IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සීනි කිලෝවක උපරිම සිල්ලර මිල ඉවතට

(මහින්ද නිශ්ශංක)

සුදු සීනි කිලෝවක් අලෙවි කිරීම සදහා නියම කර තිබූ රුපියල් 100 ක උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉවත් කර තිබේ.

අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ (28) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි සුදු සීනි පාලන මිල ඉවත් කර තිබේ.          

සීනි කිලෝවක් මෙරටට ගෙන්වීමේදී රුපියල් 115 කට වඩා වැඩි මිලක් වැයවීම හේතුවෙන් මෙම උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට සිදුවී ඇතැයි පාරිභෝගික අධිකාරියේ ප‍්‍රකාශකයෙක් පැවසීය.         

මේ වන විට අද (29) වන විට සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 112 ක් පමණ වෙතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.   

මේ අතර සීනි කිලෝවක සිල්ලර මිල අද (29) රුපියල් 120, 125 වශයෙන් පැවති අතර ලංකා ස.තො.ස මගින් සුදු සීනි කිලෝවක් රුපියල් 119 කට අලෙවි කෙරිණි.

සීනි තොග මිල ඉහළයාමට හේතුවී ඇත්තේ ඩොලරයේ අගය ඉහළයාමත්, දැනට ලොව පුරා පැතිර පවතින කොරෝනා වයිරසය හේතුවෙන් සීනි ආනයනය කිරීමේදී නැව් ගාස්තු සහ ප‍්‍රවාහන ගාස්තු ඉහළයාමත් නිසා බව පවසන තොග වෙළෙන්දෝ සීනි මෙට්‍රික්ටොන් එකක මිල මේ වන විට ඩොලර් 390ත් 400ත් අතර පවතින බව ද කියා සිටිති.



අදහස් (26)

සීනි කිලෝවක උපරිම සිල්ලර මිල ඉවතට

anshka Wednesday, 29 April 2020 10:25 AM

කොහෙවත් සිනි 100 ට නෑ , අපි ගන්නේ 140 ට කඩවලින්...

:       0       52

Indika Wednesday, 29 April 2020 10:44 AM

ජාත්‍යන්තර වෙළදපලේ සීනි මිල මාස ගානක ඉදන් අඩු වෙනවා. කොරෝනා නිසා සීනි මිල වැඩි වෙලා නෑ . අඩු වෙලා තියෙන්නෙ. ඕන කෙනෙකුට මේ තොරතුරු ගන්න පුළුවන් නිල මුලාශ්‍ර තියනව ඉන්ටර්නෙට් එකේ. නමුත් ඩොලරයේ අගය ඉහල ගිය එක බලපානවා. අද ටොන් එකක මිල (ප්‍රවාහන සහ අනිකුත් පිරිවැය නැතිව) ඩොලර් 309 ක් වගේ. ඒ කියන්නේ කිලෝ එකක් රුපියල් 61 ක් වගේ. එතකොට පාරිබෝගිකයට රුපියල් 100 දෙන්න පුළුවන් අධික ලාබයක් ගන්නේ නැත්නම්. කොහොම උනත් රුපියල් 110 කියන්නේ සාමාන්‍ය සාධාරණ මිලක් කියලයි මාගේ අදහස.

:       2       28

DASTHAA Wednesday, 29 April 2020 11:09 AM

මේ ඔක්කොම කිය්න්නේ පච... බොරතෙල් අඩු වුණා නම් කොහොමද නැව් ගාස්තු වැඩිවෙන්නේ ?

:       0       63

Buddika Wednesday, 29 April 2020 11:15 AM

අපරාදේ මිල පාලනය ඉවත් කළේ? චන්දේ ඉවර වෙනකල් හිටියනම් ඉවරනේ.

:       0       57

ajith Wednesday, 29 April 2020 12:36 PM

මේ දවස්වල බියගම මල්වාන ප්‍රදේශයේ වෙළඳ සල්වල සීනි මිල කිලෝ 01 ක් රුපියල් 130/- සිට 145/- දක්වා මිලටයි වික්කේ. මිල පාලනය ඉවත් කල නිසා සීනි කිලෝ 01 රුපියල් 150/- ත් ඉක්මවයි වගේ. මේ මිල ගමේ ජනතාවට දරා ගන්න හැකිවේදැයි රජය සිතනවා නම් සුදුසුයි. නැතිනම් ජනතාව කබලෙන් ලිපට වැටුන වගේ වෙයි. සහල් මිලත් හොඳටම වැඩිවෙලා තියෙනවා. වියලි මිරිස්, කොත්තමල්ලි, සූදුරු මිලත් ඉහල ගිහින්.

:       0       152

chandimaWednesday, 29 April 2020 01:59 PM

සිනි අගුණ දෙයක්.බීම අඩුවෙන තරමට නිරෝගී වෙනවා. අර කවුද කියලා තිබුනට මිරිස් ලංකාවේ ඕනෑම තැනක වැවෙනවා, පෝච්චිවල ටින් බෙලෙක්ක වල උනත් හිටවන්න පුළුවනි, මලාට මිරිස් පලයක් හිටවන්නේ නැතිව ඒ ගැන කියා කියා හුල්ලනවා. කවදානම් ගොඩ යයිද?

:       314       1

saaliThursday, 30 April 2020 09:42 AM

මිරිස් හිටවලා, වේලලා කුඩු කරලා, තේ වලට දාලා බොන මහත්තයෙක්... හොඳ නිරෝගී කෙනෙක්..., පරිප්පුත් හිටවන්න.., උරෙක්, කුකුලෙක්, හරකෙකුත් ගෙදර හදා ගන්න ..

:       0       159

BamunuarachchiThursday, 30 April 2020 02:34 PM

එ්ක තමයි නේද මහත්තයෝ. ඒ එක්කම කුඹුරකුත් කොටාගෙන, තේ ගස් ටිකකුත් වවාගෙන, පොල් ගස් දෙක තුනකුත් වවා ගත්ත නම් සම්බෝලයි, බතුයි කකා කහට තේ බිබී ඉන්න පුළුවන් කිසිම වියදමක් නැතුව. ආ... තව වත්තේ ඉඩ ඉතුරැවෙලා තියේනම් ලුණු ලේවායකුත් හදාගමු... අනේ මෙහෙමත් අපුල්ලන්නෝ.

:       0       79

ගමරාලThursday, 30 April 2020 01:09 AM

අජිත්ට වැරදිලා. ගමේ මිනිහටනම් කිතුලක් නැත්නම් පොල් ගහක් මැදගත්තාම පැණි ටිකක් හදා ගන්න පුළුවන්. නමුත් තෙල්දිය සහ රා නාදුනන පිරස් මේවා රා කියල උසාවි ගෙනයාමට ඉඩ තියෙන නිසා තමයි බයක් තියෙන්නේ.

:       0       5

තාරක Wednesday, 29 April 2020 12:48 PM

වගාකරමු මුඩුඉඩම් වවමු... උක්ගසුත් වගාකරමු හදමු සීනි. ජනධිපතිතුමනි, වෙලඳුන් හා සම්බන්ධවී මේ ප්‍රධාන පක්ශදෙකේම අය පිටරටින් සීනිගෙන්වා අපරටේ තිබූ සීනි කර්මාන්තය විනාසකලා. ලන්කාවේ සීනි කර්මාන්ත පිහිටවූ මුල්කාලයේ රටගැන කැක්කුමක් තිබූ නායකයින් සිටි නිසා ඒවා දියුණු උනා. ඒත් රටේ අභාග්‍යට පසුව ඇතිවූ මැති ඇමතිවරු හිතුවේ රටේ දියුණුව ගැන නොව තම අව්ල ගැනයි. ජනාධිපතිතුමනි, මේ ඔබගේ කාලයයි. නැවතත් නැගෙනහිර යුරෝපීය රටවලින් හෝ චීනයෙන් අපට උදව් ලබා ගැනීමට බලන්න....

:       411       100

mihira Wednesday, 29 April 2020 01:02 PM

මුඩු ඉඩමෙ වගාකරපල්ලා... දැන් සනීපද?

:       115       134

mahinda Wednesday, 29 April 2020 12:48 PM

කෝවිඩ් අස්සේ විහිලු සපයන මිල පාලනය....

:       1       284

vipula Wednesday, 29 April 2020 03:31 PM

තාරකගේ අදහසට ඩිස් ලයික් වැටෙන්නේ ඇයි?

:       130       3

ranaThursday, 30 April 2020 02:32 AM

දැන්ද මතක් උනේ? ඔය වගාව කපන කාලය එනකොට ඕව ඔක්කොම අමතක වෙලා.... හැමදේම සුමාන 2යි... පිට රටවලින් නිකන් කන්නම බලාඉදිවි...

:       0       45

athuraThursday, 30 April 2020 04:14 AM

තාමත් බොරුව විශ්වාස කරමින් අදහස් පලකරන නිසා.

:       0       97

ජයම්පති Wednesday, 29 April 2020 04:14 PM

සිනි විතරද? 65යි කියපු පරිප්පු අද ගත්තෙ කිලොවක් 190ට, එකෙත් මිල පාලනය ඉවත් කෙරුවලු.

:       0       218

Nilantha Wednesday, 29 April 2020 07:49 PM

බැරි දේ නොකරන් අබරෝ කීවලු. මිල පාලනේ කියා චන්දෙ බලාගෙන බඩු මිල අඩු කළාට බයි පොහොට්ටුවෙක් වත් ගත් මිලට අඩුවෙන් දෙන්නේ නෑ. සජිත් රනිල් නොහිටින්න චන්දෙ ගොඩයනවා බොරුයි. බයියනේ උන් දෙන්නට පින් දීලා බොහෝ කල් විපක්ෂේ තියා ගනිල්ලා....

:       0       105

සංජීව Thursday, 30 April 2020 03:41 AM

සීනි විතරක් නෙවෙයි හැමදේකම මිල පාලනය රජයෙන් ගිලිහිලා. වෙළෙන්දෝ හිතු හිතු ගණන් වලට බඩු විකුණනවා. ආණ්ඩුව රුපියල් 5,000 බෙදලා අත පිහදාගන්න හදනවා. මේ ගණන් වල හැටියට රුපියල් 5000 දවස් 5ක් ජීවත්වෙන්න පුළුවන්. ඒ මදිවට ඇමතිවරු දම්මලා කියවනවා පිටරටින් සතයක්වත් ලැබුනේ නැහැ කියලා. දැන් ඉතින් කොරෝනා පිට දාලා මිනිස්සුන්ගෙන් ගසාකාවි. අනිවාර්යයෙන්ම ජල, විදුලි, ප්‍රවාහන ගාස්තු පවා වැඩිකරයි.

:       0       519

vidya Thursday, 30 April 2020 05:21 AM

දැන්වත් කසිප්පු පෙරන එක නතර වෙයිද ? නැත්නම් කෝපී බීලත් ඉවර වෙයිද ?

:       0       3

සමන් ඕස්ට්‍රේලියාව Thursday, 30 April 2020 06:59 AM

සීනි නැතව මිනිස්සු මැරෙන්නේ නැහැ. දියවැඩියාව නැතුව වැඩි කලක් ජීවත් වෙන්න පුළුවන්ම. මම අවරුදු 30 කින් විතර සීනි කාලා නැහැ. මිරිස් පැළයක් හිටවන්නේ නැතිව අපේ මිනිස්සු මිරිස් මිල ගැන කියා කියා හුල්ලනවා.

:       279       2

BamunuarachchiThursday, 30 April 2020 02:40 PM

ඔහේ නම් සීනි විතරක් නෙවෙයි පහුගිය අවුරුදු 30ම වෙන කිසිදෙයක් නොකා අමු කාල විතරක් ජීවත්වෙලා වගේ...

:       0       145

KumarFriday, 01 May 2020 02:22 AM

මමත් වසර 10කින් සිනි සමග තේ බීලා නැහැ. අපේ දරුවනුත් තේ සමග සිනි බොන්නේ නැහැ.. උදේ තේ කෝප්පයට සිනි දමන්නේ අපේ හාමිනේ විතරයි. ලංකාවේ වැඩිදෙනා මි පැණි වගේ තේ බොන්නෙ. සිනි පාවිචිය අඩු කලොත් ශරීරයට හොඳ බව ඇත්ත. නමුත් බත් කෑම අඩුකලොත් ඊට වැඩිය හොඳයි. මේක එක ගමනින් කරන්න පුලුවන් දෙයක් නොවේ. සිනි බිම, බත් කෑම ටිකටික අඩු කරන්න.

:       0       0

ranaFriday, 01 May 2020 03:14 AM

ඔහේ එහෙමද? සිනි නැතිව තේ බොන්නම් ! මිරිස් නැතිව හොදි කන්නම් , අපේ නම් එහෙම තමා.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 30 April 2020 08:33 AM

ඔන්න ඒ පාර සීනි වලටත් කොරෝනා හැදිලා. අපේ ආචාරිය බන්දුල උන්නැහේ ළඟදීම කියාවි දියවැඩියාව නතර කර ගැනීම සඳහා සීනි නැතුව කහට කෝප්පය බොන්න කියල. දැන් ඉතින් ගමේ කරෝලිස් ගොයියාගේ පොල් අතු තේ කඩේ ඉඳන් තරු පහේ ආපනශාලා දක්වාම තේ කෝප්පේ මිල යන එක නම් නවත්තන්න බැරි වේවි. දැන් ඔබට සතුටුද ? දැක්කද බයියලගේ වැඩ කියල අරයා අහවි !!!

:       0       201

Ramendra Thursday, 30 April 2020 01:35 PM

තෙල් මිල = පරිප්පු කියලා ජනතාව අන්දුවා රටේ නායකයා .

:       0       80

සංජීව Thursday, 30 April 2020 02:47 PM

සීනිවල පාලන මිල ඉවත්කරලා නේද? එතකොට අර චන්දේ ප්‍රකාශ කරනවත් එක්කම අඩු කරපු සැමන්? පරිප්පු? දැන් ඒ ගානට තියෙනවද? නැහැ නේද? දැන් පැහැදිලියි නේද ඒවා අඩුකරේ චන්දෙට කියලා? චන්දේ කල්ගිය ගමන් ඒවා වැඩි කරා. දැන් අඩුවුණ ඉන්ධන මිලේ වාසිය දෙන්නේ මොකෙන්ද? හැමෝම හැමදාම කරේ අපිව රැවැට්ටුව එක...

:       0       105

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 226 0

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 155 0

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 213 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 674 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 239 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 232 3

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 552 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site