IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් සිසුන් ලියාපදිංචි කිරීමේ තීන්දුව ශ්‍රේෂ්ඨාකරණය තහවුරු කරයි

( තිළිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර )

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් ලියාපදිංචි කරන මෙන් ඉකුත් 2017 වසරේ දී අභියාචනාධිකරණය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය  අද(21) තහවුරු කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ගොනු කළ අභියාචනා පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශශ්‍රේෂ්ඨාධිකරණ සදහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය පනතේ 29 (2) වගන්තිය යටතේ සයිටම් ආයතනයේ පෙත්සම්කාර වෛද්‍ය සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සඳහා හිමිකම් පවතින බවය.

ඒ අනුව 2017.  වසරේ ජනවාරි මස 31 වනදා අභියාචනාධිකරණය දුන්  නියෝග ප්‍රකාරව අදාළ සිසුවිය ලියාපදිංචි කිරීම පමා කිරීම තුළින් සිදු වූ අගතිය වෙනුවෙන් ඇයට  රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන මෙන් ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියම කරන ලදී.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමන්ව සීමාවාසික පුහුණුව සඳහා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රතික්ෂේප කර ඇති බවට චෝදනා කරමින් එම වෙද විදුහලේ සිසුවියක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම පිළිබඳ විභාගයක් පැවැත් වූ අභියාචනාධිකරණය 2017 වසරේ ජනවාරි මස 31 වනදා තීන්දුවක් ලබා දෙමින් මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් අදාල සිසූවිය ලියාපදිංචි කරන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කර තිබුණි.

එම නියෝගය අහෝසි කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය නිසි ප්‍රමිතියකින් යුක්ත නොවන බැවින් එම උපාධි ලබා ගන්නා සිසුන් ලියාපදිංචි කිරීමට තමන්ට නොහැකි බවයි.

ඒ අනුව අදාළ සිසුන් ලියාපදිංචි කරන මෙන් 2017 වසරේ ජනවාරි මස 31 වැනිදා අභියාචනාධිකරණය මඟින් දුන් තීන්දුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෙත මෙම අභියාචනය තිබුණි.



අදහස් (10)

සයිටම් සිසුන් ලියාපදිංචි කිරීමේ තීන්දුව ශ්‍රේෂ්ඨාකරණය තහවුරු කරයි

දිමුත් Friday, 21 September 2018 06:34 AM

ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයද දැන් වෛද්‍ය සේවයේ ප්‍රමිතිය ගැන වගකීම ගන්නේ?

:       272       493

SalindaFriday, 21 September 2018 10:06 AM

මෙතෙක් කල් ලංකාවේ වෛද්‍යවරයෙක් අතින් වරදක් වෙලා වෛද්‍යවරයාට දඬුවම් දීපු එක සිද්ධියක් ඔබට පෙන්නලා දෙන්න පුළුවන්ද? වෛද්‍ය සභාවේ කාර්යභාරය රෝගීන්ගේ අයිතිවාසිකම් අරක්ෂා කිරීම වුණත් අද එය වෛද්‍යවරු ආරක්ෂා කරන ආයතනයක් වෙලා....

:       115       166

DilumFriday, 21 September 2018 10:51 AM

ඒකට කළ යුත්තේ සෞඛ්‍ය පිළිබඳ දැනුමක් ඇති වගකිවයුතු පිරිසක් සිටින වෛද්‍ය සභාවක් පත් කිරීම මිස සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යාපනය ගැන තීරණ ගැනීමට ඒ ගැන කිසිම දැනුමක් හෝ අත්දැකීමක් නැති පාර්ශව වලට භාර දීම නෙමෙයි.

:       1       63

MohanFriday, 21 September 2018 11:49 AM

සාලින්ද ඔබගේ නොදැනුවත්කම ගැන කණගාටුයි, වෛද්‍ය සභාව වෛද්‍යවරුන් සෑහෙන ප්‍රමානයක ලියාපදිංචිය තහනම් කල ඇත

:       0       48

wedage Friday, 21 September 2018 06:47 AM

මම හිතුවේ මේ සයිටම් හොර කඩේ ඉවරයි කියලා තවමත් හොල්මන් කරනවනේ මේකේ නේද? එස් 3 නැතුව ළමයින් 54ක් හිටියේ...

:       257       274

දිනේෂ් Friday, 21 September 2018 08:10 AM

ජයවේවා...!!!

:       220       219

Dias Friday, 21 September 2018 10:23 AM

ඉතාමත් හොඳ තීන්දුවක්... දැන් තිබෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රතිඵල (C 2/S 1) ලබාගත් සිසුන් සඳහා සයිටම් ආයතනය නැවත විවෘත කර, සිසුන්ගේ අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය ස්ථාපනය කිරීමයි.

:       49       43

හර්ෂFriday, 21 September 2018 11:33 AM

මේ තීන්දුව අභියාචාධිකරණ තීන්දුව ලබාදුන් අවස්ථාවේ නීතිමය තත්වය මත පදනම් වී ඇති අතර 2018 අංක 18 දරන පනත මගින් නීතිමය තත්වය වෙනස්වී ඇති බැවින් මේ තීන්දුව තවදුරටත් වලංගු නැත.

:       2       1

වසන්තFriday, 21 September 2018 11:54 AM

දැන් වෛද්‍ය සභාව කල යුත්තේ මේ දරුවාට සයිටම් යටතේ ලියාපදිංචිය ලබාදී උසාවි නියෝග මත ලබා දුන් බවට පාද සටහනක් යෙදීමයි. ඉතුරු ළමයි ටිකට කොතලාවල උපාධිය යටතේ ලියාපදිංචියට කැමැත්ත විමසීමයි. දැං බලන්න කොයි දරුවද කැමති කියලා. එතකොට කාට කාටත් ප්‍රමිතිය බලාගන්න පුලුවන්.

:       0       0

M.M.LIONEL.PERERA Friday, 21 September 2018 11:09 AM

දොස්තර ප්‍රියානි සොයිසා අමතකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 193 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 92 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 183 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 512 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 399 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 306 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site