IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘‘රටම පොදු නීතියකට යටත් කරනු ලබන ජනපති අපේක්ෂකයෙකුට සහය දෙනවා‘‘

(හසිත රංග ගුණතිලක)

මද්‍රසා පාසල් අහෝසි කර කාති උසාවි වෙනුවට රටම පොදු නීතියකට යටත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයෙකුට එළඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමියෝ රාජගිරියේදී අද (15) පැවැසූහ.

ඉස්ලාම් මූලධර්මවාදීන්ට යටත් වී ඇති වත්මන් ආණ්ඩුව එළඹෙන ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම ගෙදර යවන බවද උන්වහන්සේ කීහ.

රාජගිරියේ පිහිටි සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේ අද (15) පැවති මාධ්‍ය හමුවකදී රතන හිමියෝ මේ බව සඳහන් කළේය.

මේ ආණ්ඩුව දිය හැකි හොඳම දඬුවම නම් එළඹෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩුව පරාජය කිරීමයි යැයි රතන හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

 

 



අදහස් (22)

‘‘රටම පොදු නීතියකට යටත් කරනු ලබන ජනපති අපේක්ෂකයෙකුට සහය දෙනවා‘‘

gehan Thursday, 15 August 2019 04:06 PM

මේ මොනවද කියවන්නේ? කොහොමද ජනාධිපති තරගෙන් ආණ්ඩුව ගෙදර යවන්නේ? මෙයාට ඡන්ද 500ක් විතරවත් තියනවද? රා බී මත් වුණු මීය වාගේ මේ දඟලන්නේ... දැන් එල්ලෙන්න වැල් නැතුව පණ බයේ ඉන්නේ...

:       1200       1605

Kumar Thursday, 15 August 2019 04:08 PM

පොදු නීතිය කියන්නේ ඔබවහන්සේලා කියන කියන ආකාරයට කටයුතු කිරීමද?

:       442       694

NilThursday, 15 August 2019 04:26 PM

ඔබට රටේ නීති දෙකක් ඔනිද.. සුලුතරයකට ඕනි විදිහට ඔවුන්ට වෙනම නීතියක් ඔනිද....

:       7       67

ලංකාපුත්‍රFriday, 16 August 2019 01:19 AM

1.පොදු නීතියක් කීමෙන් අදහස් වන්නේ රටේ ජීවත්වන සැමටම එකම නීතියක් යටතේ කටයුතු කිරීමට හැකි තත්වයක් විය හැකිය. එහි සත්‍යතාවයක් නැත්තේත් නැහැ. උදාහරණයක් හැටියට මුසල්මානු කාන්තාවන්ට දික්කසාද වැනි නඩුවකදී ඔවුන්ගේ පවතින නඩු විසඳාගැනීම වන්නේ කාති නම් ඔවුන්ට ආවේනික අධිකරණයක් හරහා. විවාහ සිදුවන්නේද පිරිමින්ට අවශ්‍ය ආකාරයට කියා අසා තිබෙනවා. මෙලෙස එක්එක් ජනවර්ගයට ඇවසි ලෙසට නීති පැවතීම අතාම අයහපත් වෙනවා. මේ හාමුදුරුවෝ කියන්නේ එය වෙන්න ඇති එනිසා එවැනි නීතිනම් වෙනස් වෙන්නම ඕන.

:       1       260

sadis Thursday, 15 August 2019 04:14 PM

වාසි පැත්තට හෝයියා කියන මුස්ලිම් දේශපාලකයෝගෙයි, ඔබෙයි කිසිම වෙනසක් පේන්න නැහැ හාමුදුරුවනේ..!!!

:       359       750

Achini Thursday, 15 August 2019 04:16 PM

මෙයා තමයි ජාතික ලැයිස්තුවෙන් රනිල්ට පින් සිද්ද වෙන්න ඇමැති කෙනෙක් වෙලා... දැන් පෙන්ෂනුත් තියනවා. මසකට ලක්ෂයයි.

:       322       760

Aris Thursday, 15 August 2019 04:24 PM

දැන් ඊට ඉස්සෙල්ල හදපු පොදු නිතිය එළියට දාන්න කියන්නකෝ හාමුදුරුවනේ.

:       0       45

ලසන්තFriday, 16 August 2019 01:35 PM

මේ රටේ මුස්ලිම් අයට අධිකරණයක් තියෙනවා. රජයේ නිලධාරියෙක් රාජකාරීමය වරදක් කළොත් විනය පරීක්ෂණයකින් දඬුවම් පමුණුවනවා. නමුත් එය අධිකරණයක් නොවේ. ඒවා නම් තිබිය යුතුයි.. හමුදාවේත් එහෙම ක්‍රමයක් මෑතක් වනතුරුම තිබුණා. නමුත් ෆොන්සේකාට දඬුවම් කිරීමේදී හමුදා අධිකරණයත් අධිකරණයක් ලෙසට තීරණය කළා. මම හිතනවා හාමුදුරුවෝ කියන්නේ මේවා වැරදියි කියලයි.

:       0       0

Raveendra Thursday, 15 August 2019 05:26 PM

අවසරයි අපේ හාමුදුරුවනේ! ඔබ වහන්සේගේ අදහස නම් කාලෝචිතයි

:       113       15

රවි Thursday, 15 August 2019 05:26 PM

අපේක්ෂකයින් ඡන්දෙදි කියන දේ කොරනවද හාමුදුරුවනේ? නොකලොත් ජනාධිපතිකම නැති වෙනවද? දැන් ඉන්න කට්ටිය හරියට කියපු දේ කලාද?

:       0       18

Amila Thursday, 15 August 2019 06:56 PM

ජනාධිපතිවරණයකින් ආණ්ඩුවක් පරද්දන්න පුලුවන් කියලා ඇහුවමයි.

:       9       69

Mahee Thursday, 15 August 2019 08:34 PM

එහෙම කෙනෙක් ඉන්නේ එක්කෙනයි හාමුදුරුවනේ, ඒ තමයි නාගානන්ද කොඩිතුවක්කු. හැකි නම් ඔහුට සහාය දෙන්න.

:       118       225

සෑම් Thursday, 15 August 2019 11:22 PM

රටේ නීතිය ස්ථාපිත කර ජනතා පරමාධිත්වය ඇතිකිරීමට සමත් වැඩ පිළිවෙලක් රටට ඉදිරිපත් කර ඇත්තේ නාගානන්ද කොඩිතුවක්කු මහතා පමණි. කරුණාකර ඔබ වහන්සේ ඔහුට සහාය දක්වන්න.

:       208       278

dare Friday, 16 August 2019 01:39 AM

රටේ පොදු නීතියක් ගේනවා කියල විකල්ප අපේක්ෂකයෙක් නම් කියනවා. එයා දිනුවොත් ඒක අනිවාර්යයෙන් වෙයි. අනිත් අය නම් දැන් එහෙම එකක් කිව්වත් ඡන්දෙන් පස්සේ අදාළ පක්ෂ එක්‌ක ගිවිසුම් ගහගෙන අපිට කොකා පෙන්නයි. දැන් අවුරුදු ගානකට වෙච්ච දේවල් අපි දැක්කනේ.

:       0       157

Don Friday, 16 August 2019 03:44 AM

මෙයා පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන එක එකාට කඩේයනවා. ෂරියා විශ්ව විද්‍යාල හැදෙව්වේ කවුද? කාගේ කාලේද මේවට අනුමැතිය දුන්නේ? මෙයා හැමදේම පටලවාගෙන.දැන් පුවත් මවන කණ්ඩායමක් වෙලා.

:       0       8

p.d goonawardena Friday, 16 August 2019 04:11 AM

ලොකු චන්ද පදනමක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ.. .ගිය පාරත් රටටම විනාශයක් කලා..ගිහියෝ ගිහියෝ විදිහට පැවිද්දෝ පැවිද්දෝ හැටියට තම තමන්ගේ කාර්යභාරය කලොත් හොඳයි.

:       0       22

Ajith Nissanka Friday, 16 August 2019 05:30 AM

මද්‍රාසා පාසල් අහෝසි කර කාති උසාවි වෙනුවට රටම පොදු නීතියකට යටත් කරන්න පුළුවන් ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙකුට මම සහය දෙනවා .

:       0       32

Appuhami Friday, 16 August 2019 07:06 AM

පොට්ටුවට සහය දක්වනවා කියල කෙලින්ම කිව්වනම් හරිනේ

:       0       32

Namal Friday, 16 August 2019 10:22 AM

පොහොට්ටුවේ කොන්ත්‍රාත් කරන එක හරිම කැතයි නේද හාමුදුරුවනේ...? ඔබ හරි නම් නාගානන්ද වැනි පුද්ගලයකු සමග සිටගත යුතුයි. පොහොට්ටුවට සහාය දැක්වීමෙන් ඔබ අපටත් කොකා පෙන්වීමට යන බව පෙනේ.

:       0       7

Nuwan Friday, 16 August 2019 10:49 AM

කවුරු කිව්වත් රටටම පොදු නීති පද්ධතියක් ඕන තමා. එක එක ජන කොටස් වලට එක එක නීති තියෙන්න බැහැ. එහෙමනම් සිංහලයන්ට පුරාණ දෙතිස් වධ ඇතුළු රාජ නීතියත් ඕන වෙයි. බැහැයි කියන්න බැහැ .මේ රටේ තියෙන නීතිය තිබ්බම ඇති. නැත්නම් වෙන මොකක් හරි එකක් තෝරාගන්න. කවුරු කිව්වත් කියන්නේ ඇත්ත.

:       0       0

kamani Friday, 16 August 2019 11:39 AM

නීති තියෙන්න ඕනෑ "එ්කයි" එ්කේ ප්‍රශ්නයක් නැහැ. නමුත් හාමුදුරුවන්ටත් පල්ලියේ ස්වාමිටත්, කෝවිලේ සාමිටත්, මුස්ලිම් මව්ලවිතුමාටත් ඔක්කෝටම ඒ නීතිය බල පැවැත්විය යුතුයි. අපේ රටේ සමහර අවස්ථාවලදී කියනවා ' සංඝාධිකරණය' කියලා දෙයක්. ඒවා බැහැ. සියලුම ආගම්වලටත් මේ රටේ සිවිල් නීතිය එලෙසම බලපැවැත්විය යුතුයි. හාමුදුරුවෝ කියලා බැහැ. වැරදි කළොත් කුඩුවේ. පල්ලියේ ස්වාමිත් එහෙමයි. මව්ලවිතුමත් වැරදි කළොත් කුඩුවේ. බලන්නකෝ යූටියුබ් එකේ හාමුදුරුවරුන් කියන දේවල්.

:       0       5

සෙනෙවි Friday, 16 August 2019 11:58 AM

මේ හිමිනම කරන්නේ එජාපෙ කොන්තරාත්තුවක් දැයි සැකයක් උපදී. මේ කොන්දේසි මත මේ හිමිනමගේ සහාය ලබා ගැනීමේදී සහාය ලබා ගන්නා පක්ෂයට සුළු ජන ඡන්ද පැහැදිළිව අහිමි වේ. රතන හිමි වටා ඉන්නේ එජාප පිරිස් බැවින් ඔහුගේ සහය විරුද්ධ පක්ෂයට ලබා ගැනීම විහින්වල කපා ගැනීමකි..

:       0       31

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 22 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 823 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1528 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1737 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 920 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 869 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1569 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site