(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
2018 පෙබරවාරි 10 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන 12 ක් සඳහා මෙවර අපේක්ෂකයින් 2237 දෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂ වලින් හා ස්වාධීන කණ්ඩායම් ගණනාවකින් ඉදිරිපත් වී ඇත.
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ 2016 සංඛ්‍යා ලේඛණ යටතේ 711644 ක් වු ජනතාවගෙන් 562188 දෙනෙකුට මෙවර තම නියෝජිතයින් තෝරා ගැනීමට ඡන්ද බලය හිමි ය. නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථාන 504 ක් තුළදී එම ඡන්ද ප‍්‍රකාශ කිරීමේ වරප‍්‍රසාදය හිමි වී ඇත.
ඒ අනුව නුවරඑළිය මහ නගර සභාවේ ඡන්ද මධ්‍යස්ථාන 17 ක් තුළ දී 18516 දෙනෙකුට ද, හඟුරන්කෙත ප‍්‍රාදේශීය සභාව ඡන්ද මධ්‍යස්ථාන 72 කදි 73642 කට ද, වලපනේ ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද මධ්‍යස්ථාන 92 කදී 85881 දෙනෙකුට ද ඡන්දය පාවිච්චි කිරීමට අයිතිය ලැබී ඇත.
අඹගමුව ප‍්‍රාදේශීය සභාව සඳහා ඡන්ද මධ්‍යස්ථාන 48 ක් තුළ දී 51421 දෙනෙකුට ඡන්ද පාවිච්චි කිරීමේ වරම් හිමි වී ඇත. කොත්මලේ ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද මධ්‍යස්ථාන 89 ක් තුළ දී 82139 දෙනෙකුට ඡන්දය පාවිච්චි කිරීමට හැකිය.
ළිඳුල තලවාකැලේ නගර සභාවට ඡන්ද මධ්‍යස්ථාන 5 ක් තුළදී 3933 දෙනෙකුට ඡන්දය පාවිච්චි කිරීමට අවකාශ ලැබේ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද මධ්‍යස්ථාන 38 දී 48682 දෙදෙනෙකුට ඡන්දය පාවිචිචි කිරීමට අවකාශය ලැබේ.
නොර්වුඞ් ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද මධ්‍යස්ථාන 41 ක් තුළදී 8854 දෙනෙකුට තම ඡන්දය පාවිච්චි කිරීමට හැකියාව ඇත. මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව සඳහා ඡන්ද මධ්‍යස්ථාන 30 ක් වන අතර එහිදි 37827 දෙනෙකුට ඡන්දය පාවිච්චි කිරීමට හැකිය.
හැටන් දික්ඔය නගර සභාව සඳහා ඡන්ද මධ්‍යස්ථාන 6 කදී 9801 ක් වු ජනතාවකට ඡන්දය පාවිච්චි කළ හැක.කොටගල ප‍්‍රාදේශීය සභාව සඳහා ඡන්ද මධ්‍යස්ථාන 33 කදී 44423 කට ඡන්දය ප‍්‍රකාශ කළ හැක. ආගරපතන ප‍්‍රදේශීය සභාව සඳහා ඡන්ද මධ්‍යස්ථාන 31 කදී 43906 කට ඡන්දය ප‍්‍රකාශ කළ හැක.
COMMENTS
රටට තඹ දොයුතුවක ප්‍රයෝජනයක් නැති එවුන් 2237 කට අපේ බදු වලින් වියදම් කොරන්නේ අපේ මොන කරුමයකටද? මුන්ට චන්දය දෙන එවුනට වැසිනැති හෙන ගහන්න ඕනෙය
ඉහත කොමන්ට් එක දාපු එක්කෙනාට 23 ක් හෙලා දැකලා තියෙනවා 1 ක් අනුමත කරලා. එ්කෙන්ම පේනවා මේ රටේ ඉන්න හරක්ගේ ප්‍රතිශතයේ විශාලත්වය. ඉතින් මේ අය එක්කද රට හදන්නේ? මේ අයත් හොඳයි රට කන දේශපාලකයන්ටම...