IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් විරෝධීහු කොටුවේ අඛණ්ඩ උපවාසයක් අරඹති

(අකිල බද්දෙවිතාන / ඡායාරූප - ශාන්ත රත්නායක)

මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සයිටම් විරෝධී ජන පවුර අද(21) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය.

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දුමින්ද නාගමුව, විදර්ශන කන්නන්ගර ඇතුළු පිරිසක් ඊට එක්ව සිටිති.

මේ ක්‍රියාමාර්ගයත් ආණ්ඩුව නොසලකා හරිනවානම් ඉදිරියේ දී විරෝධතා ගණනාවකට මුහුණ දෙන්න සිදුවන බව උපවාසය අරඹමින් අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසා සිටියේය.

 

 



අදහස් (28)

සයිටම් විරෝධීහු කොටුවේ අඛණ්ඩ උපවාසයක් අරඹති

Kamal Monday, 21 August 2017 08:17 AM

මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? ආණ්ඩුව මෙයාලා මොනවා කළත් ගණන් ගන්නේ නෑ කියලා....

:       29       141

mahee Monday, 21 August 2017 09:01 AM

බංකොළොත් දේශපාලකයන්ගේ අතකොලු ටික නහුතෙට වැඩ.... අඛණ්ඩ උපවාසයක් වෙනුවට අනේ කට්ටියට බැරිද මාරාන්තික උපවාසයක් කරන්න? අපි ෆුල් සපෝට්.

:       367       476

kap Monday, 21 August 2017 09:08 AM

හරි හරි මල්ලි... අඛන්ඩවම උපවාසෙ ගෙනියන්න හොදේ. අන්තිමට මේ ලෝකෙන් චුත වෙනකම්ම.

:       100       198

ranaviMonday, 21 August 2017 09:40 AM

ඇත්තටම මේ අය රටේ අවාසනාවට ඉපදිච්ච අපතයෝ ටිකක්...

:       18       239

one srilankan Monday, 21 August 2017 09:13 AM

මේ මිනිස්සු මෝඩ නැ. උත්සහවන්තයෝ සියල්ල ජයගනී. මෙය හුදෙක් උපවාස කරන අය උදෙසා නොවේ අනාගත පොදු ජනතාව උදෙසා බව මහජනතාව තේරුම් ගත යුතුය.

:       473       332

chamaraMonday, 21 August 2017 01:39 PM

one srilanka තාම ලෝකේ දැකල නැති ළිං මැඩියෙක් වගේනේ.

:       38       50

ToChanamaraThursday, 24 August 2017 10:32 AM

චාමර ළිං මැඩියෙක්ව බලන්න ඕනේ නම් කණ්ණාඩියක් ඉස්සරහට යන්න. එතකොට නියම ළිං මැඩියෙක්ව පෙනෙයි.

:       0       0

silva Monday, 21 August 2017 09:45 AM

ආදරණිය පුතේ, දුවේ, ඔයගොල්ලෝ නිදහස් අධ්‍යාපනය බේරගන්න මේ ගන්න උත්සාහයට අපි මුළු හදවතින්ම ආශීර්වාද කරනවා. උත්සාහය අත්හරින්න එපා. ඔය ගන්නා උත්සාහය ජයග්‍රහණයෙන් කෙලවර කරන්න අපි ඔයගොල්ලන්ට මුළු හදවතින්ම ආශීර්වාද කරනවා. පිම්බුණු බැලුමක ඇතුළ හිස් වගේ වාචාලකමට දාන අදහස් වලට නොසැලී ඉදිරියටම යන්න.

:       2118       1904

kapMonday, 21 August 2017 10:26 AM

සිල්වා ගෙදර ඉඳන් ආතල් එකේ කෑම ටික එහෙම කාලා, ටීවී එක බලලා සොමියේ ඉන්නවා. මේ අය මෙතන අව්වේ, වැස්සේ බැට කාලා, මදුරුවන්ගෙන් බැටකාලා, ඉගෙනීම කඩාකප්පල් කරගෙන, නාන්නෙවත් නැතුව වෙලාව කනවා. මේ අයට කන්න වෙලාව ඇති තරම් තිබුණට, පිටකොටුවට එන අනික් මිනිස්සුන්ට එහෙම නෑ. ඒ මිනිස්සු ඉක්මණට ගෙවල් බලා යන්නනේ එන්නේ...

:       67       260

PereraMonday, 21 August 2017 10:41 AM

සිල්වා මහත්තයෝ, තවත් රාජ්‍ය විශ්ව විද්‍යාල තුනක වෛද්‍ය පීඨ පටන් ගන්නවා කියල ආණ්ඩුව කියද්දී ඔබතුමා කොහොමද නිදහස් අධ්‍යාපනය නැති වෙනවා කියන්නේ? කුහකකම වහගන්න ප්‍රමිතිය කියන වචනය ඉස්සරහට දාගන්න එපා කියල මම ඔය උගත් මහත්තුරුන්ගෙන් ඉල්ලනවා.

:       227       353

MahasenaviMonday, 21 August 2017 11:01 AM

ඔබ වැනි පියවරුන් ගැන බොහෝ කණගාටුවෙමි. නරක අදහස් වලින් නොමේරූ දරුවන් මානසිකව පෙලන්න එපා. මේ නොදරුවෝ සහ ඔබවත් කෙදිනකවත් උපකාරක පන්ති වලට නොගියේද?

:       225       274

ranaviMonday, 21 August 2017 11:31 AM

සිල්වාට පිස්සුද?මේ නිදහස් අධ්‍යාපනය බේරගන්න කරන වෑයමක් නෙවෙයි අන්තරේ කියන අයගේ මෝඩ වැඩ

:       208       203

janakaMonday, 21 August 2017 11:51 AM

සිල්වා මහතාණෙනි, ඔබ වැනි බුද්ධිමත්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන පියවරු අතලොස්සක් හෝ සිටීම රටට මහත් ආශීර්වාදයක්...

:       525       432

MigidaMonday, 21 August 2017 12:50 PM

අනේ මහත්තයෝ නිදහස් අධ්‍යාපනයට මොනවද වෙලා තියෙන්නේ? එ්ක විකුණලා නැහැ. බුද්ධිමත් කියන වචනේ තේරුම දන්නවාද ජනක මහත්තයෝ? අර සමාජවාදී අනුර කුමාරගේ පුතාගේ උපාධිය සහ ළහිරුගේ අක්කගේ උපාධිය ලැබුනෙත් පුද්ගලික ආයතනවලින්. නොදන්නා දේ ගැන කතා කරන්නේ බුද්ධිය නැති අයයි...

:       75       110

chethanaTuesday, 22 August 2017 06:50 AM

සිල්ව මහත්තයත්, ජනක මහත්තයත් කියල තියෙන දේ හරි කියන එක නිකන්ම ඔප්පු වෙනව සමහරු දීල තියෙන උත්තර එක්ක. ඒ වගේම ඒ මහත්තුරුන්ගෙ අදහස් වලට දීල තියෙන කැමති අකමැති ප්‍රමානය බැලුවහම ලංකාවෙ බුද්ධිමත්තු ඉන්නෙ අතලොස්සක් කියන එකත් බොහොම පැහැදිලියි. කොහොමත් සිල්ව මත්තය කියනව වගේ පිම්බුන බැලුම් වල ඇතුලෙ තියෙන්නෙ හුලන් විතරයිනෙ. ඔබතුමා වගේ කට්ටිට අඩු එක රටටම පාඩුවක්. මෝඩ කම ප්‍රදර්ශනය කරල ඇත්ත බොරුව මොකද්ද කියන එක අඳුර ගන්න බැරුව හිස් අදහස් පල කරන බහුතරයක් සිටීම රටේම අවාසනාව.

:       0       98

jani weerasekara Monday, 21 August 2017 09:48 AM

සයිටම් විරෝධී සටනට ජය වේවා !!!

:       340       373

Uditha Monday, 21 August 2017 09:49 AM

මේ අයට තියෙන්නේ ඉරිසියාව...

:       191       177

Kumara Monday, 21 August 2017 10:37 AM

මුදල් ගෙවා ඉගෙනීමට අපිට තියෙන අයිතියට විරුද්ද වෙන්න, අපේ බදු මුදලින් ඉගෙනගන්න මෙයාලට කොහෙද අයිතියක්. මෙතන තියෙන්නේ කුහකකම

:       154       246

dhamneth Monday, 21 August 2017 11:03 AM

කලක් මේ රටේ තරුණයෝ නාහෙට අහන්නේ නැතිව දබබ්බර කම් කළා. ඉඳ හිට... දැන් මේ තරුණයෝ අනුන්ගේ ලණුකාලා මෝඩකම් කරමින් තමන්ගේ අනාගතය අඳුරු කරගන්නවා.. කාටද පාඩු.. අපිටද, රජයටද, ඔයගොල්ලන්ටද? අපිටත් ඒ කාලේ ඔය ලණුදෙන්න හදපු අය ඉන්නවා.

:       68       99

Praba Monday, 21 August 2017 11:09 AM

වෛද්‍ය අධ්‍යාපනය තරඟ විභාගයකින් ජයගත් අයට පමණක් විය යුතුද? නැතිනම් මිලියන 120ක් ගෙවිය හැකි අයගේ දරුවන්ට පමණක් වෙන්වුණු තවත් දොරක් තිබිය යුතුද? එවැනි දොරකින් විය හැකි අක්‍රමිකතා වළකාගැනීමට සහතික වෙන්නේ කව්ද?

:       1       53

Don perea Monday, 21 August 2017 11:28 AM

රටේ ඉන්න ලොකුම කාලය කා දමන පිරිසක් තමයි...

:       136       107

theshan Monday, 21 August 2017 03:33 PM

මම මේකේ දාලා තියෙන අදහස් වලට ලැබිලා තියන ප්‍රතිචාර දිහා බලපුවම තේරෙනවා... මේ රටේ බුද්ධිමත් ජනතවගේ අදහස මොකක්ද කියලා. අර ලහිරු කියන කෙනාගේ ලජ්ජා නහරේ කැපිලා. නැත්නම් ඔය වගේ දෙයක් කරයිද? මම ඉගෙන ගන්නේ සල්ලි දීලා... ඒ නිසා එ්කේ වටිනාකම දන්නවා. මේ ගොල්ලන්ට උගන්නන්නේ අපේ බදු සල්ලි වලින්. ඒ නිසා වටිනාකමක් දන්නේ නැහැ.

:       72       66

MigidaMonday, 21 August 2017 04:05 PM

ලහිරු කියන කෙනාගේ සහෝදරිය පුද්ගලික අධ්‍යාපන ආයතනකින් උපාධිය ලබපු කෙනෙක්... ඒ අයට හොඳයි.

:       31       102

ranavi Monday, 21 August 2017 04:30 PM

migida එකනේ කියන්නේ අහිංසක දෙමවුපියෝනේ බැනුම් අහන්නේ මේ අයගේ වැඩ හන්දා

:       0       0

one srilankanMonday, 21 August 2017 04:41 PM

සල්ලි තිබුනට මොලේ නැහැනේ තේෂන්. නැත්තම් ඔය රජයේ සරසවියකට තේරෙනේවනේ. බදුමුදල් වලින් තමයි කව්රුත් පොදු දේවල බුක්තිය ගන්නේ එක උලුප්පා මෝඩ කතා ලියන්න එපා දියවන්නාවේ අය සෙල්ලන් දන්නෙත් බදු මුදලින්. අපොස සාමාන්‍ය පෙළ 100 වැඩි තව මොන කාටද. නමුත් බදුමුදලින් ඔහේ සැප විදිනවා හැර මොනවද කරන්න 2020 වෙනකම් අපි ඉන්නවා කියා කියා ඉන්නවා ,,අද ගොළු බිහිරි කට්ටියක්

:       0       51

Ajith Monday, 21 August 2017 09:30 PM

පිං සිද්දවෙයි මාරාන්තික උපවාසයක් කරන්නකො.

:       6       124

Kamal Tuesday, 22 August 2017 03:25 AM

ලක්ෂ 120 දිලා හොර උපාධි ගන්ඩ රටේ දේශපාලුවන්ගේ ගැත්තන්ට ? සයිටම් වාසා දැමිය යුතුය ඹබලාට ජයවේවා

:       0       24

wedage Tuesday, 22 August 2017 03:54 AM

මෙතරම් කෝටිපතියෝ ප්‍රමාණයක් මේ ශ්‍රී ලංකාවේ සිටිනවද මේ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ මුදලාලිලාද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 131 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 24 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 242 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 557 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1134 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 213 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site