IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ස්කූබා සඟරාවෙන් 2020 වසරේ සාගර වීරවරිය ලෙස ආශා ඩී වොස් නම්කරයි

(තිළිණි ද සිල්වා)

සුප්‍රකට ස්කූබා ඩයිවින් නම් සගරාව විසින් “ 2020 වසරේ සාගර වීරවරිය ” ලෙස මෙරටින් බිහිවූ ලෝක ප්‍රකට සාගර විද්‍යඥවරියක වන  ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය නම් කරනු ලැබ ඇත.

එම නම් කිරීමට අමතරව ලාංකික සාගර විද්‍යාඥවරිය සිදුකළ සාගර පර්යේෂණය වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් 5000 ක මුදල් ත්‍යාගයක්ද ඇයට සහ ඇයගේ ඕෂන් වෙල් නැමැති අධ්‍යයන ආයතනට පිරිනැමීමට එම සගරාව  තීරණය කරනු ලැබ ඇත.

“ 2020 වසරේ සාගර වීරවරිය ” නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය කියා සිටියේ සාගර සංරක්ෂණ ක්‍රියාවලියේදී එයට කැපවන සහ සංරක්ෂණය කළ යුතු අංග හඳුනා ගෙන ඒවාට විසඳුම් සොයන පිරිසක් රටකට ඉතාමත් වටිනා බවය. එවැනි අයට නිසි මාර්ගෝපදේශනයක් ලබා දිය යුතු යැයිද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

සාගර විද්‍යා විෂය තනිව ඉගෙන ගනු ලැබු අයෙකු ලෙස , සාගරය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසට උදව් කිරීම සේම , සාගර සංරක්ෂණය පිළිබඳ ඇල්මක් ඇති අයට මේ අවස්ථාව හොඳ උත්තේජනයක් වනු ඇතැයිද ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

ප්‍රකට අත් ඔර්ලෝසු සන්නාමයක් වන සීකෝ ආයතනය විසින් ඇයට මෙම මුදල් ත්‍යාගය පිරිනමා ඇති අතර එම සමාගම අදාළ මුදල් ත්‍යාගය ලබා දෙමින් සදහන් කර ඇත්තේ සාගර පරිසරය සුරැකීම වෙනුවෙන් ආශා ඩි වොස් මහත්මිය සහ සාගර විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් වෙනුවෙන් මෙය ලබා දෙන බවය.

ආශා ඩි වොස් මහත්මිය ඉකුත් ඔක්තෝබර් මාසයේදී  මෙරට පානදුර වෙරළ තීරයට ගොඩ ගැසූ සියයකට ආසන්න නිල් තල්මසුන් සංඛ්‍යාවක් යළි මුහුදට හරවා යැවීමේ කර්තව්‍යයට සහභාගී වූ ප්‍රධාන  සාගර විද්‍යාඥවරිය ඇයවූ අතර ස්කූබා ඩයිවින් සගරාව විසින්  “ 2020 වසරේ සාගර වීරවරිය ” ලෙස  ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය නම් කිරීමට එය හේතුවක් ද වී ඇත.



අදහස් (3)

ස්කූබා සඟරාවෙන් 2020 වසරේ සාගර වීරවරිය ලෙස ආශා ඩී වොස් නම්කරයි

fairoos Wednesday, 02 December 2020 02:30 PM

ආඩම්බරයි ... සුබපැතුම්...!!!

:       0       40

aruna Thursday, 03 December 2020 08:25 AM

සුබපැතුම්... !!!

:       0       2

විජිත් Thursday, 03 December 2020 10:56 AM

ආශා, මගෙනුත් උණුසුම් සුබ පැතුම්. ඔබ වැනි උගත්, අවංක, ඒ වගේම සතුන්ට පරිසරයට පණ මෙන් ආදරය කරන තවත් තරුණ තරුණියන් රැසක් අපේ රටෙන් බිහිකිරීමට ඔබට ශක්තිය සහ දිරිය තව තවත් ලැබේවා. ඔබ ගැන ගොඩක් ආඩම්බරයි...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 96 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 408 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 318 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 247 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 623 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1266 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site