IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලොව ජීවත්වීමට සුදුසුම නගර අතර පළමු තැන වියානා නුවරට

 

ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී)

‘ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම’ නගරය ලෙස කිරුළු පැළඳීමට ඔස්ටි‍්‍රයාවේ වියානා නගරය සමත්ව තිබේ.

මීට පෙර එම ස්ථානයේ රැඳි සිටියේ  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නගරයයි. දකුණු දිග  ඕස්ටේ‍්‍රලියාවේ නගරයක් වන මෙල්බර්න් නගරය වසර හතක් ‘ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසුම’ නගරය යන කිරුළ දරා සිටියේය. 

ලොව ප‍්‍රමුඛතම සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ ඒකකය වාර්ෂිකව මෙම සමීක්ෂණය සිදු කරයි. යුරෝපීය නගරයක් මෙම ලැයිස්තුවේ මුල් තැනට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. ජීවත්වීමටත් රැකියාවක නිරත වීමටත් වඩාත් සුදුසුම නගරය මෙම ලැයිස්තුවෙන් හඳුනාගැනේ.

මෙම ලැයිස්තුව සැකසීමේදී සෑම වසරකදීම නගර 140ක් සලකා බැලෙයි. එහිදි ජීවන තත්ත්ව, අපරාධ, ප‍්‍රවාහනය, යටිතල පහසුකම්, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ප‍්‍රවේශවීම මෙන්ම දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය යන සාධක සලකා බලමින් ලකුණු ලබා දීමක් කරයි. එහිදි ලකුණු 100න් එම ලකුණු දීම කරයි.

එහිදි මෙල්බර්න් නගරය පරාජයට පත් කරමින් වියානා නගරය ලකුණු 99.1ක් ලබාගැනීමට සමත්වූ අතර ලකුණු 98.4ක් ලබාගත් මෙල්බර්න් නගරය දෙවැනි තැනටත් ජපානයේ ඔසාකා නගරය තෙවැනි තැනටත් පත්විය.

පළමු ස්ථාන දහයෙන් ස්ථාන හයකට හිමිකම් කීමට  ඕස්ටේ‍්‍රලියාව සහ කැනඩාව සමත්ව තිබේ.  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් (දෙවැනි ස්ථානය), සිඞ්නි (පස්වැනි ස්ථානය), ඇඩිලේඞ් ( දසවැනි ස්ථානය) දිනාගැනීමට සමත්ව ඇති අතර කැනඩාවේ කැල්ගරි (සිව්වැනි ස්ථානය), වැන්කුවර් (හයවැනි ස්ථානය) සහ ටොරොන්ටෝ (හත්වැනි ස්ථානය සමතැන්) ගැනීමට සමත්ව ඇත.

හොඳම ලකුණු වාර්තා කර ඇති නගර ධනවත් රටවල මධ්‍යම ප‍්‍රමාණයේ නගර යැයි ද පර්යේෂකයන් සඳහන් කර ඇත.

මුල් ස්ථාන දහයේ සිටින නගරවල ජනහගහනය අනෙක් රටවල් හා සැසඳීමේදී සාපේක්ෂව අඩු බවත් ඒ හේතුවෙන් ඉහළ අපරාධ මට්ටම් සහ යටිතල පහසුකම්වල අධි බරක් නොමැතිව පුළුල් පරාසයක විහිදුණු විනෝදාස්වාදී කි‍්‍රයාකාරකම් සිදුව ඇති බවත් ශ්‍රේණිගත කිරීම් දක්වමින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

සමස්තයක් ලෙස ගත් විට  ඕස්ටේ‍්‍රලියාවේ සහ කැනඩාවේ සාමාන්‍ය ජනගහන අනුපාතය 3:2 සහ වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 4ක් යැයි ද පර්යේෂකයේ පෙන්වාදෙති. ගෝලීය ජනගහන සාමාන්‍ය 58කි.

ජපානයේ නගර දෙකක් මුල් ස්ථාන දහයට පැමිණීමට සමත්ව තිබේ. ඔසාකා නගරය තෙවැනි ස්ථානයත් ටෝකියෝ නගරය හත්වැනි ස්ථානයත් (සමතැන්) ගැනීමට සමත්ව තිබේ. එම නගර දෙකත් ඇතුළත්ව සාමාන්‍යයක් ලෙස ගත් විට ජපානයේ වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් පිරිස 347කි. එහෙත් ජපානයේ නගර ඒවායේ ප‍්‍රවාහන පද්ධතිය සහ ජීවන තත්ත්ව යන වැඩි ගෞරවයක් හිමි කරගෙන තිබේ.

මුල් ස්ථාන දහයේ පසුවන අනෙක් යුරෝපීය නගරය කෝපන්හේගන් නගරයයි. 

ධනවත් මූල්‍ය අගනගර වන පැරිසිය (19) වැනි ස්ථානය, ලන්ඩන් (48) වැනි ස්ථානය සහ නිව්යෝක් (57) වැනි ස්ථානය ඔවුන්ගේම සාර්ථකත්වයේ ගොදුරු බවට පත්ව ඇතැයි ද අපරාධ අනුපාතය ඉහළ යැයි ද යටිතල පහසුකම් අධිකවීම එම නගරවල ආකර්ෂණයට හානි කර ඇතැයි ද පර්යේෂකයෝ පෙන්වාදෙති.

ජීවත් වීමට නුසුදුසුම නගරය බවට පත්ව ඇත්තේ අවුරුදු හතක යුද්ධයකට ගොදුරු වී තිබෙන සිරියාවේ ඩැමැස්කම් නගරයයි. සෙනගාලයේ ඩකාර්, ඇල්ජීරියාවේ ඇල්ජියර්ස්, කැමරූන්හි ඩූලා, ලිබියාවේ ටි‍්‍රපෝලි, සිම්බාබ්වේ හරාරේ නගරය, පැපුවා නිව්ගිනියාවේ පෝර්ට් මෝස්බි, පාකිස්තානයේ කරච්චි, නයිජීරියාවේ ලේගොස් සහ බංග්ලාදේශයේ ඩකා දර්ශකයේ අවසන් රටවල් නවය බවට පත්ව තිබේ.

055



අදහස් (11)

ලොව ජීවත්වීමට සුදුසුම නගර අතර පළමු තැන වියානා නුවරට

sanath Tuesday, 14 August 2018 07:29 PM

හිටපු ජනාධිපති තුමාගේ නම ගහල තියෙන ගෙදරක් ඔස්ට්‍රියාවේ තියෙනවලු.

:       58       40

Nandalal DE SILVA - FranceWednesday, 15 August 2018 09:56 AM

"ගෙදරක්ද?" මාලිගාවක්ද? මා ලඟදි ඔස්ට්‍රියාවේ සංචාරයක් සඳහා යාමට බලාපොරොත්තු වෙනවා. ඔබ ඒ "ගෙදර" ලිපිනය දන්නවා නම් කියන්න. මම පින්තූර ටිකක් අරගෙන පුංචි කමෙන්ට් එකක් දාන්නම්...

:       0       0

Bamunuarachchi Wednesday, 15 August 2018 12:52 AM

දැනට අපි ඉන්නේ 130 ලබන අවුරුද්දේ තේරීමට අපිට 131 හෝ ඊටත් එහා අගයක් ලැබේවි. කාටද ආඩම්බර.?

:       0       25

Chathura Wednesday, 15 August 2018 03:49 AM

රෑන්ක් 130 - කොළොඹ.

:       1       5

Mahee Wednesday, 15 August 2018 04:13 AM

අපි කියමු අපි අන්තවාදීන් නොවන නිසා තමයි අපි ඔය අන්ත දෙකෙන් එකකවත් නැත්තේ කියල.

:       0       0

Gayan Wednesday, 15 August 2018 04:43 AM

පකිස්ථානයේ කරච්චි, බංග්ලාදේශයේ ධකා නගර අතරට ලංකාවේ කොළඹ ඇතුළු සමහර නගරත් එකතු වෙමින් පවතිනවා.

:       0       19

Cisco Wednesday, 15 August 2018 05:01 AM

අපි නම් තවත් පල්ලම් බැහැලා ඇති.

:       0       3

Siripaala Wednesday, 15 August 2018 06:15 AM

‘ද ඉකොනොමිස්ට්’ සඟරාව කොළඹ නගරය අඩුගානේ නුසුදුසු නගර ලිස්ට් එකටවත් දාන්න කැමති වෙලා නැහැ.

:       0       17

sam Wednesday, 15 August 2018 09:02 AM

වයස පනස් හයක් වන මගේ දිවියෙන් බාගයක්ම ජීවත් වුනේ මෙල්බර්න් නගරාසන්නයේයි. ඒ ගැන සතුටු වෙනවා මිසක් ලංකාව පහත් කර සලකන්න මම කැමති නැහැ. ඉහළ ගිය හැම දෙයක්ම පහළට එනවා කියන කියුම අනුව මෙල්බර්න්වලට යා හැක්කේ පහළට පමණයි. නමුත් පහළම තිබුන කොළඹ නගරය (බෝම්බ පිපිරීම් නැවතිලා , මාර්ග වැඩිදියුණු වෙලා) ටික ටික හොඳ පැත්තට හැරීම සතුටක්. ඒක තවදුරටත් ඉදිරියට ගෙනයාමට සියලුම ලාංකිකයෝ දායක වියයුතුයි.

:       8       12

BamunuarachchiWednesday, 15 August 2018 11:03 AM

දැන් කොළඹ නැවත සීග්‍රයෙන් පහතට යන්න පටන් අරන් කුණු ගොඩවල් හැමතැනම.

:       0       10

jerami Wednesday, 15 August 2018 10:23 AM

මේ කියන නගරවල ඉඳලම බලන්න ඕනෑ. මේවා ඇත්තද බොරුද කියලා... සඟරාවල යන භාගයක්ම බොරු. අතනින් මෙතනින් තොරතුරු ටිකක් එකතු කරන රෑන්ක් කරට හරියන්නේ නැහැ. පිටින් දකින දේවල් නෙමෙයි ඇතුළත තියෙන්නේ. ටොරොන්ටෝ ගැන දැනගන්න ටොරොන්ටෝ ඉන්නම ඕනෑ. වැන්කුවර් හොඳද කියන්න ඉඳලම බලන්න. ජීවත් වෙන්න ලෝකේ කොහේ ගියත් එකයි. හැම තැනකම හොඳ නරක දෙකම තියනවා. නිකන් එක එක රටවලට අපහාස කරන්න දරන වැඩ මේවා. කොළඹ හොඳ ඒවත් තියනවා, නරක දේවලුත් තියනවා. මෙල්බර්න් වලත් එහෙමයි. කුඩු, දූෂණ පාතාල අපිරිසිදුකම හැම නගරයකම ක්‍රියාත්මක වෙනවා. නිකන් බොරු ඕනේ නැහැ. තමන් හරියට ජීවත් වෙනවා නම් ලෝකේ කොහෙත් එකයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 96 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 408 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 318 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 247 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 623 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1266 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site