(ශිරාන් රණසිංහ)
හමුදා සෙබලෙකුගේ නිල ඇඳුම ගැලවීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇතැයි ද තමාට හිමි වී ඇති ෆීල්ඩ් මාෂල් තනතුරද අහෝසි කිරීම සඳහා විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුව ඇතැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
තමාගේ ෆීල්ඩ් මාෂල් තනතුර පිළිබඳ ඇතැම් පුවත් පත් වල එක එක කතා ඵල වී තිබුණද ඒවා පිළිබඳව තමා සත්‍ය නොදන්නා බවද කියා සිටියේය.
තමාගේ ෆීල්ඩ් මාෂල් තනතුර අහෝසි කිරීමට තමා යුද්ධාධිකරණයට ගොස් එය කළ යුතුව ඇතැයි ද එයත් සම්ප්‍රධායික දීර්ඝ ක්‍රමවේදයක් යැයි ද පැවැසීය.
මේ රටේ හමුදාපතිවරයා විවේචනය කිරීමට හෝ හමුදාවේ අඩුපාඩු පෙන්වාදීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇතැයි ද ඒ අයිතියට අනුව තමා යම් යම් ප්‍රකාශ කළ බවද කියා සිටියේය.
ජනාධිපතිවරයාට අදාලව මතු ව ඇති කුමන්ත්‍රණ සිද්ධිය පිළිබඳ විධිමත් මා සාධාරණ පරීක්ෂාවක් කළ යුතු බවද ෆොන්සේකා මහතා පැවැසීය.
සත්‍ය කියන්නේ අදාල කුමන්ත්‍රණයක හෙළි කළ පුද්ගලයාද නොමැති තමා නියෝජ්‍ය පොලිස්පත්වරයාද යන්න හෙළි කරගෙන වැරදිකරුට දැඩි දඬුවම් ලබා දිය යුතු බවද ඒ මහතා පැවැසීය.
මෙම කුමන්ත්‍රණය සත්‍ය එකක් නම් එය රටේ ආරක්ෂාව පිළිබඳව අසතුටුදායක ආරංචියක් බවත් තමාට නීතිය හා සාමය ඇමතිකම ලැබුණේ නම් මෙවැනි දෙයක් මතු වීමට ඉඩ නොදෙන බවද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තවදුරටත් පැවැසීය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සෙබළෙකුගේ නිල ඇඳුම ගැලවීමට ක්‍රමවේදයක් තියෙනවා
Hafeel Wednesday, 19 September 2018 01:53 AM
මෙතුමා රටට කල කැපවීම ගැන මම මෙතුමාට ඉතා ගරු කරනවා. නමුත් මෑතකදී මෙතුමා ප්‍රසිද්ධයේ කරන විවේචන එතරම් සතුටුදායක නොවේ. හමුදාපති විවේචන කිරීම හෝ හමුදාව සම්බන්ද අඩුපාඩු පෙන්වාදීම ප්‍රසිද්ධයේ නොකළයුතුය.