IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විජිතපුර බළකොටුවට අයත් පුරාවිද්‍යා භූමියක අඹ - පොල් වගාකරලා

(කාංචන කුමාර ආරියදාස)
 
කලාවැව ඉස්මත්තේ ධීවර ගම්මානයට ආසන්නයේ ඓතිහාසික විජිතපුර  බළකොටුවට අයත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භූමියක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර  අඹ  හා පොල් වගා කර ඇතැයිද මේ බව තමන් කැකිරාව රණජයපුර පොලිසියට පැමිණිලි කර ඇතැයිද පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
 
මෙම භූමියේ ඉපැරණි ගල්කණුවලට දැඩි හානි සිදුවී ඉපැරණි ගොඩනැගිල්ලක ගඩොල් සහ පැති  උළු විශාල වශයෙන් කැඩී බිඳී තිබිණි. 
 
අක්කරයක පමණ භූමියක මහා ඝන කැලෑව පැවති බවත් එම ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් කුලීකරුවා ලෙස තමාට ලැබුණු උපදෙස් පරිදි කැලෑව ඉවත්කර ඉඩම එළිපෙහෙළි කරමින්  වෙනත් ප්‍රදේශයකින් මෙම ඉඩමට පස් ගෙනැවිත් දමා අඹ හා පොල්  වගා කළ බව කලාවැව ධීවර ගම්මානයේ පිහිටි මෙම  පුරාවිද්‍යා භූමිය පවිත්‍ර කරමින් වගාව ආරම්භ කළ කුලී කම්කරුවා ලංකාදීපයට පැවසීය.
 
කැකිරාව ප්‍රදේශයේ පුරාවිද්‍යාව පිළිබඳව සහ රජරට ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳව මනා දැනුමක් ඇති සුදත් ඒකනායක මහතා එළාර දුටුගැමුණු යුගයට ද ඉහත සිටම මෙම විජිතපුර නගරය පැවැති බව ඉතිහාසයේ සඳහන් වන බවද සඳහන් කළේය.  මෙම ස්ථානයේ සංඝාවාස රජ මාළිගාවක් පවතින්නට ඇති බවත් විනාශ කර ඇති නටබුන් පරීක්ෂාකිරීමේදී දැක බලාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
 
මෙම ස්ථානයේ සිට මීටර් සීයක් පමණ දුරින් විහාර ආරාම සංකීර්ණයක් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. විශාල ගල් මත මාළිගාවල නටබුන්, ගල් කටාරම් කෙටූ විහාර ආරාම සංකීර්ණයක් මෙම ස්ථානයේ පවතින බව සුදත් ඒකනායක මහතා පෙන්වීය. ඉතිහාසයක් සහිත බවට පිළිගත හැකි නටඹුන් සියල්ල විනාශ කර ඉඩම් අත්පත් කරගැනීමේ මුවාවෙන් ජාවාරම්කරුවන් ක්‍රියාකරමින් සිටින බවද ඔහු පැවසීය.
තමන්  ගමේ අයකුගෙන් රුපියල් ලක්ෂ දහය හමාරක මුදලකට ගිවිසුමකින් මිලදී ඉඩම  ගත් බවත් පසුව සව්න්දරාජ් නමැති අයකුට වගා කරගැනීම සදහා ලබා දුන් බවත් මේ ඉඩම ලබාගෙන වගාකර ඇති, කලාවැව නෙල්ලියාගම පාසලක ගුරුවරයකු වූ කලාවැව පදිංචි  පිච්චෙ නුර්දීන් මහතා කීවේය.
 
තමන් රජයේ සේවකයකු නිසා රජයේ ඉඩම් ලබාගැනීමට නොහැකි බවද,තමන් මේ ඉඩම ලබාගත්තේ දුප්පත් කාට හෝ ලබාදී දේශීය ආයුර්වේද පැළෑටි වැවීමට බවද ඉඩම සංවර්ධනයේදී පුරාවිද්‍යා නටබුන් තමන් නොදුටු බවද වසමේ ග්‍රාම නිලධාරිවරයා මේ ඉඩමේ අයිතිය ලබාදීමට තමන්ට පොරමයක්ද ලබාදී තිබෙන බවද මේ දිනවල ග්‍රාම නිලධාරියාගේ උපදෙස් පරිදි එම ඉඩමට නොයන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මීට පෙර විජිතපුර  බලකොටුවට අයත් බැලුම්ගල  නැමති පුරාවිද්‍යා ස්ථානය ද යන්ත්‍රසූත්‍ර දමා ගම්මානය ඉදි කිරීම සඳහා විනාශ කර තිබිණි.



අදහස් (5)

විජිතපුර බළකොටුවට අයත් පුරාවිද්‍යා භූමියක අඹ - පොල් වගාකරලා

සේන Wednesday, 24 July 2019 05:33 AM

දැන්නම් නියම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් අපට තියෙන්නෙ . එහි හිටපු අධ්‍යක්ෂකවරයා මාරු කර තම ගැත්තෙක් දමාගත් බවයි දැනගන්නට ලැබී ඇත්තේ. මුලු රටම හාන්සි

:       1       122

thushara Wednesday, 24 July 2019 05:36 AM

මෙම පුද්ගලයට නිතිය ක්‍රියාත්මක කරන්න. මෙතනත් අල්ල ගත්තේ කොලනියක් කරන්න. ඉන් පස්සේ ටික ටික කැලේ අල්ලාගෙන පැටව් බෝ කරලා වන විනාශයක් කරන්න. මොකද මෙතරම් තරහක් තියෙන්නේ වනන්තර හා පුරාවිද්‍යා ප්‍රදේශ සමග.

:       207       582

sena Wednesday, 24 July 2019 07:09 AM

ගස් සිටුවීම වරදක් නොවේ . ඉඩමේ අයිතිය ගැන සොයා බලන්න.

:       197       1

Amarasingha Wednesday, 24 July 2019 07:43 AM

සිංහලයාගේ අනන්‍යතාවය , නැතිකිරීමේ මහා කුමන්ත්‍රණයේ තවත් එක පියවරක් පමණයි එදත් අදත් හෙටත් ඔය විදියටම එළිපිට සහ හොරෙන් සිංහලයින්ගේ අයිතිහාසික සාධක විනාශ කරනවා ,

:       462       1043

sharm warn Wednesday, 24 July 2019 12:07 PM

පුරාවිද්‍යා ඉඩම් මංකොල්ල කෑම් දැන්දැන් හැම පැත්තෙන්ම අහන්න ලැබෙනවා. අදාළ පුද්ගලයින්ගේ නමගම අහනකොට යටි අරමුණු මොනවද කියලත් පේනවා. මම අහන්නේ සිංහලයෙක් මේ වැඩේ කළා නම් මෙලහකට කුදලාගෙන ගිහින් හිරේ දමලා... එහෙම නෙමෙයිද? අර එකෙක් ජාතිය උප්පැන්නෙන් අයින් කරන්න යෝජනා කරලා මහා උජාරුවට කියවනවා. මොක්කුද මේ රටේ ඉන්නේ? සිංහල මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? අඩු ගානේ පුරාවිද්‍යා එකෙත් ඉන්නේ ජාතියක්, ජම්මයක් නැති අයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 143 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 98 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 94 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 99 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 815 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 733 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site