IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සාමාන්‍ය පෙළ අසමතුන්ට විෂය ධාරාවක්

(රංජන් කස්තුරි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අසමත් සිසුන් වෙනුවෙන් හඳුන්වාදුන් නව විෂය ධාරාව ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

උසස් පෙළට හඳුන්වාදුන් එම විෂය ධාරාව ‘වෘත්තීය විෂය ධාරාව‘ ලෙස නම්කර තිබෙන අතර ඉකුත් 2016 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට නව විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදැරිය හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

සාමාන්‍ය පෙළ අසමත් හෝ ගණිතය අසමත් සිසුන්ට වෘත්තීය විෂය ධාරාව හැදැරිය හැකි අතර පළමු පියවරේදී රටපුරා තෝරාගත් පාසල් 42ක සිසුන් 5000ක් තෝරාගෙන එම වැඩ පිළිවෙල ආරම්භ කරන බවද එම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.



අදහස් (13)

සාමාන්‍ය පෙළ අසමතුන්ට විෂය ධාරාවක්

Gamini Mthara Arachchi Thursday, 21 September 2017 11:37 AM

නියමයි...!!! අනාගතේ දිහා බලලා ගත් තීරණයක් ඇමතිතුමනි, ඔබ නිවැරැදියි.

:       1       242

aravinda Thursday, 21 September 2017 12:34 PM

මෙය ඉතාමත් හොඳ, දුර දිග දැක්මක් ඇති වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල රටේ සියලු පාසල් වලට ව්‍යාප්ත වී සාර්ථක වේවායි ප්‍රර්ථනා කරමි.

:       0       266

දිලංක Thursday, 21 September 2017 01:14 PM

මේවා තමයි හොඳ තීරණ... දැන් කවදා ඉඳලද මේක ක්‍රියාත්මක වෙන්නේ... කොහෙන්ද ඉඩ හොයාගන්නේ? කොහොමද ක්‍රියාත්මක කරන්නේ ..? සැලසුමත් මේ ප්‍රවෘත්තියට එකතු කරන්න ඕනෑ නේද?

:       1       24

Jay Thursday, 21 September 2017 02:19 PM

සා.පෙළ සමත් වුණ ළමයිගෙන් කොටසක් උ.පෙළේදී අසාර්ථක වෙනවා. එතකොට මෙම වෘත්තීය පුහුණුව ලබන ළමුන් රැකියාවකට සූදානම්... උ.පෙළ අසාර්ථක දරුවාට වඩා මොහුන් ඉහළින් .... ඒ වගේම සමහර කැම්පස් ගිය දරුවන් පවා මොවුන්ගේ ව්‍යාපාරික සේවකයන් විය හැකියි. ඉතාම දූරදර්ශී තීරණයක්...

:       0       44

Raveendra Thursday, 21 September 2017 03:16 PM

හොඳ අදහසක්. මෙය වඩාත් වෘත්තීය නැඹුරුවක් සහිතව ගෙනඒමට හැකිනම් එමගින් උපාධිය දක්වා අධ්‍යාපනය ලබාගැනීමට ලක්මවගේ දරුවන්හට අවස්ථාව උදාකිරීම වඩාත් යෝග්‍යවේ.

:       0       23

Sena Thursday, 21 September 2017 04:04 PM

ඉතා හොඳ දෙයක්. මෙම අධ්‍යාපන ඇමතිතුමා සහ නිලධාරීන් යම්කිසි අනාගත දැක්මක් සහිතව වැඩ කරන බව පේනවා. අනික් ඇමතිවරුන්ටත් ආදර්ශයක්.

:       6       61

Senavi Thursday, 21 September 2017 07:53 PM

අපොස සාමාන්‍ය පෙළ විභාගෙන් සමත් වුනේ හතරපාරක් කරලා. උසස් පෙළ සමත් වුනේ තුන්පාරක් කරලා. මම දැන් කැලිෆෝනියාවේ (USA ) සරසවියක භෞතික විද්‍යා මහාචාර්ය වරයෙක්. විභාගෙකින් කෙනෙකුගේ බුද්ධිය මනින්න බැහැ. හැමෝටම දෙන්න ඕනේ අවස්තාවක්. ගත්තු තීරණේ හොදයි. ස්තුතී .

:       0       28

jerami Friday, 22 September 2017 12:12 AM

ඉතාම හොඳ දැක්මක් ඇති වැඩක්. අනිවාර්යේම විය යුතු දෙයක්. පරක්කු වෙලා හරි මේ ගත් තීරණය ඉතාමත් හොඳයි. .

:       0       2

Appuhami Friday, 22 September 2017 03:25 AM

මේ අධ්‍යාපන අමාත්‍යංශය ඉතාමත් නිර්මාණශීලී විදිහට වැඩකරනවා....ඔබට සුභ පතනවා...

:       0       1

ravin Friday, 22 September 2017 03:35 AM

මේවගේ වැඩ සටහනකට දැනට අවුරුදු හතළිහකට වඩා උඩදී සහබාගි වෙච්ච කෙනෙක් හැටියටයි මේ කියන්නේ. බොහොම පරක්කුවෙලා හරි මේවගේ වැඩපිළිවෙලක් කරන එක ලොකු යහපතක්. මනා කළමනාකර්ත්වයක් ඇතුව කලොත් අපේ රටේ වගේම පිටරටවල අවශ්‍යතාවයන්ද යම් අයුරකින් සපුරාලිය හැකියි. බොහෝ අය දන්නා දෙයක් තමයි අද හරි දැනුමක් ඇති සේවකයෝ ඉතාම අඩුයි. හොඳ මෙසන් බාස් කෙනෙක්, වඩු බාස් කෙනෙක් , මෝටර් කාර්මිකයෙක්, හොයාගන්න එක කොච්චර අමාරුද කියල. ගෑණු ළමයිට උයා පිහගන්න, තමන්ගේ ඇඳුමේ කැඩුණු බොත්තම මහගන්න බැහැ. එතකොට කෘෂි අංශය, ඉස්සර වගා නිලධාරීන් තමයි ගොවියට උපදෙස් දුන්නේ. අද? කොම්පැනියේ වෙළෙඳ මහතා. වස විස හැම තැනම. ඔක්කොන්ටම වැඩිය හොඳදේ තමයි දැනට තරුණ පරපුර යන අගාදයෙන් ගැලවෙන්න මගක් හදල දෙන එක.

:       0       48

Ramesh Friday, 22 September 2017 06:02 AM

මේක වැරදි තීරණයක් මේවා කරන්න එපා මොකද 2014 න් පස්සේ ලියපු ළමයින්ට හරි අසාධාරණයක් වෙනවා ඒක හරිද

:       3       0

suranga Friday, 22 September 2017 06:02 AM

සුපිරි වැඩක්. උසස් පෙළ අසමත් ළමයිට‍ මේ වගේ පාඨමාලාවක් ගෙනාවොත් හොද නැද්ද .

:       0       1

Nuwan Friday, 22 September 2017 06:50 AM

රටේ පුහුණු ශ්‍රමික හිඟයට පිළියමක් . අත්‍යවශ්‍ය දෙයක් , පළපුරුදු මේසන් , වඩු යකඩ පෑස්සුම් ජලනළ මෙකි නොකී දහසක් අංශවල පුහුණු ශ්‍රමික හිඟයක් තියනවා. වසර ගණනක් ඉදිකිරීම් කරන මම දන්නවා අත්දැකීමෙන්ම. ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්වන්න ඕන නැහැ . අපේ ලංකාවේම දක්ෂයෝ බිහිකරගත්තම .. විභාග අසමත් හැම තරුණයම ත්‍රී විල් එලවන්න ඕන නැහැ .. ජයවේවා

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 22 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 832 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1534 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1746 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 921 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 872 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site