පොලීසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ලංගම් බස් රථයක් වන අතර බස් රථය සෙට්ටිකුලම් සිට වව්නියාව දෙසට ධාවනය කිරීමට සූදානමින් තිබූ බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූස්ස ගස කිමද බස් රථයට වැටුණේ... එහි බර දරා ගැනුමට නොහැකිව නැව්නේ ... ගස් යට නැවතෙන්න ඇයි බසයට සිතුනේ ... රුක් දෙවියා නොදැන ඇයිදෝ ගස වැටුණේ ...
රියදුරාගේ අපල කාලයක්... බසය චප්ප වෙන්නම වැටිලා තියෙන්නේ..
හ්ම්... ගසට ආසන්නයේ බසය ධාවනය වීමෙන් පස් තට්ටුව තෙරපීම නිසා එක්පසක බසය පැත්තේ මුල් තෙරපී, සංයුතිය බිඳී යාමෙන් ගසා බසය මතට පෙරැළී ඇත. ගණිත දැනුම, භෞතික විද්‍යා දැනුම තිබුණා නම් මෙය වළකාගත හැකිව තිබුණා..
බසය මතට ගසක් පෙරලා ගනියි.