IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘රටතුළ සිටින බහුතරයක් දේශපාලනඥයින් දුෂිතයි‘

(සිතුම් චතුරංග)

රටතුළ සිටින හා  පාර්ලිමේන්තුව තුළ සිටින දේශපාලඥයින්ගෙන් බහුතරයක් දුෂිතයින් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද (16) පැවසීය.

මේ දුෂිත දේශපාලකයින් දවසින් දවස ජනතාවගේ දුප්පත් කම දුගී බාවය වැඩිකරන අතර රටේ සංවර්ධනයද අඩාලකරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එලෙස පැවසූයේ මන්නාරම මහජන ක‍්‍රීඩාංගණයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවයට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ කීය,
මේ උතුරු ප‍්‍රදේශයේ නිවාස ඉදිකිරන්න නිවාස 50000 ව්‍යාපාතියක් ආරම්භ කිරීමට නියමිතව තිබුණා. ඉන්දිය බැංකුවකින් ඒ ස`දහා මුදල් වෙන්කොට තිබුණේ. ඒ නිවාස ව්‍යාපෘතිය සඳහා දේශපාලඥයින් වසර තුනහමාරක් ඒ මුදල් බෙදාගන්න රණ්ඩු කෙරුවා. ඒ නිසා නිවාස ව්‍යාපෘති රාශියක් ක‍්‍රියාත්මකවුවත් ඉන්දීය නිවාස 50000 ව්‍යාපෘතිය ආරම්භ කරන්නටවත් රජයට හැකිවූයේ නැහැ.
ඒ ආණ්ඩුවේ මැතිඇමතිවරු තුල මේ නිවාස ව්‍යාපෘතිය බෙදාගන්නට තිබූ ගැටුම්කාරි තත්වයන් හේතුවෙන්.පසුගිය නොවැම්බර් 30 ගියමාසයේ ඒ මුදල් සියල්ලම ආපසු ඉන්දියාවට ගියා. අපේ රටේ දේශපාලඥයින් කොච්චර හොදද කියා පේනවානේද ඒ දේශපාලඥයින්ගේ රණ්ඩුව තිබුණේ නැතිනම් මේ ප‍්‍රදේශයට ගෙවල් 25000 වත් හැදිලා ඉවරයි.

මේ උතුම් නත්තල් උදාවේ සාමය උදාවේවායි ප‍්‍රාර්ථනාකරනවා වගේම විශේෂ යෙන් අප දෙවියන්ගෙන් ඉල්ලා සිටිය යුතු අප රටේ සංවර්ධනයට ප‍්‍රධාන කරුණු ගනනාවක් තිබෙනවා. ඒ තමයි අප රට හොදරටක් කරන්න දුෂණයෙන් තොර දේශපාලඥයින් අපේ රටට ලබාදෙන්න කියා.

අපරාධකාරයින් , පාතාලයින්, මැරවරයින් ,  මත්කුඩු ජාවාරම්කාරයින් සම්බන්ධ  නැති දේශපාලඥයින් අපට ලබාදෙන්න කියා දෙවියන්ගෙන් ඉල්ලමු.        මේ බලයට එන බොහෝ දෙනෙක්ට අවශ්‍ය ජනතාවට හා රටට සේවය කරන්න නොවෙයි.

අප රටේ දේශපාලඥයින්ගෙන් බහුතරයක් ඉතාමත් දුෂිතයි. අපේ රටේ පාර්ලිමේන්තුවතුල සෑහෙන පිරිසක් දුෂිතයි. මේ රට ඉස්සරහට යන්නැත්තේ සංවර්ධනය අඩුවෙන්නේ ඒ නිසායි. ඒ නිසා අප සියලූ දෙනා මේ උතුම් නත්තල් උදාවේදී අධිෂ්ඨානවිය යුත්තේ සාමය හා සංහිදියාවත් රට පාලනය කිරීමට දුෂණයෙන් තොර දේශපාලන පිරිසක් ලබාදීමත්
        

මේ දුෂිත දේශපාලකයින් දවසින් දවස ජනතාවගේ දුප්පත් කම දුගී බාවය වැඩිකරනවා. මම මේ කියන්නේ පක්ෂබේදයකින් තොරවයි. මා හට වසර හතරක් ජනාධිපතිධූරයට සපිරෙන්න තිබෙන්නේ තවත් සති දෙකක කාලයක්. මේ අවුරුදු හතරේ මාගේ ප‍්‍රධාන අත්දැකිම කුමක්ද මේ රට දියුණුකිරීමට තිබෙන ප‍්‍රධාන බාධාව දුෂිත දේශපාලඥයින්. අපි මේ ගැන කොතරම් කතාකළත් පාර්ලිමේන්තු ඡන්දය තිබෙන කාලයට එවන්නේ එවැනි කොටසක්. අනාගතයේ එසේ නොවේවා කියා ප‍්‍රාර්ථනා කරනවා. මේ උදාවූ නත්තල් කාලයේ වාසනාවන්ත පින්බර කාලයක් අපේ රටේ සියලූ ජනතාවට ආශිර්වාද කරනවා.

 
බදුලූ පදවි රදගුරු වින්ස්ටන් ප‍්‍රනාන්දු, මන්නාරම රදගුරු එමානුවෙල් ප‍්‍රනාන්දු සහ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තුමන්ත‍්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, කාදර් මස්තාන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (73)

‘රටතුළ සිටින බහුතරයක් දේශපාලනඥයින් දුෂිතයි‘

Raveendra Sunday, 16 December 2018 03:26 PM

පළමුව අප රටේ මුල් පුරවැසියාට මෙසේ පැවසීමට කැමැත්තෙමු. අප රටේ දේශපාලඥයින් නොමැති බවත් සිටින්නේ දේශපාලකයන් පමණක් බවට කණගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු. එමෙන්ම දේශපාලකයන් 225ම හොර තක්කඩි රැලක් බවත් පවසන්නෙමු.

:       653       1378

sumuduMonday, 17 December 2018 12:33 AM

එසේ නම් ඒ 225 පාර්ලිමේන්තුවට එවූ ජනතාවද තක්කඩි හොරු රැලකි . තක්කඩියන් නොවන හොරුත් නොවන කෙනෙක් තක්කඩියන්ට හොරුන්ට ඡන්දෙ දෙන්නේ නැත. ජනතාව වැපිරූ දේවල අස්වැන්න නෙලමින් සිටී.

:       1       264

BamunuarachchiMonday, 17 December 2018 10:32 AM

ඒ දේශපලකයන් පාර්ලිමේන්තුවට එව්වේ හොරතක්කඩි නොවෙයි... හැබැයි 2005 මහින්ද පාර්ලිමේන්තුවට නෑවිත් රනිල්ම සිටියා නම් අද අපිට රටෙන් 2/5 නැහැ නේද? ප්‍රභාකරනුත් ජීවතුන් අතර නේද? කොටිරැලත් පවුල් පිටින්ම ඉන්නවා නේද? ඒ ගැන මොකද කියන්නේ?

:       325       183

Danushka Sunday, 16 December 2018 03:40 PM

කතාව නම් ඇත්ත... ජනාධිපති, අගමැති ඉඳන් ඔක්කොම එක බෝට්ටුවේ ජෙප්පෝ, ටොයියෝ, බයියෝ ඔක්කොම එකයි..

:       82       714

ධනුෂ්කSunday, 16 December 2018 04:47 PM

ඔක්කොම එකයි කියන එක වැරදි. මොන තරම් ජාතිවාදී උනත් දෙමළ සංධානයේ මන්ත්‍රීවරු තම ජනතාව ගැන අැත්තටම කැක්කුමක් තියනවා. ජ.වි.පෙ අයටත් එහෙම චෝදනා නෑ. විවිධ කොටස් බොරු චෝදනා එල්ල කලත් එම චෝදනා අැත්තනම් පාලක පක්ෂ දෙකේම අය එකතුවෙලා ඔවුන් හට දඬුවම් දෙනවා. බොරු චෝදනා නිසා එ්වා කටකතාවලට පමණක් සීමා වෙනවා. පාලක පක්ෂ දෙකෙත් අැත්තටම හොඳ මිනිසුන් ඉන්නවා. නමුත් ඉහලම තැන සිට පහලම තැන දක්වා අැති දූෂිත වලල්ල නිසා. යහපත් අයකු යහපත් දෙයක් කරන එක වලක්වනවා

:       0       0

ධනුෂ්කSunday, 16 December 2018 05:07 PM

මේ රටේ හිටපු සහ සිටින කිසිම පාලකයකුට මේ රටේ අල්ලස, දූෂණය, හොරකම නවත්වන්න බෑ. මේ රටේ මත්කුඩු ජාවාරම නවත්තන්න බෑ. පාතාලයන්, මංකොල්ලකාරයන් මර්ධනය කරන්න බෑ කරත් කරන්නේ තමන්ට විරුද්ධ පාර්ශවය මර්ධනය පමනයි. ජාතික සමගිය අැති කරන්න බෑ. නිදහස, සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය අැති කරන්න බෑ. මොකද මේ සියළු නරක, නපුර, අවනීතිය අාරම්භ කරන්නේ. පතුරවන්නේ, අාරක්ෂා කරන්නේ පැවති සහ පවතින අාණ්ඩු දෙකට අදාල බහුතරයක් වූ අැමතිවරයගේ සිට පහල සාමාජිකයා දක්වා වූ අය. රනිල් හෝ මහින්ද මේ දේවල් නවත්වනවා කියනවානම් සහතික වශයෙන් එ් බොරු. මොකද එහෙම වුනොත් නියත වශයෙන් අහිමිවෙන ධනය හා බලය රැක ගැනීමට මෙම දූෂිතයන් සතුරන් හා එක්වී පාලනය පෙරලනවා. එසේනම් මේ රටේ පාලනය බාර දිය යුත්තේ පක්ෂ අැතුළේ දූෂිතයන් තබා නොගන්නා පක්ෂයකට. එවිට දූෂිතයන් ලෙසියෙන් විනාශ කල හැකිය. ජනතාව තේරුම් නොගන්නා අැත්ත එයයි.

:       0       158

Sapumal. Sunday, 16 December 2018 03:42 PM

ඔබතුමාගේ කතාව හරි කියා අප උපකල්පනය කරමුකෝ. එසේනම්, ඔබම පත්කළ හොර ආණ්ඩුවට බහුතරය හදාගන්න කෝටි ගණන් වලට මන්ත්‍රීන් බිලීබාගන්න ඉඩදී අපූරුවට ඒ පැත්තට ඉඩදී බලා සිටියේ. එම හඬපට වැරදි නම් ඒවාට විරුද්ධව නීතිමය පියවර නොගත්තේ ඇයි? එපමණක් නොවෙයි, විශේෂ අධිකරණවල නඩු සඳහා පෙනීසිටීමට සිටි අයත් සමග එහෙනම් හිරිකිතයක් නැතිව ආණ්ඩු හැදුවේ. ප්‍රථමයෙන්ම තමා හැදෙන්න. නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී වැඩ නොකොට රට ගොඩනගන්න.

:       1041       2213

HafeelMonday, 17 December 2018 07:54 AM

සුපුමල් ඔබ කියන්නෙක හරි. ජනාධිපති කිව්වා වගේ දේශපාලඥයින්ගෙන් බහුතරයක් දුෂිතයින් බව නං, මහින්දව සහ රනිල්ව ආපහු අගමැති කරාවිද? ජනාධිපති කියන්නෙක ඇත්ත නං, අද රනිල් ඉන්නොන මිනිමරූම් චෝදනාවට හිරේ. ඒ වගේම විමල්ව, ගම්මන්පිලව, ජෝන්ස්ටන්ව ආපහු ඇමති කරාවිද? සාමාන්‍යයෙන් මිනුස්සුන්ගෙන් කටින් බොරු පිට වෙන්නේ ඉතා අල්පයි. නමුත් මේ ජනාධිපතිගේ කටින් ඉතා අල්ප ප්‍රමාන හරි ඇත්ත පිට වෙනවද කියල කියන්න බැහැ

:       32       76

BamunuarachchiMonday, 17 December 2018 09:21 AM

ඇත්තයි බොරුවෙයි වෙනස ඔබ දන්නවාද? සිරිසේන මහතා බොරු කීවානම් මෙන්න මෙතන බොරු යයි කියන්න තරම් ආත්ම ශක්තියක් ඔබට නැද්ද? නිකන් පුහුණු කරපු ගිරවෙක් වගේ කියවන්නේ.

:       54       22

V.warnakulasuriyaMonday, 17 December 2018 03:37 PM

මැදමුලන වලව්වේද ගිරවෙක් සිටියි. උගේ එක කකුලකින් ඇදපුවාම "මහින්ද මහින්ද" කියනවා. අනෙක් කකුල ඇදපුවාම " යුද්දේ යුද්දේ" කියනවා. කකුල් දෙකෙන්ම ඇදපුවම කියනවා "මහින්දයි යුද්දෙයි දෙකම ඇදපුවම මම මොකෙන්ද හිටගන්නේ"කියලා. පුහුණු කිරීමේ පොඩි දෝෂයක් නිසා ගහක කොළයක් වැටුණත් ගිරා පෝතක තෙමේ එම උච්චාරණයම කරන්නෝය. අහළ පහළ අයට මේක කරදරයක් වුණත් උගේ අයිතිය රැකිය යුතු නිසා මේ හඬ ආතල් එකක් වශයෙන් සළකන්නෝය. හැබැයි ඒකා පුහුණු කෙරුවේ කව්ද කියා දන්නේ අපේ බමුණු මහතා පමණි.

:       33       103

BamunuarachchiWednesday, 19 December 2018 02:08 PM

වර්ණකුලසූරිය ඔහෙට කකුල් දෙකෙන් හිටගෙන ඉන්න බැරි පිළිතුරු දුන්නා.

:       0       0

channa Sunday, 16 December 2018 03:45 PM

ඔබතුමාගේ 225 හිටියානම් අපේ රට කොච්චර දියුණුද? නේද?

:       317       57

sandy123 Sunday, 16 December 2018 03:50 PM

ඔබ දන්න දූෂිතයන් හෙළි කළා නම් මොකද නිකන් අවලාද කියන්නේ නැතුව...? ලොකු උන්නැහේ දන්නෙම නහයෙන් කියන්න විතරමද? අනිත් එක ඡන්ද කාලයට නොමිනේෂන් නොදී හිටියම හරිනේ.. හොරාට හොරකම් කරන්න ලයිසන් දීලා අපිට අවලාද නගනවා. අනේද කියන්නේ...

:       0       103

ගල්කටස් Sunday, 16 December 2018 04:00 PM

කියකිය හිටියා අැති බැඳුම්කරයේ නම් ටික පක්ෂ භේදයකින් තොරව එළියට දාන්න අතටම අහු වුණු මහ හොරු ටික. අපිට පුලුවන් කතිරයෙන් එයාලව ගෙදර යවන්න.

:       0       142

siri Sunday, 16 December 2018 04:01 PM

වඩාත් හොඳ වන්නේ මේ නිවාස ව්‍යාපාතිය සඳහා මුදල් බෙදා ගන්නට රණ්ඩු කළ දේශපාලකයන්ගේ නම් හෙළි කිරීමයි. එසේ කළා නම්, එවැනි දේශපාලකයන් ලබන මැතිවරණවලදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතමි.

:       0       4

Nimal Sunday, 16 December 2018 04:15 PM

අර හෝටල් රථ ගාලේ ගත්තු පගාව ගනිනකොට අල්ල ගත්තු අයත් මොන දේශපාලකයාගේ කට්ටියද?

:       0       210

Nimal Sunday, 16 December 2018 04:16 PM

අර හෝටල් රථ ගාලේ ගත්තු පගාව ගනිනකොට අල්ලා ගත්තු අයත් මොන දේශපාලකයාගේ කට්ටියද?

:       0       149

Nimal Sunday, 16 December 2018 04:16 PM

කතාව නම් සහතික ඇත්ත. ඒ කට්ටිය කවුද කියලා මහජනතාව හොඳින්ම දන්නවා ජනාධිපතිතුමනි.

:       0       0

Nimal Sunday, 16 December 2018 04:16 PM

කතාව නම් සහතික ඇත්ත. ඒ කට්ටිය කවුද කියලා මහජනතාව හොඳින්ම දන්නවා ජනාධිපති තුමෝ. කාගේ කාගේ කිල්ලොටවලත් හුණු තියෙනවානේ.

:       193       411

jim kuruMonday, 17 December 2018 04:56 AM

ජනාධිපති ඇතුළුව

:       0       0

Amila Sunday, 16 December 2018 04:29 PM

අර ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනා තියෙන කෙනාගේ පරීක්ෂණයට මොකද වුනේ කියලා ඉස්සෙල්ලාම බැලුව නම් තව කයිවාරුකාර ලොකු හොරෙක් අල්ලගන්නත් තිබුණා.

:       192       1259

CyrilSunday, 16 December 2018 11:28 PM

තවත් කෙනෙක් වාරිමාර්ග ඇමති කාලේ ඕස්ට්‍රේලියානු සමාගමකින් පගාගත්ත බව එහේ පාර්ලිමේන්තුවේත් කියැවුණා නේද? මෙයා ඉන්නේ රෙදි ඇඳගෙනද?

:       0       91

Sana80 Sunday, 16 December 2018 04:36 PM

දේශපාලනඥයින්ගේ දියණිවරුන්ද ඇතුළුව....!!!

:       191       1304

diasMonday, 17 December 2018 11:11 AM

ඔවුන් දියණියන් නොව, දියණිහොරුන්ය.

:       0       57

maal Sunday, 16 December 2018 06:15 PM

අනේ මෙයා තොත්ත බබා. දින 51 ක් තිස්සේ රටම කෑවා. අන්ත දුප්පත් මිනිස්සු ඉන්න මේ රටේ රුපියල් කෝටි ගණන්වලින් මන්ත්‍රීලා ගන්න අල්ලස් දෙන එක හරිද? අද රූපවාහිනියේ කලේ මුළු ලෝකෙම ඉන්න නායකයින්ගෙන් අන්තිම පහළ නීච කතාවක්...

:       0       103

Jehaan Sunday, 16 December 2018 06:34 PM

ඇයි දේශපාලකයන් විතරක් ? ඒගොල්ලන්ගේ දුවලා පුතාලා හාමිනේලා, නැන්දම්මලා, මල්ලිලා , නංගිලා , මස්සිනාලා , පුංචි අම්මලා , මහප්පලා ආච්චිලා ගැන නිහඬ මොකද ? මහජන මුදලින් හතර වරිගයම හිටි ගමන් පොහොහසත් වෙන දේශපාලු පවුල් ගැන මොකද කතා නොකරන්නේ ? මේ රටේ මිනිස්සු උපන් ගෙයි මෝඩයෝ කියලාද හිතන්නේ ? අනෙක් උදවියට චෝදනා කරන්න කලින් හැමෝම තමන් වටේ ඉන්න කට්ටිය මොකද කරන්නේ කියලා සොයලා බැලුවොත් නරකද ?

:       0       108

chanak los angeles Sunday, 16 December 2018 06:56 PM

ඔන්න රනිල් අගමැති වුනා ... එතකොට දැන් දුරයෙන් ඇයින් වෙනවාද ? ඔන්න ඕකට තමයි දුෂිත දේශපාලනය කියන්නේ ...

:       0       138

Rata Perata Sunday, 16 December 2018 08:41 PM

මෙයා තාම විහිළු සපයලා ඉවර නැද්ද?

:       0       23

රොෂාන් Sunday, 16 December 2018 10:13 PM

ඉතින් ඔබ තුමා ඕක දැන දැනමනේ මහින්ද ඇතුළු පිරිස ආයේ එකතු කරගත්තේ? ඒ කාලේ උබ තුමා එළියට බැහැලා කිව්වේ මොනාද? දැන් කියන්නේ මොනාද? ජනතාව මෝඩයෝ නෙමේ අනික මේ අපි අද ඊයේ ඉපදුණා නොවේ

:       0       104

chris Sunday, 16 December 2018 10:18 PM

දේශපාලන ඉතිහාසයේ පීචන්ම වුණු දේශපාලකයින් දෙදෙනා මහින්ද හා මෛත්‍රී, පීචන්ම වෙලා හිටපු දේශපාලකයා රනිල් උඩට ආවා...

:       0       76

ගල්කටස් Sunday, 16 December 2018 10:39 PM

බීරි අලින්ට වීණා වයලා වැඩක් නැහැ. කොමිස් ගත්ත ඈයෝ කෙසේවෙතත් මහ දවල් සුද්ධ කරපු මහ බැංකු කොල්ලයෙන් සල්ලි ගත්තා. හරි ලිස්ට් එක පක්ෂ භේදයකින් තොරව එළියට දාන්න... එච්චරයි අපට ඕනෑ..

:       50       36

Hafeel Sunday, 16 December 2018 11:00 PM

මුලින්ම රටේ නායකයා අවංක නම්, සේරම හරියනවා. මේක ඔබ ඇතුළු බලයේ හිටපු සියලු රටේ නායකයින්ටත් වලංගුයි...

:       0       72

Gunasekara Sunday, 16 December 2018 11:42 PM

පහුගිය මුළු කාලය තුලම ඔබතුමා කියූ කෙරු දේවල් කොච්චර බොරු වුනාද? සිද්ධ වුනේම කියපු දේට විරුද්ධ දේ නොවැ. එහෙම බැලුවහම බහුතරයක් දේශපාලුවෝ දුෂිතයි කියන කතාවත් බොරු වෙන්න පුළුවන් කියල හිතෙනවා. ඒ කියන්නේ උන් සේරම දුශිතයෝ කියලා මෙච්චර කල් හිතපු දේ වැරදියි, ඒ සේරම සුද්දවන්තයෝ වෙන්න ඕනැ කියලා අපට පිළිගන්න සිද්ධවෙනවා.

:       0       17

rocky Monday, 17 December 2018 12:54 AM

දේශපාලුවන්ගේ පුතුන්, දුවරුන් සහ සහෝදරයන්ද ඇතුළුව ..!

:       0       78

රවින් Monday, 17 December 2018 01:35 AM

වරදක් කිරීමත්, වරද කිරීමට ආදාර අනුබල දීමත් වරදකි. ඉතින් ............

:       0       46

Nalaka Monday, 17 December 2018 01:50 AM

ඔබ තුමාද ඇතුළුව. මොකද දුෂිත අගමැති කෙනෙකු ඇතුළු ඇමති මණ්ඩලයක් පත්කළ නිසා හා අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංගනය කළනිසා.

:       0       54

janatha anura Monday, 17 December 2018 02:01 AM

කෝ මේ නිල් කොළ බලකායට කඩේ යන ජනතාව කොමෙන්ට් නැතිද ?

:       0       14

bud Monday, 17 December 2018 02:04 AM

ජනධිපතිකම මට දෙන්නකෝ මම නැති කරලා දෙන්ඩ...

:       0       28

sensa Monday, 17 December 2018 02:46 AM

ජනාධිපති තුමා හැටියට ඔබතුමාට මේකට කරන්න දෙයක් ඇත්තේම නැද්ද?

:       0       37

bandara Monday, 17 December 2018 03:39 AM

ඒ අතරින් ඔබ ඉතා ඉදිරියෙන්. සුබ පැතුම්.!

:       1       38

Ruwan Monday, 17 December 2018 03:49 AM

ඔයත් ඒ බෝට්ටු වෙ නේ .......දැන් බයිල ගැහුව ට ලකුණු වැටෙන්නෙ නෑ.. ඔයා විසින් ම ඔයාගෙ වල කපාගෙන ඉවරයි .....

:       7       206

ගල්කටස් Monday, 17 December 2018 04:20 AM

පොඩි ලමයෙක් වගෙ නාහෙන් අඩලා වැඩක් නැහැ ජනාධිපතිතුමනි දැන්වත් බැදුමිකරයෙන් සල්ලි ගත්ත අයගේ නමි ටික එලියට දාන්න කො........

:       0       0

sena Monday, 17 December 2018 04:51 AM

හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් කිව්වලු

:       0       68

sanjeeva Monday, 17 December 2018 04:57 AM

මම සුදනා මම සුදනා මම සුදනා මම සුදනා ඔච්චරනේ කියන්න ඕනි...............

:       0       0

shan saudi Monday, 17 December 2018 05:37 AM

ඔබතුමාද ඇතුලත්ව , ඒක නිසා තමයි පොලිස් බලතල කිසිවෙකුට නොදී තමන් යටතේ තබා ගන ඉන්නේ . ඔබතුම සැමදේකටම වඩා තමන්ගේ ආරක්ෂාව හා නිලය ගැන වෙහෙසෙන බව 2015 සිට රටම දන්නා කරුණකි.

:       0       20

d.upul Monday, 17 December 2018 05:39 AM

ඡන්දයක් ලංවෙනකොට අර දැක්ම මේ දැක්ම කියකියා පොත් අච්චු ගහනවා, බලය දුන්නොත් රටම සුරපුරයක් කරනවා කියලා. බලය ලැබුණු ගමන් කොලපොතත් අරගෙන ලෝකේ වටේ ගිහින් යමක් හිඟාගෙන එනවා. බලය තියන අය ඒක බෙදාගන්නවා. මෑත ඉතිහාසයේ මීට වඩා වැඩි කිසිවක් වෙලා නැහැ. වෙන රටක නම් මේවගේ කතා කියන අයට කුණු බිත්තර ගහලයි පන්නන්නේ.

:       0       11

Ruwan Monday, 17 December 2018 05:48 AM

ඔබතුමා හරියටම හරි.... අගමැතිකම නැවත දීලා කියන්න තියන දේ මුනටම කිව්වා... ලජ්ජනහර තිබුනානම් අගමැතිකම ආපහු දීලා යනවා... අපගේ උත්තමාචාරය...

:       73       1

mohan Monday, 17 December 2018 05:56 AM

ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට,

:       0       5

අනුර Monday, 17 December 2018 05:57 AM

ජනාධිපතිවරණයක් තියලා ජනතා මතය බලමු ද?

:       0       11

jiffri Monday, 17 December 2018 06:03 AM

2015 මැතිවරණයේදීත් ඔබ තුමා මහින්ද මහත්තයටත් එම ආණ්ඩුවටත් කිවේ මේ ටිකමයි ඔබ කිවා රටකට අවශ්‍යයි රජෙක් නොවෙයි ජනතා සේවකයෙක් කියලා. රටේ විධායක ජනතිපති ඔබයි රටේ විවස්ථාව අනුව ඕනෑම කෙනක් රාජ්‍ය සම්පත් , මහජන මුදල් සොරා කනවානම් දුෂණය ,වංචාව සිදුවෙනවානම් තරාතිරම් නොබලා අගමැති ,මැති ඇමතිවරු , රාජ්‍ය නිලධාරීන් , මහජනයා වැනි සියළුම රටේ පුරවැසියන්ට නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න ඔබට 62 ලක්ෂයක් ජනවරමක් දුන්නේ . මහජනයාගේ අධිපති ඔබයි. වේදිකාවලයි , මාධ්‍යයටයි. රටේ වංචාව දුෂණය සිදුවනවා කිය කියා හිටියොත් ඔබෙත් අපෙත් මාතෘ බුමිය සැමදා එක තැනමයි.

:       0       5

sandy123 Monday, 17 December 2018 07:15 AM

ඔබ දන්න දුෂිතයන් හෙළි කලානම් මොකද නිකන් අවලාද කියන්නේ නැතුව.

:       0       2

batangala Monday, 17 December 2018 07:31 AM

ඔය බන දැන් අහලම එපා වෙලා තියෙන්නේ. අපරාදේ අපේ ඡන්දය මංකොල්ල කන්න ආයෙම කාටවත් ඉඩදෙන්නේ නැහැ. මිනිස්සු 2015 ජනවාරි 8 කරගත්තේ අමන කමක් කියලා මේ කතා අහනකොට හිතෙන්නේ. හැබැයි එකෙන් අදහස් කරන්නේ මහින්ද හරි කියල නෙමෙයි. දැන්වත් ඔය බන දේශනය නවත්වා සදාචාර සම්පන්නව ඔතනින් අයින් වෙන්න. මිනිස්සු ලක්ෂ ගානක් ඒකට කැමති වේවි.

:       0       1

Ajith Monday, 17 December 2018 07:39 AM

අපිට ලොකු ආඩම්බරයක්... මේ රටේ කාටවත් හොයාගන්න බැරි මේ ව‍ගේ අභිරහසක් අපේ නුවණක්කාර ජනාධිපතිතුමා විසින් සොයා ගැනීමයි...

:       0       12

Ajith Monday, 17 December 2018 07:44 AM

අපිට ලොකු ආඩම්බරයක්.. මේ රටේ කාටවත් හොයාගන්න බැරි මේ ව‍ගේ අභිරහසක් අපේ නුවණක්කාර ජනාධිපතිතුමා විසින් සොයාගැනීම. මෙතුමා බැහැ කීවත් අපි බලෙන්ම මෙතුමා ඊළඟ පාරටත් පත්කරගන්න වටිනවා...

:       0       1

පෙරුමාල් Monday, 17 December 2018 08:03 AM

දේශපාලනඥයෝ දූෂිතයි. නිලධාරින් කට්ටයි, දූෂිතයි. ජනතාව මෝඩයි. අනේ රටකට ගිය කල!!

:       0       1

Buddika Monday, 17 December 2018 08:05 AM

රටේ ප්‍රධානියා ලෙස තොරතෝංචියක් නැතිව කියවන එක ඔබගේ තනතුර හොඳ නැහැ. අනික ඔය කියන දේශපාලකයන්ගේ ගොඩට ඔබත් අයිති බව අමතක කරන්න එපා. අනුන්ට ඇඟිල්ල දික්කළාට, ඇඟිලි 4ක්ම තිබෙන්නේ තමා දෙසට එල්ලවෙලා. වැඩබැරි මිනිස්සු නිතරම කරන්නේ අනුන්ට බැණලා තමන්ගේ නොහැකියාව වසාගන්න උත්සාහ කිරීමයි. ඊයේ අගමැති දිවුරුම් දීමේදීත් ඔබගේ කතාව ඔබට ගැලපුනත්, ඔබගේ තනතුරට නොගැලපෙන්නක්...

:       0       5

mel Monday, 17 December 2018 08:10 AM

මම ඇතුළුව කියලත් ලියැවුණා නම් හොඳ ලිපියක්.

:       0       7

ත්‍රස්තයා Monday, 17 December 2018 08:45 AM

ඉස්සෙල්ලාම ජනතාව දැනගන්න අවශෂයයි, ව්‍යවස්තාව කඩනවා කියන්නේ ත්‍රස්තවාදී වැඩක්ද කියලා. ඒ තරමට දරුණු ගනයේ වැරැද්දක් කියලයි හැමතැනම කතා වෙන්නේ. මොකද ඕනෑම වගකීමක් බාරගන්නේ දිවුරලා , විවස්ථාව අනුව කටයුතු කරනවා කියලයි, කෙසේ හෝ බලය තියා ගන්නවා කියල නෙමේ. අනික හැමෝම ආදරය කලේ පක්ෂ පාට නොබලන කෙනෙකුට , රට දියුණු කරන්න.

:       0       525

BamunuarachchiMonday, 17 December 2018 11:06 AM

ඒ වුණාට ව්‍යවස්ථාව කෙලින්ම කැඩුවා නම් තීන්දුව දෙන්න ඔපමණ ප්‍රමාද වෙන්නෙවත් ඔය සම්බන්ධව කරුණු දැක්වීම් සිදුවන්නේවත් නැහැනේද? අනික මෙවැනි අවස්ථාවකට අනාගතයේ මුහුණ දෙන්න සිදුවන බව දැනගෙන තිබූ ව්‍යවස්ථාව රනිල් වෙනස්කළ බව පැහැදිලිව පෙනෙනවා නේද? ඕවා ගැන විස්තර ලීවට වැඩක් නැත.

:       308       0

vijitha Monday, 17 December 2018 09:30 AM

ඉතින් ඔබතුමාට අපි පඩි දෙන්නේ නීතිය හරියට කරවන්නනේ.. වැටත් නියරත් ගොයම් කා නම්....

:       0       7

lion Monday, 17 December 2018 09:45 AM

ඔක්කොම නීල කාස හොරු...

:       0       4

Bamunuarachchi Monday, 17 December 2018 11:11 AM

මෙයා ඒ ගොඩට අයිතිනම් මෙයා කරපු හොර තක්කඩි වැඩ ගැන කියන්නකෝ අපිට දැනගන්න. මෙයා පැත්තට හැරෙන ඇඟිලි 4 කියාපාන හොරකම් අපිටත් දැනගන්න කියන්න.

:       220       1

de silva Monday, 17 December 2018 11:16 AM

මටනම් වැටහෙන විදිහට ඔබතුමා හැර පාර්ලිමේන්තුවේ දේශපාලකයින් සියලු දෙනාම දූෂිතයි. නැත්නම් පොලොන්නරුව පැත්තේ ගොයියෝ කොළඹ 7 ගෙවල් ගනීවිද? වසර 10-15 තුල හබරලිය සහල් මුදලාලි මෙච්චර දියුණු වුනේ කොහොමද? එකවර තරු පන්තියේ හෝටල් කිහිපයක් හදාගෙන යන්නේ කොහොමද?

:       0       0

safa Monday, 17 December 2018 11:24 AM

ජනාධිපතිතුමා කියන විදිහට බැඳුම්කර වංචාව සිදුවුනේ 2006 සිට 2016 අතර නම් රනිල් ආණ්ඩුව බාරගත්තේ 2015 නම් දැන් තේරෙනවනේ.. මේක පිටුපසත් කව්ද ඉන්නේ කියලා. අපි හිතුවා බැඳුම්කර වාර්තාව එලියට නොදා ඇද ඇද ඉන්න කොට මේවට තමා මහත්තයෝ කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවගේ කියලා...

:       0       53

BamunuarachchiMonday, 17 December 2018 12:49 PM

කොතනද 2006 බැංකු වංචාවක් සිදු වුණුබව කියවුනේ කරුණාකර පෙන්වන්න අපිට බලා ගන්න.

:       112       0

Bamunuarachchi Monday, 17 December 2018 01:01 PM

කිසිම හරයක් නැති කමෙන්ට්ස් දමන්නේ කීදෙනාද? මෙතන ලියවී ඇති කතාව කියවා තිබෙන්නේ... ඉන්දියාවෙන් ගෙවල් 50000 හදා දෙන්න ලැහැස්ති වුණු ව්‍යාපෘතියට වෙච්චදේ හෝ ඒ ව්‍යාපෘතිය කඩාකප්පල් කළ එවුන්ගෙන් කිසිවෙක් කතාකරන්නේ නැත. මෙවන් අය ඉන්නා රටකටද හරියන්නේ...?

:       89       0

chanak los angelesMonday, 17 December 2018 10:10 PM

මම එහෙම කිව්වද කියලා අහන මිනිසා කියන කතා විශ්වාස කරන්නේ ඔහු වගේම පුද්ගලයින් පමණයි.

:       0       0

SHAN SAUDI Monday, 17 December 2018 01:11 PM

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාදුරුඔය රක්ෂිතයේ අභ්‍යන්තරයේ මහා වන සංහාරයක් සිදුවෙමින් පවතිතැයි ජනාධිපතිවරයාගේ උපදෙස් මත පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ ගොවිතැන් කිරීමට යැයි පවසමින් මෙම කැලෑ එළි කරන බවත් ජනාධිපතිවරයාගේද නම අවභාවිත කරමින් මෙම මහා වන සංහාරය සිදු කෙරෙන බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.

:       0       1

BamunuarachchiTuesday, 18 December 2018 01:56 AM

Sahan කොහෙද යන්නේ ? ආ මේ මල්ලේ පොල්.

:       0       0

sathyayaa Tuesday, 18 December 2018 12:05 AM

ජනතාව අමතන්න කලින් කරුණාකර ඔබගේම හෘද සාක්ෂිය අමතා කතා කර එහි ප්‍රතිපලය පමණක් ජනතාවට කියන්න. හෘදසාක්ෂියක් නැති නායකයන් බහුතරයක් බලයේ සිටි රටක අඩු වශයෙන් හෘද සාක්ෂියක් ඇති මිනිසෙකුත් රටේ නායකයාව සිටි බව ජනතාව එදාට කියනු ඇත.

:       0       6

jaya Tuesday, 18 December 2018 12:37 AM

මෙයා තරම් රට නැති කරපු කෙනෙක් නෑ.

:       0       0

Bamunuarachchi Tuesday, 18 December 2018 01:53 AM

අපි හිතුවේ ඔබ කරනදේ කියන, කියනදේ කරන පුද්ගලයක් කියා.

:       0       0

Raawana Tuesday, 18 December 2018 05:30 AM

මොනාද මේ කතා..? තමුන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාත් පගා ගහනකොට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 75 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 146 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 202 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 390 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1835 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 266 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site