
(හැටන් රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 2ක් ඊයේ (18) (18) රාත්‍රියේ සිට විවෘත කර ඇත.
ඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සියළුම වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් කොත්මලේ ජලාශයේ ජලය පරිහරණය කිරිමේදී සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශබාර ඉංජිනේරුවෝ ඉල්ලා සිටිති.
ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ලැබීමත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි වල ඇද හැලෙන ජල ධාරිතාවද ඉහළ ගොස් ඇත.



(ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ)



(ඡායාරූප - තලවකැලේ ශාන්ත චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd