IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ හතරෙන් එකක් අල්ලසට කැමතියිලු

(දසුන් රාජපක්ෂ)

ශ්‍රී ලංකික වැඩිහිටි ජනතාවගෙන් 1/4 අල්ලස් ලබා දීම අනුමත කරන බව 2019 වර්ෂය සදහා දුෂණය සම්බන්ධයෙන් කළ සමීක්ෂණයෙන් අනාවරණය වූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා අද (9) කොලඹ පිහිටි එම ආයතනයේදී පැවසිය.

මෙරට ජනගහනයෙන් 72% ප්‍රතිශතයක් දුෂණය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සදහා අල්ලස් කොමිසමක් පවතින බව හෝ නොදන්නා බව ද ඔබේසේකර මහතා සඳහන් කළේය.

රාජ්‍ය සේවාවන් ලබාගැනීමට යන කාන්තාවන්ගෙන් 46% පිරිසකට ලිංගික අල්ලස් ලබාදීමට සිදුවන බව එම සමීක්ෂණයෙන් වාර්තා වී ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම කරුණු අනාවරණය කළ සමීක්ෂණය දුෂණය සම්බන්ධයෙන් මහජන මතය විමසන ලෝකයේ විශාලතම සමීක්ෂණය වෙයි. එහි 2019 වර්ෂය සඳහා වන ග්ලෝබල් කරප්ෂන් බැරෝමීටරය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් අද එළිදැක්විය.

 



අදහස් (23)

ශ්‍රී ලංකාවේ හතරෙන් එකක් අල්ලසට කැමතියිලු

Bamunuarachchi Monday, 09 December 2019 08:45 AM

ඇයි මේ අයට අපේ රටට අපහාස කරන්න දෙන්නේ, අපි ධීර වීර මුතුන් මිත්තන්ගෙන් පැවැත එන ප්‍රෞඩ ජාතියක්, අපි ඔය පගා වලට පක්ෂ නැහැ ඒත් හොඳ හිතින් දෙන දෙයක් නම් ඉතින් ගන්නවා, ඒවා දානයක්නේ, නොගත්තොත් වෙන කවුරු හරි ගනීවි, නැත්නම් දෙන අයගේ හිත රිදේවි නේ.

:       167       154

Warnakulasuriya Tuesday, 10 December 2019 01:41 AM

ඔයා වගේ බමුණෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ අසන්නට ලැබී නැත. අපි අකමැති වුනත් කෙනෙකුගේ අදහසකට ගරැ කළ යුත්තෙමු. එහෙත් මේ වගේ කෙනෙකු ගැන කුමක් කියමුද?

:       27       5

lalithm Monday, 09 December 2019 09:14 AM

ඕකට මොකද රතන හිමි තවම මැදිවුනේ නැත්තේ...?

:       10       36

hasantha Monday, 09 December 2019 09:18 AM

මේ ගණන් හරිම සැක සහිතයි. ඔවුන් ගත්ත නියැදිය ගැන විස්තර දෙනවා නම් වඩා හොඳයි. මට හිතෙන්නේ මේ නියැදිය රටේ සමස්ත ජනගහනය නියෝජනයක් නොවෙන එකක් කියලා. මේකෙන් රටට අපකීර්තියක් ගේන්නේ. සියයට 50ට ආසන්න පිරිසක් අල්ලස් දෙනවා කියන්නේ අපේ කාන්තාවන්ටත් කරන නිග්‍රහයක්...

:       145       155

ranaMonday, 09 December 2019 11:04 AM

එංගලන්තේ...................එංගලන්තේ............ලංකාවේ ඔහොම වෙන්නේ නැහැ . මොකද සමීක්ෂණ අපෙන් ඇහුවනම් ඕක කියනවනේ.

:       0       19

Gamarala Monday, 09 December 2019 09:53 AM

විශේෂයෙන් රජයේ සේවකයන් අල්ලසට බරයි. ඉනුත් 90%ක්ම රේගුව... මේ ගැන කවුරුවත් තර්ක කරනවා නම් ඔප්පු කරන්න පුළුවන්...

:       3       111

PereraMonday, 09 December 2019 10:53 AM

වැරදියි. මෙන්න අනුපිළිවෙල. 1. අධිකරණය 2. පොලීසිය 3. දේශීය අදායම් 4. රේගුව 5. මෝටර් රථ ප්‍රවාහන

:       1       193

RAVIMonday, 09 December 2019 03:20 PM

පාසල් එන්න ඕනේ කුමන ස්ථානයටද? අල්ලස් ගන්න ප්‍රධාන ආයතයක් තමයි පාසල්. එ්ත් මුලටම එන්න ඕනේ A -Z පාර්ලිමේන්තු, පළාත්සභා, නගරසභා නියෝජිතයින්..

:       0       67

Gamarala Monday, 09 December 2019 03:42 PM

මේ ගොල්ලන්ව අල්ලන්න පුළුවන් හොඳම හා එකම විදිහ වාර්ෂික වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා ගැනීමයි. සමහරු ඉන්නවා උපයන ආදායමට වඩා සියදහස් ගණනක වත්කම් තියන අය...

:       0       10

sunimal Monday, 09 December 2019 10:04 AM

ලංකාවේ බහුතරයක් පට්ට හොරු...

:       0       107

saliya Monday, 09 December 2019 10:14 AM

මෙහෙව් රටක ජනමතය ගැන කුමක් කිව හැකිද? නීතිය යුක්තිය අවශ්‍ය නැති බව සිතන්නෝද බහුලය. තේරෙන මහජන නියෝජිතයන් කවුරුන්දැයි වාදයක් අනවශ්‍යය. එයයි අද ජනමතය. පගාකාරයකුට, හොරෙකුට ඡන්දය දෙන්නේ අයථා විදිහට වැඩ කර ගැනීමට, වාසි ගැනීමටයි. ඔවුන් කෝටිපතියන් වීම ගැනද බහුතරයක් සතුටුය.

:       0       29

de silva berlin Monday, 09 December 2019 10:15 AM

මේ වාර්තාවේ නිරවද්‍යතාවය කෙසේවෙතත්, රටේ මුල්බැස තිබෙන අල්ලස සහ දූෂණයෙන් 50%ක්වත් ඉදිරි වසර 5 තුළ මර්ධනය නොකළොත් අපේ රට තව අවුරුදු 100ක් ගියත් දියුණුවෙමින් පවතින රටක් ලෙස පවතීවි. ලෝකයේ දියුණු රටවල සහ අප අතර පවතින ප්‍රධාන වෙනස්කම අල්ලස...

:       0       107

mihira Monday, 09 December 2019 10:36 AM

90%ක්ම රේගුව. සහ ආර්.එම්.බී. එකේ...

:       0       35

nilmini Monday, 09 December 2019 10:46 AM

හොරා කාලා පුරුදු උනාම හොරා කන්නම එපෑ. නැත්නම් අඩුවක් වගේ දැනෙනවා ඇති .වැඩිහිටියන් බාලයන්ට දෙන ආදර්ශය නම් නියමයි. මෙහෙමත් වාර්තා තියෙනවද ? හරිම පුදුමයි.

:       0       42

රවින් Monday, 09 December 2019 11:18 AM

හැබැයි දියවන්නාවේ නම් 100%ක් අල්ලස් ගන්නවා.

:       0       274

කුසුම් Monday, 09 December 2019 11:33 AM

හැම හොරකමක්ම එළිවෙනවා. වෘත්තීය මට්ටමේ හොරුන්ගේ හිඟයක් තියනවා...

:       0       8

Mahesh Monday, 09 December 2019 12:30 PM

පුලුවන් තරම් තාක්ෂණය භාවිතා කරලා වැඩ ස්වයංක්‍රීයව වෙන ක්‍රම හදන්න. එතකොට ඉබේම ඒවා හරියනවා. අනික සමහර නිලධාරීන් අනිවාර්ය පුද්ගලයන් කරන්න එපා. එහෙම අය තමයි ඔය විකාර කරන්නේ...

:       0       12

ඉන්දික Monday, 09 December 2019 01:43 PM

ඉන්න හිතෙන රටක් නෙමෙයි මේක යන්න හිතෙන රටක්...

:       1       102

Bamunuarachchi Monday, 09 December 2019 03:21 PM

අහන්න දෙයක් නැහැ.. මේ ගොයියන් තමයි සේවය කරන කාලේ පගාගහලා තිබෙන්නේ... පුලුවන් නම් යම රජ්ජුරුවන්ටත් පගාව දීලා බේරියල්ලකෝ... දරුවන්ට කන්න බොන්න දීලා තිබෙන්නේ පගා සල්ලිවලින්... මොහු දැන්ම මැරෙන්න හොඳ නැහැ. අවුරුදු 110ක් පමණ ජීවත් වෙන්න ඕනේ. සිහිකල්පනාව නැතුව යන යන තැන මළමුත්‍රා කරකර ඉන්න...

:       0       35

Jayanath Tuesday, 10 December 2019 03:46 AM

මොන හතරෙන් එකද.? බස් කොන්දොස්තරගේ ඉඳල සංස්ථා සබාපති වෙනකම් අල්ලස් ඉල්ලන රටක්.... හැබැයි ඔක්කොම සුදනෝ වගේ දේශපාලකයන්ට විතරක් බැන බැන ඉන්නවා. ඒ අතරේ අහු උන තැන කීයක් හරි කමක් නෑ කඩා ගන්නවා.

:       0       2

amila Tuesday, 10 December 2019 04:07 AM

දාපු එකාට වරදක් වෙලා සීයට හතරෙන් තුනක් කැමතියි.

:       0       0

vipula Tuesday, 10 December 2019 04:46 AM

මේ ඔක්කොම රජය සේවකයෝ වෙන්න ඇති

:       0       0

RAAJAAGANE RAAJAA Tuesday, 10 December 2019 04:52 AM

" ප්‍රාදේශීය ලේකම්වරුන් කාර්යාලයීය නිලධාරී න් " මේකෙනුත්, නිදහස්ද ? අනේ, ඇතියාන්තම් බේරුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 51 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1039 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1872 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2102 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1056 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1012 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site