IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘සමගියෙන් ඉදිද්දි දිනන්න බැහැ කියලා හිතන පිරිසකුත් ඉන්නවා‘

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
අපේම පක්ෂයේ යම් කණ්ඩායමක්  බලාගෙන ඉන්නවා මේ පක්ෂය දෙකට කඩලා  දිනන්න පුළුවන් කියලා . ඒගොල්ලෝ හිතන්නේ හැමෝම සමගියෙන් එකට එකතු වෙලා ඉන්නකොට ජන්ද දිනන්න බැහැ කියලයි.‘ යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද ( 03) පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
 
සජිත් ප්‍රේමදාස මහත්තයයි , රනිල් වික්‍රමසිංහ මහත්තයයි මේ කණ්ඩායම් වල නැහැ.මේක හුදෙකලාව කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි බහුතරය කැමැත්ත පල කළේ අලියා ලකුණ යටතේ තරඟ කරන්න.
 
හදවත සහ හංසයා යන ලාංජන දෙකම මේ වන තෙක් අපිට ලබා ගන්න බැරුව ගිහින් තියෙනවා නීතිමය ප්‍රශ්න නිසා. අන්තිමට ඉතුරු වුනේ අලියා සහ ටෙලිෆෝන් යන ලාංජන විතරයි, ටෙලිෆෝන් එකට කැමති වුනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අට දෙනෙකු විතරයි. මම ඒක වගකීමෙන් කියනවා.ඉතුරු ඔක්කොමලා කියා සිටියේ අපි කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව අලියා ලකුණෙන් තරඟ කරමු , ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරමු කියා.
 
එහෙම කියලා එලියට ඇවිල්ලා හන්දි ගානේ බෝක්කු ගානේ එක එක මත පලකරනවා. මේ ගැන සියලු එකසත් ජාතික පාක්ෂිකයන් හොඳින් තේරුම්ගත ගත යුතුයි. අපි දැනටත් කියන්නේ මේ පක්ෂය කිසිමදාක අපි කඩන්න දෙන්නේ නැහැ. අවසන් මොහොත වෙනකන් අපි අපේ පක්ෂය ආරක්ෂා කරනවා.
 
 
(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )



අදහස් (15)

‘සමගියෙන් ඉදිද්දි දිනන්න බැහැ කියලා හිතන පිරිසකුත් ඉන්නවා‘

Hema Tuesday, 03 March 2020 09:51 AM

මහා බැංකු හොරකමට චෝදනා ලබලා ඉන්න අය ගෑවුණු පක්ෂයකටවත් අපි ඡන්දේ දෙන්නේ නැහැ. ඡන්ද ලකුණ අපට අදාළ නැත.

:       212       166

කරුණාපාලTuesday, 03 March 2020 10:31 AM

කෝකටත් තෛලය මහා බැංකුව

:       36       45

upulTuesday, 03 March 2020 10:34 AM

මහා බැංකු හොරකන් දෙකක් සිදු වෙලා තියෙනවලු 2015 සහ ඊට පෙර ඔය කොයි එක ගැනද කියන්නේ?

:       86       24

hemaTuesday, 03 March 2020 10:53 AM

2015 පෙර හොරකම සහ 2015 පසු හොරකම කියන දෙකටම සම්බන්ද අයට ඡන්දෙ දෙන්නේ නැහැ.

:       57       1

Nuwan Tuesday, 03 March 2020 09:55 AM

රටේ ප්‍රධාන පක්ෂ දෙක කියාගන්න අය හැමදාම හිතන්නේ බලය අරගෙන තමුන් වැජඹෙන්නේ කොහොමද කියන එක මිසක් රට සංවර්ධනය දුප්පත් බාවය තුරන් කරන එක නෙමේ. එකෙන් මේකෙන් ඉස්ලාම් අන්තවාදය සහ කොටි ඊලමට සිහින දකින සුළු පක්ෂ වලට රජ මගුල්.

:       100       125

Hafeel Tuesday, 03 March 2020 10:09 AM

පක්ෂය කඩන්න දෙන්න නැහැලු. අර ළඟ ඉන්නේ මාමණ්ඩිය ඇතුළු 17ක් සමග පක්ෂය කඩාගන ගිය එකක්.

:       88       72

Soma dubayi Tuesday, 03 March 2020 10:11 AM

එක්සත් ජාතික පක්ෂය මේ පාර 2/3 ගන්නවා.

:       110       7

Mahesh Tuesday, 03 March 2020 10:24 AM

ලෝකයේ හැමදේම කාලයත් එක්ක වෙනස් වෙනවා. වෙනස් නොවෙන සහ ඒ වගේම යල්පැනගිය අදහස් වලට පැවත්මක් නෑ... එජාපය සහ රනිල් යනු එවැනි කොටසකි. 2015 සිරිසේනට පින්සිදු වෙන්න බලේට ආවා මිසක් කරපු දෙයක් නොමැත.

:       118       70

Buddika Tuesday, 03 March 2020 10:34 AM

යුඑන්පී එකේ විනාශයේ නියමුවෝ මේ ඉන්නේ.

:       160       112

kamal Tuesday, 03 March 2020 10:53 AM

කවුරු දිනුවත් අපි පරාදයි.

:       0       0

sidath Tuesday, 03 March 2020 11:05 AM

මේ අයට හොඳ ලකුණක් නම් මේ අය පාවෙන බදු නොගෙවා ගත් "සුපිරි වාහනය".

:       0       0

de silva Tuesday, 03 March 2020 11:51 AM

දිනන්න ඕනේ නම් රනිල් එළවන්න. ඩබල් ගේම් ගහන අකාර්යක්ෂම පාලකයෙකු වන රනිල්ට ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 95% කැමති නැහැ.

:       84       47

අලුත්ම කට්ටියක් තෝරමු Tuesday, 03 March 2020 12:28 PM

අඟේ ඉඳන් කණ කන අය එක්ක, පස්සෙන් ඉඳන් කකුලෙන් අදින අය එක්ක මොන සමගියක්ද හලෝ ?

:       0       16

Rohana Tuesday, 03 March 2020 12:47 PM

මේ ඔක්කොම ලෙඩ දමා රනිල් පෙන්වන්නේ යටින් මහින්දට උදව්කර 2025 මැතිවරණයට රනිල්ට ලකුණු දමා ගැනීම විය හැකිය කියලා සැකයක් තිබෙනවා.

:       23       0

sudda Friday, 06 March 2020 07:59 AM

රන්ජන් සහ හිරුනිකා දැන් ඉන්නේ සජිත් පිලේ. ඒ නිසා වෙන්න ඇති ටෙලිෆෝන් ලකුණ ගන්න කියන්නේ. මොකද දෙන්නා වැඩ පෙන්නලා ගෝල්ඩ් මෙඩල් ගහල තියෙන්නේ ටෙලිෆෝන් එකෙන්නේ. ඒ නිසා ඡන්දෙදිත් ඒ දෙන්නා ලවා ගෝල්ඩ් මෙඩල් ගස්සන්න වෙන්න ඇති හිතන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 107 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 76 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 175 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 499 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 393 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 296 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site