( දිල්රුක්ෂි ග්‍රේරු)
කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ,කලුතර සහ ගම්පහ යන දිස්ත්‍රික් තුනෙහි මේ වන විට පවනා ඇති ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මක කර තිබේ.
එමෙන්ම පුත්ලම, වව්නියාව,මන්නාරම,කිලිනොච්චිය,මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හිද මේ ව විට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (27) උදෑසන 6 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 2ට යළි පැනවීමට නියමිතය.
අද උදෑසන 6 ට ඇදිරිනිතිය අවසන් වූ දිස්ත්‍රික්වල අද දහවල් 2 ට යළි ඇදිරිනීතිය පනවනු ලබන අතර 30 වැනිදා උදෑසන 6 ටඑය යළි ලිහිල් කර එදිනම දහවල් 2කට යළි ක්‍රියාත්මක වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයන් නිකුත් කරමින් මේ බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කළුතරට බඩු එවන්න. එළවලු මාළු නැහැ. මිනිස්සු විතරක් නෙවෙයි සත්තුත් බඩගින්නේ. අනිත් ප්‍රශ්නය තමයි සල්ලි ගෙදර නැත්නම් බඩු ගන්නේ කොහොමද කියන එක... බැංකුවේ තියෙන සල්ලි ගන්න යන්න බැහැ ඇඳිරි නීතිය නිසා. අපි හැමෝටම බැංකුවේ ඒ ටී එම් කාඩ් එහෙමත් නැහැ, විශේෂයෙන් වයසක අයට. කුලී වැඩ කරපු අය අනාතයි. මේ වෙලාවේ ඒ ප්‍රශ්න ගැනත් ටිකක් හිතන්න. ඇඳිරි නීතිය අවශ්‍යයි ඒ එක්කම සල්ලි අතේ නැත්නම් ඒ ප්‍රශ්නෙටත් උදවුවක් දෙන්න. සල්ලි තියෙන කෙනෙක්වුනත් අමාරුවේ ගේ ඇතුලේ සල්ලි කොලේ නැත්නම්.
මැතිවරණ කාලේ කියපු බඩු මලු, සහන පැකේජ දැන් ගඟේ ගිහිල්ලා.
කෝ එවනවා කියන බඩු මලු? මෙහෙ විශේෂයෙන්ම එළවලු ඇත්තෙම නැහැ. කළුතර දිස්ත්‍රික්කයේ නගරවල විතරක් නොවෙයි. නගරයෙන් පිටස්තර පෙදෙස් වලත් මිනිස්සු ඉන්නවා. වගකීම් භාර ගන්න නිලධාරීන් ඒවා පැහැර හරිනවා නම් මිනිසුන්ට කොරෝනාවලින් නෙවෙයි. බඩගින්නේ මැරෙන්නයි සිද්ධ වෙන්නේ. මහපාරේ බොහොම එපිට වාහනයක ඉඳලා ස්පීකර් එකකින් කියාගන කියාගන ගියා. මොනවා කියනවද කියලා තේරුම් ගන්න බැහැ. මිනිස්සු ජීවත් වෙන්න මහපාරේ නොවෙයි කියලා මේ යක්කුන්ට තේරෙන්නේ නැද්ද? මිනිසුන්න කන්න නැති වුනොත් ඇඳිරි නීතිය ගැන සලකන එකක් නැහැ.
අපි රත්මලානෙන්... අපිට පොල්, පරිප්පු, මස්, මාලුතවම ගෙදරට ආවෙ නැහැ..
ආණ්ඩුව ඔය කියන කිසිම ආහාර ද්‍රව්‍යයක් අපේ පැත්තට නම් ආවේ නැහැ. දීලා තියෙන දුරකතන අංක වැඩ කරන්නේ නෑ. වෙන අංකයකින් සතොසට කතා කරාම කියනවා දැනට කොළඹ 1 සිට 15 වෙනකම් විතරයිලු ආහාර මලු බෙදන්නේ. මේ විහිලු දැන්වත් නවත්තලා හරියට මිනිස්සුන්ට කෑම බීම සපයන්න.
වසංගතයක් මැඩලිමේදි ඇති වන මුලිකම ගැටලුව ආහාර හිගයයි - බොහෝ විට සිදුවන්නේ වසංගතය "සාගතයක්" බවට හැරීමයි! - මෙය අතිශයින්ම භයානකයි, වසංගතය පාලනය කරනවා සේම මේ ගැන අවධානය යොමු කරන්න. මෙය ගෝලිය අපදාවක් නිසා රටෙන් බාහිර උදව් ලැබිම අවිනිශ්තය!
මම ඉන්නේ උණ රෝහල පාරේ. පික්මී එකෙන් සතොස බඩු එවන ඇප් එකෙන් වත් මෙහෙට බඩු ගෙන්න ගන්න බෑ. ඒ මදිවට ඔය නිවසටම බඩු එවන ක්‍රමේ තාම මෙහෙ නම් ක්‍රියාත්මක නෑ. කරුණාකර ගෙදරට බඩු ගෙන්න ගන්න දුරකතන අංක ලබා දෙන්න නැත්නම් කරුණාකර ඇඳිරිනීතිය ඉවත් කරන්න.
මෙහෙම ගියොත් මිනිස්සු මැරෙන්නේ කොරෝනාවලින් නෙවෙයි බඩගින්නේ. මේ විදියට ඇදිරි නීතිය දාන්න ගත්තොත් මිනිස්සු කොහොමද රස්සාවල් කරන්නේ? සල්ලි ගස් වලින් කඩන්නද?. මම ඉන්න මතුගම පැත්තට ජංගම එළවලු රථ කිසිම දෙයක් අවේ නැහැ. අඩුම ගාණෙ ඉස්සර ආව චූන් පාන් කාරයාවත් දැන් දවස් තුනකින් ආවේ නැහැ. මිනිස්සුන්ව කොරෝන වලින් බේරලා බඩගින්නේ මරන්නේ නැතුව මේකට විසදුමක් දෙන්න. එදාවේල හම්බ කරන මිනිස්සු තමයි මේ පැත්තේ වැඩියෙන්ම ඉන්නේ. අඩුම ගන්නේ ග්‍රාමනිලධාරී වසම් මට්ටමින් හැම කෙනකුටම රු. 10000/=ක ණය මුදලක් ලබාදෙන්න පස්සේ මාසිකව රු 1000/= ගන්නේ මාස 10කින් ගෙවලා ඉවරකරන්න කියන්න.එහෙම නැත්නම් ඇදිරි නීතීය බලන්නේ නැතුව මිනිස්සු බලෙන්ම කඩවල් කඩලා බඩු අරගෙන යාවි. බැංකු කඩලා සල්ලි අරගෙන යාවි. එතකොට මිනිස්සුන්ට ආරක්ෂක අන්ස වලින් වෙඩි තියාවි. රටම ලේ විලක් වේවි. අපිට පුදුම මේ දේවල් අපේ ලොකු ලොක්කන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එකයි. තව දුරටත් ඇදිරි නීතීය දික් කරනවානම් ඉක්මනින්ම විකල්පයකට එන්න.
පාන් පිටි නෑ. ගෑස් නෑ කොට්ටාවේ