IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති

(සිතුම් චතුරංග)

අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් ගමන්ගත් නිල රථවලට අද (03) සවස සෙරෙප්පුවලින් පහරදීමට උත්සහ කළ බව පොලිසිය කියයි.

ජනාධිපතිවරණයේදී සහ‍යෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු පිරිස රැස්වීම පැවැත් වූ හෝටලයෙන් පිටවීමේදී මෙලෙස පහරදීමට උත්සහ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් දෙමළ ජාතික සන්ධානයට බැණ වඳිමින් පවසා ඇත්තේ ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පත්වී දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම පැහැරහරිමින් දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් රටේ ජනාධිපතිවරුන් පත් කිරීමේ උත්සහයක මේ වන විට නිරත වන බවයි.

වවුනියාවේ අතුරුදන්වූවන්ගේ ඥාති එකමුතුවේ සභාපතිනිය වන කාසිපිල්ලෙයි ජයවනිතා මහත්මිය තමන් පැළඳ සිටි සෙරප්පුවක් රැගෙන නිලරථවලට පහරදීමට උත්සහ කිරීමේදී ඇය සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් පැන නැගිණි.

අතුරුදන්වූවන්ගේ ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කිරීමට සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හමුවීමට අතුරුදන්වූවන්ගේ ඥාතීන් උත්සහ කළද එයට පොලිසිය අවසර ලබානොදුන් අතර එහිදී එම ස්ථානයේ දී දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හට ගත්තේය.

අනතුරුව සාකච්ඡාව අවසන්කර පැමිණෙන නායකයින් වෙත මාර්ගයේ ඉඩ ලබාදීම සඳහා පොලිසිය දැඩි පරිශ්‍රමයක් ගත්තේය.

පොලිසිය අදාළ පිරිස ඉවත්කිරීමට කටයුතු කිරීමෙන් පසු දේශපාලන නායකයෝ නිල රථවලින් පිටත්ව ගියහ.

 

 

 



අදහස් (17)

සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති

සින්නතම්බි Sunday, 03 November 2019 04:59 PM

හපොයි.. වෙච්ච දෙයක්..

:       4       322

Nuwan Sunday, 03 November 2019 05:32 PM

දැක්කනේ දෙමළ ජනතාවගේ මහා ලොකු ගැලවුම්කරු ලෙස පෙනී සිටින සම්බන්ධන්ලාට දෙමළ ජනතාවම සෙරෙප්පුවෙන් ගහනවා .. කොයි ජාතියත් එකයි ඒවායේ නායකයින් කියන අයට තියෙන්නේ පුද්ගලික න්‍යාය පත්‍ර, නැතුව ජනතාව ගැන කැක්කුමක් නොවේ.

:       3       575

upali Sunday, 03 November 2019 05:57 PM

යුරෝපයෙන් සංධානයේ සහ ඇමෙරිකානු කොඩි.., මේ කාරණාව අතර ඇති සම්බන්ධය කුමක්ද?

:       7       319

RaveendraSunday, 03 November 2019 08:05 PM

ඔබගේ නිරීක්ෂණය නිවැරදියි. ඒ කොඩි මොකටද මේ විරෝධයට? කෙසේ වෙතත් පුල්ලි මාස්ටර්ලාට හොඳ දඬුවම මොවුන්ට තාමත් ලැජ්ජා නැති නිවටයින් ටිකක්නේ...

:       0       189

චන්දනMonday, 04 November 2019 12:48 AM

වැදගත් දැනුවත් කිරීමක්... මේ අසරණ දෙමව්පියන්ගේ ප්‍රශ්ණවලින් දේශපාලනඥයින් හා NGO බොරදියේ මාලුබෑමක් සිදුකරමින් පවතින බවක් පේනවා...

:       8       267

Adiri Monday, 04 November 2019 09:58 AM

අසරණ මිනිස්සු නෙමේ මේ.. කන්ට්‍රැක්ට් කාරයෝ...

:       32       140

KamaMonday, 04 November 2019 03:00 AM

ඇමෙරිකන් පුරවැසියාට ඡන්දෙ දෙන්න කියනවා ඇති...

:       278       194

jagathMonday, 04 November 2019 04:11 AM

ඒ කියන්නේ ගෝඨාභයට කතිරේ ගහන්න කියලද?

:       16       31

de silva Sunday, 03 November 2019 07:00 PM

අර කොටි සංවිධානයට යටත් වෙලා ඔවුන්ගේ අත්අඩංගුවේ සිට අතුරුදහන් වෙච්ච පොලිස් නිලධාරියෝ 600 ගැන දැන් කවුරුත් කතා නැහැ

:       0       407

විකල්පය දිනවමු Sunday, 03 November 2019 09:13 PM

දෙමල ජනතාව බුද්ධිමත්... ආර්ථිකයෙන් දුප්පත් වුණත් බුද්ධිමත්.. විශේෂයෙන් දේශපාලනික අවබෝධය ඉහළයි. අන්ධ වහල්ලු අඩුයි. පෙනෙන ඇහෙනදේ තුළින් තමන්ගේම නිවැරදි අවබෝදයකට එන්න හැකියාව තියෙනවා. දේශපාලකයින් කියන ලෙසම සිතන්න බහුතරයක් ලැහැස්ති නැහැ. නමුත් දකුණේ සිංහල අපි අතර එම තත්වය නැත්තටම නැතිවෙලා. හැබැයි වැඩි හරියක් අදහන්නේ "කියනදේ ඇහෙන දේ විශ්වාස නොකොර තමන් ස්වාධීනව සිතන්න යැයි" දේශනා කර තිබෙන බුද්ධියට මුල්තැන දෙන දහමක්. හැබැයි ඒ දහම භාවිතා කරනවා තියා කිසි අදහසක් නැහැ. සාක්ෂරතාවය ඇති නූගත්, මෝඩ වහල්ලු. 71 වසරක මේ රටේ සැපයට හේතුව මෙම පක්ෂ දෙක ගෙනගිය දේශපාලනය... ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනය. අද රටට අවශ්‍ය වන්නේ මෙතුවක් කල් නොතිබූ ප්‍රතිපත්තියයි. විකල්පය තෝරාගනිමු. පටුදේශපාලනය අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා විකල්පය සඳහා පළමු මනාපය දෙන්න.

:       398       733

Rasika Monday, 04 November 2019 02:28 AM

මෙය අප සතුටු විය යුතු දෙයක් නොවේ. නැවත හිස එසවීමට දරන ත්‍රස්තවාදීන් හා බලන කළ කුමන හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික අපේක්ෂකයෙකුට සහාය දැක්වීම ඡන්ද වර්ජනයට වඩා හොඳයි. දකුණේ වගේම මේ කෑ ගහන්නේ රාජ්‍ය නොවන සංවිධානවල අතකොලු බවට පත් කරගත් පිරිසක්... හොඳින් බලන්න සම්බන්ධන්ගේ නමවත් හරියට ලියා නැත...

:       233       374

MaheeMonday, 04 November 2019 06:11 AM

රසික ඔබ හරියටම හරි. කොටින්ම මේ කෑ ගහන්නේ සම්බන්ධන් ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි කියලයි. සම්බන්ධන් මීට වඩා ආණ්ඩුවත් එක්ක හැප්පිය යුතුයි කියලයි. පිටිපස්සෙන් ඉන්නේ උග්‍ර ජාතිවාදී සංවිධාන බවත් ඔවුන්ට ඇමෙරිකාව හා යුරෝපය උඩගෙඩි දෙන බවත් හිතන්න පළමු පින්තුරයම ඇති. ජාතිවාදීන් විසින් උසිගන්වන ලද පිරිසක් සම්බන්ධන්ට සෙරෙප්පුවෙන් ගහන්න හැදුව කියලා මෝඩ චූන් ගන්නේ නැතුව ටිකක් අවදියෙන් කල්පනා කලොත් අපි කාටත් හොඳයි.

:       3       234

Bandula. Monday, 04 November 2019 03:41 AM

හොඳ වැඩේ.. අහිංසක මිනිසුන්ට ගිනි දීලා ජාතිවාදය අවුස්සන පාහරයින්ට හොඳ පාඩමක් මේක... මේ අය හිතාගෙන ඉන්නේ මේ අයට මිනිස්සු කැමතියි කියලා..

:       59       53

Amila Monday, 04 November 2019 05:41 AM

අතුරුදහන්වූවන් ගැන කොච්චර කෑගැහුවත් වැඩක් වෙන්නේ නෑ. නැතිවුන මිනිස්සු වගේම මාධ්‍යවේදීන් කිසිම ආන්ඩුවකින් මෙතෙක් හොයාගෙන ඇත. ඒක නිසා බොරුවට එක එක එන්ජිඕ වල ලණු ගිලලා උත්ඝෝශන කරා උපවාස කරා කියා කිසිදෙයක් ලැබෙන්නේ නැත. හැබයි එන්ජිඕ එකේ මහත්තුරු මහත්මීන් නම් ඔය පින්තූර ටික පෙන්නලා සල්ලි ලස්සනට ගරයි..

:       29       52

sunanda Monday, 04 November 2019 06:15 AM

කොළඹ ඔහොම දෙයක් උනා නම්... ගුටි කාලා, කඳුළු ගෑස් කාලා....

:       0       20

kap Monday, 04 November 2019 07:26 AM

පොලිසියේ 600 ගැන කාගෙන් අහන්නද ? කරපු මහ කෙනා දැන් අපායේ ලෝ දියේ පීනනවා. අනික් අය ටික එයාව ඇපයට ඇරපු සෙට් එකට එකතු වෙලා සුර සැප විදිනවා. ඒ අයගෙන් අහන්න බෑ මොකෝ ඒ අය දැන් දේශප්‍රේමියෝ.

:       0       44

de silva Monday, 04 November 2019 11:10 AM

ඔය සම්බන්ධන්ලා, තොණ්ඩමන්ලා, හැමදාම කළේ බොරු කේවල් කරකර ආණ්ඩුවලින් වාසි ලබාගෙන තම සාක්කු පුරවාගන්න එක. මේ අයත් අර අපේ දකුණේ ඉන්න ඊනියා සමාජවාදී, ඊනියා දේශප්‍රේමීන් දේශපාලකයින් වගේම තමයි. මේ අය හැමදාම බලයේ ඉන්න ඕනේ නිසා, දෙමල මිනිස්සුන්ගේ දරිද්‍රතාවය නැති කිරීම, අධ්‍යාපනය දියුණු කිරීම වැනි දේවල් කරන්නේ නැහැ...

:       87       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 44 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1007 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1828 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2043 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1036 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 981 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site