IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුංචි ඡන්දෙට 65760ක පොලිස් ආරක්ෂාවක්

(ඉන්දිකා රාමනායක)

පළාත් පාලන මැතිවරණ ඡන්ද  විමසීමේ කටයුතු  වෙනුවෙන්  ආරක්ෂාව සඳහා පොලිසියේ 65758 පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 

මින් 4178 දෙනෙක් විශේෂ කාර්ය බළකායේ බවත් 5953 දෙනෙක් සිවිල් ආරක්ෂක බළකායේ  බවත්  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  කියා සිටියේය.

මෙම පිරිසෙන් 26840 ක්  ඡන්ද මධ්‍යස්ථාන 13420 ක ආරක්ෂාව වෙනුවෙන් ද  තවත් 13552 දෙනෙකුගේ සමන්විත පිරිසක් ජංගම සංචාර  වෙනුවෙන් ද යොදවා ඇති බවද   පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ අද (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ඡන්ද මධ්‍යස්ථාන  වෙනුවෙන් එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා ආයුධ සන්නද්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු යොදවා ඇති බවත් මෙම ආරක්ෂාවට අමතරව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ආවරණ වන පරිදි පොලිස් ජංගම සංචාර 3225 ක් යොදවා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මෙම  ජංගම සංචාර  එක් ජංගම සංචාරයක්   ඡන්ද මධ්‍යස්ථාන තුනක් ආවරණය වන පරිදි යොදවා ඇති  බවද හෙතෙම කියා සිටියේය.

එක් ජංගම සංචාරයක් සදහා පොලිස් පරීක්ෂකවරයෙක්,  පොලිස් සැරයන්වරයෙක්,  කොස්තාපල්වරයෙක් සහ  සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙක්  යොදවා ඇති බවත් හදුනාගත් ප‍්‍රදේශ කිහිපයකට පමණක් එම ජංගම සංචාර කටයුතු සදහා  පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙදෙනෙක් යොදවා ඇති බවද පැවසේ.

මෙම ජංගම සංචාර වලට අමතරය ප‍්‍රදේශ කිහිපයක සාමය ආරක්ෂා කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පමණක් කි‍්‍රයාත්මක ජංගම සංචාර 99 ක් කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මෙම ආරක්ෂාවට අමතරව  ප‍්‍රතිළුල නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 25 ක් වෙනුවෙන් පොලිස් 1275 ක පිරිසක් යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන පරිදි පොලිස් අධිකාරි කොට්ඨාස මට්ටමින් සහ සහකාර පොලිස් අධිකාරි ප‍්‍රදේශ මට්ටමින් කැරලි මර්දන කණ්ඩායම් 140 ක් ස්ථාන ගතකර ඇති අතර විවිධ තනතුරු වලට අයත් නිලධාරීන් 1106 ක  ඒ සදහා යොදවා ඇත.

මෙයට අමතරව දිවයින ආවරණය වන පරිදි පොලිස් මාර්ග 464 ක් පිහිටුවා ඇති අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 3248 ක පිරිස් යොදවා ඇති බවද කියති.  



අදහස් (0)

පුංචි ඡන්දෙට 65760ක පොලිස් ආරක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site