







(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වයිරසයෙන් මගී ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත බස් සේවාවක් හඳුන්වා දුන් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
මෙහි නියමු වැඩසටහන ක්‍රියාත්මක කරමින් මාර්ග අංක 163 දෙහිවල විදෙස් සේවා මාර්ගයේ තමන්ට අයත් බස් රථයක් ආරක්ෂිත ක්‍රමවේද අනුව සකස් කර අනුමැතිය සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා වෙත අද(20)දිනයේ ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය.
මෙම ක්‍රමවේදය සඳහා ප්‍රවාහන අමාත්‍යංශය අනුමැතිය ලැබුණු පසු සියලුම බස් රථ ඒ අනුව සකස් කිරීමට පියවර ගන්නා බවද විජේරත්න මහතා සඳහන් කළේය.
බස් රථයේ එක් ආසනයක එක් මගියෙකු පමණක් ගමන් කරන බවත් එම සෑම ආසනයක්ම ඉටිකොළ වලින් ආවරණය කරන ලද බවද ඔහු සඳහන් කළේය.
බස් රථයේ කොන්දොස්තර වරයාට එහා මෙහා ගමන් කළ නොහැකි අතර ඔහු බස් රථයට ඇතුළුවන පිටුපස දොර දොර ආසන්නයේ සකස් කළ කුටියක රැඳී සිටීම අනිවාර්ය වේ.
සෑම ගමනානාන්තයකදීම බස් රථයේ විසබීජහරණයට ලක් කිරීම ද අනිවාර්ය වේ.
මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එක හමාරක ගුණයක් අය කිරීමට සිදුවන බවද විජේරත්න මහතා සඳහන් කළේය.
මහජනතාව ආරක්ෂා කරගනිමින් බස්රථ කර්මාන්තය පවත්වා ගැනීමේ අරමුණෙන් මෙම සේවාව හඳුන්වා දුන් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප : ලහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගීන් 20කට කොන්දොස්තර කෙනෙක් අවශ්‍යද?
කොන්දොස්තර නැතුව හොඳයි, ගොඩක් රටවල්වල බස් දුවන්නේ කොන්දොස්තර නැතුව. එතකොට ලාභය වැඩියි. සාමාන්‍ය ගානට දුවන්න පුළුවන්.
ඉතා හොඳ අදහසක්. ඇත්තටම මේවා අගය කරන්න ඕනෑ. ගාණත් සාධාරණයි. සෑම ගමන් වාරයකට පසුව බස්රථය විෂබීජ හරණය කරන්න. අපි අවංකව ආරක්ෂාකාරීව වැඩ කළොත් මේ විපත්තියෙන් ගොඩයන්න පුළුවන්...