IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ව්‍යාකූලත්වයට හේතුව ජනපති - අගමැති බල පොරයයි - අනුර කුමාර

රටේ ඇතිවී තිබෙන වත්මන් ව්‍යාකූලත්වයට හේතුව ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන බල පොරය යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19 ) පැවසීය. රටේ ඇතිවී ඇතැයි කියන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් දිසානායක මහතා මේ බව පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා - මේ මොහොතේ රටේ මතුවී තිබෙන අරාජික තත්ත්වය ගැන විවාදයක් පැවැත්විය යුතුයි කියලයි මේ විවාදය පවත්වන්න තීරණය කළේ. මේ විවාදය ගැන විවිධ අර්ථකථන මතුකරමින් තිබෙනවා. 

මෙම මැතිවරණය ජනමත විචාරණයක් ලෙස සමහරු අර්ථ කථනය කරනවා. 

ජනමත විචාරණයක තියෙන්නේ කඳවුරු දෙකයි. එහෙනම් ජනමත විචාරණයක් යැයි කියන කණ්ඩායම පරාජය වී තිබෙනවා. මෙය ජනමත විචාරණයක් යැයි කීමම තමයි ආණ්ඩුවට වාසි සහගත වෙන්නේ. 

මෙය ජනමත විචාරණයක් නොවෙයි. මේ මැතිවරණයට එක් එක් දේශපාලන ධාරාවන් තම තමන්ගේ දේශපාලන මතයක් එක්ක ඉදිරිපත් වුණා. පළාත් පාලන මැතිවරණ විග්‍රහ කළොත් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන්න ඉඩ තිබෙන්නේ ආණ්ඩු පාර්ශ්වය. හැබැයි මෙවර ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව විශාලම පසුබෑමකට ලක්වී තිබෙනවා. 

එජාපය බරපතලම කඩා වැටීමට ලක් වී තිබෙනවා. ඒ වගේම ශ්‍රීලනිපය ජනාධිපතිධුරයත් අතේ තියාගෙන මැතිවරණයට එළඹුනා. ශ්‍රීලනිපය ඩාලි පාරේ නෙමෙයි වෙන තැනක තිබෙන බව පෙන්නුම් කර තිබෙනවා. එය පිළිගත යුතුයි. 

අපි අපේකෂා කළ ප්‍රතිඵලය නොවූවත් වැඩිපුර ඡන්ද අරගෙන තිබෙනවා.  මේ මැතිවරණයෙන් උතුරේ දේශපාලන ප්‍රතිඵලය ගැනත් අවධානය යොමු කළ යුතුයි. මේ මැතිවරණය හැම දේශපාලන ව්‍යාපාරයක් ගැනම නැවත හැරී බලන්න උගන්වනවා.

මේ අරාජිකත්වය පැණ නැගුනේ ඡන්ද ප්‍රතිඵලය මත නොවෙයි. ආණ්ඩුව ඉතා නිශ්චිත ලෙස කණ්ඩායම් දෙකක් ලෙස තමයි කටයුතු කළේ. ඒ ගැටුම කොච්චර තීව්ර වුණාද කියනවා නම් මැතිවරණයෙන් පසු එකට සිටීමට නොහැකි වුණා. 

2015 ජනවාරි 08 වැනිදා ජනතාව විශාල ජනවරමක් දුන්නා ජනාධිපතිට සහ අගමැතිට. ජනාධිපතිගේ පැත්තෙන් කල්පනා කළා එය අනභිබවනීය බලයක් කියලා. නැවත බලයක් ඒ පුටුවේ වාඩි වෙන්න පුළුවන්ද කියලා බලන්න ගත්තා. 

අගමැතිවරයාට විධායක පුටුවේ වාඩි වෙන්න බැරි වුණා. ජනවාරි අට වැනිදායින් පස්සේ ඔහු බැලුවා මේ විධායක පුටුවේ වාඩිවෙන්න පුළුවන්ද කියලා. 2015 නියම ප්‍රතිඵලය මේ දෙදෙනාම අමතක කළා.

මේ අවුරුදු තුනම දියත් වුණේ මේ දෙදෙනාම එළඹෙන ජනාධිපතිවරණයකදි පුටුවේ වාඩි වීමට කරන දාදු කෙළියක් විදියට. ජනවාරි අට ජනවරමට පිටුපස හැරෙව්වා. වංචාවන්ට දූෂණයන්ට එරෙහිව වැඩ කළ ආයතන අඩපන කළා. මේ ආණ්ඩුව දැමූ පළවෙනි නඩුව තමයි ලලිත් වීරතුංගට විරුද්ධ නඩුව. එම නඩුවේ තීන්දුව අතිශය වැදගත් වුණා. දූෂිතයන් පිළිබඳ ගොඩ නගා තිබූ මතය සැබෑවක්ද නැද්ද කියන එක බලන්න. හැබැයි මොකද වුණේ? 

ඒ නඩුව වෙනුවෙන් පෙනී හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අගය කළේ නෑ. ලලිත් වීරතුංග සිරගත වූ වහාම මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ගිහින් අගමැති හමුවුණා. අභියාචනාධිකරණයේ නඩුව ගොනු කළා. හයිකෝට් එකට ගිහින් ඇප ඉල්ලුවා. මේක වංචාවක් කියලා තර්ක කරපු තුසිත මුදලිගේ කියන ජ්‍යෙෂ්ඨ නීතීඥයා ඇප ඉල්ලන දවසේ උසාවි ගියේ නැත්තේ ඇයි? තමුන්නාන්සෙලාගේ උපදෙස් ආවා ඇප ඉල්ලනවට විරුද්ධ නොවන්න කියලා. වංචාවන්ට දූෂණයන්ට එරෙහි ආයතන අඩපණ කළා.

නීතිපති දොපර්තමේන්තුවේ නිලධාරීන් කිව්වා දූෂිතයන් රකින්නේ ඇමැතිවරුන් නම් අපි ගිහින් කොහොමද නඩු කරන්නේ කියලා. වංචනිකයන්ට දඩුවම් දීම ගැන බලාපොරොත්තුව තමුන්නාන්සේලා ප්‍රතික්ෂේප කළා. 

තමුන්නාන්සේලා ප්‍රබල වංචා දූෂකයන්ගේ හවුල්කාරයන් බවට පත් වුණා. ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැතිව ගියා දූෂිතයන්ට දඬුවම් දෙන්න. මම අදත් අහනවා, දිල්රුක්ෂි ඩයස් අල්ලස් අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කළේ ඇයි කියලා මේ ආණ්ඩුව තවම පාර්ලිමේන්තුවට කියලා නෑ. ඇය ගෝඨාභයට එරෙහිව නඩුවක් දැම්මා. පහුවෙනිදාම ඇයව මාරු කළා. අගමැති සහ ජනාධිපති ඇවිත් අභියෝග කළොත් මම සාක්කි ඇතිව පෙන්වනවා රැක්ක විදිය ගැන.

පරීක්ෂණ අඩපණ වුණේ පරීක්ෂණවලට බාධා කරන ආණ්ඩුවක් තිබුණ නිසයි. 

මොන නිලධාරියාද අද ඇමැති නියෝග පිළිගන්නේ? 

මුළු රටම අරාජික තත්ත්වයට පත් වුණා. මේකට හේතුව ඡන්ද ප්‍රතිඵලය නෙවෙයි. බලපොරයයි. 

ජනාධිපතිවරයා ආයෙත් පුටුවේ වාඩි වෙන්න සිහින මවන්න එපා. අගමැතිවරයාත් ජනාධිපති පුටුවේ වාඩි වෙන්න සිහින දකින්න එපා.

දෙදෙනාම කරන බල සූදුව නතර කරන්න. ජනවාරි අට වැනිදා එකතු වූ බලවේග ආයේ කවදාවත් එකතු වෙන්නේ නෑ.  

පාර්ලිමේන්තුවේ කුණුමාළු වගේ විකිණෙන අය ගොඩක් ඉන්නවා. කොට විකිණෙනවා වගේ විකිණෙන කණ්ඩායමක් ඉන්නවා. එහෙම ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩුවක් ස්ථාවර කර ගන්න බෑ.
ආණ්ඩුව ස්ථාවර කර ගත හැක්කේ ජනවාරි අට අභිලාෂය ඉටු කරනවා නම් පමණයි. අද ජනතාව වෙනදට වඩා සක්‍රීයයි. ජනවාරි අට වෙනිදා අභිලාෂය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටිනවා‘“ යයි ද අනුර කුමාර දිසානායක මහතා කීවේය. 



අදහස් (15)

ව්‍යාකූලත්වයට හේතුව ජනපති - අගමැති බල පොරයයි - අනුර කුමාර

Nishantha Monday, 19 February 2018 12:32 PM

ඔබතුමා හොඳ ළමයා වගේ පැත්තකට වෙලා ඉන්නවද? ඒ අය ඕනෙ දෙයක් කරගත්ත දෙන්....

:       216       274

Raveendra Monday, 19 February 2018 12:42 PM

අම්මපා... අදනේ අපි මේක දැනගත්තේ. රතු මල්ලියත් මාර වැඩ කාරයෙක්නේ බලාගෙන ගියාම... මල්ලිලාට "බල තණ්හාව" ඔලුවේ නැද්ද මල්ලියේ? කට ඇරලා ඇත්ත කියන්න මල්ලියේ...

:       801       1309

සතයපාල Monday, 19 February 2018 12:43 PM

කෙටියෙන් කියනවා නම් සහතික ඇත්ත...

:       389       560

රවින් Monday, 19 February 2018 12:49 PM

හරි ප්‍රතිපත්තියක් නැතිකමයි. ඔක්කොම පොරොන්දු බලය මිස රටට නොවේ.

:       0       204

Lapaya Monday, 19 February 2018 01:45 PM

ජනවාරි 8දා අපිත් කඩේ ගිය නිසා බොරුවට ටිකක් බනින්නම්... තරහා ගන්න එපා. ප්‍රශ්නයක් නැහැ. කරගෙන යන්න. යටින් අපි සපෝර්ට්.

:       288       552

Shan Monday, 19 February 2018 01:58 PM

එහෙම බැලුවොත් 225 ම එකයි.

:       0       27

suneth Monday, 19 February 2018 01:58 PM

රතු මල්ලි.. සියලු සාක්ෂි ඔයා ගාව තිබුණට එක කොමිසමකටවත්, නඩුවකටවත් සාක්ෂි දෙන්න ගියේ නැත්තේ මොකද?

:       326       436

rohana Monday, 19 February 2018 02:01 PM

අන්න විජ්වීරගේ නෝනා ගේ හදන්න එකතු කරපු සල්ලි වලට මොකද වුනේ අහනවා..

:       561       581

gunawardena Monday, 19 February 2018 07:58 PM

දැන්වත් ඔය වැඩේ නවත්වන්න. ඔයා හැමදාම කරන්නේ අනික් අයට බැණ, බැණ ඉන්න එක විතරයි කිසිම දෙයක් අද වනතුරුත් රටට කරලා නැහැ එක කොට්ටාශයක්වත් හරියට කරේත් නැහැ

:       0       0

mf. Monday, 19 February 2018 09:19 PM

ජවිපෙ අද රටේ තියෙන හොඳම පක්ෂයක්. 2020 වෙනසක් කරමු.

:       1       0

Sunil Tuesday, 20 February 2018 04:23 AM

කතාව සම්පුර්ණ ඇත්ත. නමුත් සහෝදරයා මේ බල පොර නැති කරන්න, ජනතාවට සෙතක් සලසන්න අවුරුදු 50 ක කාලයක් ගිහින් තවම ඔය සහෝදරයාලට බැරි වෙලා තියෙනවානේ? ඒ ඇයි කියාලත් හොයා බැලුවොත් නරකද? .

:       0       0

Nevil Rathnayaka Tuesday, 20 February 2018 04:55 AM

අනුර මහත්තයා, ඔබ පවසන ලද වැදගත් අදහස පොල්ලෙලි වලට තේරී නැති හැඩයි. මේ සිරි ලංකාවනේ...

:       111       6

Prabath Tuesday, 20 February 2018 05:20 AM

ජනතා විමුක්ති පෙරමුණට මේ ඡන්දය හොදම අවස්ථාව වුන තමන්ගේ බලය පෙන්නන්න. ඒත් තාම හිටපු තැනමයි.

:       0       105

Chandra Tuesday, 20 February 2018 07:02 AM

ඉස්සෙලාම 2015 දී ඔබලා දාපු දූෂණ වංචා නඩු ටිකට මොකද වුනේ කියල බලන්න . රටට ආදරේනම් ඒවා අයේ උඩට ගන්න බලන්න , බලය පසුපස හබා යන්නේ නැතුව . මොකද ඔබතුමාලා බලයට එද්දී ජනතාව හාමතේ මැරිලා ඉදියි . සල්ලි කෝටි ගණන් හැමතැනම හංගලා . මහජනතාව දුක්විදිනව ඒවා ගෙවන්න. සැබෑ දෙශප්‍රමියෙක් නම් ඉක්මනට ඒවා පසුපස හබා යන්න . ආපසු ලබා ගන්න උත්සහ කරන්න . ජයවේවා!

:       0       22

siva Tuesday, 20 February 2018 09:34 AM

මෙයාල දගලන්නෙත් ඔය ටිකටම නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන අර්බුදය 2018

ශ්‍රීලනිපය සහ එජාපය පෑලියගොඩ බලය පිහිටුවන්න යයි
2018 මාර්තු මස 21 5301 6

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.


එජාප හිටපු මන්ත‍්‍රීවරයෙක් දේව කන්නලව්වක
2018 මාර්තු මස 14 2823 15

පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක


ආණ්ඩුවේ වැරදි ගැන ඇමැති දුමින්ද කතා කරයි
2018 මාර්තු මස 08 5054 19

රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැ


ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා - ගම්මන්පිල
2018 මාර්තු මස 07 3258 38

ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම


රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි
2018 මාර්තු මස 06 7527 1

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.


’තෙල්දෙනියේ ගැටලුව විසඳමට බැරි ආණ්ඩුවකින් පලක් නෑ ’ - අනුර කුමාර
2018 මාර්තු මස 06 5014 39

මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site