IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


වෙන්නප්පුවේ පාසල්වල ප්‍රතිළුල නැංවීමට දුර්වල දරුවන් ඉවත් කරන වෑයමක්

                                                                                                                                            
 
චන්දන ප්‍රනාන්දු                                        
                
වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල සාමාන්‍ය පෙළ පන්තිවල ඉගෙනුම ලබන විෂයන් වලට දුර්වල දරුවන් සාපෙළ විභාගයට ඉදිරිපත් නොකර වෘත්තීය පුහුණුවීම සඳහා යොමු කරන ලෙස පාසල්වලින් දෙමාපියන්ට බලපෑම් කරන බව දෙමාපියෝ පවසති.
                                                                                    
එම පාසල්වල ප‍්‍රතිපල ප‍්‍රතිශත ඉහළ දැමීමේ වුවමනාව හේතුවෙන් තම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය මෙලෙස පාසල් වලින් උදුරා ගැනීම තම දරුවන්ට කරන ලොකු අසාධාරණයක් බව ඔවුහු පවසති.
                                                                        
මෙම තත්වය ප‍්‍රදේශයේ ඉහළ පාසල්වල මෙන්ම කුඩා පාසල්වලත් විවිධාකරයෙන් ක්‍රියාත්මක වන බවත් තම දරුවන් විෂයන් සඳහා දුර්වල නම් එම දරුවන් මඟහලා දැමීම පාසල් අධ්‍යාපනයටත් නිගරුවක් බැවින් මෙම තත්වය සොයා බලන ලෙසත් මේ තත්වය හේතුවෙන් තමන් මෙන්ම  තම දරුවනුත් විශාල මානසීක පීඩනයකට ලක්ව සිටින  දෙමාපියෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලති.                       
                                                                                    
මේ සම්බන්ධයෙන් විමසිමේදී වෙන්නප්පුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.සි. දිසානායක මහතා පැවසුවේ  අපි පාසල් නොයන දරුවනුත් නිවෙස් වලට ගිහින් එම දරුවන් පාසල්වලට ගෙනවා ගැනිමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙද්දී මේ ආකාරයෙන් යම් පාසලක මේ විදියට වැඩ කරනවා නම් ඒක ලොකු වැරැද්දක් මොකද ප‍්‍රතිපල ලේඛනයේ අසමත් ලකුණක් ගන්නත් සෑම දරුවෙකුට අයිතියක් තියෙනවා. ඒ නිසා කිසිම විදුහල්පතිවරයකුට හෝ ගුරුවරයකුට බැහැ පාසල් යන කාලයේ දී වෘත්තිය පුහුණු වෙත යොමු වෙන්න කියලා උනන්දු කරවන්න හෝ බලපෑමක් කරන්න එහෙම සිදුවීම වෙනවා නම් අපිව දැනුවත් කරන්න අපි අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නවා.
        



අදහස් (8)

වෙන්නප්පුවේ පාසල්වල ප්‍රතිළුල නැංවීමට දුර්වල දරුවන් ඉවත් කරන වෑයමක්

nuwan Wednesday, 23 May 2018 06:28 AM

මගේ රටට ගිය කලක්

:       0       172

බද්රානි Wednesday, 23 May 2018 06:49 AM

ඉගෙන ගැනීමට අදක්ෂ නම් වෘත්තිය අධ්‍යාපනය ලැබුවම ඇති වරද මොකක්ද? හැමෝටම ඕනා කරන්නේ දරුවන්ව, ඉංජිනේරුවෝ, දොස්තරලා කරන්නනේ. ඒ වගේම තමයි ගුරුවරුන්ටත්, ළමයින්ට උගන්වනවට වඩා, තමන්ගේ උජාරුව රටට පෙන්න ගන්නනේ උත්සහ කරන්නේ. හැමෝම මනෝ ලෝකවල තමයි ජීවත් වෙන්නේ.

:       224       30

සතයපාලWednesday, 23 May 2018 09:05 AM

ඉගෙන ගැනීම දරුවකුගේ අයිතියයී.ඒකට අකුල් හෙලන්න බාදා කරන්න හෝ තහංචී දාන්න කාටවත්ම අයිතියක් නැහැ. විශේෂයෙන්ම ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ඒ අයගේ රාජකාරිය වගේම යුතුකම හා වගකීම වන්නේද දරුවන්ට අධයාපනය වගේම අනිකුත් ගුණ ධර්ම සමාජ සිරිත් විරිත් හා ආකල්ප හදුන්වාදීම වන අතර එවැනී ගුරුවරුන් දරුවන්ට පාසැල් එන්ට එපා යයී කීම කිසිසේත්ම අනුමත කල නොහැකි කරුණකී. දරුවන්ට තම මූලික අධයාපනය අවසන් කිරිමෙන් පසු කැමති දෙයකට යොමුවිය හැකි අතර ඒ සදහා තම දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ උපදෙස් නිසි කලදී ලැබිය යුතුය.

:       1       95

samathWednesday, 23 May 2018 09:28 AM

වැරැද්ද තමයි මානව හිමිකම් කඩ කිරීම. අනිවාර්ය අධ්‍යාපනය ලබන්න ඕන වයස කුමක්ද කියල හොයල ඒ වයසට අඩු ළමයිවත් මේ තත්වයට පත් කරලා නම් ඒ විදුහල්පතිවරු සහ ගුරුවරු හිරේ දානවා ඇර වෙන දෙයක් නැහැ

:       0       47

Isitha croos Wednesday, 23 May 2018 07:16 AM

මොකක්ද ඔය කියන පාසල්? මේක ඉක්මනට හොයලා ඒ ගැන පරික්ෂා කරන්න. පව් ළමයි.

:       0       21

නිමල් Wednesday, 23 May 2018 07:51 AM

මහ ඇමතිලාගේ අධ්‍යාපනයෙන් එක වීමේ තරගය නිසා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට තලනවා. ඒකට ඒ අය කරන විකල්ප ක්‍රියාමාර්ගය තමා මේ. ඒඅයට ඕන සියළු දෙනා විභාග සමත් කරවීම. ඉතින් විදුහල්පතිලා වෙන මොනවා කරන්න ද?

:       1       25

himal Wednesday, 23 May 2018 08:24 AM

ඇයි ඔයා එහෙම කියනවා කියන පාසලෙන් මේ ගැන විමසීමක් කරන්නෙ නැත්තේ?සමහර විට දරුවාගේ අනාගතය පැත්තෙන් හිතලා දීපු ඔවදනක් මේ විදිහට හරවගත්තා වෙන්නත් පුළුවන්.

:       2       1

sanath Wednesday, 23 May 2018 06:18 PM

යහපාලන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව නම් 2019 සිට සියලුම සිසුන්ට 13 වසර දක්වා අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කිරීමයි. ඒක ඉතා හොඳ තීරණයක්. ළමයිගේ අධ්‍යාපන මට්ටම ඉහල යෑමත් සමඟම ඔවුන් අතින් සිදුවෙන සමාජ විරෝධී ක්‍රියාවන් අවමවී නීති ගරුක පුරවැසියන් බවට පත්වීම සිදුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 176 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 455 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 750 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 974 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1552 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1233 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site