(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීමට නොහැකිව රාජපක්ෂ පවුල කුලල් කා ගනිමින් සිටින බව එක්සත් පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අද(24) පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයා ගැන කිසිදු ගැටලූවක් නොමැති බවත් සුදුසුකම්, දක්ෂකම් ඇති ජයග‍්‍රහණය කළ හැකි අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය සතු බවත් අමාත්‍යවරයා සඳහන් කලේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි ජාතික යොවුන් පෙරමුණේ කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නවින් දිසානායක මහතා මෙසේද කීය.
‘‘අපේ තරුණ සංවිධාන ජාලය ක‍්‍රියාශිලී මට්ටමක තිබෙනවා. මැතිවරණයක් එන විට ඒවා තවදුරටත් පුළුල් කරනවා. මූලික සාකච්ඡා වට කිහිපයකින් පසු අපි ජාතික යොවුන් පෙරමුණු කාර්යාලය එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ස්ථාපිත කළා. යොවුන් පෙරමුණු කාර්යාල හැම දිස්ත‍්‍රික්කයකම හැම ආසනයකම මේ මාසය තුළ පිහිටුවීමට අපේක්ෂා කරනවා.
ජනාධිපති අපේක්ෂකයා ගැනත් දැන් විශාල කතාකාවක් ඇති වෙලා තියෙනවා. අපේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි සජිත් පේ‍්‍රමදාස මහතාගේ නම සඳහන් වුණා. නමුත් එය මූලික සාකච්ඡාවක් පමණයි. ඒ ගැන අභ්‍යන්තරව තව සාකච්ඡා වාර රාශියක් කරන්න වෙනවා. අපේ පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නම් ජනාධිපතිවරණයට යෝජනා වෙලා තියෙනවා. එතනදි පක්ෂය තුළ නානාවිධ පුද්ගලයන් නානාවික කමිටු හරහා අපේ පක්ෂයේ හොඳම අපේකෂකයා තෝරන්න වෙනවා. එකපාර තීන්දු ගන්න බැහැ. එතනදි ජනාධිපති කවුද අගමැති කවුද කියන එක රටට ඉදිරිපත් කළ යුතුයි. ඒ විදියට තමයි මේ ප‍්‍රශ්ණය අපි විසඳගන්න ඕන.
රනිල් වික‍්‍රමසිංහ මහත්තයටත් බලාපොරොත්තුවක් තියෙනවා ජනාධිපති අපේක්ෂකයා වෙන්න. ඒක සාධාරණ බලාපොරොත්තුවක්. එතනදි අපේක්ෂකයා තීරණය කරන්නේ පාර්ලිමේන්තු කන්ඩායමයි කෘත්‍යාධිකාරී මන්ඩලයයි එකතු වෙලායි. ඒ තීරණය පවුලකට සීමා වෙන්නේ නැහැ. අපි සියලූ දෙනාම සාමුහිකව ඒ තීරණය ගන්නවා.
මම පක්ෂයේ ජාතික සංවිධායක. මට මෙතනදි සමබර වෙන්න තියෙනවා, අපක්ෂපාති වෙන්න තියෙනවා. ඒ වගේම පක්ෂයේ සියලූම දෙනාගේ හඬට සවන්දෙන්න මට යුතුකමක් තියෙනවා. මට අවුරුදු 50ක මධ්‍යම වයසේ පුද්ගලයෙක්. මට හරියට තීරණය කරන්න පුලූවන් මගේ දේශපාලන රෝල් එක මොකද්ද කියලා. අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙනුවෙන් පක්සයේ සියලූම ජවය සහ ශක්තිය යොමුකරලා ඒ අපේක්ෂකයා ජයග‍්‍රහණය කරන්න අපි කටයුතු කරනවා.
අද අපිට ජනාධිපති අපේක්ෂකයා ගැන කිසිදු ගැටලූවක් නැහැ. සුදුසුකම් දක්ෂකම් තියෙන ජයග‍්‍රහණය කරන්න පුලූවන් අපේක්ෂකයො ඉන්නේ අපේ පැත්තේ. අද ජනාධිපති අපේක්ෂකයා තේරීමේදි ගැටලූව වෙලා තියෙන්නේ. පොදු විපක්ෂයටයි. අද ඔවුන්ට අපේක්ෂකයෙක් තෝර ගැනීමට නොහැකිව සිටිනවා.
දැන් ජනාධිපති අපේක්ෂකයා තෝරගන්න ගිහින් රාජපක්ෂ පවුල අතර විශාල ගැටුමක් ඇති වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් 11 වනදා නම් කරනවා කිව්වටත් ඒ ගැනත් අපිට සැකයක් තියෙනවා. ඒ වගේ ගැටලූ ගොඩක් එයාලටත්තියෙනවා.
මිනිස්සු මේ එක පවුලේ දේශපාලනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක සහෝදරයෙක් ජනාධිපති, අනෙක් සහෝදරයා අගමැති කියා පිළිගන්න ජනතාව ලැස්ති නැහැ. කවුද එහෙනම් ඒ අයගේ අගමැති අපේක්ෂකයා කියලත් ඒ අය නම් කළ යුතුයි. එක පවුලකට සීමා නොවී අපිට ජනාධිපති අපේක්ෂකලා අගමැති අපේක්ෂකයො ඉන්නවා.
දැන් ඇත්තටම තියෙන්නේ දේශපාලන සෙල්ලමක්. එක පැත්තකින් අපි බලාගෙන ඉන්නවා ඒ අය පත් කරන්නේ කවුද කයලා. ඒ අය බලාගෙන ඉන්නවා අපි කවුද පත් කරන්නේ කියලා. අන්තිමට සුදුස්සාට සුදුසු තැන ලැබේවි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
මෙම අවසථාව සඳහා එක්සත් ජාතික පපක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ජනපති අපේක්ෂකයෙක් තෝරාගන්න බැරිව රාජපක්ෂලා කුලල් කාගන්නවා’
cisco Wednesday, 24 July 2019 10:04 AM
හැම තිස්සෙම අනුන්ගේ ඇහේ තියෙන රොඩු තමයි පෙනෙන්නේ තමන්ගේ පොල් පරාලේ දැනෙන්නේ නැතිව.
Raveendra Wednesday, 24 July 2019 10:07 AM
මේ අනුනේ රෙදි හෝදන්නේ නැතිව තමන්ගේ කඩමලු ටික සෝදලා සුද්ද පවිත්‍ර කරගත්තොත් හොද නැද්ද ?? මිනිසුන්ට තමුසෙලා 225 ම ගද ඉවසගන්න බැරිව ඉන්නේ ..දැන්වත් තමනේ කුණු හෝදගෙන ආදර්ශයක් දෙනවා ඔයි..
ගල්කටස් Wednesday, 24 July 2019 10:14 AM
එතකොට ගාමිණී දිසානායක ගාවට ඔයාගේ අම්මා, ඊට පස්සේ ඔයා, ඊළඟට මල්ලි, තව මාමණ්ඩියා... එතකොට අර එකඑක තැන්වල ඉන්න නෑයන් ටික.. එ් අය ඔයාගේ පවුලේ අය නෙමෙයිද..? ඔය කථාව සජිත් අැමතිතුමා කිව්වා නම් තව කමක් නැහැ. හැබෑට රාජපක්ෂලට ඔය තරම්ම බය මොකද..? මිනිසුන් කැමැති කෙනාට ඡන්දය දේවි. ඔයා අර සමනළයින් ටික බැඳලා දාන්න බලන්න.. නැත්නම් ඔයාගේ මන්ත්‍රී කමටත් තට්ටු වෙයි.
මුණසිංහ Wednesday, 24 July 2019 10:20 AM
තමන් ඇඳන් ඉන්න සරම උස්සගෙන.., අනිත් මිනිහගෙ හෙළුව පෙන්නනවා.
RaveendraWednesday, 24 July 2019 11:42 AM
මෙයා හිතාගෙන ඉන්නේ මොනරා වගේ කියලා (දන්නා මිනිසුන් දන්නවා මොනරද, කොරවක්කද කියලා) හැබැයි මොනරා ලස්සනට පිල් විදහාගෙන නැටුවට ඒ සතා දන්නේ නැහැ... එ් සතාගේ වසුරු පැත්ත එළියේ කියලා, ඒ වගේ තමයි .... සජිතුයි, රවියි මේ දවස්වල පෙම් බස් දොඩනවා වගේ වෙන්න ඇති මේ ගොයියට පේන්නේ.. මොකද හතළිස් ඇඳිරිය නේද ගොයියෝ..? ඉක්මනට දියතරිප්පු පාවිච්චි කළොත් හොඳයි...
Raveendra Wednesday, 24 July 2019 10:28 AM
අනුන්ගේ කුණු හෝදන්නට හරි දසයා..// තමන්ගේ කුණු වහගන්නට හරි දසයා..// රවියා සිප වැළඳගන්නා නොවේද ඒ දසයා..// අප්පච්චිගේ නමටත් නිගාවකි මේ දසයා..//
Prabha Wednesday, 24 July 2019 10:36 AM
අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කළොත් නරකද?
Bandara Wednesday, 24 July 2019 10:37 AM
අනුන්ගේ එව්වා හොයන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න.
දිමුත් Wednesday, 24 July 2019 10:47 AM
මෙයාගේ බලාපොරොත්තුව මාමණ්ඩි වෙන්නැති
thushara Wednesday, 24 July 2019 10:47 AM
අනේ රනිල් මහත්තයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්න..
සේන Wednesday, 24 July 2019 10:47 AM
අනේ මහත්තයෝ අනුන්ගේ අපේක්ෂකයා නෙවෙයි තමන්ගේ පැත්තේ කෙනා ගැන බලා ගන්න... අර කෝචෝක් හිනාව එහෙම තවම මතකයි ජනතාවට. ඡන්දෙට එන්නකෝ ඉතිරි ටික මොළේ ඇති ජනතාව බලා ගනී.
sam Wednesday, 24 July 2019 10:49 AM
ඕස්ට්‍රේලියාවේ තිබෙන ඇපල් වතු ගත්තේ කොහොමද? ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික අපිටවත් බැරි වික්‍රමයක් පෙතුමාගේ පියා 1980 ගණන්වලදී කරේ. කාටද ආඩම්බර?
Ruhunu Wednesday, 24 July 2019 11:12 AM
ඔය කියන එජාපේ ජනාධිපති අපේක්ෂකයා ගිය සැරේ කොහේද හිටියේ..... කවුරුත් නැති නිසා නේද සිරිසේන මහත්තයාව දැම්මේ......
sharm warn Wednesday, 24 July 2019 11:32 AM
අපරාදේ කියන්න බැහැ. මොනර නැටුම් තමයි දාන්නේ. පිල් විදහාගෙන නටන්නේ තමන්ගේ පශ්චාත් භාගය එළියේ කියලා නොදැනනේ ඉතින්.. අපිටත් පේනවා අවුරුදු ගාණක ඉඳන් උගත් අපේක්ෂකයෝ වැඩි වෙලා ඉන්නේ කියලා. එ්කනේ අන්තිමේ මෛත්‍රීපාලව ඉස්සරහට දැම්මේ. ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ තවම.. අනුන්ගේ ගෙවල්වල මකුළු දැල් කඩන්න කලින් තමන්ගේ ගෙදර තියෙන කුණු කඳු ටික සුද්ද කර ගන්න.. ලජ්ජා නැතුව කිව්වනේ "දැන් තියෙන්නේ දේශපාලන සෙල්ලමක් " කියලත් කිව්වනේ.. රටේ ආණ්ඩු පක්ෂේ මොනවද කරන්නේ කියලා.. දිව බොරු කියන්නේ නැහැ කියලා... කිව්වේ බොරුවට නෙමෙයි නේ.
Bamunuarachchi Wednesday, 24 July 2019 01:37 PM
කට්ටිය මට ලියන්න දෙයක් ඉතුරුකරලා නැත.
බද්රානි Wednesday, 24 July 2019 02:44 PM
මේ මෝඩයින්ගේ පාරාදීසයේ විකාර කාරයින්ගේ විපරීත කතා හා අඥාන ක්‍රියා නරඹනවාට වඩා වෙනත් විකල්පයක් නැද්ද අපට? දෙගොල්ලන්ගේ නාඩගම් රටේ බුද්ධිමත් ජනතාවට අප්‍රසන්න වෙලයි තියෙන්නේ? මේ වගේ තරගෙට මන්ද බුද්ධික කතා කියන දේශපාලන අමනයින් සිටින රටක ඉපදුනානේ අපිත් කරුමෙට....
RaveendraWednesday, 24 July 2019 04:26 PM
බද්රානි මෙනෙවිය, මහත්මිය වෙත... ඇත්තෙන්ම ඡන්ද දායකයන් වන අප සියල්ලෝම මෙම හරකුන් 225 මඩවගුරට යැවීම පිළිබඳව වගකීම බාරගත යුතු නොවේද? එබැවින් මෙතෙක් කල් ඡන්ද දායකයින්ව ගොනාට අැන්දුව මෙම බූරුවන් 225 ඉදිරියටත් තියාගන්නවාද නැත්නම් සදහටම පන්නා දමනවාද යන්න අපගේම යුතුකමක් සහ වගකීමක් නොවන්නේද? මෙම කාලකන්නින් 225ට සුර සැප, රජ සැප දුන්නෙත් දෙන්නෙත් අපිම බැවින් ඒ පිළිබඳව නැවත නැවතත් සිතා බැලීමට අවසන් කාලය දැන් පැමිණ ඇත.
siri Wednesday, 24 July 2019 04:53 PM
මෙයාගේ මෝඩ හිනාව සහ මෝඩ කතා පමණි .
Chanak los angeles Wednesday, 24 July 2019 09:15 PM
ඔබ කියන්න ඉස්සෙල්ලයි අපි දන්නේ සාටකයන් දැන් දේශපාලනික වශයෙන් අනාථයන් කියලා..
Bandula. Thursday, 25 July 2019 04:13 AM
අනුන්ගේ ඒවාට වඩා ඔබලාගේ පක්ෂයේත් දැන් සමහරුන්ගේ කකුලෙන් අදිනවා නේද ජනපති වෙන්න... එ්ක පෙනෙන්නේ නැද්ද?