(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මාස තුනක් පමණ වයසැති අලි පැටවකුගේ සිරුරක් අද ( 28 ) කොට්ටුකච්චිය ජලාශයේ රළපනාව මත තිබි සොයා ගත්බව පුත්තලම වන ජීවි අලි පාලන ඒකකව පවසයි.
මෙම අලි පැටවා මව් ඇතින්න හා අලි රංචුවක් සමග ජලාශය තරණය කරමින් ගොඩබිමට එමින් සිටියදී දීයේ ගිලි මරණයට පත්වන්නට ඇතැයි වන ජීවි නිළධාරින් සැක කරයි.
අලි පැටවා දියේ ගිලීමෙන් පසුව මව් ඇතින්න හා අනිකුත් අලි රංචුව මහත් වෙහෙසක් දරමින් අලි පැටවා ජලයෙන් ගොඩ ගැනිමට උත්සහ කර තිබෙන ආකාරය ජලය බොර වීමේන් තහවුරු වන බවද වන ජීවී නිලධාරීන් සඳහන් කළේය.
රළපනාව මත මරණයට පත්ව සිටි අලි පැටවාගේ සිරුර ආසන්නයේ රැදි සිටිමින් ඇතින්න ඒ මේ අත කළබලයෙන් ගමන් කරන අයුරු ඒ අසළින් ගමන් ගන්නා පිරිස දැක තිබේ.
අදාල ස්ථානයට පැමිනි වනජීවි නිළධාරින් මරණයට පත්ව සිටි අලි පැටවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට රැගෙන යාම කළේය.




COMMENTS
අද දවසේ අසන්නට ලැබුණු තවත් දුක්මුසු පුවතක්!... මව් සෙනෙහස මිනිසුන්ට වගේම සතුන්ටත් පොදුයි.. එයාලාට අපිට වගේ කතා කරන්න විතරයි බැරි... සමහර විට හැඟම්, දැනීම් අපටත් වඩා හොඳට දැනෙනවා ඇති.. මම අහලා තිබෙනවා, මව් ඇතින්නකට පැටියෙක් ලැබුණාම රැලේ ඉන්න අනිත් ඇතින්නියන්ටත් කිරි එරෙන බව... මෙහි විද්‍යාත්මක පසුබිම ගැන නම් කියන්න දන්නේ නැහැ. එයාලාගේ එකමුතුකම අපටත් ආදර්ශයක් නොවේද?
මේ චූටි අලි පුතා, චූටිම චූටි වයසකදී.. ජීවිතය කියන්නේ කුමක්දැයි වත් අම්මගෙන් ඉගෙන ගන්න කලින්.. දියරකුසාට ගොදුරුවෙලා. ඔය හරහා යද්දී එයා අම්මගේ වලිගය එයාගේ චූටි හොඬවැලෙන් තදින් අල්ලාගෙන ඉන්න ඇති. මාමලා, නැන්දලා.. වටේම හිටි නිසා බය කියන්නේ කුමක්දැයි දන්නේවත් නැතුව ඇති. නමුත් පුතේ ඔයා දැනගෙන හිටියේ නැහැ.. ඔයා මේ යන්නේ ඔයාගේ ඉරණම් ගමනයි කියලා. දියරකුසා ඔයාව දැකලා.. වතුර කළඹන්න ඇති.. ඔයා බයවෙලා අම්ම දිහාබලලා.. අඬන්න ඇති. ඔයාගෙන් ගිලිහුණු කඳුළු කැට ඒ වතුරටම එකතුවෙන්න ඇති. දඟලපු නිසා.. අම්මගේ වලිගය ගිලිහුණා නේද..? ඔයාට වතුරත් පෙවෙන්න ඇති.. හුස්ම ගන්න අමාරුයි පුතේ වතුරේදී.. ඉන්පසු සිදුවුණු දේ මට හිතාගන්න පුළුවන්. මට ඔයාගේ ඒ ලතෝනිය හැමතැනම ඇහෙනවා. කවුරු උදව්වට එන්නද? අපි ඔක්කොම දාලා ඔයාවිතරක් ඒ ලස්සන ලෝකයට යන්නම යන්න ගියා. පුතේ ඔයා සසරගමනේ යම් භවයකදී මිනිසෙක් වෙලා ඉපදී.. ගොඩක් කුසල් රැස් කරගෙන, තවත් භවයකදී බුදුන් දැක නිවන් දකින්න.." කියලා පතලා මම කඳුළු පිරුණු දෑසින් ඔයාට සමුදෙන්නම්...
හරිම දුකයි අලිපැංචාගේ මරණය...
අනේ දෙවියනේ !!! .... මේ පුංචි මාස තුනේ කිරිසප්පයාවත් අරන් ජලයෙන් එගොඩවීමට මේ අලි අම්මා ක්‍රියා කළේ ඇයි දැයි නොදැනේ.. මේ අයට හොඳට පරිසරය ගැන ප්‍රායෝගික දැනීමක් තියෙනවා. ඒත්, සැඩ ජලපහරට මේ අලි පුංචා හසුවී දියේ ගිළී මියයන්නට ඇති.. අම්මා ඇතුළු නෑ අලි රංචුව ගොඩගන්නට බොහෝ වෙහෙස වුණත්, එසේ බැරිවෙන්නට ඇති... පුංචි හොඬ පොඩ්ඩේ ඇති පුංචි නාස් කුහරය දිගේ ජලය ගොස් පෙනහළු ජලයෙන් පිරී හුස්ම හිරවෙන්නට ඇති.. අනේ අම්මේ ... මට මොකක්දෝ වෙනවා කියා හයියෙන් කීවත් හඬ පිටවෙන්න ජල රකුසා ඉඩ නොදෙන්නට ඇති.. මොකෝ මිනිසාට වගේ මේ අම්මාට මේ අලිපුංචාව ගෙනියන්නට රෝහලක් නැති නිසා අවුල්වු සිතින් වෙන කිසිවක් කළ නොහැකි නිසා ඒ මේ අත වේගයෙන් දිවයන්න ඇති .. අනේ ! මේ ක්ෂීරපායී දැවැන්ත මවට මේ දුක කෙසේ දරාගන්නට හැකිවේද ..? මේ සුරතල් පැංචාගේ අවසන් ගමනට භික්ෂූන් වහන්සේ නමක්ද වැඩමවීම කෙතරම් වාසනාවක්ද...? අනේ සුරතල් අලි පැන්චෝ ...
ඔයාගේ.. පුංචි නිසල දේහය වනජීවී එකේ මාමලා අදාළ පරීක්ෂණය සඳහා ගෙනයාවි.. පසුව එය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට තීරණය කරාවි.. පසුව ඔයාගේ පුංචි දේහය මිහිදන් කරාවි.. අනේ..!!! හය හතර නොතේරෙන පුංචි ඔයා කොහොම මරණය ගැන තේරුම් ගන්නද..? පුංචි ඔයාට වූ මේ විපත ගැන හදවතින්ම දුක්වෙනවා හොඳේ අපේ පැටියෝ... ඔයාට අප සැවොම නිවන් සුව පතනවා.. අපේ මුළු හදවත් වලින්ම අපේ පුංචි හුරතල් පැටියෝ..
මේ චූටි අලි පුතා, චූටිම චූටි වයසකදී.. ජීවිතය කියන්නේ කුමක්දැයිවත් අම්මාගෙන් ඉගෙනගන්න කලින්.. දියරකුසාට ගොදුරුවෙලා. ඔය හරහා යද්දී එයා අම්මාගේ වලිගය එයාගේ චූටි හොඬවැලෙන් තදින් අල්ලාගෙන ඉන්න ඇති. මාමලා, නැන්දලා ..වටේම හිටි නිසා බියක් දැනෙන්නවත් නැතුව ඇති. නමුත් පුතේ ඔයා දැනගෙන හිටියේ නැහැ.. ඔයා මේ යන්නේ ඔයාගේ ඉරණම් ගමනයි කියලා. දිය රකුසා ඔයාව දැකලා.. වතුර කළඹන්න ඇති.. ඔයා බයවෙලා අම්මදිහා බලලා.. අඬන්න ඇති.. ඔයාගෙන් ගිලිහුණු කඳුළු කැට ඒ වතුරටම එකතුවෙන්න ඇති. දඟලපු නිසා .. අම්මගේ වලිගය ගිලිහුණා නේද..? ඔයාට වතුරත් පෙවෙන්න ඇති.. හුස්ම ගන්න අමාරුයි පුතේ වතුරේදී... ඉන්පසු සිදුවුණු දේ මට හිතාගන්න පුළුවන්. මට ඔයාගේ ඒ ලතෝනිය හැම තැනම ඇහෙනවා. කවුරු උදව්වට එන්නද..? අපි ඔක්කොම දාලා ඔයාවිතරක් ඒ ලස්සන ලෝකයට යන්නම යන්න ගියා. පුතේ ඔයා සසරගමනේ යම් භවයකදී මිනිසෙක් වෙලා ඉපදී.. ගොඩක් කුසල් රැස් කරගෙන, තවත් භවයකදී බුදුන් දැක නිවන් දකින්න.." කියලා පතලා මම කඳුළු පිරුන දෑසින් ඔයාට සමුදෙන්නම්...
හරිම දුකයි... ඒ අලි අම්මාගේ සිත කොතරම් දුක් වේදනාවකින් පෙලෙනවා ඇතිද? අපි නම් මෙවැනි දුක්ඛිත අවස්ථාවකට මුහුණ දුන්විට හඬා වැලපී සිතට නැඟෙන දුක තුනී කර ගත්තත්, මේ අසරණිය නිහඬවම කඳුලු සලමින් වැළපෙනවා ඇති.. අලිඅම්මේ, ඔයත් සමඟ අපිත් වැළපෙනවා හැරෙන්නට වෙන කුමක් කරන්නද? චූටි පුතා අප සැවොම අතහැර එයාලාටම සොඳුරු වූ එයාලාගේ ලෝකෙට යන්න ගිහින්...
මම හොඳට මේ පුවත කියවා හිටියා. එත් විජිත් ගේ ලියවිල්ල් දැක්කම කදුළු ආවා
ගගන, ඔහු දෑසට කඳුළු එන විදියට සටහන් ලියන්නට දක්‍ෂයි.. හැම කෙනාටම ඒ සුවිශේෂී හැකියාව නැහැ..
නොඑන ගමන් ගිය චුටි අලි පුතේ , billy joel කියන ගායකයාගේ ගීතයක් තියෙනවා - Only the good die young කියලා. ගොඩක් සංවේදී ගීතයක්. ඒ නිසාමයි මම කියන්නේ පුතේ ඔයා හරිම වාසනාවන්තයි මේ නොමිනිසුන් වැඩි ලෝකයට ඉක්මනින්ම සමුදී... ඔයා අයිති ලස්සන ලෝකයට යෑම ගැන.
Billy joel ගායනා කරන ඒ ගීතය හරීම සංවේදීයි. හරිම දුක හිතෙනවා. එයාගෙ තවත් ගීතයක් තියෙනවා .( In the middle of night .) the river of dreems කියන ගීතය. ඒක අහපුවාම දුක ටිකක් විතර අඩු වෙයි. මම ආස කරන ගීතයක් .අහලා බලන්න .