IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෑම අමාත්‍යාංශයකටම සේවක සබඳතා සහකාර ලේකම්වරයෙක්

(අජන්ත කුමාර අගලකඩ)

සෑම අමාත්‍යාංශයකටම වෘත්තීය සමිති හා සේවක සබදතා සඳහා සහකාර ලේකම්වරයකු බැගින් පත් කිරිමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

කාර්ය මණ්ඩල නියෝජිතයන් පරිපාලන කටයුතු සඳහා සහභාගී කර ගැනීමට සහ අමාත්‍යාංශවල හා ඒයටතේ ඇති ආයතනවල වෘත්තීය සමිති  සම්බන්ධීකරණ කටයුතු විධිමත් කර ගැනීම සඳහා මෙම නව තනතුර ඇති කෙරෙන අතර, එය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන තනතුරක් ලෙස ස්ථාපිත කෙරේ.



අදහස් (4)

සෑම අමාත්‍යාංශයකටම සේවක සබඳතා සහකාර ලේකම්වරයෙක්

Champa Sunday, 19 January 2020 03:23 PM

පරිපාලන සේවයේ නොවෙන කියන්නේ දේශපාලන තනතුරක්... හොඳයි වැඩේ. හමුදා නිලධාරියෙක් නොවුණොත් තමයි පුදුමේ... සේවකයින් සහ වෘත්තීය සමිති නායකයින් බිය ගන්වන්න කරන වැඩක්. මේක තමයි නියම පාවාදීම්. ඉස්සෙල්ලම කරන්නේ තමන්ව බලයට ගේන්න දර දිය ඇදපු මිනිස්සුන්ව මර්ධනය කරන ක්‍රම ක්‍රියාත්මක කිරීම. කැබිනට්ටුව අනුමත කළාද මම දන්නේ නැහැ. අර රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සියලුම ව්‍යාපෘති සහ වැඩසටහන් (මූල්‍ය ව්‍යාපෘතිද ඇතුළත්ව) මෙහෙයවීම සහ අධීක්ෂණය ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ ආයතනයට (ICTA) පවරා දීම සම්පූර්ණයෙන්ම වැරදියි. මිනිස්සු විරුද්ධ වුණාම ඒක නැවැත්තුවා. එදා ඒකාබද්ධ විපක්ෂයත් ඊට විරුද්ධ වුණා. ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ ආයතනයට කරන්නේ දේශපාලන පත්වීම්. එවැනි ආයතනයකට රජයේ කටයුතු කරන්න දෙන්න බැහැ. ඒක සම්පූර්ණයෙන්ම රජයේ ආයතන සංග්‍රහයට සහ මුදල් රෙගුලාසි වලට විරුද්ධයි. අපක්ෂපාති රාජ්‍ය සේව්‍ය පෞද්ගලික ආයතනයක පිරිසක් විසින් පාලනය කිරීම ජනාධිපති නියෝගයකින් කරන්න බැහැ. මේක කළොත් කවදා හරි යූටර්න් ජනාධිපතිට විරුද්ධව නීති මගින් කටයුතු කළ යුතුයි.

:       165       86

ranaMonday, 20 January 2020 05:33 AM

මක්කයි වුනේ? එදාමෙදා තුර වෙනස... දැන්වත් පේනවා නම් කොහාටද යන්නේ කියා? තවමත් කුඩා අවස්ථාවක් ඇත.

:       0       1

නලින් Monday, 20 January 2020 02:46 AM

තමන්ගේ අයට ජොබ් එකක් දෙන්න හැම ආණ්ඩුවකින්ම කරන වැඩක් මේක. ගෝඨාභයගේ ආණ්ඩුව කියලා වෙනසක් නෑ එයත් කරන්නේ පරණ දේම තමයි. ටිකක් වෙනස් විදියකට...... මේ තනතුරෙන් සේවකයින්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. අපරාදෙ මහජනතාවගේ සල්ලි......

:       42       6

vidya Monday, 20 January 2020 03:40 AM

දැනටමත් කෙරෙන දෙයක් තමයි ලංකාවේ අවුරුදු ගනම් බලාගෙන ඉන්න නිලධාරීන් අතහැරලා, පිට රට වලින් ඡන්දෙට වැඩ කරන්න ආපු මිනිසුන් හට නොයෙක් පත්වීම් දීලා විදේශ සේවය සඳහාත් කිසිම පරිපාලනයක් නොදන්නා අය පත් කිරීම අපි අනුමත නොකරන දේවල් . සමහරු අටවත් පාස්ද දන්නේ නැහැ .

:       43       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 108 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 151 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 425 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 174 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 330 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 735 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site