IMG-LOGO

විසිවැනි සංශෝධනය අය-වැයට පෙර

(අජන්ත කුමාර අගලකඩ)   

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ගෙනෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලබන අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.   
ලබන වසර සඳහා වන අයවැය ලේඛනය නොවැම්බර් මුල ඉදිරිපත් කර විවාද කිරීමට මාසයකට වැඩි කාලයක් ගතවන බැවින් 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් මාසයේදී සම්මත කර ගැනීමට සැලසුම් කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.   

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් ජනාධිපතිවරයාගේ ධුර කාල සීමාව සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වෙනස් නොවන නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සහ ස්වාධීන කොමිෂන් සභාවල සංයුතියේ හා බලතලවල යම් සංශෝධන 20 වැනි සංශෝධනය මගින් සිදු කෙරෙනු ඇතැයි වාර්තාවේ. ව්‍යවස්ථාදායක සභාව සහ විගණන කොමිසම අහෝසි කළ යුතු බවටද යෝජනා ඉදිරිපත්වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයිද හෙතෙම සඳහන් කළේය. 

 
අගවිනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් නීතිපති පොලිස්පති යනාදී තනතුරු සඳහා පත්කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවට ලැබී ඇති බලතල අඩුකර එම බලය ජනාධිපතිවරයා යටතට පත්කළ යුතු බවටද නීති විශාරදයන් යෝජනා කර ඇති බවද ඔහු කීවේය.   


විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේ කටයුතු නීති කෙටුම්පත් අංශය විසින් දැනටමත් කෙටුම්පත් කරගෙන යනු ලබන බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (0)

විසිවැනි සංශෝධනය අය-වැයට පෙර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 173 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 688 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site