IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න

මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේ රට හදන වගකීම බාර ගන්නැයි අස්ගිරි පාර්ශවයේ  අනුනායක වෙඩරුවේ උපාලි නාහිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවසුහ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් නුගේගොඩ මිරිහාන නිවසේ පැවැති පිංකමකට සහභාගි වෙමින් නාහිමියෝ එසේ පැවසුහ .

නාහිමියෝ මෙසේද පැවසුහ.

‘ඔබතුමා හිට්ලර් කෙනෙක් විදියටත් හඳුන්වන්න තිබුණා.මහා සංඝ රත්නය විදියට අපි අවසන් වශයෙන් ඉල්ලන්නේ මිල්ටරි පාලනයකින් හරි මේ රට හදන්න කියලා.‘



අදහස් (64)

හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න

සතයපාල Thursday, 21 June 2018 04:24 PM

හිට්ලර් රට හැදුවේ නැහැ ලෝකයම විනාශ කලා. ඒ වගේම හමුදා පාලකයෝ රටවල් කොල්ලකෑ බවට මිසක රටවල් හැදුව බවට ඉතිහාසයේ නැහැ.

:       0       94

emerson Thursday, 21 June 2018 05:18 PM

රට හදන්න හිට්ලර් වෙන්න ඕන නෑ. දේශපාලකයෝ ගසා කන එක නවත්වන්න . දේශපාලකයින්ට අමතරව සංවර්දන ක්‍රියාවලින් තීරණය කිරීමට උගතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන්න. හිතමිතුරු සංග්‍රහ නවත්වල සුදුස්සාට තැන දෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න .ගසාකෑමට එරෙහිව උපරිම නීති ක්‍රියාත්මක කරන්න . හරියට කරනවානම් කවුරු උනත් අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබතුමාට කරන්න පුළුවන් කියල අපි විශ්වාස කරනවා

:       43       252

Dr. Vajira Fernando Thursday, 21 June 2018 05:22 PM

හිට්ලර්ලා ගෙන්න හරි ලේසියි අපේ හාමුදුරුවනේ. එත් එළවගන්න අමාරුයි. ජිවිත දස දහස් ගානකින් වන්දි ගෙවලා තමා ලෝකේ හැම තැනම හිට්ලර් පන්නයේ ඒකාධිපතියෝ එලවාගෙන තියෙන්නේ. හිට්ලර් නිසා දෙවන ලෝක යුද්ධයෙන් කෝටි 8ක් ඝාතනය වුනා. ඉන්දුනීසියාවේ, පිලිපීනයේ, චිලියේ, කොංගෝවේ, කෝටි ගණනක් ජනතාව ඒකාධිපති පාලකයන විසින් ඝාතනය කලා. ඒ හැම ඒකාධිපතියෙක්ම දේශප්‍රේමී සළුපිලි ඇඳගෙන තමා කරලියට ආවේ. ඒක තමා අමිහිරි යථාර්තය. අපේ රටටනම් එවැනි යුගයක් උදා නොවේවා කියලා තමා බුද්ධිමත් ජනතාව ප්‍රර්ථනා කරන්නේ.

:       87       679

SampathFriday, 22 June 2018 06:37 AM

ඩුබායි, සිංගප්පුරුව වගේ දියුණු රටවල්වලත් ඉන්නේ ඒකාධිපති පාලකයෝ තමයි. ඒවා අද ලෝකේ අපරාධ අඩුම සාමකාමී දියුණුම රටවල්.

:       30       24

IshaMonday, 25 June 2018 07:30 AM

වහල්කමේත් සීමාවක් තියෙන්න ඕනේ ...

:       0       1

Nandalal DE SILVA - France Thursday, 21 June 2018 05:27 PM

යුරෝපාවාසීන් මෙන්ම ලෝක ඉතිහාසය කියවා ඇති පාසල් දරුවන් පවා හිට්ලර් කියන්නේ මෙතෙක් මෙලොව පහළවුණ අති දරුණුම සමුහ මිනීමරුවා බව දන්නවා. "ගෑස් චේම්බර්" නමින් තවමත් මුළු ලොවම පිළිකුලෙන් හෙළාදකින සමුහ ඝාතන සඳහා හිට්ලර් යොදාගත් උපක්‍රම වෙනුවෙන් අහිංසක දරුවන් ඇතුළුව ජනතාව යැවුවේ සතුන් ප්‍රවාහනය කරන දුම්රිය පෙට්ටි තුල හිරකරගෙනයි, හාමුදුරුවනේ ! සෑම වසරකම මෙසේ හිට්ලර්ගේ ම්ලේච්ච යකඩ සපත්තුව යටතේ පරළොව ගිය ලක්ෂ සංක්යාත අසරණයන් සිහිකිරීමට එරටවල රාජ්‍ය නායකයන් එකතු වෙනවා!

:       364       351

nimal Thursday, 21 June 2018 05:41 PM

හරියටම් හරි තෙරුවන් සරනයි.

:       246       33

ලසන්තFriday, 22 June 2018 07:43 AM

බුදු හාමුදුරුවෝ කිව්වේ "සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා" කියලා. ඒ නිසා අපි හැමවිටම කියන්නේ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" කියලා...

:       68       1

sudeshFriday, 22 June 2018 10:33 AM

හරියටම් හරි තෙරුවන් සරණයි., රට කොයි ක්‍රමයකින් හරි හැදුවොත් හැමෝටම ජීවත් වෙන්න පුළුවන්... නැත්තම් මැරෙන්නයි වෙන්නේ... ඒ නිසා හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න.

:       419       330

chathuri Thursday, 21 June 2018 06:16 PM

ඔබ වහන්න්සේ. දන්නවද. හිට්ලර්. කරපු. මනුස්ස ගාතන. අසරණ මිනිසා. තමයි මෙවැනි. මිනිසුන්ගේ ග්‍රහණයට. අසුවෙන්නේ ලොකු උදවිය ආරක්ෂාව සලසා ගනියි පසුගිය. අන්ඩුවේදී. හිට්ලර් මල්ලි. කරපු දේ. දැන් අමතකද. . මේ රට. එක්කෙනෙක්ගේ නොවේ. සියලුම ලක් වැසියන්ගේ. සැවොමගේ. කැමැත්ත. තියෙන්න. ඕන හිට්ලර්ගේ මල්ලි ගෙන්න. කලින්. ලැබුන. දීමන. නැති. වෙනකොට හිට්ලර්ට. කියල. හරියනවද

:       204       535

ජගත් ලියනගේ Thursday, 21 June 2018 06:21 PM

රට හදනවා නං යම පල්ලෙක් හරි වෙලා හෝ කරනව නං අපිට කමක් නැහැ . මුලින්ම හොරකම් නවත්තන්න ඕන .

:       173       249

Bamunuarachchi Thursday, 21 June 2018 06:51 PM

අපේ හාමුදුරුවනේ ඔබ සීයට සීයක් හරි. අපි විධායක ජනාධිපති ක්‍රමය ඉල්ලන්නේ ඔයනිසයි. විදායක ජනාධිපති ක්‍රමය එපා කියන්නේ භයට.

:       644       357

ශාන් හළඹ Thursday, 21 June 2018 07:16 PM

ඔය කියමනට කලබල වෙන්න දෙයක් නෑ ඒක සිංහල භාෂාවේ තියෙන උපහැරණයක්. හිට්ලර් වගේ වෙන්න කියන්නේ සැර පාලකයෙක් වෙන්න කියන එකයි.

:       380       520

කුමාර් (ගල්ෆ්) Thursday, 21 June 2018 07:17 PM

පොඩියට හරි බලය තිබුන කාලේ මේයා පාලනය කලේ එවිදිහට බව මේ හාමුදුරුවෝ දන්නේ නැද්ද? ඔය කියන විදිහට මෝරු තටාක සෑම නගරයකම පිහිටුවන්න වේවි.

:       107       287

Aruna Thursday, 21 June 2018 08:23 PM

I ඔව් හාමුදුරුවනේ අපිට අඩු වෙලා තිබුනේ එඑච්චරයි

:       3       131

Chanak Los angeles Thursday, 21 June 2018 09:03 PM

මිනිසුන් මිලියන 11 ක් ඍජුවම වධකාගාර තුලදී ඝාතනය කළ, යුරෝපයේ පමණක් යුද්ධයෙන් ඍජුව මිනිසුන් මිලියන 26 හමාරක් ඝාතනය කළ, නූතන ශිෂ්ඨ සමාජයම පිළිකුල් කරන හිට්ලර් වගේ වෙන්නැයි කියා..........

:       446       367

Aiith NissankaSaturday, 23 June 2018 04:26 PM

ඔයා ඔහොම කිව්වට ට්‍රම්ප් මහත්තයා නම් මේ නවීන හිට්ලර් මහත්තයාට හුඟක් සතුටු වෙයි ! ඒ ජාති මාමක හිට්ලර් මහත්තහේ සහ ඔහුගේ අධිරාජ්‍ය විරෝධී පවුලේ අය අපේ රටෙන් මාටියා ගහන සල්ලි අන්තිමට ඇදෙන්නේ ඒ ගොල්ලෝ පුරවැසිකම ලබාගෙන තියෙන ඇමෙරිකාවටනේ! ලොස් ඇන්ජලීස් වල ඉන්න ඔයා දන්නවා ඇති ඒ මහත්තයගේ කැලිෆෝනියා කල්ලිය දැන් ලැබෙන්න යන අලුත් ආයෝජන ගැන බොහොම උනන්දුවෙන් ඉන්න බව! අපේ බමුණුආරච්චිලා ඔවුන්ගේ 2500 ඉතිහාසය වෙනුවෙන් ඉතාම භක්තියෙන් සහ නොමසුරුව එම පවුලට පරිත්‍යාග කරන මුදල් ඇමෙරිකාවේ පරිස්සමට ආයෝජන කරන එක ඔයගොල්ලන්ගේත් වගකීම සහ යුතුකම නේද?

:       0       0

lalithsjm Friday, 22 June 2018 01:16 AM

ඔබ වහන්සේ හරියට හරි අනුන්ගේ ඕපාදුප හොයමින් හැමදේම පිනට ලැබෙනකම් බල ඉන්න බහුතරයක් ඉන්න මේ රටේ බලෙන් හරි වැඩ කරවාගෙන මේ රට හදන්න ඕන.

:       413       326

V.warnakulasuriyaFriday, 22 June 2018 05:39 AM

බලයෙන් වැඩ කරගෙන රට පාලනය කරන්න ජනතාව වහල්ලුද?

:       2       183

B.D.S. wijewardana Friday, 22 June 2018 01:43 AM

යහ පාලනය කියලා රටේ හොරු බෝවනවානම් හිට්ලර් නොවේ යම රජු හරි කමක් නැ කොන්දක් ඇති නායක යකු තමා රටේ රජු විය යුත්තේ මුන්ට දඩුවම් දෙන්නට පුළුවන් නායක යකු රටේ රාජ්‍ය නායක යා විය යුත්තේ ........හාමුදුරුවනේ ....ඔබේ කතාව හරි .

:       676       729

dhamneth Friday, 22 June 2018 01:48 AM

අපේ රටට අද තිබෙන ප්‍රදාන ප්‍රස්නයක් තමයි අපේ හාමුදුරුවරුන් බහුතරයකට සම්මා දිට්ටිය නැතිවීම.දෙවන මහා යුද්ද කලේ අපේ රටට ජපානය බෝම්බ දැම්නෙත් හිට්ලර් නිසයි.ජපානය එදා සහය දුන්නේ හිට්ලර්ටයි.. සෑම රටකටම ඒකාධිපතියෝ එපාවෙලා තිබෙන්නේ.ගෝඨාබය මහතා ජනාදිපති වුනාට කිසි ප්‍රස්නයක් නැහැ. නමුත් කිසිවෙක් ඒකාධිපති විය යුතු නැහැ.

:       20       146

රවින් Friday, 22 June 2018 02:04 AM

රටේ විනය පිරිහීම අවුරුදු කීපයක සිට පවතින්නක්. නායක ස්වාමින්වහන්සේ නමක් හැටියට ඔබ වහන්සේ එදා මේගැන කුමන හෝ කටයුත්තක් කර ඇතිදැයි වදාරනු මැනවි.

:       144       258

saliya Friday, 22 June 2018 02:28 AM

දේශය දේශපාලකයෝ ද, බුද්ධ ශාසනය බුද්ධ පුත්‍රයෝ ද විනාශ කරති. රටේ දූ දරුවන් හිට්ලර් ගෙන් මැරුම් කන විට ඔබ වහන්සේලා පෝලිමේ වඩින්න පාංශුකූල දෙන්න ..

:       854       768

BamunuarachchiFriday, 22 June 2018 10:18 AM

අපේ හාමුදුරුවනේ, සිංහලෙන් මේකට තමයි කීවේ හුඹස් බිය කියලා. ඒත් හිට්ලර්ගේ නම ඇහෙන කොටත් සමරුන්ට ගොක්කොල පෙනෙනවා කකුල් ගැහෙනවා. අපි මොනවා කරන්නද?

:       138       250

harsha Friday, 22 June 2018 02:29 AM

අපේ සමහර හාමුදුරුවරු කරන කියන දේවල් බලපුවම පුදුම හිතෙනවා. අනේ හාමුදුරුවනේ දේශපාලනය කර තියා ගත්තට ඔය වගේ දේවල් කියන්න එපා. හිට්ලර් ගැන හොඳට කියවල බලන්න. අනික ලංකාවේ දේශපාලකයින්ට ඒකාධිපති බලතල දුන්නොත් හෙම කොහොම තියෙයි කියලද හිතන්නේ?

:       63       330

මල්ලි Friday, 22 June 2018 03:37 AM

හිට්ලර් නැවත ඉපදිලාවත්ද?

:       145       192

GobalsFriday, 22 June 2018 07:40 AM

හිට්ලර් නිකායේ නෑ... වෙන කෙනෙක් තමයි.

:       84       76

ajantha Friday, 22 June 2018 05:21 AM

හාමුදුරුවනේ හිට්ලර් කෙනෙක් වෙලා හදන්න ඕන රට නෙමෙයි රටේ පාලකයෝ

:       0       130

jayath Friday, 22 June 2018 06:07 AM

අර ඇමෙරිකන් තානාපති කියුව වට "අයෝමය හස්තයකින් " යුද්දය අවසන් කිරීමත් ප්‍රජා ත්‍රන්ත්‍ර වාදීව රටක් පාලනය කිරීමත් දෙකක් කියල මේ රටට දැන් ප්‍රජාත්‍රන්තවාදය ඕනවට වැඩියි . හැම එකාටම කොන්ද නමන , හැම එකාම වර්ජන තර් ජන දමන නොන්ජල එකක් දැන් තියෙන්නේ . ගෝටා හරි මොකා හරි කොන්ද කෙලින් තියන නායකයෙක් දැන් අපට ඕන .( අර වෙලාවේ ජනරාල් ට නොගිය එක අපරාදේ කියල මට හිතෙනවා )

:       1       73

sarath hettiarachchi paris Friday, 22 June 2018 06:08 AM

ඔබ 1දිනක් හෝ මිල්ටෙරි පාලනයක් යටතේ දිවි ගෙවා ඇත්ද .මෙලොව ඇති හොදම මිලිටරි පාලනය .නරකම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයටත් වැඩ බිහිසුනුඉ නරකඉ කියා කියව නැද්ද ( කොබ්බෑ කඩුව යන්ද ) ඔහුගේ ජිවිත කතාවේ අසු පැනයකට මේසේ කියා ඇත .පිටතින් පෙනෙන දෙය ඇත්ත නම් විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත .

:       33       596

NuwanFriday, 22 June 2018 07:10 AM

ඔබට ස්තුතියි... දැනුවත් කළාට.. අපූරු කියමනක්..

:       0       30

ලසන්තFriday, 22 June 2018 08:10 AM

තව ටික කලක් යනවිට මේ රටේ උසස් ගුණවත් පැවිදි උතුමෝ ගැන අසන්නටවත් නැතිවේ යැයි හැඟේ. ඒ අතින් අපේ ජීවිත කාලය තුල එවන් පිංවත් උතුමෝ දැකීමට අපි වාසනාවන්ත වීමු. මාගේ ජීවිතය අනෙකාගේ යහපත පිණිස වේවා! යි සිතා නිතර කටයුතු කරන්නැයි, එවන් උතුමෙකුගෙන් මීට වසර 35කට පමණ පෙර අවවාද ලැබුණි.

:       0       39

BamunuarachchiFriday, 22 June 2018 10:31 AM

ඔබ හිටියද මිලිටරි පාලනයේ? හිටියේ නැතිනම් කොහොමද දන්නේ මිලිටරි පාලනය හොඳද නරකද කියලා. ප්‍රජාතන්ත්‍රවාදය වුනත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මෙරටේ තිබුණාද දැන් තිබෙනවාද? ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ මිලිටරිවාදයේ හොඳ නරක... පාලකයා අනුව වෙනස් වේ.

:       433       314

ලසන්තFriday, 22 June 2018 04:05 PM

අපි අතීතයේ පහළවූ ආගමික නායකයන් ඉදිරිපත් කල සාරධර්ම පිළිගනිමින් අනුගමනය කරමු. ඉතිහාසයේ ඇතිවූ මිලිටරි හෝ ඒකාධිපති පාලනය අගයන කිසිඳු නිදහස් හා සාමාන්‍ය පුද්ගලයකු ගැන නොඇසුවෙමු. ඔබ දරුවෙක් නම් ඉතිහාසය, විත්ති සාහිත්‍ය, කලාව, ජනශ්‍රැතිය වගේ දේවල් ඉගෙනගන්න. වැඩිහිටියෙකු නම් කියවීම, අසා දැනගැනීම කරන්න.

:       0       2

dhammika Friday, 22 June 2018 06:38 AM

උන්වහන්සේ කියන්නේ නෑ හිට්ලර් කෙනෙක් ඕනේ කියලා, කියන්නේ මිලිටරි පාලනයකින් හරි රට හදන්න ඕනේ කියලා. කවුරුවත් හිතනවාද මේ දේශපාලන පරිසරයෙන් හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යාවි කියලා... අඩුම තරමේ අපේක්ෂක ලැයිස්තුවටවත් හොඳ කෙනෙක්ට යන්න බෑ. ඉතින් අපිට රට ගැන හිතන පාර්ලිමේන්තුවක් කවදාවත් හදාගන්න බෑ. ඉතින් රට දිනෙන් දින විනාශ වෙනවා මිසක් ගොඩ යාමක් නෑ.

:       8       31

Saman Friday, 22 June 2018 07:00 AM

ඇයි දැන් බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. හම්බවෙන්නේ නැද්ද? ඒකද ආයෙත් ගෙන්න ගන්න හදන්නේ?

:       351       311

Bamunuarachchi.Saturday, 23 June 2018 02:13 PM

ජාතිය වෙනුවෙන් ඉදිරියට එන හාමුදුරුවරුන්ට ප්ලේන් දුන්නත් කමක් නැත. සිංහල නම් වලින් මෙතන ලියන බොහෝ දෙනා මුස්ලිම් අයයි.

:       0       0

Ajith NissankaMonday, 25 June 2018 07:02 AM

ඔයාගේ පොකට් එකෙන් ප්ලේන් බැරිනම් රොකට් දුන්නත් අපිට මොකෝ. හැබැයී ඔය දේශපාලුවන්ට උඩ ගෙඩි දීලා අපේ බදු මුදල් වලින් ඕවා ගන්න දෙන්න එපා.

:       0       0

sirimal Friday, 22 June 2018 07:50 AM

අපේ ගරුතර නායක ස්වාමින් වහන්සේ මෙලෙස ප්‍රකාශ කරන්නේ ලෝකය පුරා මුළුමහත් ශිෂ්ඨ සමාජයම අපරාධකාරයෙකු ලෙස පිළිකුල් කරන හිට්ලර් ජර්මනියේ පාලන බලය ලබාගත් පසුව සිදුකළ අප්‍රමාණ සාහසික ක්‍රියා පිළිබඳ අවබෝධයක් ඇතුව යැයි සිතිය හැකිනොවේ. වෙනත් අයට දැන් "හිට්ලර් ගැන කීවේ ඔහු යුද්ධය ආරම්භ කරන්නට පෙර සිදුකළ දේ ගැන මෙනෙහි කරලයි" වැනි කතා කියා මේ ප්‍රකාශයේ බරපතලකම දියාරු කල හැකි නොවේ. අයිසෙක් නිව්ටන් වරක් කියූ “සෑම ක්‍රියාවකටම විරුද්ධ වුද, සමානුපාත වූද ප්‍රතික්‍රියාවක් ඇතැ”යි යන්න වසර 2600කට පෙර බුදුන්වහන්සේ දේශනා කළේ කර්මය හා කර්මඵලය ලෙසයි. “යමෙක් යම්බඳු බීජ වපුරයිද, ඔහු එවැනිම ඵල නෙලා ගනියි. තල වපුරා මුං බලාපොරොත්තු වීමෙන් පලක් නැති” ය. මහින්ද පාලන සමයේ තල වෙනුවට වපුරන ලද විෂ කහඹිළියා ඇට දැන් පැළ බවට ලොකු මහත්වී පැලකරන ලද අයගේම අඟ පුරා දැවටෙමින් දරුණු කැසිල්ලක් බෝකර ඇත. වැඩි කලකට මත්තෙන් පැවැති රකුස් සමාජය තුළ කරරෝමලා රුචිරෝමලා මෙන්ම ආලවකයින්ද ජීවත් වූ බවක් සමහරුන්හට වැටහෙන්නේ නැත්තේ මන්ද? නව හිට්ලර් කෙනෙක් හමුදා පාලනයක් සමඟ බලයට පැමිණියදාට සියලුදෙනාටම මේ ප්‍රකාශයේ බරපතල කම වැටහෙනු ඇත.

:       223       151

ලසන්ත Friday, 22 June 2018 07:51 AM

මම නං අදමයි මහාචාර්යතුමනි, ඒ උපහැරණේ ඇහැව්වේ? ඕං! නිකං කුලියට මොකක්ද කරනවා වගේ නේද?

:       171       140

upali Friday, 22 June 2018 08:23 AM

නායක හාමුදුරුවනේ, දැකලා තියනවා නම් කියන්න හමුදා පාලනයකින් දියුණු කරපු රටක් ලෝකයේ තියෙනවද? නායක හිමි වුණාට උගත් වෙන්න ඕනෑ.. අනුන්ට බණ දෙසන්න.

:       308       226

BamunuarachchiFriday, 22 June 2018 10:53 AM

අපේ හාමුදුරුවන්ගේ චේතනාව රටදියුණු විය යුතුයි කියලා. උපමා උපමේය තේරුම් ගැනීමටත් බුද්ධියක් තිබිය යුතුය.

:       401       308

BamunuarachchiFriday, 22 June 2018 10:56 AM

බණ තේරුම් ගැනීමේ හැකියාව තිබෙන අයටයි බුදුන් පවා බණ කීවේ නේද අපේ හාමුදුරුවනේ?

:       426       311

Giripura Friday, 22 June 2018 08:29 AM

මේ ප්‍රකාශනය නිවැරදිම නැහැ. එය විය යුත්තේ... සිංහලේ පුරාණ රාජපරම්පරාවේ තවත් දුටුගැමුණු, වීර පරාක්‍රම, වීර විජයබා, අභය වැනි අති ශ්‍රේෂ්ඨ නරයන් වන පාලකයෙකුගේ අවශ්‍යතාවය මිස ලොවට අවැඩක්ම සිදුකළ හිට්ලර් වැනි අධම දුෂ්ඨ පාලකයෙකු උපහරණයට ගැනීම නොවේ අපේ හාමුදුරුවනේ.. සැබවින්ම අද ලංකාවේ අපට පමණක් නොව ආසියාවට පමණක් නොව මුළුමහත් ලෝකයටම පිළිලයක් වුණු මේ පාලන ක්‍රමය තුළින් කිසිකලෙක අපට අනාගතයක් නැති නිසා සුදුසුම ධාර්මික, ජාති හිතෛෂී, අවංක, අතිශූර නායකයෙක්, පාලන ක්‍රමයක්....

:       127       39

BamunuarachchiFriday, 22 June 2018 10:46 AM

හිට්ලර්ගේ ක්‍රියා කලාපය නිසා ඔහු අවමානයට ලක්වුණත් ලොව මෙතරම් සීග්‍ර දියුණුවක් ලැබුවේ ඔහුනිසායි. යුද්ධය නිසා ජර්මානු විද්‍යාඥයෝ යුරෝපය පුරා විසිරුණා. එ්නිසා ලෝකය දියුණු වුනා.. නැතිනම් තාම ඇමරිකාව හරක් බලනවා. අයින්ස්ටයින්, වොන්බ්‍රෝන් ජර්මන් ජාතිකයින්...

:       411       239

V.warnakulasuriya Friday, 22 June 2018 01:41 PM

ලෝකයේ දියුණුව පතා හැම රටකටම හිට්ලර් කෙනෙක් ගෙන එමු.

:       0       1

BamunuarachchiSaturday, 23 June 2018 02:23 PM

රටට ආදරේ එ්කාධිපතියෙකුට අපි කැමතියි. ඒ කාලේ පාතාලයෙක් බෙහෙතකට හොයාගන්න හිටියේ නැහැ. යහපාලනය ආවා විතරයි ඒ ගොල්ලන්ගේ බලය රැකගන්න පාතාලයෝ ඉම්පෝර්ට් කෙරුවා. දැන් හන්දියක් හන්දියක් ගානේ මිනීමරනවා. හාමුදුරුවනේ ඔබවහන්සේට ලියන්න තිබුනේ වසවර්ති මාරයා හරි කමක් නැහැ රට හොඳට පාලනය කරනවා නම් කියලා. හාමුදුරුවනේ මෙතන ලියන අය සක්කරයා හඳේ හාවා අැන්දා කියනකොට සාදුකාර දෙන අයයි. ගැඹුරින් යමක් කීවාට තේරුම් ගන්න බැහැ. ඒක ඒ ගොල්ලන්ගේ වරදත් නොවෙයි ලැබූ අධ්‍යාපනයේ වැරැද්ද...

:       0       0

Ajith NissankaSaturday, 23 June 2018 04:06 PM

ඔව් අනාගත හිට්ලර්ගේ පාලනය යටතේ ඒ අයගේ පවුල් වලට නම් රජ මගුල්... අනික් අය කට හොල්ලන්නේ නැතිව ඉන්න පුළුවන්! ඔය ජාතිවාදී අයටත් ඉඳලා හිටලා ඉඳුල් ටිකක් විසිකරාවි !

:       0       0

V.warnakulasuriya Saturday, 23 June 2018 10:05 PM

අපේ රටේ ගැඹුරින් යමක් තේරුම් ගනු ලබන සමහරැ නිදහස නොහඳුන වහලුන් බව බොහෝ විට පෙනෙන්නට ඇත.

:       0       0

Ajith NissankaSaturday, 23 June 2018 04:34 PM

ඒ කාලේ පාතාලයෙක් බෙහෙතකට හොයාගන්න හිටියේ නැත්තේ ඒ අය පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් සුදු වෑන් ව්‍යාපාරයේ හිටපු නිසා වෙන්න ඇති ! අර ජුලම්පිටියේ අමරේ එතකොට අර තංගල්ලේ සභාපති තුමා, සෙල්ලම් පිස්තෝල කාරයා එහෙම නේද?

:       0       0

suran Friday, 22 June 2018 08:44 AM

දැන් රටට අවශ්‍ය කෙලින් තීරණ ගන්න අවංක ඒකාධිපතියෙක්... නැතුව රටේ සිදුවන දේ පත්තරෙන් දැනගන්න ජනාධිපති කෙනෙක් මේ රටට අවශ්‍ය නැහැ...

:       114       211

dhamneth Friday, 22 June 2018 09:27 AM

හිට්ලර් ලෝකය අල්ලන්න ගිහින් ඇමරිකාව රුසියාව ඇතුළු මිත්‍ර පාක්ෂික හමුදාවට තම රට යටත් කරගන්න ඉඩ දීල දිවි නසාගත්ත. සඝ ගෞරවය ආරක්ෂා කරන්න හාමුදුරුවනේ නැත්නම් බෞද්ධ අපිත් ලෝකය ඉදිරියේ සවුත්තු වෙනවා. තමන් දන්නේ ධර්මය පමණක් නම් ඒ ධර්මය දේශනාකරන්න. නොදන්නා ඉතිහාසය දේසපාලනය කතා නොකර.

:       0       0

thilaka Friday, 22 June 2018 09:45 AM

බුද්ධ දේශනාව අනුව සාසන කණ්ටක පහළවෙලා.

:       0       0

පිටිගල මිලානෝ Friday, 22 June 2018 09:58 AM

සභ්‍ය ලෝකයට සුදුසු නැති මෙම ප්‍රකාශය ගැන නීතිපති උපදෙස් අනුව වහාම පරීක්ෂණයක් පවත්වන්න.

:       115       7

BamunuarachchiFriday, 22 June 2018 04:08 PM

මෙයා දන්නා ප්‍රමාණය තමයි.

:       126       0

Chandra Friday, 22 June 2018 01:34 PM

දැන් මේ රටේ මොකක්දෝ අව්ලක් වෙලා තියෙනවා. ඒ නිසා නැවතත් ඉන්දියාවෙන් හරි ඇවිල්ලා බුද්ධ ධර්මය ප්‍රචාරය කල යුතුයි. එය සියලු රටවැසියාටත්, රටේ පාලකයන්ටත්, නැවතත් පින්වත් මනුෂ්‍යයන් ලෙස යහපත් දිවි පෙවතක් ගත කිරීමට උපකාර වෙන එක සිකුරුයි.

:       0       434

BamunuarachchiSaturday, 23 June 2018 02:08 PM

අපට අමුතුවෙන් බුද්ධාගමක් ගෙනෙන්න එපා.. අවුරුදු 2500 තිබුණු බුද්ධාගම අපිට හොඳයි. මෑතක ආව ඉස්ලාම් ආගම සහ ක්‍රිස්තියානි ආගම නැවත ඒ රටවලට ගෙන ගියොත් හොඳටම ඇති...

:       0       0

Chanak Los angelesSaturday, 23 June 2018 04:34 PM

හිට්ලර්ගේ හමුදාවේත් සුදු වැන් තිබුණද..?

:       0       0

Bamunuarachchi Sunday, 24 June 2018 05:24 AM

හිට්ලර් ගේ කාලේ සුදුවෑන් තිබුනේ නැහැ ඒ කාලේ සියලුම වාහන කළු. විවිධ පාට වලින් වාහන ආවේ බොහොම මෑතක සිට. හැබැයි ඒ ඔබ උපදින්න කලින් බව මට ෂුවර්

:       0       0

kalani Saturday, 23 June 2018 04:37 AM

අනුනායක හිමිපාණන් වහන්සේ ' හිට්ලර් පාලනයක් ' ගැන අනුශාසනා කිරීම සැහැල්ලුවෙන් ගත නො හැකි වනුයේ ජාතියේ මුර දේවතාවුන් ලෙස බහුතර ශ්‍රී ලාංකික බෞද්ධයින් උන්වහන්සේලා පිළිගන්නා බැවිනි. දේශපාලන නායකයෝ බලය අල්ලා ගැනීම, පවත්වා ගැනීම සහ එය ගිලිහීයාම වලක්වා ගැනීම සඳහා යුධ වදිති. නිදහස ලැබීමෙන් පසු ගෙවීගිය හැත්තෑ වසරක කාලය සාමාන්‍ය මිනිසා අගාධයට අද දමමින් , බලය පවත්වා ගැනීම, කහවනු ගොඩගසා ගැනීම වෙනුවෙන් යුධ වැදුනාහ. නාහිමියන්ට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව මනුෂ්‍යයින්ගේ දේශයක් බවට පත් කිරීමට ය. දකුණු ඉන්දීය අවර ගනයේ ටෙලි කතාවලින් බණ කතා අමතක වූ ජාතියකට නායකයෙක් පත්කර දීමටය. එහෙත් ශිෂ්ටසම්පන්න ලෝකය පිළිකුලෙන් බැහැර කරන ' හිට්ලර් 'යන වචනය යොදාගැනීම බුද්ධිමත් ප්‍රකාශයක් නොවේ. ගොබෙල්ස් සහ ' ගෙස්ටාපෝ ' රහස් පොලිසිය යොදවා අතිශය බිහිසුණු දුක්ඛදායක සිද්ධි ඉතිහාසයට එක්කල නරුමයෙක් පරමාදර්ශී චරිතයක් සේ ගැනීම වරදකි. ධර්මාශෝක මිස චණ්ඩාශෝක කෙනෙක් අනවශ්‍යය. මහා පරාක්‍රමබාහු රජෙක් මිස යසලාලක රජෙක්ද අවශ්‍ය නැත. .

:       0       0

Haleem Mulwfer -Madamahanuwara. Saturday, 23 June 2018 04:20 PM

හිට්ලර් නම දැනගත්තට මිනිහගේ වැඩගැන දන්නේ නෑ වගේ. ටීකා, ටිප්පනි කියවලා බලන්න කියලා වෙඬරුවේ හාමුදුරුවන්ට කිව්වොත් හොඳයි.

:       0       0

Bamunuarachchi Sunday, 24 June 2018 05:25 AM

සුදුවෑන් ගැන කොහෙවත් ඉන්නන මිනිසුන්ටනේ අමාරු. ලංකාවේ ඉන්න අපිට සුදු වෑන් භීතිකාව නැහැ. හොර වැඩ කරලා රටින් පැන්න මිනිසුන් ලංකා හිට්ලර්ටත් බයයි සුදුවෑන් වලටත් බයයි. මොනවා කරන්නද කුම්බලා මාළු කෑවානම්.

:       0       0

d.upul Sunday, 24 June 2018 06:28 AM

අපි දැක්ක වීඩියෝ එක බොරුවක් එතකොට?

:       0       0

d.upul Sunday, 24 June 2018 06:31 AM

හිට්ලර් වගේ වුණොත් එදා හොරා කාපුවා යටගහන්නත් ආයෙත් හිතේ හැටියට හොරා කන්නත් පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 67 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 62 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 86 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 725 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 670 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 307 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site