IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘ශ්‍රීලනිපය පොහොට්ටුවට විරුද්ධ නෑ’

(ඩයනා උදයංගනී)

           

එළඹෙන මහ මැතිවරණයේ දී ‘පොහොට්ටුව’ ලකුණින් තරඟ කරනවාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

නමුත් මහ මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයක් අනිවාර්යයෙන් පිහිටුවිය යුතු බවත්, එහි ලකුණ ලෙස ‘පොහොට්ටුව’ යොදාගත හැකිද යන්න සම්බන්ධයෙන් නෛතික ගැටලූවක් පවතින බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පාක්‍ෂික ජනතාව ‘පොහොට්ටුව’ ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වනවාට කැමති බව දන්නා නමුත් සන්ධානයේ පක්‍ෂයක ලකුණක් සන්ධානය වෙනුවෙන් යොදාගත හැකිද යන්න ගැටලූවක් බව මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා කීවේය.   

ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා වරින් වර මතුකරන්නේ එම ගැටලූව සම්බන්ධයෙන් බව ද හෙතෙම පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යනු එම ගොඩනගන සන්ධානයේ එක් පාර්ශවයක් පමණක් බව කී මන්ත‍්‍රීවරයා එහි ලකුණ පිළිබඳ තීරණයක් ගැනීම තම පක්‍ෂයට පමණක් කළ නොහැකි බව ද ප‍්‍රකාශ කළේය.

සියලූ පක්‍ෂ නායකයින් හා ශ්‍රී.ල.නි.ප නායකත්වය එකඟ වන ලකුණකට පක්‍ෂය එකඟ බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

නිදහස් පක්‍ෂයේ ලකුණ ‘අත’ වුවත් සන්ධානයක් ලෙස තරඟ කරන අවස්ථාවල ‘පුටුව’, ‘බුලත් කොළය’ ආදී ලකුණු යොදාගැනීමට පක්‍ෂයට සිදුවූ බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

 

 



අදහස් (18)

‘ශ්‍රීලනිපය පොහොට්ටුවට විරුද්ධ නෑ’

සමීර Friday, 24 January 2020 02:25 PM

මේ අයට ඕනා පොහොට්ටුවෙන් නෙමෙයි කොහොම හරි ඉල්ලලා මහින්ද මහත්තයාගේ ඡන්ද පදනමෙන් පාර්ලිමේන්තු යන්න. සැබෑ පොහොට්ටු පාක්ෂිකයෝ මනාප ලකුණු කරද්දී මෙව්වා ගැන අවධානයෙන් ඉන්නට ඕනෑ.

:       35       94

Bamunuarachchi Friday, 24 January 2020 02:42 PM

අන්න හරි කොහොම හරි එජාපෙ පස්ස බිම අන්නන්න ඕනේ...

:       225       111

Bamunuarachchi Friday, 24 January 2020 02:55 PM

දයාසිරි නම් කියාසිටියේ පොහොට්ටු පක්ෂයේ වළං පිඟන් සෝදන්න ශ්‍රීලනිපයේ ලේකම්වරයා වශයෙන් කිසිසේත්ම සූදානම් නැති බවයි. පොහොට්ටු ලොරියේ රියදුරු මාරු කළාට එහි ගමන් ගන්නා සියලුදෙනා දූෂිතයින්ය. නමුත් ලොරිය ඉදිරියේ ගසා ඇත්තේ බුදුසරණයි කියාය..

:       3       171

Warnakulasuriya Saturday, 25 January 2020 03:58 AM

ඇත්තටම මේ මැදමුලන බමුණුමද? නැත්නම් බමුණු කාලක් දාගත්ත වෙලාවක ලියපු එකක්ද?

:       2       6

ගොන් අලියාSaturday, 25 January 2020 06:12 AM

බමුණු මහතාගේ උතුර දකුණ මාරු වී ඇති හැඩකි !

:       2       4

BamunuarachchiSaturday, 25 January 2020 08:28 AM

ඔය ටික ලිව්වේ මම නොවෙයි, වෙන බමුණු කෙනෙක්...

:       4       0

රංගන Saturday, 25 January 2020 02:52 PM

බමුණා පොඩි අඩියක් ගහපු වෙලාවට ඇත්ත ලියනවා.

:       0       7

ලලන්ත Saturday, 25 January 2020 02:56 PM

බමුණා කියන්නේ තිත්ත ඇත්තය. බමුණා පොහොට්ටුවෙක් නොවන පොහොට්ටුවෙකි. ඉඳහිට හෝ බමුණා සත්‍ය ලිවීම ගැන අපට සතුටුය..

:       1       9

saliya Friday, 24 January 2020 03:20 PM

වලේ වැටුණාම, වල කටෙන්ම තමයි ගොඩ එන්න ඕනේ. ඒ හින්දා ඉල්ලලා බලන්න. පොහොට්ටුව ඔබලාට විරුද්ධයි. හූ කීවා මතක නැත්ද? මනාප නම් ලැබෙන්නේ නැත. ඔක්කොමලා ගෙදර ඉන්න ලැහැස්ති වෙන්න.

:       0       118

ranjith Friday, 24 January 2020 03:42 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නම විතරයි. ඇති ඡන්දයක් නැහැ. ගමකින් දෙතුන් දෙනෙක් විතර ඉන්නේ... තනියෙන් ඉල්ලුවා නම් එක ආසනයක්වත් ගන්න බෑ...

:       17       65

BamunuarachchiFriday, 24 January 2020 05:47 PM

ගොන් කතා නොකියා ඉන්නවා. ශ්‍රී ලනිපය නැතුව කරයි පොහොට්ටුව. ශ්‍රී ලනිපයට ලක්ෂ 15ක ඡන්ද පදනමක් තියෙනවා. එ්කෙන් තමයි ගෝඨාභය දිනුවේත්... නැත්තම් පොහොට්ටුවත් සෙත්තපෝච්චි..

:       39       40

ranjithSaturday, 25 January 2020 09:36 PM

තම තමන්ගේ මත තියෙන බව නොදන්නාකමයි.

:       0       2

Mahesh Friday, 24 January 2020 09:09 PM

නිකමට හරි සජිත් දින්නා නම් මෙයලා එයාටත් හේත්තු වෙනවා. ශ්‍රීලනිප අපේක්ෂකයින් සියල්ලම පරද්දන්න ඕනෑ ඊළඟ ඡන්දෙන්...

:       0       1

Chathuri Friday, 24 January 2020 11:03 PM

මේ පක්ෂවලට තියෙන නම් දැන් වෙනස් කරන්න ඕනෑ. පුද්ගලයින්ටත් ඔවුන් කරන වැරදි අනුව සමාජයෙන් වැටෙන නම එය ඉතා ප්‍රසිද්ධ වෙනවා... ඇත්ත නමටත් වැඩිය. මේ පක්ෂවල ඉන්නේ නූගත්, මංකොල්ල කන අය... අසික්කිත පිරිසක් මොවුන්ට නැවත වේදිකාවට නොනගින්න නමක් දමන්න ඕනෑ. බොරුවට පක්ෂයක් හදාගන්නේ... බලය විතරයි ඕනෑ.. හොරකම් කෙරුවාම වැරදි වැඩ කෙරුවාම මේ පක්ෂයේ ඉන්න කට්ටිය තමයි සුදනා කරන්නේ. ඒ නිසා තමයි පක්ෂයක් හදන්නේ.. තමන්ගේ බිරිඳව, දරු මල්ලන් හදාගන්න බැරිවුන් කොහොමද රටක් හදන්නේ? නොම්මර 1 කාලකන්නි කියලා නම දාන්න...

:       0       1

මුණසිංහ Saturday, 25 January 2020 01:37 AM

කවුරු කොහොම ඉදිරිපත් වුණත් ජනතාව පෙළ ගැසී සිටිය යුතුයි. හැකිතරම් රටට වැඩක් ඇති කෙනෙක් පාර්ලිමේන්තු යවන්න.

:       1       1

Amula Saturday, 25 January 2020 08:20 AM

අනේ මේ අයට කොහොමත් ඕනේ කාටහරි වැඳලා පාර්ලිමන්ට් යන්න. මේ රටට මොන දේ කරත් වැඩක් නැහැ. නියම නීති පද්ධතියක් නැතිව දැන් අනික 2/3 අරන් කොහොමහරි මේ ඔලුගෙඩි ඔක්කොම අරන් තමුන්ගේ වැඩ කරගන්න. ලකුණ මොකක් වුණත් මොකද වැඩේ වෙනවා නම්...

:       0       1

ranjith Saturday, 25 January 2020 03:34 PM

මොන ලකුණෙන් ඉල්ලුවත් පොහොට්ටුවේ අයට තමයි මිනිස්සු ඡන්දෙ දෙන්නේ...

:       1       0

Appuhami Saturday, 25 January 2020 05:05 PM

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්මාසෙ දානෙත් දීලා ඉවරයි. දැන් මැරිච්ච මිනිස්සු ගැන කතා කරලත් වැඩක් නැහැනේ. ආයෙත් පාර්ලිමේන්තු එන්න හිතන්නවත් එපා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 20 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 806 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1486 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1703 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 906 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 848 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site