IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සහරාන් සමග පැය දෙකහමාරක් කතාකර රහසිගතව පටිගත කළා

(*** දසුන් රාජපක්ෂ)

මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් සකස් කළ නිබන්ධනයක් මගින් සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා ගැන දැනගෙන සිටි බැවින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවීමට ආසන්න කාලයේ සහරාන් හා මුස්ලිම් අන්තවාදී ක්‍රියා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවෙක් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (9) ප්‍රකාශ කළේය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ රූබි ශාලාවේ පිහිටි විශේෂ කාර්යාලයේදී ඊයේ  (9) රැස්විය.

එහිදී රජයේ නීතිඥ ඇසූ ප්‍රශ්නවලට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරු මෙසේ පිළිතුරු දුන්නේය.

රජයේ නීතිඥ:- ඔබට පැවරී ඇති රාජකාරීන් මොනවාද?
සාක්ෂිකරු:- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම් යම් කොටස් සහ බුද්ධි සමාලෝචන වාර්තාවල  න්‍යාය පත්‍රයන් සැකසීම ඇතුළු රාජකාරීන් රැසක් සිදු කරනවා.

රජයේ නීතිඥ:- බුද්ධි සමාලෝචන රැස්වීමේ ඇති වටිනාකම සහ වැදගත්කම පහදන්න.
සාක්ෂිකරු:- මෙය ඉතාමත් වැදගත් රැස්වීමක්. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බලපාන ආරක්ෂක මණ්ඩල රැස්වීමට පසු පවත්වන වැදගත්ම රැස්වීම මෙයයි. ජාතික ආරක්ෂාවට බලපාන සියලු බුද්ධි තොරතුරු මෙහිදී සාකච්ඡා කෙරෙනවා.

රජයේ නීතිඥ:- මෙම රැස්වීමට න්‍යාය පත්‍රයක් තිබේද?
සාක්ෂිකරු:- ලැබෙන බුද්ධි තොරතුරු සමාලෝචනය කර සටහන් ලබාගැනීම් සිදුකර න්‍යාය පත්‍රය සකසනවා.

රජයේ නීතිඥ:- ඔබ සමග ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි නිලධාරියකු නිසා බුද්ධි සේවාවට සම්බන්ධ කටයුතු කිරීමට ඔහුට අත්දැකීම් තිබුණාද?
සාක්ෂිකරු:- රහස් පොලිසියේ වසර තිස් පහක අත්දැකීම් එතුමා සතුව තිබුණා. නීතිය සම්බන්ධයෙන් ඔහුට ලොකු  දැනුමක් තිබෙනවා. බුද්ධි තොරතුරුවලට අදාළව අපි ලබාදෙන සියලු උපදෙස් ඔහු බාරගත්තා. ඒ අනුව ඔහු කටයුතු කළා.

රජයේ නීතිඥ:- බුද්ධි සමාලෝචන රැස්වීමට ප්‍රථමයෙන් ආරක්ෂක ලේකම්වරුන් සමග ඔබට සාකච්ඡා කිරීමට අවස්ථාව නොලැබුණේ ඇයි?
සාක්ෂිකරු:- වෙනත් කටයුතු කෙරේ වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා බුද්ධි අංශ කළ ඉල්ලීම්වලට යහපාලන රජය යටතේ පත් කළ ආරක්ෂක ලේකම්වරුන් දෙදෙනෙකු අවධානය යොමු කළේ නැහැ.

බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී සාකච්ඡා කරන දේවල් හා කළ යුතු ක්‍රියාමාර්ග ගැන බුද්ධි අංශ ප්‍රධානීන්ට නැවත වරක් අපි දැනුම් දීමක් කරනවා.

ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ සම්පත් ඉතා සීමිතයි. ආරක්ෂක අමාත්‍යාංශයේ සංවිධාන ව්‍යුහයේ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලය නැහැ. රටක් වශයෙන් මීට වඩා ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට නම් ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ පහසුකම් වැඩිකළ යුතුයි.

රජයේ නීතිඥ:-  පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ගැන ඔබ වෙත තොරතුරු ලැබී තිබුණේ කුමන ආකාරයෙන්ද?
සාක්ෂිකරු:- සහරාන්  හෂීම් මුස්ලිම් අන්තවාදී කටයුතු සිදු කළේ අන්තර්ජාලය භාවිතා කර සමාජ ජාලා හරහා ඔහුගේ මතවාදී වැඩ ගැන අපි තොරතුරු එකතු කෙරුවා. ඉන්පසු බුද්ධි සමාලෝචන රැස්වීමට ඒවා ඉදිරිපත්  කළා. විවෘත තොරතුරු හරහා සහරාන්ලා ගැන බුද්ධි තොරතුරු රැස් කරගෙන තිබුණද ඔවුන් කිරීමට යන වැඩ සහ කරමින් සිටි වැඩ ගැන සංවෘත බුද්ධි තොරතුරු මුලින් ලැබී තිබුණේ නැහැ.

බුද්ධි අංශ ලබාදෙන බුද්ධි තොරතුරු ඒ බුද්ධි අංශයේ නමින් අපි ෆයිල්  පවත්වාගෙන යනවා. බුද්ධි දත්ත පරිගණක තුළ ගබඩා කර තිබුණේ නැහැ. සහරාන්ලා පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවා බුද්ධි අංශයේ ෆයිල්වල තමයි  තැන්පත් කර තිබුණේ.

විනිසුරු මඬුල්ල:-  ආගමික අන්තවාදීන් ගැන වෙනම ගොනු පවත්වාගෙන ගියාද?
සාක්ෂිකරු:- එලෙස  නිශ්චිතව සිදුවුණේ නැහැ.

රජයේ නීතිඥ :- සහරාන්ලා ගැන බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී සාකච්ඡා කර තිබුණ ද?
සාක්ෂිකරු :- අපිට ලැබුණු බුද්ධි තොරතුරු න්‍යාය පත්‍රයට ඇතුළත් කර සහරාන්ගේ අන්තවාදී ක්‍රියා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන බව අපි දැනුම් දී සිටියා. අවස්ථා දෙකකදී අපි සහරාන් ගැන න්‍යාය පත්‍රයට ඇතුළත්  කළා. පාස්කු ප්‍රහාරයට පෙර මාර්තු මාසයේදී අපි විශේෂ අවධානයකින් සිටියා. 2013 වසරේ මා මුස්ලිම් අන්තවාදය ගැන නිබන්ධනයක් කර කරුණු අවබෝධ කරගෙන සිටි නිසා සේ කළා.
මගේ නිබන්ධනයට අවශ්‍ය තොරතුරු රැස්කිරීම සඳහා 2013 ඔක්තෝබර් මාසයේ මා තවත් බුද්ධි නිලධාරියකු සමඟ සහරාන් හමුවුණා.  ඒ අනුව මා සහරාන් ගැන හොඳට දැනගෙන  සිටියා. සහරාන්ගේ ක්‍රියා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන බව මුල සිට මා තක්සේරු කර තිබුණා.

විනිසුරු මඬුල්ල:-  ඔබ බුද්ධි අංශ නිලධාරියකු බව හමු වූ අවස්ථාවේ සහරාන් දැනගෙන හිටියද?
සාක්ෂිකරු:- නැහැ. මා අන්ඩකවර් හිටියේ. හමුදා බුද්ධි අංශයේ මෙහෙයුම්වල සිටි අනන්‍යතා හෙළි නොවී තිබූ මුස්ලිම් නිලධාරියකු හරහා තමයි මා සහරාන් හමුවුණේ.

රජයේ නීතිඥ:- ඔබ සහරාන් සමඟ සාකච්ඡා  කළේ මොන මොන කරුණු ගැනද?
සාක්ෂිකරු:- සහරාන් සමග මා පැය දෙක හමාරක් පමණ සාකච්ඡා කළා. රහසිගතව අපේ කතාව මා පටිගත කළා. අනෙකුත් ජාතීන් අතින් මුස්ලිම් ජාතියට බලපෑම් එල්ලවන බව කිව්වා. බොදුබල සේනාවේ ක්‍රියා සහ ඥානසාර හිමියන් ගැනද ඔහු සඳහන් කළා.

මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු ගැන දේශපාලන අධිකාරිය කිසිදු පියවරක් ගන්නේ නැති බව ද සහරාන් කිව්වා. පාඨලී චම්පික හිටපු අමාත්‍යවරයා මුස්ලිම් අන්තවාදය ගැන ලියපු කෘතියක් මෙරට තුළ තහනම් කළ යුතු බවද ඔහු කිව්වා.

 අනෙකුත් ජාතීන්ගේ සංස්කෘතින් සමඟ එකතු වී කටයුතු කිරීමට අනවශ්‍ය  බවද මෙරට තුළ ෂාරියා නීතිය ස්ථාපිත  කොට සියලු දෙනා එම ආගම භාවිතා කළ යුතු බව සහරාන් දැඩිව කියා සිටියා. ලාංකිකයකු ලෙස පෙනී සිටීම ඔහු ප්‍රතික්ෂේප කළා.

මා කළ සොයා බැලීමකදී සෞදි අරාබිය හා ඉරානය හරහා සහරාන්ලාට විදේශ ආධාර ලැබී ඇති බව අනාවරණය කරගැනීමට හැකි වුණා.
විනිසුරු මඬුල්ල:-  අන්තවාදය ත්‍රස්තවාදය දක්වා  වර්ධනය වීමේදී වෙනත්  ජාතියක් ලෙස වෙන්වීම යන කාරණය ඉස්මත්තට පැමිණෙනවා නේද?
සාක්ෂිකරු:- සහරාන් කතා කර තිබුණේ ඒ ගැන තමයි.

විනිසුරු මඬුල්ල:- 2013 දී ඔබ සහරාන් ගැන දැනගත් පසුව ඒ ගැන ආරක්ෂක අමාත්‍යාංශය හෝ බුද්ධි අංශ දැනුවත් කිරීමක් කළාද?
සාක්ෂිකරු:- නැහැ. මේ තොරතුරු දැනුම් දුන්නොත් යුද හමුදාවෙන් පවා මට ඉවත් වීමට සිදුවේවි යැයි  මට යම් අයකුගෙන් උපදෙස් ලැබුණා. 2015 වසරින් එවකට හිටපු රජය අවධානය යොමු කළේ මුස්ලිම් අන්තවාදයට වඩා ජාතීන් අතර  සහජීවනය සහ අවතැන්වූවන් නැවත පදිංචි කරවීම ගැනයි.

විනිසුරු මඬුල්ල:- සහරාන් දැරූ අන්තවාදී මත දරන වෙනත් පුද්ගලයන් ඔබට හමුවුණාද?
සාක්ෂිකරු:-  ඔව්. මා මද්‍රසා පසල්වලට ගියා. මට බොහෝ මුස්ලිම් අන්තවාදීන් හමුවුණා. මද්‍රසා පාසල්වලට විශාල විදේශ ආධාර ලැබී තිබුණා.

ඒ වගේම විදේශීය අන්වාදී දේශකයන් මද්‍රසා පාසල්වලට පැමිණ විවිධ දේශන පවත්වමින් සිටියා. පසු කලෙක විදෙස් දේශකයන් මෙරටට පැමිණීම නියාමනය කළා යැයි කියා සිටියේය.

මෙම ජනාධිපති කොමිසම ලබන සඳුදා (13) යළි රැස්වීමට නියමිතය.



අදහස් (3)

සහරාන් සමග පැය දෙකහමාරක් කතාකර රහසිගතව පටිගත කළා

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 03:13 PM

මේ බුද්ධි අංශ නිලධාරියා මොනතරම් වටිනා සේවයක් අපට කර තිබේද? ඔහුගේ ජීවිතය ගැන හෝ නොසිතා ඔහු සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් හමුවී සාකච්ඡා කොට තිබෙනවා. මෙවන් තොරතුරු තිබියදීත් මුස්ලිම් අන්තවාදයට එරෙහිව කටයුතු නොකළ හිටපු සේනාධිනායකයා තවමත් සුවසේ නිදැල්ලේ සිටී. එහෙත් කොමිසම දිගින් දිගටම කරුණු අවධාරණය කරමින් සිටියි. හිටපු සේනාධිනායකයා මේ කිසිවක් ගණන් නොගෙන ඉදිරි මැතිවරණයට තරග කිරීමට වර්තමාන ජනාධිපතිවරයා හා සමගින් කටයුතු කරනු පෙනේ. එසේනම් මේ කොමිෂන් කුමටද? ඒවායින් සිදුවනුයේ මහජන මුදල් විශාල වශයෙන් නාස්ති වීම නොවේද? කොමිසමේ ඇති වරදක් නැත. එහෙත්, හිටපු සේනාධිනායකයා ඉන්නේ රජයේ පැත්තේය. එබැවින්, ඔහුට ආරක්ෂාවද ඇත්තේය. එසේනම් ඔහුට විරුද්ධව ක්‍රියා නොකොට කොමිෂන් පැවැත්වීමෙන් ඇති ඵලය කිම..? සැබවින්ම මෙවන් වාතාවරණයකදී මෙවැනි කොමිෂන් පැවැත්වීම රටේ මුදල් නැති නාස්ති කිරීමක්ම පමණකි. සත්‍යය එයයි.

:       51       608

BinkunndaaFriday, 10 July 2020 08:44 PM

කිසිවක් සිදුනොවනු ඇත.... එය ඉර හඳ වගේ විශ්වාසයි...

:       0       0

NishanSaturday, 11 July 2020 07:19 AM

හිටපු සේනාධිනායකයා විතරක් නෙවෙයි එයාට කලින් 2013දී හිටපු සේනාධිනායකයාත් වගකියන්න ඕනෑ. මේ විස්තර හෙලි කළොත් හමුදා රස්සාවත් නැතිවෙයි කියන බිය ඇතිවෙලා තියෙන්නේ 2013දීයි. ඒ කියන්නේ සහරාන් 2013දී තිබුණු ආණ්ඩුවේත් කෙරුමෙක් කරුණා අම්මාන් වගේ...

:       425       367

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 133 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 176 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 210 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 398 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1896 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 279 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site