IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී පාද නාම පුවරුවේ කළුතෙල් ගෑවාට විරෝධය

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)


නල්ලතන්නිය, ශ්‍රී පාද පිවිසුම් පියගැටපෙළ ආරම්භක ස්ථානයේ මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් ස්ථාපිත කර තිබූ ශ්‍රීපාදස්ථාන නාම පුවරුවේ දමිළ හා ඉංග්‍රීසි භාෂාවලින් සඳහන් වැකි අද  (20) දා රාත්‍රී කිසියම් පුද්ගලයෙක් විසින් කළු තීන්ත වලින් මකා දමා ඇති බව පවසමින් නල්ලතන්නිය ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ විරෝධය දැක්වීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති විය.
 

මෙම නාම පුවරුවේ දමිළ භාෂාවෙන් “සිව නොලි පාද මලෛයි” හා ඉංග්‍රීසි භාෂාවෙන් SRI PADAYA ලෙස සටහන් කර තිබූ වැකි දෙක මෙසේ කළු වර්ණ තීන්ත වලින් මකා දමා තිබුණි.
 
මෙම විරෝධතා කරුවන් පිරිස මෙහිදී කියා සිටියේ, නාම පුවරුව මකා දමා ඇති පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.
 
හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතා පොලිස් නිලධාරීන් සමග මෙම ස්ථානයට පැමිණ ශ්‍රීපාද වන්දනාකරුවන්ට අපහසුතාවයක් නොවන අයුරින් රැස්ව සිටි පිරිස සමග  සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
 
නල්ලතන්නිය ග්‍රාම නිලධාරි ගොඩනැඟිල්ලේ රැස්වීම් ශාලාව වෙත ප්‍රදේශයේ සිංහල, දමිළ ජනතාව හා වෙළඳ සංගමයේ නියෝජිතයින් සමග  පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම සාකච්ඡාව පවත්වන ලදී.
 
සිංහල දමිළ ප්‍රජාව අතර මෙම සුළු සිද්ධියක් මුල් කරගෙන  මතභේදකාරි තත්වයක් ඇති නෙවන අයුරින් ජාතික සමගිය තවදුරටත් තහවුරු වන ආකාරයෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන්  ප්‍රශ්නය සමතයකට පත් කිරීමට හැකි වූ බව පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතා පැවසීය. 
 
 
මෙම නාම පුවරුවේ කළු තීන්ත ආලේප කර ඇති පුද්ගලයන් සම්බන්ධ නාම පුවරුව අසල පිහිටි සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කර ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පුලුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් අධිකාරි වරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (36)

ශ්‍රී පාද නාම පුවරුවේ කළුතෙල් ගෑවාට විරෝධය

hesa Wednesday, 20 March 2019 10:11 AM

ඔය යන්නේ කරුණා කරන්නනේ. වැඳලා බහින නඩවලටත්, වඳින්න යන නඩ වලටත්, සුමන සමන් දෙවි පිහිටයි කිය කියා..

:       13       75

Bamunuarachchi Wednesday, 20 March 2019 10:21 AM

සිංහල අපිටත් ඕනේ කොතැනින් හරි වැඩේ පටන්ගන්න. වතු දෙමළුනි, තේවත්තේ කුලීවැඩට ආවා නම් කුලිය කරාගෙන ඉඳපියව්. නිකන් උන්හිටිතැන් නැතිකර ගන්නේ නැතිව. කව්රුහරි වැඩේ පටන් ගන්නයි හදන්නේ... ජයශ්‍රී!

:       304       548

RasikaWednesday, 20 March 2019 11:05 AM

කතාකළොත් නම් සර්වාංගෙන්ම බෞද්ධ, ඒත් වැඩ දිහා බැලුවම බෞද්ධකම රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඔය කපාපිය, කොටාපිය කියලා බුදු බණේ කොහෙද තියෙන්නේ?

:       332       231

NuwanWednesday, 20 March 2019 11:54 AM

හලෝ බුදු ගුණ වයන්නත් ජාතියක්, රටක් ඉතුරුවෙලා තියෙන්න ඕනේ. අපිට අරාබියේ ගිහින් මහපාරේ බුදුගුණ වයන්න පුලුවන්ද? නිකන් දෙන්නේ නැතුව මුත්තා අාපු රටටම යන්න නිකන් පව් නොදී...

:       248       459

WasalamudaliWednesday, 20 March 2019 11:13 AM

සිංහලයන්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ.. නිකං තිරයට මුවාවෙලා බොරු චණ්ඩිපාට් දාන්න එපා… නියපොත්තෙන් කඩන එක පොරොවෙන් කොටන්න කතා කරන්නේ… වයසට ඔබින අදහස් ලියන්න.. සිංහල කොල්ලන්ව තවදුරටත් අමාරුවේ දාන්න අපි ඉඩ තියන්නේ නැහැ...

:       41       52

BamunuarachchiWednesday, 20 March 2019 03:35 PM

ඔබ වැන්නවුන් සමග කතා කිරීමත් කාලය කා දැමීමක්... නමුත් උත්තර දෙන්නේ නොදුන්නොත් මා අදහස් නැති මිනිහෙක් කියා සිතන නිසා...

:       4       8

nisarWednesday, 20 March 2019 12:14 PM

අපි බමුණුආරච්චිට එරෙහිව මොනවත් කියන්නේ නැහැ. මොකද ඊළඟට එයාලගේ රජයක් බලයට අාවොත් ඉතුරු ගෙවල් ටිකත් පුච්චලා දායි..

:       140       63

BamunuarachchiWednesday, 20 March 2019 03:30 PM

නිසර් ඔබට වැරදිලා අපේ කතිකාව තිබෙන්නේ මුසල්මානු මූලධර්ම අන්‍ය ආගමිකයින්ට බලපාන හැටි. මම අරාබිකරයේ අවුරුදු 25ක් හිටියා. මුස්ලිම් ආගම ඉපදුණු සව්දි අරාබියේ අවුරුදු 15ක් සිටියා මට ඔබලාගේ ආගමේ මූලධර්ම ඉගෙන ගන්න ඒ කාලය හොඳටම ඇති. නැතිනම් මොන මිනිහාද බෙල්ල කපනවා බලා ඉඳලා අත්පුඩි ගසන්නේ ? එහෙව් ආගමිකයින්ටයි අපේ ගොයියෝ අහිංසකයි කියන්නේ.

:       1       296

NishanthaWednesday, 20 March 2019 01:38 PM

බමුණු ඔයාගේ අරමුණ හොඳ ඇති.. ඒත් ඒකෙන් දේශපාලකයෝ වාසි ගන්න එකනේ වෙන්නේ.. කොහොමත් මේක සිංහල බෞද්ධ රටක් ඒක ඉස්සෙල්ලම රටේ ඉන්න සිංහල බෞද්ධයෝ තේරුම් ගන්න එක තමයි හොඳ...

:       19       16

BamunuarachchiWednesday, 20 March 2019 03:18 PM

මේවා දේශපාලකයෝ නොවෙයි.., අපේ ළමයි සිත්තුල ධාරණය කරගතයුතු දේවල්ය. මගේ ගුරුපියතුමා වාදීහසිංහ දවමොට්ටාවේ අමරවංස හිමිය. එවන් බෞද්ධ හාමුදුරුවරු කුඩාකල අපේ සිත්වලට දුන් ජාති මාමක හැඟීම් මේ ගොබ්බයින්ට මකා දමන්න බැරිය. කොළඹට ඉතා නුදුරු පාර්ලිමේන්තුව පෙනෙන මානයේ ප්‍රදේශයක මම ඉන්නේ...

:       0       73

BamunuarachchiWednesday, 20 March 2019 05:55 PM

මම ඉන්න ප්‍රදේශයේ දෙමළුන්ට මුසල්මානුවන්ට ඉඩ නැත.

:       1       86

Nishantha Wednesday, 20 March 2019 10:43 AM

ඉතාමත් ළඟකදී ලංකාවත් තවත් බංගලාදේශයක් වෙන පාටයි..

:       0       250

Keppetipola Wednesday, 20 March 2019 11:07 AM

වතු දෙමලුනි, එතකොට යාපනයේ නාම පුවරුවල සිංහල අකුරු මකලා දෙමල අකුරු විතරක් ඉතුරු කරලා තියෙනකොට එහෙට ගිහින් විරෝධතා පවත්වන්නේ නැද්ද? සිංහලයාගේ රටේ අද සිංහලයට තැනක් නැති වෙලා..

:       33       243

Nuwan Wednesday, 20 March 2019 11:15 AM

සිංහල අපි ලංකාව අපි හැමෝගෙම කියද්දී දෙමල කට්ටිය කියන්නේ උතුර ඒ ගොල්ලන්ගේ කියලා ඒ වගේම මුස්ලිම් අය කියන්නේ නැගෙනහිර ඒ ගොල්ලන්ගේ කියලා. ඒ පැතිවලට සිංහල අයට ඉන්න දෙන්නේ නැහැ. එතකොට දකුණේ දෙමල මුස්ලිම් දෙගොල්ලන්ටම නිදහසේ පදිංචි වෙලා ඉන්න සිංහල අපි ඉඩ දීලා තියෙනවා. දැන් මොකෙක් හරි මට කියන්න කව්ද ජාතිවාදියෝ? අපේ කොන්ද පණ නැති දේශපාලකයෝ සංහිඳියාව කියලා මර උගුලක් ගෙනැල්ලා සිංහල අපිව නැත්තටම නැති කළා. ඔය හැමෝටම හෙනම ගහන්න ඕනෑ.

:       5       311

smnWednesday, 20 March 2019 12:22 PM

නැගෙනහිර පළාත තමන්ට ඕනැය කියලා එහි වසන මුස්ලිම්වරු කිසිමදාක කියල නැහැ.. සටන් කරලත් නැහැ. ඒවා නිකම් මනස්ගාත පමණයි.. මේ රටේ වාසය කරන සියලුම මුස්ලිම්වරු සිංහලයන් සමග සාමයෙන් සහයෝගයෙන් ජීවත්වෙන්න ඇලුම් කරන ජාතියක්. ඉතිහාසයෙන් පෙනෙන්නේ ඒ ටිකයි.. මන් දන්නා තරමට දැනුත් එහෙමයි.

:       350       3

BamunuarachchiWednesday, 20 March 2019 02:38 PM

එහෙනම් මුසල්මානු නායකයෝ නැගෙනහිර බල ප්‍රදේශයක් කරන්න කියන්නේ මොකද? ඔහෙලාගේ ඔය සහජීවනය තිබෙන්නේ ඔහේලාගේ ජන අනුපාතය හරියන කන් විතරයි. ඊට පස්සේ මේ රටේ ෂරියා නීතිය ඉල්ලනවා. නෙදර්ලන්තයට, ජර්මනියට වුණුදේ බලන්න. ඇමරිකාවට කරන්න ගිහිල්ලා තමයි ට්‍රම්ප් මහතා කීවේ මුසල්මානුවන්ගේ පැමිණීම තහනම් කරමු කියා. රටට ලෝකේ සත පහක වැඩක් නැති ජාතියක්. රටවල් මුස්ලිම් කරන්න දඟලනවා. මුස්ලිම් වුණාට පසු ඔවුනොවුන් බෙදිලා ඇනකොටා ගන්නවා.

:       3       272

BamunuarachchiWednesday, 20 March 2019 02:58 PM

ඒ ඔබ දන්නා තරම. නමුත් ඇත්ත එය නොවෙයි.

:       3       14

smnWednesday, 20 March 2019 12:42 PM

නැගෙනහිර පළාත තමන්ට ඕනැය කියලා එහි වසන මුස්ලිම්වරු කිසිමදාක කියලා නැහැ. සටන් කරලත් නැහැ ඒවා නිකම් මනස්ගාත පමණයි.. මේ රටේ වාසය කරන සියලුම මුස්ලිම්වරු සිංහලයන් සමග සාමයෙන්, සහයෝගයෙන් ජීවත් වෙන්න ඇලුම් කරන පිරිසක්...

:       205       7

UpulWednesday, 20 March 2019 02:37 PM

ඔය "වරු" කැල්ල ගැලපෙන්නේ නැහැ. "මුස්ලිම් ජනයා" කියලා වෙනස් වුනානම් හරි. ඔයගොල්ලෝ "සාමය" කියන්නේ "යුද්දේ" කියන වචනෙට සමාන පදයක්. අනික ඉතිහාසය පුරාවට අපි ඔහෙලගේ ක්‍රියාවන් දැක්ක විවෘත ආර්ථිකයෙන් පස්සේ අරාබි රස්සාවලට ගිහින් ඔයගොල්ලෝ නැවත ආවේ අරාබියේ අන්තවාදී ඉස්ලාමය සමග. එතෙක් බෞද්ධ පරිසරේ මිශ්‍ර වෙලා හිටපු ඔහෙලා සිහින ලෝකෙට ගිහින් රැඩිකල් උනේ ඔය විවෘත ආර්ථිකේ අනිසි ප්‍රතිඵලයක් විදිහට... ලංකාව වේගයෙන් ඉස්ලාම්කරණයට සද්දේ වහලා කරගෙන යන හැටි අපිට පේනවා. දෙමල එළිපිට ගේම ඉල්ලද්දී ඔහෙලා ගේම දෙන්නේ සද්ද වහලා... මොකද ප්‍රභාට වුණු දේම වෙන බව දන්නා නිසා.

:       2       217

NalinWednesday, 20 March 2019 02:47 PM

ඔහෙලගේ සාමේ ලෝකේ හතර වටෙන් පේනවා. රටක බහුතරේ වෙනකන් හරි සාමකාමි මිනිස්සු ඔබ තුමාලා. බහුතරේ වුනාට පස්සේ සාම කතා වානා. අපි නොදන්නා මොනරතැන්න.

:       0       184

NuwanWednesday, 20 March 2019 02:55 PM

මම ඉන්නේ ස්වීඩන්වල... මෙහෙ සරණාගත නීතිවල හිල් වලින් ඇවිත් ඔහෙලගේ ජාතිය කරන්නේ අපචාර... හොරකන්, මිනීමැරුම් කෙළවරක් නැහැ. ඔහෙලගේ ජාතියේ මිනිස්සු නිසා පාඩුවේ ඉන්න අපි දිහාත් මිනිස්සු බලන්නේ බයෙන්.. කොයි වෙලාවේ පිහියක් අරන් අනීවිද කියනවා වගේ. ඔහෙලගේ ආගම මෙහෙ මිනිස්සුන්ට හිරිකිත වෙලා තියෙන්නේ...

:       5       172

BamunuarachchiWednesday, 20 March 2019 03:11 PM

නුවන් අපි අවුරුදු 2600ක් පැරණි සිංහල ජාතිය රැක ගන්නයි මේ කතා කරන්නේ.. බෞද්ධ මුලධර්ම රැක්කොත් ඉරානයට, බුරුමයට, ඇෆ්ගනිස්තානයට උන දේ ශ්‍රී ලංකාවට වෙනවා. එ්ක දකින ඇසක් මේ ගොබ්බයින්ට නැහැ. එ්කයි මේ ප්‍රශ්නය. මොවුන්ට හඳ පෙන්නුවාම බලන්නේ ඇඟිල්ල දිහා එහෙම ගොබ්බ රැලක්... ඩයස්පොරාවත් මට චොදනාකලේ බෞද්ධයෙක් හැටියට ඇයි තදින් කතාකරන්නේ කියලා. මම කීවේ අපේ සිංහල දරුවන්ට හිමි එකම රට, ජාතිය, ආගම බේරාගන්න බෞද්ධකම ටික කාලයකට පැත්තකින් තියලා කියලා. දුටුගැමුණු රජතුමා කීවෙත් " මාගේ මේ ව්‍යායාමය හුදු සිංහල, ජාතිය, ශාසනය බේරා ගැනීම සඳහා කියලා" එදා යුද්ධය නොකළා නම් අද සිංහල ජාතියක් නැත. අද වෙන්නේ මුස්ලිම් කාරණයයි. රට මුස්ලිම්කරණය වුනොත් එය සිංහල ජාතියේ අවසානයයි.

:       0       224

NuwanThursday, 21 March 2019 06:36 AM

ඔව් ඔබ හරි!

:       0       0

Wasalamudali Wednesday, 20 March 2019 11:36 AM

Bamunuarachchi ඇවිල්ලා බෞද්ධයකු කියලා රැවටෙන්න එපා. බෞද්ධයකු වගේ පෙනී හිටිමින් අපේ රට තුල ආගම්වාදය, ජාතිවාදය සහ අනිත් බේද අවුස්සලා වෙනත් දෙයක් ඉෂ්ට කරගැනීමේ කොන්තරාත්තුවක් බාරගෙන කටයුතු කරන පුද්ගලයෙක්... ඒකයි හැම එකකටම කපපන්, කොටපන් කියලා අපේ කොල්ලන්ව උසි ගන්වන්නේ... මෙයාට විතරක් තියෙන අමුතුම කුලප්පුවෙන් මට දැනෙන්නේ එහෙමයි...

:       272       100

BamunuarachchiWednesday, 20 March 2019 02:43 PM

Wasalamudali බමුණුආරච්චි ගැන කියවන්න කාලය නාස්ති කරන්න එපා. ඔබ මුසල්මානුවන් ගැන දෙමළුන් ගැන ඔවුන්ගෙන් අනාගතයේදී මෙරටට තිබෙන අවදානම ගැන ඔබේ අදහස් ලියන්න. එ්වයි අපිට වටින්නේ අර මරිය කඩේ ගැහැණු වගේ පුද්ගලයින් ගැන ඔබ මවාගෙන චිත්‍රය දිහා බලාගෙන කතා කරන්න එපා. ඉස්කෝලයක් ළඟින්වත් නොගිය පාටයි.

:       3       72

NihalWednesday, 20 March 2019 05:15 PM

පලස්තීනුවන් අවුරුදු 50 ක් පමණ ඝාතනය කරනවා. මිනීමරුවෝ අතිශයින්ම බලවත් විතරක් රටවල් 35 ට එකවර පහරදීම හැකියාව ගැන උදම් වනනවා.

:       118       3

hareesha Wednesday, 20 March 2019 11:56 AM

"*සිව" නොලි පාද මලෙයි කියන්නේ කුමකටද?

:       0       19

dhamneth Wednesday, 20 March 2019 01:45 PM

සුද්දන් මේ රටේ වතුවගාව ආරම්භ කල සමයේ සුද්දෙකුගේ බංගලාවට ගිය මෙරට පුද්ගලයෙකුට අසන්ට ලැබී තිබෙනවා. සුද්දගේ සිඟිති දියණියව ඩාලින් කියා අමතනවා. මොහු සිතා ඇත්තේ අර දරුවාගේ නම ඩාලින් කියාය. ඔහුගේ බිරිඳට ලැබුණු දියණියට ඔහු ඩාලින් කියා නම තැබුවේ මහත් උජාරුවෙනි.. මගේ දුවගේ නමත් වත්තේ සුදු මහතාගේ දියණියගේ නමයි කියා. වසර කීපයකට පසු අල්ලපු ගෙදරට ගෙනා බලු පැටියෙකුට ඩාලින් කියනවා ඇසි මොකද යකෝ අපේ කෙල්ලගේ නම තොපේ බල්ලට දාල තියෙන්නේ කියා යුද ප්‍රකාශ කලාලු. දෙවනුව සඳහන් කල පුද්ගලයා කියන්නෙත් ඩාලින් කියන්නේ සුදු මහතාගේ බල්ලාගේ නම කියාය. ඔහුද බල්ලට දැම්මේ ඒ නම කියාය. එදා ඒ ප්‍රශ්නය ඇතිවුනේ ඉංගිසි නොදන්නා නිසයි. අදත් අපේ සමහරු නම් ගම, ආගම්, ජාති අල්ලාගෙන සටන් වදින්නේ මානසික මට්ටම දියුණුවෙලා නැති නිසයි.

:       148       100

Hari Wednesday, 20 March 2019 02:39 PM

hareesha, එකේ තේරුම තමිල්නාඩුවේ දෙවියන්ගේ පාදම කියන එකට...

:       0       4

Aththa Wednesday, 20 March 2019 02:49 PM

ඔය මුකුත් නැහැ අර 16 සියවසේ අර මනුස්සයා ගල් ගුහාව ඇතුළටම වෙලා හිටියා නම්... බොරුවට දෙවියෝ දැක්කා කියලා එළියට ඇවිත් ක්‍රිස්තියානි ආගම කොපි කරලා කල්ලියක් හදාගෙන යුදෙව්වෝ මරමර සාමේ පැතුරුවා.

:       0       157

Bamunuarachchi Wednesday, 20 March 2019 02:55 PM

"Bamunuarachchi ඇවිල්ලා බෞද්ධයකු කියලා රැවටෙන්න එපා." කාටද මේ කියන්නේ මෙතන අදහස් කියවන සියලු දෙනාම ඔබ වැන්නවුන් නොවෙයි සමහර බුද්ධිමත් අය විරුද්ධ අදහස් කියවන්නත් කැමතියි. මම අබෞද්ධයෙක් වුණත් ඉදිරිපත් කරන අදහස බෞද්ධයින් වෙනුවෙන්.... ඉස්ලාම් මූලධර්ම ගැන අවබෝධයක් තිබෙනවා නම් ඔය සන්හිඳියාව ගැන කතා කරන එකක් නැහැ. මට සැක වාසලමුදලි සිංහල බෞද්ධයෙක්ද කියලයි. ඉස්සෙල්ලාම ඉගෙනගන්න තම ජාතිකයා, ආගමිකයා, අන්‍ය ආගමිකයා, අන්‍ය ජාතකයා ඉදිරියේ පාච්චල් නොකරන්නේ. මුසල්මානුවන් දෙමළුන් එහෙම කරන්නේ නැත්තන් මම දෙමළ ඩයස්පෝරාව සමග වාද කරන්නේ 1999 කාලයේ සිට. ඔවුන් කිසිවෙක් ඔවුන්ගේ ජාතිකයා පාවාදෙන්නේ නැත.

:       57       78

Bamunuarachchi Wednesday, 20 March 2019 03:20 PM

සිව දෙවියන් පාදය තැබූ කියන එකයි. තව කොටසක් ආදම්ගේ පාදය කියනවා, මුසල්මානුවන් අල්ලා දෙවියන්ගේ පාදය කියනවාදැයි නොදනිමි.

:       1       7

smn Wednesday, 20 March 2019 03:47 PM

Bamunuarachchi ට කෙළින්ම පිළිතුරු දිය නොහැකියි….Reply කියන වචනය ඉවත් කරලා. බඩුත් හාමුදුරුවන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ බවයි පෙනෙන්නේ..

:       209       1

BamunuarachchiThursday, 21 March 2019 01:40 AM

ඉතින් නම දාලා පිළිතුරු දෙන්න පලවේවි ඊට පසු මම පිළිතුරු දෙන්නම්. ඔබලාට මම පිළිතුරු දුන්නේ පාසල් යන කාලයේ සිටමයි

:       1       6

Kodda Thursday, 21 March 2019 02:11 AM

කලින් තිබුණු නම මොකක්ද දමිළ බසින්? ලෝක බෞද්ධ ප්‍රජාවේ මුදුන් මල්කඩක් වූ ශ්‍රි පාදය පටු ජාතිවාදී දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කිරිම පිළිකුල් සහගතයි.

:       0       5

rocky Thursday, 21 March 2019 02:13 AM

මට පෙනෙන විදිහට බමුණුආරච්චි කියන්නේ 21 වැනි සියවසේ ශිෂ්ට සමාජයට අනුගත වීමට නොහැකි ගෝත්‍රවාදී ම්ලේච්චයෙක්. ඔහු අරාබිකරයේ අවුරුදු 25 ක් හිටි බවක් කියනවා. මොකක් හරි දෙයකට කොටුවෙලා හිර ගෙදර ඉන්න ඇති, අනිවාර්යයි! මොහු කිසිසේත්ම බෞද්ධයෙක් වෙන්න නම් බැහැ!

:       10       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 156 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 195 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 212 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 402 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1931 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 286 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site