IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංවිම - ලංගම - දුම්රිය ලාභ ලබන ආයතන කරනවා

(චන්ද්‍රසේන ගමගේ)

රටේ ආර්ථිකයට බරක් වී ඇති විදුලි බල මණ්ඩලය , ඛනිජතෙල් සංස්ථාව , දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංගම ලාභ ලබන ආයතන බවට පත් කිරීමට කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති සංවර්ධන අමාත්‍ය මහන්ද  අමරවීර මහතා අද (08) මැදමුලන රළුව ප්‍රදේශයේදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.

‘‘විදුලිබල මණ්ඩලය මේ රටේ වාණිජ බැංකුවලට ණය වෙලා තියෙන්නේ. කෝටි  20 000 ක්.ඒ වගේම එහි සේවකයින් ඉහළ වැටුප් ලබනවා.මේ අයාතන වල ඉතිහාසය ඒ තරම් හොද නෑ. විදුලි බල මණ්ඩලයට චෝදනා රැසක් තිබෙනවා.

හදිසි විදුලිය මිලදී ගැනීම් සම්බන්ධයෙන් හා අක්‍රීය වූ විදුලි ජනක ගෙන්වීම සම්බන්ධයෙන් ඒ ආයතනයට චෝදනා තිබෙනවා.

ඛනිජ තෙල් සංස්ථාවටත් එහෙම චෝදනා තිබෙනවා. බාල ඛනිජ තෙල් ගෙන්වීම සමබන්ධයෙන් විවිධ ගිවිසුම් මගින් ඛනිජ තෙල් සංස්ථාවට කරපු හානිය සම්බන්ධයෙන් ඒ ආයතනයට චෝදනා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමෙන්තුවටත් එවැනිම චෝදනා තිබෙනවා. බාල ඝණයේ කෝච්චි ගෙන්වීම සම්බන්ධයෙන් බාල කෝච්චි පෙට්ටි ගෙන්වීම සම්බනයෙන් ඒ ආයතනයට චෝදනා තිබෙනවා.

ඒ වගේම ලංගමටත් එවැනිම චෝදනා තිබෙනවා.මෙවැනි ආයතන සමූහයක් තමයි මට ලැබී තිබෙන්නේ. නමුත් මේ ආයතන වල සේවකයින් ගේ ඵලදායීතාවය වැඩි කර දූෂණය  අවම කර මේ ආයතන සියල්ල ගොඩගන්න මම ක්‍රියා කරනවා.

ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ගේ සහයෝගය මට ලැබී තිබෙනවා.

දූෂණයට ලක් වෙන සියළු නිලධාරීන්ට තරාතිරම නොබලා කටයුතු කරන්න මේ වන විට ජනාධිපතිවරයා තීරණයක ඉන්නවා. එය ඉතාමත් හොද තත්වයක් බව මෙහිදි පවසනවා.

නිලධාරීන්ට පමණක් නොව දේශපාලකයින්ටත් ඒ ආකාරයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා ක්‍රියා කරන බව මට විශ්වාසයක් තියෙනවා. දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ඇති වෙන්නේ කවදාද එදින සිට මේ රට දියුණුව කරා යන බව මම මෙහිදී පවසනවා.

මේ වන විට මේ රටේ පොදු ප්‍රවාහන සේවය කඩා වැටිලා‍. දියුණු රටවල පොදු ප්‍රවාහන  සේවය ඒ රටවල ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන කොට අපේ රටේ ජනතාව තමන්ගේ වාහනයක් ගැන විශ්වාසය තබා තිබෙනවා.

මේ රටේ පොදු  ජනතාව පොදු ප්‍රවාහන සේවය කෙරේ විශ්වාසයක් තබන තැනට මේ රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් මම ඉදිරි කාලයේදී පියවර ගන්නවා. නගර අතර සුඛෝපභෝගී බස් සේවා හා දුම්රිය සේවා ඇති කිරීම මගින් මධ්‍යම පාන්තිකයන්ට නිදහසේ ගමන් කරන්ට පුළුවන් පොදු ප්‍රවාහන සේවයක් ඉදිරියේදී ඇති කරනවා.

ඉදිරි කාලයේදි මේ රටේ පාරවල් වල සුඛෝපභෝගී  බස් රථ මෙන්ම රේල් පීලි මත සුඛෝපභෝගී  දුම්රිය ද ගමන් කරන තත්වයට මේ රට පත් කරනවා‘‘ යැයි ඇමැතිවරයා පැවසීය.



අදහස් (26)

ලංවිම - ලංගම - දුම්රිය ලාභ ලබන ආයතන කරනවා

රවින් Sunday, 08 December 2019 03:16 PM

හරිම ලෙහෙසියට කියන්නේ. ලොව කිසිම රාජ්‍ය මහජන ප්‍රවාහන ආයතනයක් ලාභ ලබන්නේ නැත. හැබැයි මෙහෙයුම් ලාභ ලබාගත හැකියි. අපිට අපබ්‍රංස නොකියා හරියට පැහැදිලි ලෙස කියන්න. ඛනිජ තෙල් සංස්ථාවේ ලාභයෙන් වැඩි කොටසක් වැයවෙන්නේ ඔය 225 නඩත්තු කරන්නයි. ඔවුන්ගේ හෙන්චයියලාගේ ගසාකෑම් වලටයි. සෑම රාජ්‍ය ආයතනයකින්ම සංස්ථාවට ලැබිය යුතු මුදල් අඩු නැතිව මාසයක් ඇතුළත ආපසු ගෙව්වොත් ලාභ ලැබෙන හැටි පෙනේවි. සංස්ථාව පටන්ගත්දා සිට බොල් ණය හා ලැබිය යුතු මුදල් ගණනය කරන්න. උත්තරේ ප්‍රසිද්ධ කරන්නකෝ... එතකොට මහජනයාට හරියට දැනගත හැකිවේවි ඔය අයාතනයේ වර්තමාන තත්වය. විදුලිබල මණ්ඩලේත් ඔය විදියමයි. ලාභ ලබන්න නම් ඉස්සෙල්ලාම හොරු ටිකට වැඩ සලසන්න. නැතිනම් අපිට වෙන්නේ බයිලා අහගෙන ඉන්න විතරයි...

:       88       208

Warnakulasuriya Sunday, 08 December 2019 04:50 PM

වචනයෙන් පමණක් ජනතාව සතුටු කරන දේශපාලකයන් අපි කවදත් දැක ඇත්තෙමු. අපිට තියෙන්නේ තමුන්නාන්සේලා ගැන ලැජ්ජාවකි. ලාභ ඉපැයීම් හෝ සුඛෝපභෝගී දුම්රිය සේවා වැනි සිහිනයන් කෙසේවෙතත් බොහෝ විදේශ රටවල ගවයන් ප්‍රවාහනය කරන මට්ටමේ සේවාවක් වත් ලබා දෙන්නේ නම් සතුටුවිය හැකියි. අපේ රටේ "වවුලන් "මෙන් දුම්රියේ යනවාට වඩා බොහෝ රටවල ගවයන් ප්‍රවාහනය කිරීම වඩා සුරක්ෂිතයි.

:       0       393

අනාත නොවූ අනාතයා Sunday, 08 December 2019 05:36 PM

මහත්තයෝ කතානම් ගොඩක් අහලා තිබුණා. දැන් අපට වැඩ පෙන්නලාම කතා කරන්න කලින් කතා එපා. ගෝඨාභය මහත්තයාව ආදර්ශයට ගන්න. එතුමා කරලා අනිත් අයට කියන්න ඉඩදෙන්න. එ්ක ගොඩාක් බලපානවා තමන්ගේම පම්පෝරිවලට වඩා...

:       9       426

Rata PerataMonday, 09 December 2019 07:13 AM

හොඳ අදහසක්... එ්ත් ගෝඨාභය මහත්තයා උදාහරණයට ගන්න එපා.

:       1       253

Mahesh Sunday, 08 December 2019 06:56 PM

ආණ්ඩුව කන්නේ මේ වගේ පුද්ගලයින් තමයි. ජනාධිපතිතුමා දැක්මක් ඇතුව ගමනක් යන්න හදනවා මේ එහෙට මෙහෙට පැන පැන හිටපු මිනිස්සු බයිලා ගහනවා.

:       27       147

Nandalal DE SILVA - France Sunday, 08 December 2019 07:36 PM

ඔය ඉතින් වක්‍රාකාරයෙන් වමාරන්න හදන්නේ මෙන්න මේ ටිකයි : 1) තෙල් මිළ වැඩිකිරීම 2) ප්‍රවාහන ගාස්තු වැඩිකිරීම 3) විදුලි බිල ක්‍රමයෙන් වැඩි කිරීම 4) සෑම රාජ්‍ය ආයතනයකම සේවක කප්පාදුව 5) රනිල් වික්‍රමසිංහ රජය ආරම්භ කරනලද දුම්රිය නවීකරණ කටයුතු හමස් පෙට්ටියට දැමීම 6) චීන මාමලාගෙන් පාවිච්චි කරන ලද දුම්රිය, බස්රිය අධික ණය යටතේ ගෙන්වීම එක ඇමතියෙක් කියනවා සමහර සංස්ථාවල "සේවකයින් ඉහළ වැටුප් ලබනවා" කියා. තව ඇමතියෙක්, ජනවාරි මස සිට රුපියල් 15 000 බැගින් වැටුප් වැඩිකරන බව කියනවා. දෙන්නාගෙන් එකෙක් ගල්පැලෙන බොරු ඇදබාන බව පේනවා !

:       1       188

සත්‍යපාල Sunday, 08 December 2019 09:09 PM

ලංකාවේ දේශපාලකයෝ කටින් බතල හිටවන්න පුලුවන් අය කියලා අපි දැනගෙන හුඟාක්කල්. බොරු පම්පෝරි වලින් වැඩක් නැහැ. ඔය ආයතනවලින් කවද්ද ලාභ ලැබුවේ. වැඩි හරියක් ඉන්නේ හොර දූෂිතයන්...

:       0       136

ලුම්බිණි Sunday, 08 December 2019 11:11 PM

"...මේ ආයතන වල සේවකයින් ගේ ඵලදායීතාවය වැඩි කර දූෂණය අවම කර මේ ආයතන සියල්ල ගොඩගන්න මම ක්‍රියා කරනවා..." ඇමති තුමා, කරන්න පුළුවන් දෙයක්ද කියන්න? මේ සියලු ආයතන දේශපාලනයට යට වෙලා තියෙන්නේ. මේවා ගොඩ ගන්න ක්‍රම තිබෙනවා. ඒත් ඔබලාට එක කරන්න බැහැ කියලා මම හිතන්නේ.

:       0       10

Hafeel Sunday, 08 December 2019 11:28 PM

එම ආයතනවල නිලධාරීන්ට පමණක් චෝදනා කරල මදි. දේශපාලකයන්ගේ අනුබල නොමැතිව කිසිම නිලධාරියෙක් මෙවැනි වැරැදී කරන්න යන්න නැහැ.

:       0       71

de silva Sunday, 08 December 2019 11:50 PM

ඔබ කියන ඔය ඔක්කොම වැරදි සිදු වෙච්ච පසුගිය ආණ්ඩු දෙකේම ඔබ රටේ වැදගත් තනතුරු දැරුව කැබිනට් ඇමති කෙනෙක් ඔබත් ඔය කියන දුෂණ වංචා වලට යම්කිසි ප්‍රමාණයකට වග කියන්න ඕනේ ? ඔබ හරියට කතා කරන්නේ මැරිලා ඉපදුන වගේනේ ?

:       0       123

C.K.Lankaputhra Monday, 09 December 2019 01:10 AM

ලංගම දැන් ලාභ ලබන ආයතනයක් බව මේ ඇමති තුමා දන්නෙ නැතුව ඇති, හැබැයි දුම්රිය ලාභ ලබන ආයතනයක් කලොත් නම් ඇමති තුමා ...

:       0       27

ajith Monday, 09 December 2019 02:07 AM

රජය ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා සේවකයින්ට බෝනස් ගෙව්වා නේද? එහෙව් එකේ මේ සති දෙකතුනට කොහොමද ලංගම පාඩු ලැබුවේ? සුඛෝපභෝගී මැදිරි තිබෙන දුම්රිය ධාවනයත් ආරම්භ කලේ එම ආණ්ඩුවම නේද? ඒක හරියට කරගෙන ගියොත් නේද හොඳ? මේ වගේ කතා නොකියා. දැන් අපිට ඕනේ එදාට වඩා ජනතාවට දැනෙන වැඩ කරන රජයක්.

:       0       51

Kumara Monday, 09 December 2019 03:38 AM

හීනෙන්ද, වැඩ නොකර පඩි ගන්න අය?

:       0       11

Kamal Monday, 09 December 2019 03:45 AM

රාජ්‍ය ආයතන පාඩු ලැබීමේ ප්‍රධාන හේතුව සේවක අතිරික්තයයි. තමන්ට වැඩ කල හෙන්චයියන්ට මහජන මුදලින් පින් පඩි හා පෙන්ෂන් ලබාදීමට දේශපාළුවන් මේවා යොදා ගන්නවා.

:       0       6

රුවන් ගලපිටමඩ Monday, 09 December 2019 04:52 AM

ලංවිම ඉංජිනේරුවෝ ලක්ෂ ගණන් පඩි, නිල නිවස වලට දීමනා, තමන්ගේම වාහනය ලංවීමට කුලියට දීල එකටත් දීමනා මේවගේ තවත් දීමනා ගොඩයි. තමන්ම එකතුවෙලා හදාගත්ත කොම්පනිවලින් අධික මුදලට විදුලිය ගන්නවා හැමෝටම කොමිස් බෙදෙන නිසා කවුරුත් කට අරින්නේ නෑ, ඒ කොම්පැනි තමන්ගේ ආදායම් පිටරට බැංකුවල හංගල, රජය නොමග යවන්න අවුරුද්දට පාරක් රුවන්වැලි සෑයට නැත්නම් දළදාමාලිගාවට ලයිට් දානවා. මේ ඔක්කොටම අපි අපේ ලයිට් බිලෙන් ගෙවනවා. ආසියාවේ වැඩිම විදුලි ඒකක මිල අපේ. මේවා මහජනයා නොදන්නා රහස්. අපි තව බදු ගෙවමු.

:       0       45

Sugath Monday, 09 December 2019 04:56 AM

මේවා බොරු කතා. දේශපාලකයන් මේවගේ පම්පෝරි ගහනවා තමයි. අවුරුදු දෙකක් කල් දීලා බලන්න මෙතුමා කරලා තිබෙන දේවල් ? තිබුන දේවලුත් නැති වෙලා තියේවි. මෛත්‍රී පාලනය යටතේත් මෙතුමා හිටිය නේද. එතකොට නොකරපු දේවල් දැන් කරන්න හදන්නේ මෙතුමා අලුත් විටමින් ජාතියක් වත් ගන්න පටන් අරගෙනද. හැමදාම වෙන්නේ මහජනයා මුලා වීම පමනයි.

:       0       22

Perera Monday, 09 December 2019 05:03 AM

අරක කරන්නම්, මේක කරන්නම් කියකියා ඉන්නේ නැතුව කරලම පෙන්නුවා නම්...

:       0       16

kap Monday, 09 December 2019 06:18 AM

ලාබ ලබන්න පුළුවන් අදහස් ඒ කාලේ කැබිනෙට් එකේ ඉන්නකොට මිටින් වල කිව්වේ නැත්තේ කටේ පිට්ටු නිසාද ? දන්නා කාලේ ඉදන් මෙයා ඇමති. දැන් තමයි ලාභ ලබන්න වැඩ පිළිවෙලවල් කරන්න හදන්නේ.

:       0       2

janaka Monday, 09 December 2019 06:30 AM

හරි හරි කරලම පෙන්වන්නකෝ... අපිට ඕන එහමයි.

:       0       37

mahinda Monday, 09 December 2019 06:51 AM

මෙයා ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ආණ්ඩුවල ඇමතිකම්ද කරපු පුද්ගලයෙක් ඉතිහාසය තුළම එවන් සාර්ථකත්වයට පත් කළ කිසිඳු අමාත්‍යාංශයක් තියා ආයතනයක් වත් නෑ. හැබැයි මෙයාලා එකම දෙයක් ඉතා සාර්ථකව ඉටු කළා. ඒ ශ්‍රීමත් බණ්ඩාරනායක මැතිතුමන් අරඹා ශ්‍රීමත් බණ්ඩරනායක මැතිණිය මේ රටට ඉමහත් කර්මාන්ත සමූහයක් දායාද කළ ශ්‍රිලනිපය සදහටම නැතිවුණා.

:       0       6

Nana Monday, 09 December 2019 07:52 AM

ලේසි නැහැ. අරක්ගත් ප්‍රේතයින් බහුලයි. කලොත් ලොකුම පිනක් ඔබට.

:       0       2

Bamunuarachchi Monday, 09 December 2019 08:49 AM

ඔව් රජයේ ආයතන වල අයට හොරු වුනේ ඊනියා යහපාලන කාලේ. කොන්දක් නැති කෙනෙක් ලොක්කෙක් වෙනකොට සොක්කොත් වැඩ හොරු වෙනවා. දැන් අපිට පෞරුෂය ඉතිරිලා යන නායකයෝ ඉන්නවා. වැඩ හොරුන්ට අබසරණයි !

:       39       2

Nandalal DE SILVA - FranceTuesday, 10 December 2019 12:20 AM

ලකුණු දමාගන්න හෝ ලකුණු දෙන්න දැන්ම හදිස්සි වෙන්න එපෝ. ඒකට තව කල් තියෙනවා. අඩු කරපු භාණ්ඩ මිල ගණන්, වැඩි කරපු පඩි වගේ අනං මනං, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පස්සේ එන මහ මැතිවරණයෙන් පසු, අපි පහුගිය කාලේ ගුවන් ගතකරා කියන රොකට්ටුවට වඩා වැඩි වේගයකින් උඩ යන හැටි බලා ඉම්මුකෝ ...

:       0       0

sandy Monday, 09 December 2019 09:56 AM

මට සුප්‍රකට ගායක ඇම්. ඇස්. ප්‍රනාන්දු මතක් වුනා.

:       0       1

de silva Monday, 09 December 2019 10:17 AM

ඇතිනේ අහගත්තා. සම්පප්‍රලාප දොඩවන්නේ නැතුව ඉන්න.

:       0       1

sampath Monday, 09 December 2019 12:17 PM

ජපානේවත් දුම්රියෙන් ලාභ ලබන්න බැහැ. යන්තම් ඉන්දියාව පොඩි ලාභයක් ලබනවා.. කාර්යක්ෂම පැළැඳි ප්‍රවාහන සේවයක් පාඩු නැතිව දුවන්න හදන්න පුළුවන්... එ්කට වෘත්තිය සමිති ඇතැම් නිලධාරිනුයි පන්නන්නම වෙනවා. එහෙම කළොත් ජාමෙ බේරගන්න පුළුවන් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 49 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 50 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 85 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 705 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 644 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 302 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site