(දයාසීලි ලියනගේ)
සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරිමින් අපේක්ෂකයන් 107 දෙනෙකු මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින බව අනාවරණය වී ඇත.
මෙයින් බහුතරය රජයට සම්බන්ධ අපේක්ෂකයන් බව අනාවරණය වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි.
ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සව, වොලිබෝල් තරඟ, ලොතරැයි දිනුම් ඇදීම, ණය යෝජනා ක්‍රියාත්මක කිරීම, බඩු බෙදාහැරීම, උත්සව ජනහමු යනාදී වැඩ පිළිවෙල කිහිපයක්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු ලෙසට යොදා ගෙන ඇති අතර එහිදී සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් මෙම අපේක්ෂකයන් කටයුතු කර ඇතැයිද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. මෙම කටයුතු සංවිධානය කිරීමේදී දුරස්ථභාවය ආරක්ෂා නොකර සමූහ වශයෙන් ඒකරාශීවීම්, මුඛ ආවරණ පාවිච්චි නොකිරීම හා අත්සේදීමට පහසුකම් නොතිබූ බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.