IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැටුපෙන් අඩක් දෙනවාට විරුද්ධව ඇඟලුම් කම්හලක වැඩවර්ජනයක

(අනීෂා මානගේ)

වීරකැටියේ ඇඟලුම්හලක සේවක සේවිකාවන්ට මෙම මාසයේ වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පාලන අධිකාරිය තීරණය කිරීමට විරෝධය දක්වමින් අද(11) ඔවුහු සේවයෙන් ඉවත් වී වර්ජනයක නිරත වූහ.
 
වීරකැටිය ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් දහසක් පමණ ඊයේ සේවයෙන් ඉවත්ව සිටියහ.
 
පසුගිය මස 20 වැනිදා සිට තමන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු කළ අතර තමන්ට මෙම මාසයේ මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පාලන අධිකාරිය තීරණය කර ඇතැයි ලද තොරතුරු හේතුවෙන් තමන් සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් ආරම්භ කළ බව සේවකයෝ කියති.

වැඩ වර්ජනයේ නිරත වූ සේවක සේවිකාවෝ අද ඇඟලුම් කර්මාන්තශාලා භූමිය තුළ රැඳි සිටිමින් වර්ජනයේ නිරත වූ අතර මූලික වැටුප සම්පූර්ණයෙන් තමන්ට ලබා දෙන ලෙස සේවකයෝ ඉල්ලා සිටිති.
 
අප මේ සම්බන්ධයෙන් ඇඟලුම් කර්මාන්තශාලාවේ පාලන අධිකාරියගෙන් කරුණු විමසීමට උත්සාහ කළද ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ.
 
කෙසේ වුවද කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට දෙදෙනකු අතර මීටරයක දුරක් පවත්වාගැනීමට සෞඛ්‍ය බලධාරින් ජනතාවට උපදෙස් දුන්නද වැඩ වර්ජනයේ නිරත වූ සේවක සේවිකාවෝ එය අනුගමනය කර නොසිටි ආකාරය දක්නට හැකිවිය.  

වසර 28ක කාලයක් තිස්සේ නියමිත පරිදි සේවකයන් 1100 දෙනකුට වැටුප් ගෙවූ බවත් ආයතනය වසා දැමීමට තමන් අකමැති බවත් මාස දෙකක පමණ කාලයක් ගතවූ පසු යළිත් යථා තත්ත්වයට පත්විය හැකි බව අද දින සේවක වැඩවර්ජනයක් පැවැති වීරකැටියේ ඇඟලුම්හලෙහි අධ්‍යක්ෂ ජාෆර් සටාර් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කීවේය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජාෆර් සටාර් මහතා මෙසේ කීවේය.

හැම කම්හලකම එක් කණ්ඩායමක් ඉන්නවා මොකක්හරි ප්‍රශ්නයක් ඇති කරන්න. මම මේ ආයතනය ආරම්භ කළේ 1992 වර්ෂයේදීයි. මේ අවුරුදු 28ට කිසිදු අවස්ථාවක කිසිදු පුද්ගලයකුට වැටුප් නොගෙවා නැහැ. හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තිබෙන ඇඟලුම් කම්හල් අතරින් වායුසමීකරණය කළ ඇඟලුම් කම්හලක් තිබෙන්නේ මෙය පමණයි. සෑම වසරකම අපි සේවකයන් 1100කට වැටුප් නියමිත පරිදි ගෙවීම් කළා. ප්‍රසාද දීමනා ගෙවීම් කළා.

ලංකාවට පමණක් නෙවෙයි ලෝකයම මේ ගැටළුවට මුහුණ දී තිබෙන්නේ. ගැණුම්කරුවන් බංකොලොත්වෙලා. කොරෝනා නිසා අපි මාර්තු 15 වැනිදා ආයතනය වැහුවා. මාර්තු අන්තිම වෙනකල් වැඩ කළේ නැහැ. නමුත් අප්‍රේල් 10 වැනිදා මම සියලු දෙනාගේ වැටුප් ගෙවීම් කළා. දැන් සියලුම ඇණවුම් අවලංගු කර තිබෙන්නෙ. එය මගේ පමණක් නෙවෙයි. සෑම ඇඟලුම් ආයතනයකම ඒ වගේ. අනාගතයේදී ඇණවුම් තිබේවිද නැද්ද අපි දන්නෙ නැහැ.

අපි සාමාන්‍යයෙන් භාණ්ඩ යැව්වාම දවස් 30කට පසුවයි අපිට මුදල් ගෙවීම් කළේ. හැම ගැණුම්කරුවෙක්ම ඒ දවස් 30 දැන් දවස් 120 කරලා. නැවත මුදල් ලැබෙන්නේ ජූලි, අගෝස්තු මාසවලදීයි. මේ වෙනකොට කිසිම බැංකුවකින් වැඩිපුර ණයක් ලබා දෙන්නෙ නැහැ.

අප්‍රේල් මාසයේ 20 වැනිදා වෙනකල් අපි ආයතනය වසා තිබුණා. 20 වැනිදායින් පස්සේ රජයෙන් අනුමැතිය දුන්නා සියයට 25ක් ගෙන්වා වැඩ කරන්න. නමුත් ඒ විදියට වැඩ කරන්න අමාරුයි. ඇඳුමක් මහන්න ළමයි සියලුම දෙනා ඉන්න ඕන. සතියක් සියයට 25ක් ගෙනාවා. ඊළග සතියේදී සියයට 50ක් ගෙනාවා. එතකොට අප්‍රේල් මාසය ඉවරයි. ඒ කියන්නේ අප්‍රේල් මාසයේ සම්පූර්ණයෙන්ම පාඩුවක් සිදුව තිබෙන්නේ.

තවමත් අපිට සතයක්වත් බැංකුවෙන් ලැබී නැහැ.

ලංකාවේ සමහර ඇඟලුම් ආයතන වැටුප් ගෙවා ඇත්තේ නැහැ. සමහරු ගෙවා තිබෙන්නේ 50%යි. මම තීරණයක් ගත්තා 20 වැනිදා වෙනකල් 50%ක් ගෙවන්න. ඉන් පසුව පැමිණි අයට දවසේ වැටුපත් ගෙවනවා. සම්පූර්ණ මාසයේම ගෙදර සිටි කෙනාට සියයට පනහක් ලැබෙනවා. වැඩට ආපු කෙනාට 75%ක් ලැබෙනවා.

හැම සතියෙම මම සේවකයන් මුණගැහෙනවා. ළමයින්ගේ ලේ පුච්චලා අපිට හම්බකරන්න බැහැ. අපි මේ ළමයිගෙ පවුල්වලට කියන්නේ සුමිතුරු පවුල කියලයි. මේ ගැටළුවෙන් පස්සේ ළමයි කතා කරලා අඩනවා. සමහරු බලන් ඉන්නවා ආයතනය වසා දමන්න. මම කැමැති නැහැ එයට. යම් දෙයක් මම දැනට කරලා මාසයක් දෙකක් ගිහින් මේ ප්‍රශ්න අවසන් වුණාම ආයෙත් අපිට හිටපු තත්ත්වයට යන්න පුළුවන් යැයිද කීවේය.

 



අදහස් (34)

වැටුපෙන් අඩක් දෙනවාට විරුද්ධව ඇඟලුම් කම්හලක වැඩවර්ජනයක

Rohana Monday, 11 May 2020 11:04 AM

ඉතා අඩු වැටුපක් ලබන ඇගලුම් සේවකයින්ගේ වැටුපින් 1/2ක් කැපුවම ඒ අය ජීවත්වෙන්නෙ කොහොමද?

:       419       635

පුජා Monday, 11 May 2020 11:22 AM

හිඟන්නාගේ පාත්තරයට ,හෙනහුරා පාත් උනා කියන්නේ මේ වාගේ සිදුවීම් වලට වෙන්න ඇති.

:       25       371

Akila Monday, 11 May 2020 11:43 AM

ඉන්න හුඟදෙනෙක් මුහුණ අතගගා ඉන්නේ හරි ශෝක්

:       0       0

සෙනරත් Monday, 11 May 2020 11:59 AM

කවුරු කවුරුත් පිළිගන්න ඕනැ... ව්‍යාපාරිකයා ව්‍යාපාරයක් කරන්නේ පාඩු නොවිඳින්න. මාසයක් වැඩ නොකර හිටිය එකේ.., අනික් ඒවා නැතුව මූලික පඩිය හරි ගෙවන එක ගැන සතුටු වෙන්න ඕනෑ. ඔය විදිහට වර්ජනය කරන්න ගිහින් ගාර්මන්ට් එක වහපුවාම, ඔය දේවල් උසි ගන්වන අයට කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ. ඒ නිසා ගිහින් වැඩ කරන එ්ක තමයි හොඳම දේ..

:       0       0

Chan Monday, 11 May 2020 12:10 PM

ලෝකෙම වයාපාර පාඩු නිසා රස්සාවල් නැතිවේලා. සින්ගප්පුරුවේ උද්ගෝෂණ තහනම්. හැම කොම්පැනියක්ම සින්ගප්පුරුවේ කර්මාන්ත පටන් ගන්නෙ මේවා නිසා තමයි. මේ මාසෙ දුක දරාගෙන රස්සාව බෙරගමු. කොම්පැනිය වැහුනොත් කී දෙනෙක් අනාතද?

:       0       0

parakkrama Monday, 11 May 2020 12:31 PM

ඔය ලොකු ලොකු උත්තමයින්ගේ වැටුපෙන් දෙන්නේ කොච්චරද මෙයා...? ලොක්කෝ ඔක්කොමලා ලනු දෙන්නේ බැහැ කියාගන්ට බය, බැරි පොඩි උන්ටමයි නේද අනේ...? පොඩි උන්ගේ සල්ලිවලින් නේද ලොක්කෝ රටේ ලොක්කාට පරිත්‍යාග කරන සීන් එක තුලින් TV එකට මුහුණු දමන්නේ?

:       3       154

Samitha Senaka Aluthgamage. Monday, 11 May 2020 12:36 PM

අසරණ සේවකයන්ගේ වැටුප් ඉල්ලන්න තරම් පහලට වැටෙන්න රජයකට පුලුවන්ද ? මෙසේ වෙනවිට රාජ්‍ය නායකයන්ගේ ප්‍රතිරූපය හා පෞරුෂත්වයට වෙන්නේ කුමක්ද? තවදුරටත් ඔවුන් කෙරේ විශ්වාසයයක් තැබිය හැකිද ? අනේ මන්දා .

:       1726       1662

shanikaMonday, 11 May 2020 02:22 PM

ඔයාගේ අදහස හරියට යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ .

:       376       406

Samitha Senaka Aluthgamage.Tuesday, 12 May 2020 06:01 AM

ශානිකා, ඔයා තේරුම් නොගත්තාට මා පවසා තියෙන්නේ කතාවේ සැබෑ හරයයි.

:       304       249

Kumar (Galf)Monday, 11 May 2020 04:37 PM

අපෝ අපිට නම් පුලුවන්. බස් ගිනිතියල, කෝච්චි ගිනිතියල, කර්මාන්තශාලා ගිනිතියල, මිනිස්සු (විදුහල්පතිවරු, ඉගෙන ගන්න දරුවො, පෞද්ගලික සහ රජ්‍ය සේවකයො) මරල, මිනිස්සුන්ගෙ හැඳුනුම්පත් බලෙන් අරන් ගිහිල්ල, මිනියක් ගෙදරින් එලියට අරන් යන්නත් කැලෑ නීති දාල, විශ්ව විද්‍යාල වල් ඉගෙන ගන්න කොල්ලො කෙල්ලොන්ගෙ අධ්‍යාපනය නැත්තට නැති කරල අනාත කරල පටන් ගත්ත 3% ජේ වී පී කාලකන්නි හැතිකරයෙ ගමන සිරිකොතෙන් නතර වෙච්චි කොට ඔයවගේ වැඩ වර්ජන කරල කර්මාන්ත ශාලා වහල දාන එක ඉතින් අලුත් දෙයක් නෙමෙයි. ජේ වී පී හැත්ත ඔහොම්මම තමා. කරුමෙට තව 3% ඉතුරු වෙලා ඉන්නව හැඳි ගෑවිලා යන්නෙ නැතුව.

:       1754       1824

Samitha Senaka Aluthgamage.Tuesday, 12 May 2020 05:41 AM

ඔබ කී දේවල් ඇත්ත. ඒ උනාට ඒ දේවල් මට අදාළ නැහැ. මොකද මම ඒ කණ්ඩායමේ හෝ වෙනත් කණ්ඩායම්වල කෙනෙකු නෙමෙයි. වල්පල් කිව්වා මිසක් ඔයා අසා තියෙන ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැනේ.

:       426       208

Kumar (Galf)Tuesday, 12 May 2020 08:56 AM

Samitha Senaka Aluthgamage, කොහෙද යන්නෙ මල්ලෙ පොල්. ඔයා නොකිව්වට අපිට හිතාගන්න පුලුවන් ඔයා කාගේ කණ්ඩායමේද කියලා...? කොහොමත් ජෙප්පො කියන්නේ නැහැ අපි ජෙප්පො කියලා... මේ දවස්වල අහන බැනුම්වල හැටියට. ශානිකා කියලා තියෙන එක නම් 100%ක් ඇත්ත.

:       0       0

aka Monday, 11 May 2020 12:42 PM

ගාමන්ට් වල ඕඩර්ස් කැන්සල් වෙලා. දන්න තරමින් බොහෝ ඒවා දැන් පඩි ගෙවන්නෙ ණය අරන්. ඉතින් කට්ටිය නටලා ගාමන්ට් එක වහලා දැම්මම සෑහෙන සතුටු වෙන්න පුලුවන් වෙයි (මේ වගේම නටලා වහලා දාපු සමාගම් කොච්චර තියෙනවද?

:       565       1160

මාටින්Monday, 11 May 2020 01:24 PM

හැම කොම්පැනියක් ම දුවන්නේ අමාරුවෙන් .කොම්පැනි ටික වහගෙන ගෙවල්වලට වෙලා ඉන්න. මගේ පඩියත් 60% න් කපුවා. තව මාසයක් ඉවසන්න. කොම්පනිවල වැඩ යතාතත්වෙට එයි ...

:       0       81

පැත්ත ගියත් ඇත්ත Monday, 11 May 2020 03:13 PM

එතකොට අවුරුදු ගණන් ලබපු ලාබෙ... එක පාරටම වාෂ්ප වුනාද...? හදිස්සියකට මාසයක පඩිය ගෙවාගන්න ලාබයෙන් කොටසක් අයින් කරන්න බැරි මසුරු කොම්පැනි දුවනවට වඩා වහල දාන එක හොඳයි තමා..

:       18       130

AsankaMonday, 11 May 2020 06:24 PM

සහතික ඇත්ත... ලාභ ලබනකොට උපරිම ලාභ ලබනවා. ඒ වුණාට එක මාස 2ක් පඩි ගෙවන්න බැහැ. සියලුම පුද්ගලික ආයතන මෙ වගේ තමයි. මගේ නෑයෝ ඉන්නවා ඔයා වගේ ආයතන නිසා...

:       3       115

WcsMonday, 11 May 2020 03:22 PM

මෙකට ඩිස්ලයික් වැටුනට මෙක තමයි ඇත්ත... තව ටික දවසකින් මෙක ගැන හොයල ආයෙමත් දාන්න... එතකොට පුලුවන් ඔය කෑගහන උද්ඝෝෂණ කරපු අය කියයි පඩියෙන් කාලක් දෙන්න... අපි සුදානම් වැඩ කරන්න කියලා.

:       222       305

Roshan Monday, 11 May 2020 12:56 PM

වැඩ නැතුව පඩියෙන් බාගයක් හරි දුන්න එක ලොකු දෙයක්... ඔය එක්කෙනෙක් දෙන්නෙක් නිසා අනිත් හැමෝම විඳවනවා

:       0       0

බද්රානි Monday, 11 May 2020 01:30 PM

පහුගිය කාල වකවානුවේ බොහෝ අය කාලා ඇඟේ තෙල දාල වැඩිකමට කිසිදු හේතුවකින් නැතිවත් දිනපතාම වර්ජනය කලානේ. දැන් ඉතින් බඩගින්නේ වර්ජනය කරන එකේ කිසිම අසාධාරණයක් නැහැ. ඒ වගේම රාජ්‍ය සේවකයින්ගේත් වැටුප කප්පාදු කල යුතුයි. බඩගින්නේ මළත් ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනා කියපු දේශප්‍රේමීන් දැන් මොකද මේ නාහෙන් අඬන්නේ? නරි හුවටත් මහපාරට බැහැලා වර්ජනය කරමින් මේ රටේ ජනතාව අපහසුතාවයට පත් කළා. මට නම් හොඳට මතකයි. කොරෝන් හැදිලා මැරෙනවාට වඩා, බඩ ගින්නේ මැරෙන එක නම්බුකාරයි දේශප්‍රේමී අපිට? හා නැද්ද?

:       0       363

rohana kumara mendis Monday, 11 May 2020 01:32 PM

ඒ මදිවට ආණ්ඩුවත් එක වැටුපක් පරිත්‍යාග කරන්නලු රජයට...

:       0       125

bandula Monday, 11 May 2020 01:47 PM

ඉතුරු බාගේ ජයසුන්දරට දෙන්න වගේ...

:       3       123

Champa Monday, 11 May 2020 01:54 PM

සම්පූරණ වැරදි වැඩක්. සේවකයෝ වැඩ කළා නම් මුළු වැටුපම දෙන්න ඕනේ. වැටුපෙන් 50%ක් ගෙවන්න ඕනේ ඇඳිරි නීතිය නිසා වැඩට එන්න බැරිව "ගෙදර හිටපු සේවකයන්ට." එහෙම කරන්නේ සේවකයන්ගේ රැකියා ආරක්ෂා කරන්න. මේකට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ආයතන වලට ඉඩ දුන්න නම් ඒව විවෘත කරගෙන නිෂ්පාදන දිගටම කරගෙන යන්න, ඒවයේ වැඩ කල සේවකයන්ට නියමිත වැටුප ගෙවන්න නියම කරලා තියෙන්න ඕනේ. ඊළඟට ඇඳිරි නීතිය නිසා තාවකාලිකව සේවයට යන්න බැරි වුනු සේවකයන්ට (ගෙදර ඉන්න සේවකයන්ට - එහෙම කරන්න වුනේ තමන්ගේ වරදකින් නොවෙන නිසා) වැටුපෙන් 50%ක් ගෙවන්න ඕනේ. කෝ ආණ්ඩුව? මේවා කරන්න කට වචනෙට බැහැ. ආණ්ඩුවක්ද මේක පාන්ඩුවක්ද? ඇඳිරි නීතිය දාන එකවත් හරියට කර ගන්න බැරි පාන්ඩුවක් මේක. ජනාධිපතිවරයාට මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. හමුදාව ඉස්සරහට දාගෙන කරන්නේ තමන්ගේ නොහැකියාව වසා ගැනීම.

:       6       825

PA - RA Monday, 11 May 2020 02:05 PM

දුප්පත් ඔබගේ පුංචි පඩියෙන් නොව ලක්ස ගණන් පඩිගන්න හැම්බේකන් කන අයගෙන් පමණි, ඔව්න්ට දෙන්න බැරිද?

:       0       17

Prasad Monday, 11 May 2020 02:06 PM

රාජලාගේ ගමෙ නේද?

:       0       4

jayath Monday, 11 May 2020 02:35 PM

මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියනවා පහුගිය මාර්තු ගත්තොතින් 20 වෙනිදා වෙනකම් කව්රුත් වගේ වැඩ කලා.... එතකොට කොවිඩ් හින්ද ඒ මාසේ අහිමිඋන වැඩකරන දින ගණන සෙනසුරාදත් සම්පූර්ණ දිනයක් විදියට සැලකුවොත් 10 යි . ඊට පස්සේ අප්‍රේල් වල හුඟක් ආයතන වැඩකරන්න සැලසුම තිබුනේ දින 4 ක් විතරයි 5 වෙනිද ඉඳන් 19 දක්වාම හුඟක් ආයතන වහන්න සැලසුම් කරලා තිබුනේ... ඒ නිවාඩු දවස් වලට හුඟක් තැන්වල හිලව් දවස් වල වැඩ කරලත් තිබුණා... එතකොට අප්‍රේල් ඇත්තටම අහිමි වුණේත් දින 10 ක් විතරයි ඒ හින්ද මින්ස්සුන්ගේ පැත්තෙන් බැලුවත් මාර්තු වැටුපත් අප්‍රේල් වැටුපෙන් කොටසක් හරි දීම සාදාරනයි... අනිත් පැත්ත ගත්තම ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය එන්නේ නැහැ. අලුත් ඇනවුම් නැහැ. මොකද යුරෝපයට දැන් රෙදි අදිනවට වඩා ප්‍රශ්න තියනවා. ඉතින් මම නම් හිතන්නේ මේ දෙපැත්තම සමබර වෙන්න මොනවා හරි ක්‍රමයක් හැදුවොත් හොඳයි (එහෙම තැන් ඕනතරම් තියනවා)

:       106       202

samanthiTuesday, 12 May 2020 03:16 AM

ඕස්ට්‍රේලියාව ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් වගේම ලංකාවෙනුත් ඇඳුම් ආනයනය කරා. දැන් ඕස්ට්‍රේලියාවේ ගොඩක් ව්‍යාපාර කඩා වැටිලා. ගොඩක් අයට රැකියා නැහැ. අපි? තියෙන දේවල් අඳිනවා. මොකද අපේ රැකියාවලුත් අවදානමේ නිසා. ඉතින් අපි අනවශ්‍ය බඩු ගන්නේ නැතිකොට වෙළෙන්දා කඩා වැටිලා. ඔවුන් එතකොට ඇඳුම් ආනයනය කරන්නේ නැහැ. ඉස්සරහට පිටරටින් ඉල්ලුම නැතිකොට අපනයනය කරන්න ලංකාවේ බඩු හදලා වැඩක් වෙයිද? කලින් වැඩ කරපුවාට නම් ගෙවන්න ඕනා. නමුත් ඉස්සරහටනම් වැඩ නැතිවෙන්න ඉඩ තියෙනවා. ජේවීපී සහ පෙරටුගාමී සහෝදරයනි, බටහිරට කියන්න ඉල්ලුම වැඩිකරන්න කියලා.

:       309       138

Roshan Monday, 11 May 2020 03:08 PM

සේවකයා වගේම සෙව්‍යයාත් රැකෙන්න ඔනේ නේද ? ලංකාවෙ මේ ප‍්‍රශ්න හින්ද වැඩි හරියක් ගාමන්ට් බංග්ලාදේශයට ගෙනිච්ච. ගොඩක් ප්‍රශ්න විසදෙනව ඩොලරය ඉහල ගියානං. පිටරටින් ණය අරං ඩොලරය කෘතිමව රදවා ගැනීමෙන් දුක් විදින්නෙ අපනයනකරුවො. කවද හරි ණය අරගෙනම අපි චීනෙට යටත් උනාමත් බලමු මේ වගේ උද්ඝෝෂණ කරයිද කියල...?

:       32       189

Prabha Monday, 11 May 2020 04:06 PM

ලෝකෙටම අමාරු කාලයකට මුහුණ දෙන්න වෙවි... එමනිසා මෙවැනි ප‍්‍රශ්න සාකච්චාවෙන් විසදාගන්න එක නුවණට හුරුයි.

:       4       91

dhammika perera Monday, 11 May 2020 10:32 PM

සේවකයන් සේවයට ගෙන්වා ගැනීමේදී නිරෝධායන අනුව සේවකයන් වැඩට ගෙන්වා ගැනීමටත් සියලු සේවකයන්ට වැඩ ලැබෙන පරිදි ඔවුන් ගෙන්වා ගැනීමටත් හාම්පුතුන් එහිදී එකඟ වී යැයි කී එම නිලධාරියා සේවක වැටුප් ගෙවීමේදී මූල්‍ය අපහසුතා ඇත්නම් වාණිජ බැංකුවලින් 4%ක පොලිය මත ණය ලබාගැනීමට හාම්පුතුන්ට අවස්ථාව ලබාදී ඇති බවද එහිදී අමාත්‍යවරයා පැවැසී යැයිද කීය... කම්කරු ඇමැතිතුමා මෙහෙම කියලා තියෙන්නේ...

:       0       0

සමන්ත Tuesday, 12 May 2020 01:49 AM

මම හිතුවේ ජයසුන්දර ඉතුරු බාගේ අරන් කියලා. නෑ හොඳ වෙලාවට. මෙතනදි මේ දෙපාර්ශවයම අසරණයි. ඒ නිසා රජය මැදිහත් වී ජනතාව සහ කර්මාන්ත රැකගැනීම උදෙසා 50%,- 70% අතර වැටුප් සහණාධාරයක් කර්මාන්ත හිමියන්හට ලබාදිය යුතුය. එයට අමතරව රජය මැදිහත්ව ඇපවී කර්මාන්ත සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ට දැනට දී ඇතිබව සඳහන් නමුත් ඔවුන්ට ලැබී නැති, ණය සහනාධාරය කඩිනම්ව ලැබීමට සැලැස්විය යුතුයි. එතැනදී පක්‍ෂ, ජාති, ආගම්, ලොකු පොඩි නොබලා පසුගිය බදු ලිපිගොනු සහ දත්ත පමණක් උපයෝගී කරගත් විද්‍යානුකුල ප්‍රවේශයක් පමණක් ගත යුතුයි​.

:       0       0

de silva Tuesday, 12 May 2020 04:17 AM

ඔය ඇඟලුම් මිලදී ගන්න යුරෝපේ සහ ඇමරිකාවේ කොරෝනා වසංගතය තවම ඉවර නැහැ. එහෙ කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න තව වසර ගණනාවක් ගතවේවි... ඔය ආයතනය ඔහොම හරි පඩි ගෙවන එක ලොකු දෙයක්.., ඔය පළාතේම රන්න ග්‍රාමයේ වාඩිගල ප්‍රදේශයේ ඇති ඇඟලුම් කම්හලක් දැනටම වහලා දමලා ඕඩර් නැති නිසා.., අද රටේ පුද්ගලික අංශයේ 50%ක් විතර රැකියා නැති වීමේ අවධානමකට මුහුණ දීල ඉන්නවා. පුලුවන් නම් උද්ඝෝෂණ කරලා ඔය කම්හලත් වහලා දමන්න.

:       0       0

ප්‍රතිභා සමරවික්‍රම Tuesday, 12 May 2020 08:01 AM

හොඳම වැඩේ මෙච්චර කරලත් කෙළෙහි ගුණයක් නැති ඔය ආයතනයේ යකා නටන්න ලෑස්ති වෙලා ඉන්න අයට ඕන තැනක ගිහින් කරගන්න දෙයක් කරගන්න කියලා අස්වීමේ ලියුම ගහන්න. ඔය වගේ අය ආයතනයටකට හරි යන්නේ නෑ. වැඩ කරන අයටත් වැඩ කරන්න නෑ ඔය වගේ මිනිස්සු හින්දා අත්දැකීමෙන් දන්න දෙයක්. මේ වෙලාවේ ඔය ව්‍යාපාරේ නොවේ ඔයිට වඩා දහස් ගණනින් ඉස්සරහින් හිටපු ව්‍යාපාර පවා කඩා වැටිලා තියෙන්නේ. උදාහරණයකට ඩිස්නි සමාගම. ඒ ආයතනය ලක්ෂ ගානක් අයින් කළා. මේ මනුස්සයා මෙහෙම හරි ව්‍යාපාරේ ඇදන් යන්න දඟලනවා. මේ ව්‍යාපාරේ තිබුනොත් ඒකෙන් ප්‍රතිලාභ ලබන්නේ මේ මිනිස්සුම කියල මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි හැටි. වැඩිය ඕන නෑ අපේ ආයතනයේත් පඩි වැඩි කරන්න දීමනා ඉල්ලන්න ඉස්සෙල්ලම වලි කන්නේ ඉන්න හොඳම අයිස් පප්පල ටික. ඒ අය තමයි අපෙත් ඔක්කොම උසි ගන්නලා නැති විෂබීජ දාලා වැඩ කරන අයටත් තෙල බෙදලා තියෙන වැඩත් අඩාළ කරන්නේ. මෙතන කමෙන්ට් කරලා තියෙන බහුතරයකට මට කියන්න තියෙන්නේ තමන් CEO කෙනෙක් වෙච්ච දාට තේරේවි කියල තමයි. මට පේන්නේ මෙතන කමෙන්ට් කරලා තියෙන බහුතරයක් කාගේ හරි යටතේ වගේ වැඩ කරන ටිකක්. තිත්ත උනත් රිදෙන ඇත්ත ඒක.

:       228       380

ChampaWednesday, 13 May 2020 01:16 AM

අන්තිම දුෂ්ඨ කොමෙන්ට් එකක්. මේ මිනිස්සු නිකම් ඉඳල පඩි ඉල්ලන්නේ නැහැ. වැඩ කරලා පඩි ඉල්ලන්නේ. අනිත් එක මේ සේවකයෝ පඩි පතින් පඩි පතට ජීවත් වෙන්නේ. බෝඩිම් ගාස්තු ගෙවන්න තියෙනවා. ගෙවල් වලට සල්ලි යවන්න තියෙනවා. කන්න තියෙනවා. මේ හැමෝම වැඩ කරන්නේ තමන්ගේ වැටුප බලාගෙන. හාම්පුතුන්ට ඉන්න ගෙදරක් තියෙනව. කන්න කෑම තියෙනව. මාසේ වැටුප එනකම් එන්න ඕනේ නැහැ. ඔවුන්ට ජීවත් වෙන්න සල්ලි තියෙනව. කම්කරු නීති තියෙනවා මේ රටේ. මේ මිනිස්සු වහල්ලු නෙමෙයි. තමන්ගේ ශ්‍රමයට හිමි වැටුප ඉල්ලන්නේ.

:       134       62

තරුලි Tuesday, 12 May 2020 02:32 PM

අප්‍රේල් 15 ඉඳලා මේ අායතනයේ ළමයි වැඩ කළා. මාර්තු මාසෙත් අැඳිරි නීතිය තියෙද්දි ළමයි ටික දෙනෙක් අැවිත් වැඩ කළා. ඒත් අපිට බෝනස් එක දුන්නේ නෑ. බෝනස් එක දෙන්නේ 2019 අවුරුද්දට අදාළව. ඒ මුදලත් අායතනයට ඉතිරියි. පාඩු වුනාම අපේ වැටුප් කපන අායතනයේ පාලන අධිකාරිය කවදාවත් අායතනය ලාභ ලැබුවා කියලා සේවක වැටුප් වැඩි කරලා නෑ. එක ගැණුම්කරුවෙක් මුදලින් ලක්ෂ ගණනක් සේවකයන්ට ලබා දෙන්න කියලා මේ අායතනයට ලබා දුන්නා. ඒ මුදල් වලට මොකද උනේ? මාස 6ට අඩු සියලුම සේවක සේවිකාවන් අප්‍රේල් මාසයෙන් පසු සේවයෙන් නෙරපා හැරියා. ඒ කියන්නේ ඉදිරියට සේවකයන් 1100ට වැටුප් ගෙවන්න අවශ්‍ය නෑ. අැඟළුම් සේවකයෙකුගේ මූලික මාසික වැටුප 17250යි. ඒ මුදල ගෙවන්න බැරි තරම් අායතනය බංකොලොත් කියලා පිළිගන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 27 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 152 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 464 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 364 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 277 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 697 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site