IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අමාත්‍යංශ ගෙවල් කුලිය මාසිකව කෝටි දහය පනියි

  • ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ   අමාත්‍යංශවලට කුලිය මසකට ලක්ෂ 200යි  
  • විදුලිය බල අමාත්‍යංශයේ මාසික කුලිය ලක්ෂ 30යි 

 

(දයාසීලි ලියනගේ සහ නිශාන්ත කුමාර බණ්ඩාර)  


කැබිනට් අමාත්‍යංශ හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ කාර්යාල පෞද්ගලික අංශයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යෑම වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි 10කට අධික මුදලක් වැය කිරීමට රජයට සිදුවී තිබෙන බව වාර්තා වේ.   


දැනට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන අමාත්‍යංශය සඳහා පමණක් මාසිකව රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් පෞද්ගලික අංශයට ගෙවන බව වාර්තාවේ.  

ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය ලෝක වෙ​ෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ හත්වෙනි මහලේ පවත්වාගෙන යන අතර ඇමැතිවරයා හා කාර්ය මණ්ඩලය සඳහා නැගෙනහිර කුළුණේ 36 වැනි තට්ටුව වෙන්වී ඇත. මෙම මහල් දෙක සඳහා මාසිකව ලක්ෂ 80ක මුදලක් ගෙවන බව සඳහන් වේ.  


ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේම පවත්වාගෙන යන සංචාරක අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය සඳහා ලක්ෂ 80ක මුදලක් ද මාසිකව ගෙවනු ලබන බව වාර්තා වේ.   


කොල්ලුපිටියේ පිහිටි විදුලිය බල අමාත්‍යාංශය හිටපු දේශපාලනඥයකුට සම්බන්ධ ගොඩනැගිල්ලක පවත්වාගෙන යන අතර ඒ සඳහා මාසික කුලිය ලක්ෂ 30ක් වේ. උඩරට වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය කොල්ලුපිටිය ශාන්ත මයිකල් පාරේ පිහිටි අතර එම කාර්යාලය සඳහා මාසික කුලිය ලක්ෂ 20ක් වෙයි.   


රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය පිහිටි ​​ගොඩනැගිල්ල සඳහා ලක්ෂ 22ක් ගෙවනු ලබයි. දැනට බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය එම ගොඩනැගිල්ලේ පිහිටුවීමට යයි.   
ලෝක වෙ​ෙළඳ මධ්‍යස්ථානයේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය පිහිටි කාර්යාලයට ලක්ෂ 80ක මුදලක් ගෙවීම තමන්ට අවශ්‍ය නොවන බව රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කර ඇතත් එම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුමට අනුව එම ගොඩනැගිල්ලෙන් හදිසියේ ඉවත්වීමට නොහැකි බවද වාර්තා වේ. 



අදහස් (0)

අමාත්‍යංශ ගෙවල් කුලිය මාසිකව කෝටි දහය පනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site