(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා මැතිවරණය අදියර දෙකක් යටතේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව දැනට නිල කාලය අවසන්වී ඇති පළාත් සභා තුනක සහ නිල කාලය ලබන සැප්තැම්බර් මාසයේ අවසන් වන තවත් පළාත් සභා තුනක මැතිවරණය මේ වසරේදීද ලබන අප්‍රේල් මාසයේ නිල කාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය ලබන වසරේද පැවැත්වීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
සබරගමුව, උතුර මැද හා නැගෙනහිර පළාත් සභාවල නිල කාලය පසුගිය වසරේ අවසන් වූ අතර මධ්‍යම, වයඹ හා උතුර යන පළාත් සභාවල නිල කාලය ලබන සැප්තැම්බරයේදී අවසන්වීමට නියමිතව ඇත.
බස්නාහිර, දකුණ හා ඌව යන පළාත් සභා තුනේ නිල කාලය අවසන් වීමට ඇත්තේ ලබන වසරේ අප්‍රේල් මාසයේදීය. ඒ අනුව සබරගමුව, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, වයඹ හා උතුර යන පළාත් සභා හයේ මැතිවරණය මේ වසරේද බස්නාහිර, දකුණ හා ඌව යන පළාත් සභා මැතිවරණය ලබන වසරේද පැවැත්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත ක්‍රමය යටතේ පැවැත්වීමට අදාළ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිතය. සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් රජය සහ සුළු පක්ෂ අතර විරෝධයක් මතුව ඇතැයි වාර්තා වේ.
යෝජිත සීමා නිර්ණ වාර්තාවට අනුව කොට්ඨාස ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 222 ක්ද අනුපාත ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 250ක්ද පත්කර ගැනීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
117
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
969
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2576
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පළාත් සභා ඡන්දය කොටස් දෙකකට