(වසන්ත චන්ද්‍රපාල)
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට නියමිත අයුරින් වැසි නොලැබීමෙන් ජල මට්ටම අක්කර අඩි 25,800 දක්වා පහළ බැස තිබේ.
සේනානායක සමුද්‍රයේ මුළු ජල ධාරිතාවය වන්නේ අක්කර අඩි 770,000 කි. අක්කර අඩි 744,200 ක ජල ප්‍රමාණයක් සමුද්‍රයෙන් අඩුවී ඇත.
මේ හේතුව නිසා යල කන්නයේ කරන ලද කුඹුරු වලට අවසන් වතුර මුරය ලබාදීමේ ගැටලුවක් පවතින බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක එස්. ගමගේ මහතා පැවසීය.
ජලාශයේ වතුර අඩුවීම සමඟ මසුන් දිය කාවුන් විශාල වශයෙන් මිය යෑමට පටන් ගෙන තිබේ.
ජලාශයෙන් ජලය නිකුත් කිරීම අද (10) දිනයෙන් අවසන් කරන අතර කුඹුරු වලින් 40% පමණ එය සෘජුවම බලපාන බවද වාර්මාර්ග දෙපාර්මේන්තුව කියයි.
ඉදිරියේ දී ජලාශයට වතුර එකතු නොවුණහොත් ජලය නිකුත් කිරිමට නොහැකි වන අතර එසේ නිකුත් කළ හොත් පානීය ජලය ලබාදීමට ගැටලුවක් වෙන අතර විවිධ පාරිසරික ගැටලු මතුවිය හැකි බවද අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක එස්.ගමගේ මහතා පැවසීය.
පවතින නියං තත්වය සමඟ අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාකරන ලද ගොවියන් මහත් අසීරුතාවයට පත්වී තිබේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලෝකයේ කිසිවෙක් මෙතුවක් නොකළ අලුත්ම සංචාරක ප්‍රවර්දන වැඩසටහනක් දියත් කරමු ඒ මන්ද යත් ලෝකයේ පළමු වරට වසරේ වැඩිම කාලයක් සිදී පවතින වැවු අමුණු ජලාශ මෙන්ම ජලය නොමැතිව කිරිවදින ගොයම ගිනි තබන දර්ශන ලෝකයට පෙන්වීම හා දැක බලා ගැනීමට වැඩසටහනක් කරමු...... මෙය වැඩි අදායමක් ලබා ගත හැකිය එසේ කරනවා මිස වෙනත් විකල්පයක් නැත ඒවා නිසි පරිමාවන්ට යලි පිරවීමට රජයට හෝ විපක්ෂයට හෝ උදේ හවස පාරේ කෑගහන්න කිසිම පක්ෂයකට වුවමනාවක් නැත. නමුත් ඔවුන්ට යන්න නවීන වාහන ගන්න කෝටි ප්‍රකෝටි ගණන් ඇස්තමේන්තු හදා පාස්කර ගැනීමට මහඑකාගේ සිට පොඩිඑකා දක්වා බොහොම උනන්දුයි. එදා ජලය අක්කර අඩි 150000ක් පුරවපු වැව අද අක්කර අඩි 50000 වත් පිරෙන්නේ නැත. ඒවා නඩත්තුවට මුදල් නැත. ගොවියාට වස බොන්න සිදුවී තිබේ. රටට හෝ ජනතාවට කිසිම වැඩක් නැති කලකන්නින්ගේ එක සැසියක් පවත්වන්නට කෝටි 3ක් වියදම් කළ හැකිය. මොවුන්ට ලෝකේවටේ සවාරි යන්න මුදල් තිබේ.
අඩුම තරමේ මේ නියන් කාලවලදී මේ ජලාශ අලුත් වැඩියාවක් කර යම් තරමකට රොන්මඩ ඉවත් කර වැඩි ජල පරිමාවක් පිරවීමට සලස්වා ගැනීමටවත් උවමනාවක්, ඒ සදහා මොලයක් පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලුවන්ට නැහැ.
අද වෙද්දී ජලාශ කීයක් හිඳිලද? මේවා හදනකොටත් පාරිසරික ප්‍රශ්න සේරම දේශපාලනයෙන් වැහුවා.. අදාළ කොමිස් මුදල් නිසි ලෙස ලබා ගත්තා. කඩිනම් මහවැලි ව්‍යාපාරය කියලා 30 අවුරුදු සැලැස්මක් 6 අවුරුද්දකින් ඉවර කළා. ගහන්න තියෙන පම්පෝරි සේරම ගහලා පරිසරයට කරන්න පුලුවන් උපරිම හානිය කළා. අද වෙද්දී මුළු රටම එක හැටියට දුක් විඳිනවා. ඊට විපාක වශයෙන්. හිටපු එවුන් විතරක් නෙමේ අද දක්වාම ඉන්න ඔක්කොම ඒවාට වග කියන්න ඕනෑ.. අර ලොකුවට පරිසර ඇමති කියාගන්න එකාත් ඇතුළුව..
ඉන්දියාවේ ප්‍රධාන නගරත් අද වනවිට උග්‍ර ජල හිඟයකට මුහුණ පා ඇත. ලංකාවටත් ඒ දිනය වැඩි ඈතක නැහැ. තියෙන කැලෑ විනාශ කර කර බොරුවට තිරසාර සංවර්ධනය කියලා උත්සව පැවැත්වුවාට වැඩක් නැහැ.
පින්තුරයේ පෙනෙන විදිහට වැහි වලාකුළු තියෙනවා. ඉතින් අර කලින් කරා වගේ කෘතීම වැසි හදන්න පුළුවන්නේ. ඕව කරන්නත් ආණ්ඩුවලට වෙලාවක් තියෙන එකක් යෑ නේ?.