IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සෞඛ්‍ය උපස්ථායක පුහුණු පාඨමාලාවට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීහු කඩාපනිති

(චමිල් රූපසිංහ)

මධ්‍යම පළාතේ සෞඛ්‍ය උපස්ථායක පත්වීම ලද 80 දෙනෙකුට මැතිවරණ සමය තුළදි මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පුහුණු පාඨාමාලවන් පවත්වනු ලැබු කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය අද (22) මැතිවරණ දෙපාර්තුමේන්තුවේ විමර්ශන නිලධාරීහු සෝදිසි කළහ.
 
එහිදි අනාවරණය වුයේ මධ්‍යම පළාත් සොඛ්‍ය කේෂත්‍රයේ කම්කරුවන් ලෙස සේවයේ නියුතු අය සදහා උපස්ථායක පත්වීම් පසුගිය අප්‍රේල්  මාසයේදී ලබා දී ඇති බවත් එම පත්වීම්ලාභින් සදහා කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේදි මාස තුනක පාඨමාලවක් අද දින ආරම්භ කළ බවයි.
 
කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා විසින් මැතිවරණ කාල සීමාව තුළදි  අවසර නොගෙනය සාමාන්‍ය ලෙස එහි පුහුණු වැඩ සටහන් පවත්වා තිබේ.
 
දේශපාලන මැදිහත්විමක් සිදුනොවන නිසා මැතිවරණ දෙපාර්තුමේන්තුවෙන්  අවසර ගැනීමක් නොකර  සාමාන්‍ය ලෙස පුහුණු පාඨමාලා පවත්වන්නට යෙදුණු  බව මැතිවරණ විමර්ශන නිලධාරිවරයා හට කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පැවැසීය.
 
එහිදි මැතිවරණ රාජකාරියේ නියුතු විමර්ශන නිලධාරිවරයා විසින් මෙහි ඇති ගැටලුකාරි තත්වය පැහැදිලි කරමින් මැතිවරණ කාල සීමා තුලදි මෙහි පැවැත්වෙන පුහුණු පාඨමාලා සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් අවසර ගැනීමක් කළ යුතු බව දැනුම්වත් කළේය.



අදහස් (4)

සෞඛ්‍ය උපස්ථායක පුහුණු පාඨමාලාවට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීහු කඩාපනිති

දිමුත් Tuesday, 22 October 2019 10:29 AM

එතකොට මැතිවරණ සමයකදී මිනිස්සුන්ට පුහුණු වෙන්නත් බැරිද?

:       0       0

nalin Tuesday, 22 October 2019 10:41 AM

රෝයල් ගිහිල්ලත් සාපෙළ වත් සමත් නැති. ජීවිතේට රස්සාවක් කරලා නැති. අමුතුම හීන මානයකින් පෙලෙමින් ගස් නගින ඒ දණ්ඩේ යන්න දඟලන, අම්මගේ සංගීත ලෙඩේ ඒ විදියටම තියෙන, රෑට ගෙවල් වලට ඇවිත් සතුට හොයන, අණදීලා පඩි වැඩි කරන්න , බඩු මිල අඩුකරන්න පුළුවන් කියල හිතන, ආර්යාව මැදුරේ තියල වෙනම ජීවත් වුන තාත්තගේ ලෙඩ තියෙන, බොත්තමකින් රටේ තොරතුර දැනගන්න හිතන පිස්සු මිනිහෙක් ට චන්දෙ දෙන්න අපට පිස්සුද ?

:       0       0

අබිලින් Tuesday, 22 October 2019 11:18 AM

මෙම පුහුණුවට ගෙන තියෙන්නේ දැනටමත් සේවයේ සිටින පිරිසක් වගේ පේනවා.මෙහිදී කරල ඇත්තේ පුහුණුවක් දීම පමණයි.මෙවඅනි අන්තගාමී කටයුතු රටේ දියිණුවට හානියක්.අපි හිතමු එකම වර්ෂයක ජනාධිපතිවරණයත් මහ මැතිවරනයත් පවත්වා ඊළඟ වර්ෂයේ පළාත් සභාත් පළාත්පාලන මැතිවරණත් පවත්වනවා කියල.මෙම එක් මැතිවරණයකට මාස 4 බැගින් ගතකලොත් එක වර්ෂයකට මාස 8 ක් සංවර්ධනය අඩාල වෙනවා.අවුරුදු දෙකට මාස 16 ක් වෙනවා.කොමිසමේ පිරිස්වලට තේරෙන්නේ නැද්ද මෙයින් උත්තරීතරයි කියන පාර්ලිමේන්තුව අකර්මන්‍ය වෙනවා කියල.

:       0       0

රනිදු Tuesday, 22 October 2019 01:10 PM

මේ මැතිවරණ නිලධාරීන්ට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ එක එක අපේක්ෂකයන්ට කඩේ යමින් මිනිසුන්ගේ ඔළු වලට කරන බලපෑම පේන්නේ නැහැ. මේ පොඩි දෙයක් අල්ලං දගලනවා. මැකෝගේත් විසිල් විතරයි,බල්ටි නැහැ.

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 44 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1007 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1827 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2043 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1035 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 981 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site