IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘කඩදාසි මිල අඩු කරන්න පියවර ගන්නවා’

(හර්ෂණ තුෂාර සිල්වා)

 

අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩදාසි මිල අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කොළඹ දී අද (18) පැවැසීය.

 

විසිදෙවැනි වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් වික්‍රමනායක මහතා ඒ බව කීවේය.

 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී සමාරම්භක උත්සවය පැවැත්විණි.

 

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ ද කීය.

 

‘‘කඩදාසිවල මිල ටිකක් ඉහළයි කියලා අපි දන්නවා. ඒ නිසා පොත්වල ගාණත් ටිකක් වැඩියි. රජයක් වුණාම ජනතාවටත් රටටත් හොඳ දේවල් ඕනෑ කරන්න. හරි දේ නිවැරදි දේ කරන්න ඕනෑ. ඒ නිසා ඔබ වෙනුවෙන් ඉදිරි කාලයේදී බලධාරීන් සමඟ ඉල්ලීම් කරලා සාකච්ඡා කරලා කඩදාසි මිල අඩුකරගන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

ඒ වගේම ශ්‍රී ලංකාවේත් කඩදාසි හැදෙන්න එපැයි. අපේ කඩදාසි තිබුණා. කම්හල් පටන් ගත්තා කියලා ඊයේ පෙරේදා කිව්වා. දැන් ඒ නිෂ්පාදන වෙළෙඳපොළට එනවද කියලා කියන්න මම දන්නේ නැහැ. එම නිෂ්පාදනවල ප්‍රමිතිය කොහොමද කියන්න පෞද්ගලිකව මට දැනුමක් නැහැ.’’



අදහස් (8)

‘කඩදාසි මිල අඩු කරන්න පියවර ගන්නවා’

Demuni Uduwara Friday, 18 September 2020 12:42 PM

ආදර්ශවත් යෝජනාවක්... ඉක්මණින් ක්‍රියාවට නංවන්න.

:       0       75

kamal Friday, 18 September 2020 02:16 PM

ලංකාවේ ඉන්න මෝඩයින් එක්ක කොහොමද රටේ කඩදාසි නිෂ්පාදනය කරන්නේ? කඩදාසි සෑදීමට ශාක සෙලියුලොස් අවශ්‍යයි. ඒවාට ගස් කපන්ට ගියොත් මහා වන විනාශයක් කරනවා කියා බෙරිහන් දෙන්න පටන් ගනී.

:       146       41

ranaSaturday, 19 September 2020 05:14 AM

මෝඩ, තකතීරු කඩේ යන අදහසක්නේ නේද?

:       0       25

Madushanka Saturday, 19 September 2020 12:14 PM

මහත්මයා කඩදාසි නැතුව ඉන්න පුලුවන්... ඒත් වතුර, ඔක්සිජන් නැතුව ඉන්න බෑ. ගස් කැපීමට විරුද්ධ වෙන්නේ ඒ නිසයි. අනික රිසයිකල් දේවල් වලින් පිදුරු, කෙසෙල් කඳන් වගේ දේවල් වලින් දැන් කඩදාසි හදනවා. ගස් කපනවා වෙනුවට ඒවා දියුණු වෙන එකයි වෙන්න ඕනෑ.

:       2       16

Shirley Suraweera Saturday, 19 September 2020 03:29 AM

ඉස්සර කඩදාසි හැදුවේ පිදුරුවලින්...

:       0       35

Raveendra Saturday, 19 September 2020 05:21 AM

ඇත්තෙන්ම අප අගයකළ යුතු අදහසක්.. ඉක්මණින් ගහකොළ ආරක්ෂා කරමින් ක්‍රියාවට නැගීමට හැකි වේවා..!!!

:       0       8

Rata Perata Saturday, 19 September 2020 07:39 AM

වැඩේ කරලා මාධ්‍ය සාකච්ඡා තියන්න. සංදර්ශන දාන්නේ නැතිව.

:       4       3

Nihal Saturday, 19 September 2020 08:51 AM

වටෙන් කැරකිලා කැරකිලා ගහක් කපන තැනටම තමයි එන්නේ..

:       4       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 29 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 101 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 346 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 159 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 302 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 688 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site