IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වායු සමීකරණය නැතිව කෝටි 10 ක යන්ත්‍රයක් වසර එකහමාරක් ඇසුරුමේ

( සිරංගිකා ලොකුකරවිට )

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට මීට වසර එකහමාරකට පෙර ගෙන්වන ලද කෝටි 10 ක් පමණ වටිනා ලීනියා ඇක්සලරේටර් යන්ත්‍රයෙන් මේ වන තෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැතැයි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය.

එම කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  විජේපාල හෙට්ටිආරච්චි මහතා මේ පිළිබඳ විමසූ අවස්ථාවේ දී පිළිතුරු දෙමින් ගාල්ල කරාපිටිය රෝහලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය සී.ඩී.පතිරණ මහතා පැවසුවේ යන්ත්‍රය සවිකිරීමට පෙර එම ස්ථානයේ වායු සමීකරණ පද්ධතිය අනිවාර්යයෙන් මසකස් කළ යුතු වුවත් තවමත් වායු සමීකරණ පද්ධතිය සකස් කර නොමැති බවයි.

“මෙම යන්ත්‍රය ඇතුළට ගැනීම සඳහා පිවිසුමක් සකස් කිරීමේ දී ඇතිවූ මතවාදයක් හේතුවෙන් යන්ත්‍රය සවිකිරීම ප්‍රමාද වූණා.එම ප්‍රශ්න විසඳා දැන් යන්ත්‍රය අදාළ ස්ථානයට ගෙනවිත් තියෙනවා“යැයි ඒ මහතා පැවසීය. 

“වසරක් තිස්සේ වායු සමීකරණ යන්ත්‍රයක්  සවි කිරීමට නොහැකි වූ හේතුව මොකක්ද? රෝගීන්ට පහසුකම් සපයන්න ආණ්ඩුව සල්ලි වියදම් කරනවා. ඒත් පරිපාලනයේ දුර්වලතා නිසා අහිංසක රෝගීන් දුක් විදිනවා. මේ ඒකකයේ ඉන්නේ ඉතා ඉක්මණින් ප්‍රතිකාර ලබාදිය යුතු වූ රෝගීන්. මේ ගැන මා සෞඛ්‍ය ඇමතිවරයාටයත් කියන්නම්“යැයි විජේපාල හෙට්ටිආරච්චි මහතා කීවේය..



අදහස් (4)

වායු සමීකරණය නැතිව කෝටි 10 ක යන්ත්‍රයක් වසර එකහමාරක් ඇසුරුමේ

Appuhami Tuesday, 25 April 2017 11:32 AM

ඕවට වෙලාවක් නෙහෙ මහත්තයෝ. අපිට පාරවල් ගැනේ පෙළපාලි යන්න තියෙනවා.

:       5       171

ලපයා Tuesday, 25 April 2017 12:18 PM

ජනතාවගේ බදු මුදල් වලින් කැපෙන වාහන පර්මිට් එකට සැප වහනයක් ගෙනල්ල අද වරායෙන් ගොඩ බාපුහම හෙටම ගෙදර ගෙනියල පාවිච්චි කරන්න පුළුවන්. ඒ බදු මුදල් ගෙවපු අහිංසක ජනතාවට අසනීපයකට රෝගයා පරික්ෂා කරන්න යන්ත්‍රයක් ගෙනපුහම අවුරුදු ගානක් ගුදමේ පුස් කනවා. මට වැරදුනා මේ යන්ත්‍රය කෝටි 10 නේ, සැප වාහනේ කෝටි 60 වෙනවනේ එක නිසා වෙන්න ඇති. අනේ අපි ගහපු කතිරේ අපිට හරවල ගහන හැටි.

:       1       36

dilip Tuesday, 25 April 2017 12:47 PM

ඔය මහත්තුරු SAITAM උපාදිද ...?

:       1       58

prabath Tuesday, 25 April 2017 07:00 PM

ලපය වලිගෙ පාගාගෙන

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 47 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1018 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1847 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2058 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1041 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 993 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site