




(ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට චන්දන ප්‍රනාන්දු)
පසුගිය පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිකරමින්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින්, අද (17) ඉතාලියේ බ්‍රේෂියා නගරයේදී දිව්‍ය පූජාවක් පැවැත්විණ.
ප්‍රහාරයෙන් අසරණ වූ පවුල් සඳහා ආර්ථික ශක්තියක්වීමේ අරමුණෙන්, ඉතාලියේ වෙසෙන ලාංකේය කිතුණුවන් මෙය සංවිධානය කර තිබිණි.
සහභාගීවූවන්ට දිවා භෝජනයක්ද පැවැත්විණි.
බ්‍රේෂියා කිතුණු සංඝය බාර ජෝර්ජ් ලින්ටන් පියතුමාගේ මෙහෙයවීම මත පවත්වන ලද මෙම දිව්‍ය පූජාවට ඉතාලි ජාතිකයෝද ලාංකිකයෝද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd