IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ස්පේස්-එක්ස් රොකට්ටුව පුපුරා යයි


සාර්ථක ගුවන් ගමනකට සහ ගොඩබෑමකට පසුව, ස්පේස්-එක්ස් රොකට්ටුව පෘථිවියේදී පුපුරා ගියේය. මිනිසුන් රහිත රොකට්ටුවක් වන මෙය බදාදා පුපුරා ගියේ සාර්ථක ගමනික්න පසුවය. 

ස්ටාර්ෂිප් රොකට්ටුවේ මූලාකෘතියක් වැනි වූ මෙම ස්පේස්-එක්ස් රොකට්ටුව, කවදා හෝ අඟහරු වෙත මිනිසුන් ගෙන යාමට බලාපොරොත්තුවෙන් නිර්මාණය කරන ලද්දකි. 

පරීක්ෂණ ගුවන් ගමන සම්බන්ධයෙන් කළ සජීවී විකාශනයකදී “ලස්සන මෘදු ගොඩබෑමක්” යැයි ස්පේස්-එක්ස් විචාරකයෙක් පැවසීය.  එහෙත් ඒ සමගම පතුලේ ගිනිදැල් පිටවන ආකාරයක් පෙනෙන්නට තිබිණ. කාර්ය මණ්ඩලය ඒවා පිටතට දැමීමට උත්සාහ කළද, මිනිත්තු කිහිපයකට පසු රොකට්ටුව පුපුරා අහසට විසිවී නැවත බිම ඇද වැටුණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් ස්පේස්එක්ස් කණ්ඩායම කඩිනම් පැහැදිලි කිරීමක් දී නැත.

"ස්පේස්එක්ස් කණ්ඩායම විශාල වැඩ කොටසක් කරනවා! යම් දවසක සාර්ථකත්වයේ සැබෑ මිනුම වනුයේ ස්ටාර්ෂිප් ගුවන් ගමන් සාමාන්‍ය දෙයක් වීමයි" යයි ස්පේස්එක්ස් කණ්ඩායමේ නිර්මාතෘ එලෝන් මස්ක් මහතා පැවසීය. 

රොකට්ටුව අහසට නැඟී සැතපුම් හයක (කිලෝමීටර 10) උසකට ළඟා වූ අතර එහි එන්ජින් තුන ක්‍රමානුකූලව වසා දමන ලදි. පසුව එය තිරස් අතට පිහිටුමක් ලබාගත් අතර නැවත පැමිණීමට පෙර සිරස් බවට පත්ව පහළට ගමන් කළේය. 

- අඟහරුට හෝ සඳට -

ස්පේස්එක්ස් නිර්මාතෘ එලොන් මස්ක් අඟහරු ග්‍රහයා වෙත යාම සඳහා ඊළඟ පරම්පරාවේ ස්ටාර්ෂිප් රොකට්ටුව සංවර්ධනය කරමින් සිටියි. එහෙත්, මූලාකෘති දෙකක් (එස්එන් - 8 සහ එස්එන් - 9) දෙසැම්බර් සහ පෙබරවාරි මුලදී ඔවුන්ගේ පරීක්ෂණ ගුවන්ගත කිරීම් වලදී පුපුරා ගියේය. රොකට්ටුව ක්‍රියාකාරී වුවහොත්, අඟහරු ග්‍රහයා වෙත පමණක් නොව, විශේෂයෙන් සඳ වෙත සමීප චාරිකා සඳහා ද ප්‍රයෝජනවත් වේ.

මෙක්සිකෝව සහ මෙක්සිකෝ බොක්ක දේශ සීමාව අසල දකුණු ටෙක්සාස් හි ස්පේස්-එක්ස් විසින් බදු ගෙන ඇති පාළු ප්‍රදේශයක මෙම පරීක්ෂණ සිදු වේ.  මෙම ප්‍රදේශය විශාල හා හිස් බැවින් අනතුරකින් හෝ පිපිරීමකින් හෝ වෙනත් හානියක් මාරාන්තික අනතුරක් සිදු නොවේ. 

2023 දී කඩිනමින් දියත් කිරීමට අපේක්‍ෂා කරන ස්පේස්-එක්ස් අභ්‍යවකාශ ගමන් සඳහා ජපාන ප්‍රකෝටිපතියෙකු මෙන්ම විලාසිතා ව්‍යාපාරිකයකු වන යූසුකු මේසාවා හෙළිදරව් නොකරන ලද නමුත් අති විශාල මුදලක් ගෙවා තිබේ. තමන් සමග එම අභ්‍යාවකාශ ගමනට එක්වන ලෙස ඔහු තවත් 8 දෙනකුට ආරාධනා කර සිටී. 

“අපි ස්ටාර්ෂිප් සමඟ බොහෝ වාරයක් කක්ෂයට පැමිණ තියෙනවා. ස්පේස්-එක්ස් 2023 වන විට මිනිස් ප්‍රවාහනයට ප්‍රමාණවත් වනු ඇති බවත් මට විශ්වාසයි. එය  පොරොන්දුවක්“  

එලෝන් මස්ක් මහතා පැවසීය. මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගිය පළමු පුද්ගලික අභ්‍යවකාශ යානාව ස්පේස්-එක්ස් වනු ඇත. 

(ඡායාරුප - ඒඑෆ්පි සහ රොයිටර්)



අදහස් (3)

ස්පේස්-එක්ස් රොකට්ටුව පුපුරා යයි

Tharindu Perera Thursday, 04 March 2021 07:11 AM

උත්සාහවන්තයා අනිවාර්යයෙන්ම ජය ගන්නවා..!

:       1       15

බණ්ඩා Thursday, 04 March 2021 11:52 AM

කවුද කිව්වේ බදාදා එස්.එන්.10 ස්ටාර්ශිප් පරීක්‍ෂණ ගුවන් ගත කිරීම අසාර්ථක වුණා කියලා? එස්.එන්.8 සහ 9 න් පස්සේ කළ සාර්ථක වූ අත්හදා බැලීම වුනේ 10. එය සාර්ථක ලෙස ටෙක්සාස් ගොඩබැසීමේ පථයටම නැවත ගොඩ බැස්සා. පුපුරා ගියේ නෑ. හොයලා බලන්න.

:       3       6

Bamunuarachchi Saturday, 06 March 2021 02:12 AM

ආ පිපිරුනාද? හ්ම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 11 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 749 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1379 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1585 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 862 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 807 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site