IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්න නියෝග

(නිමන්ති රණසිංහ)

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන අයවළුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.

අනුරාධපුර සදහිරුසෑයේ තැන්පත් කිරිම සඳහා කිලෝග්‍රෑම් 8 ක බරකින් යුත් රත්තරන් සමාධි පිළිමයක් නිර්මාණය කිරිමට ශ්‍රී ලංකා රේගුව සතු රත්තරන් ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි මෙම සිද්ධියට අදාළව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට සඳහන් කර ඇත.



අදහස් (11)

රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්න නියෝග

සේන Thursday, 19 September 2019 07:18 AM

කොහොමද බුදුදහමට විරුද්ධව කට්ටියම වැඩ කරන හැටි. බලමු අපි මේවා කොතනින්ද කෙලවර වෙන්නේ කියලා ?

:       104       11

Mahee Thursday, 19 September 2019 07:19 AM

මේ රේගු නිලධාරීන්ගෙන් එක්කෙනෙක් නම් මං දන්නා හැටියට බොහොම අවංක කෙනෙක්. කොහොම වුනත් මේක තනිකරම ඉහලින් ආ නියෝගයකින් සිදුවුනා කියලයි මං හිතන්නේ. සිල් රෙදි නඩුවේ රජයේ නිලධාරීන් දෙන්නට වෙච්ච දේම තමයි මේ දෙන්නට වෙන්න ඇත්තේ. හැබැයි, අලුත් නීතිපතිට නම් මම හිස නමා අචාර කරනවා. පැරණි යට ගහපු නඩු එක එක ඇදෙනවා පක්ෂ පාට නොතකා.

:       6       45

senaThursday, 19 September 2019 11:08 AM

පරණ නඩු නම් දඩිබිඩි ගාලා අදිනවා වගේ පෙනුනාට හදිස්සියේ දඩි බිඩියේ ඕවා කරන්න ගිහින් නඩු හරියාකාරව අහන්න බැරුව වැඩේ හබක් වෙයිද දන්නේ නැහැ.

:       0       4

dilanFriday, 20 September 2019 08:50 AM

මම හිතෙන විදියටනම් මේ පත්වෙලා ඉන්නේ ඉතිහාසේ හිටපු දුර්වලම නීතිපති.මම දැක්කා විනිසුරුවන් කිහිප දෙනෙක්ම මේ නීතිපතිගේ පදනමක් විරහිත නඩු ඉවත දමනවා.

:       0       3

Mahinda Thursday, 19 September 2019 08:58 AM

නිවන් යන පිනක්නේ .....

:       14       246

rimThursday, 19 September 2019 09:36 AM

දන්නේ නැති හින්දයි අහන්නේ... හොරකම් කරලා දීපු රත්තරන් වලින් පිළිම හදලා නිවන් දකින්න පුලුවන්ද?

:       5       33

samanthaFriday, 20 September 2019 01:23 PM

හොදම දේ නොදන්නා දෙයට කට නොදා ඉදීම නේද?

:       0       2

Suranimala Thursday, 19 September 2019 09:31 AM

අනිවාර්යයෙන්ම මේ දෙන්න ඔය රත්තරන් වලින් භාගයක් හොරෙන් පන්නන්න ඇති. මොකද මේ අයගේ වත්කම් හොයලා බැලුවොත් මේ අයගේ වත්කම් පඩිනඩි වලට සම කරන්න බැරි ප්‍රකෝටි ගණන් වෙන්න පුළුවන්...

:       1       368

Chandana Thursday, 19 September 2019 10:21 AM

පින් වුණත් නීති විරෝධී නම් දඬුවම් ලැබිය යුතුය. ඉහළින් අා නියෝගයක් නම් අපරාදේ. එහෙම වුනත් කරන විදියක් තියෙනවා. සියල්ල දැනුවත් කරලා ලිඛිතව බාරදෙන්න පුළුවන්...

:       4       18

chinthaka Friday, 20 September 2019 09:02 AM

මේ ඔක්කොම බුද්ධාගමට වෙන දේවල්. කොච්චිකඩේ පල්ලියට බෝම්බ ගැහුවයින් පස්සේ වරාය අධිකාරියට අයිති පර්චස් එකක් රුපයක් කෝටි දෙකහමාරක් වෙන පල්ලියටම යාබද පර්චස් හයක ඉඩමක් කොච්චිකඩේ පල්ලියට පූජා කරා (මම මේකේ වරදක් කියන්නේ නැහැ, හොද කටයුත්තක්) ඒකට වාරයේ අධිකාරියේ නිලධාරීන්ව මේ නීතිපති උසාවි ගෙනිච්චද? ඔය "සඳගිරි සෑය" පහුගිය ආණ්ඩුවෙන් හැදුවේ යුද්දේ දිනන්න වූ බාරයක් ඔප්පුකරන්න කියලා රටම දන්නවා. යුද්දේ අවසන් වුනු ප්‍රතිලාභ මේ ලගක් වෙනතුරුම සියලුම ජනතාව සමානව භුක්ති වින්දා. එහෙම එකේ ඒ සෑයට පූජා කරන්න පරිත්‍යාග කරපු දේට මේ දෙන අර්ථකථනය වැරදියි. ප්‍රශ්නේ තියෙන්නේ රජයෙන් අරන් පන්සලට දුන්නු දේ වැරදියි , යහපාලන ආණ්ඩුව රජයෙන්ම අරන් පල්ලියට දෙන දේ හරි. (පැහැදිලි කිරීම බුද්ධියෙන් විමසන මිනිසුන් සදහා මිසක දේශපාලන වහලුන් සදහා නොවේ)

:       0       4

dilanFriday, 20 September 2019 09:51 AM

අවුලක් නැහැ බුද්ධාගම අදහන අපි බළල් අත් නීතිපතිගේ ආණ්ඩුව නොවැම්බර් 16දා නිසි තැන තියන්නම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 8 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 21 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 30 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 114 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 153 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 516 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site